රිටිපන්න ධීවරයන්ගේ ශෝකාන්තය | Page 2 | සිළුමිණ

රිටිපන්න ධීවරයන්ගේ ශෝකාන්තය

මාල­දි­ව­යින් ජාතික වෙළ­දු­න්ගෙන් භාණ්ඩ මිලදී ගැනී­මට මෙරට වෙළ­දුන් පිරි­සක්ද සිටි­යහ. ගන්දර අරොන් රාළ­හාමි මෙසේ මාල­දි­ව­යින් වෙළ­දු­න්ගෙන් භාණ්ඩ මිල­දී­ගත් වෙළෙ­න්දෙකි. සුලු­ප්පු­ව­ලින් පැමිණි මාල­දි­ව­යින් ජාති­ක­යන් මෙර­ටදී මාළු ඇල්ලීම සදහා විශේෂ පන්න ක්‍රම­යක් යොදා­ගනු ලැබිය. ඇමක් නැති බිලි­ක­ටු­වක් යොදා­ගෙන මසුන් අල්ලන අයුරු ආරෝන රාළ­හා­මිද විස්ම­යෙන් මෙන් බලා­ගෙන සිටි­යේය. ඇමක් නැතිව මාළු­බාන මෙම විස්මිත පන්න තාක්ෂ­ණය ගැන ආරෝන රාළ­හාමි මාල­දි­ව­යින් ධීව­ර­ය­න්ගෙන් දැන ගත්තේය. හේ මේ පන්න තාක්ෂ­ණය දකුණේ ධීව­ර­යන්ට ද ලබා දුන්නේය.

තව­මත් දකුණේ ධීව­ර­යන් මෙකි රිටි­පන්න තාක්ෂ­ණය තම පර­පු­රෙන් පුර­පු­රට ලබා­දෙති. රිටි­පන්න ධීවර කර්මා­න්තය දකුණු පළාතේ ධීවර කාර්මි­ක­යන්ට පම­ණක් අවේ­ණික වු පන්න ක්‍රම­යකි. රිට­ක් මත නැගි මසුන් අල්ලනු ලබන රිටි­පන්න ධීවර කාර්මි­ක­යන් වැඩි වශ­යෙන් දක්නට ලැබෙන්නේ කොග්ගල වෙරළ තිර­යේය. රිටක් මත නැගි මසුන් ඇල්ලිම ඉතා මන­ස්කාන්ත දර්ශ­න­යකි. රිටි­ප­න්න­යට වශීවී කොග්ග­ලට පැමි­ණෙන විදේ­ශිය සංචා­ර­ක­යන් රිට මත නැගි මාළු බාන රිටි­පන්න ධීවර කාර්මි­ක­යන්ගේ ඒ මන­ස්කාන්ත දර්ශ­නය සිය කැමරා කාච­ව­ලට හසු­කර ගනිති. ඒ විත­රක් නොව ඇතැම් විදේ­ශිය සංචා­ර­ක­යන්ද රිට මත නැගි බිලි­පි­ත්තෙන් මසුන් අල්ලනු අයුරු සිය කැමරා කාච­ව­ලට හසු­කර ගනිති. සැබ­වින්ම මේ රිටි­පන්න ධීවර කාර්මි­ක­යාගේ වසන්ත කාල­යයි.

නොගැ­ඹුරු මුහුදේ රිට­ක්මත නැගි මසුන් ඇල්ලීම අපේ රිටි­පන්න ධිවර කාර්මි­ක­යාගේ කුස­ල­තාව විදහා දක්ව­න්නකි. කෙසේ­වු­වද අපේ පාර­ම්පා­රික රිටි­පන්න ධීවර කාර්මි­ක­යන් පම­ණක් නොව සංචා­රක මඟ පෙන්ව­න්නන් ත්‍රිරෝද රථ රිය­දු­රන් හා සංචා­රක කර්මා­න්තය ආශ්‍රිත රැකි­යා­වල නිර­තවු ඇත­මුන් ද රිටි­පන්න ධීවර කර්මා­න්ත­යට යොමුවී ඇත. වෙනදා රිටි­පන්න රක්ෂාව නොකළ සංචා­රක මග­පෙ­න්ව­න්නන් රිට මත නැගි මසුන් අල්ලති.ඒ සිය දරු­ප­වු­ල්වල බඩ­වි­යත රැක ගැනිම සඳ­හාය. මක්නි­සා­ද­යත් කොරෝනා වසං­ග­ත­යත් සමඟ සංචා­රක මග­පෙ­න්ව­න්නන් ඇතුළු සංචා­රක කර්මා­න්තය ආශ්‍රිත විවිධ රැකි­යා­වල නිර­තවු විශාල පිරි­ස­කට රැකියා අහි­මිවි ඇත. කොරෝනා වසං­ග­ත­යත් සමග මෙරට සංචා­රක කර්මා­න්ත­යට එල්ලවු බල­පෑම සුළු­පටු නොවේ. ඒ නිසා සිය දරු­ප­වුල් ජිවත් කිරීම සඳහා ඇතැ­මුන් රිටි­පන්න ධීවර කර්මා­න්ත­යට යොමුවී ඇත. තවත් පිරි­සක් කොග්ගල කළ­පුවේ ගොස් මසුන් අල්ලති. ඇතැ­මුන් අග­න­ග­ර­යට ගොස් කුලී වැඩ කරති. තවත් පිරි­සක් බොට්ටු­ව­ලින් මුහුදු රක්ෂාවේ යති.

රිටි­ප­න්න­යෙන් මසුන් ඇල්ලිම එත­රම් ලෙසි පහසු කාරි­යක් නොවේ. රිට­මත නැගි සිරුරේ සම­බ­ර­තාව පව­ත්වා­ගෙන යායු­තුය. ඒ විත­රක් නොව ඇමක් නැතිව බිලි­පි­ත්තෙන් මසුන් අල්ලනු ලබන එකම පන්න ක්‍රමය රිටි­ප­න්න­යයි. වෙනත් පන්න ක්‍රම­ව­ලදි බිලි­ක­ටුව වැසෙන සේ ඇමක් ගැසිය යුතුවේ. මාළු එන්නේ ඇමට රැව­ටිලා ඇම කන්නය. නමුත් රිටි පන්නයේ දි ඇමක් භාවිත කරන්නේ නැත. මෙම බිලි­ක­ටුව මාළු­වකු වැනිය. රිටි­පන්න බිලි­ක­ටුව වතු­ර­ය­ටදි දිස්න ගසයි. බිලි­ක­ටුවේ දිස්න­යට වහ­වැටි පැමි­ණෙන කොර­ඹු­රුවෝ, සාලයා බොල්ලා රිටි­පන්න ධීවර කාර්මි­ක­යාගේ ගොදු­රක් බවට පත්වෙති.

කෙසේ­වු­වද මසුන් අල්ලනු වෙනු­වට විදේ­ශිය සංචා­ර­ක­යින් වෙනු­වෙන් පම­ණක් ඡයා­රූ­ප­ව­ලට පම­ණක් පෙනී සිට යම්කිසි මුද­ලක් උප­යා­ගත් ඇත­මුන්ට සැබැ­ව­ටම රිට ­මත නැගි මසුන් ඇල්ලි­මට සිදුවී තිබේ. වාර­කන් කාල­යත් සමඟ රිටි­පන්න ධිවර සමය ආර­ම්භ­විම නිසා පාර­ම්පා­රික රිටි­පන්න ධිවර කාර්මි­ක­යන්ගේ අත­මිට සරුවී ඇත. කොග්ගල සිංහ ධිවර ගම්මා­නයේ පාර­ම්පා­රික ධිවර කාර්මි­ක­යකු වන ජි ඩබ්ලිව් රම්‍ය­සිරි මෙසේ කිවේය.‍

‘මැයි මාසයේ සිට ඔක්තෝ­බර් දක්වා කාලය තමයි රිටි­ප­න්නය හොඳ­ටම කරන්න පුළු­වන්. ඒ කාල­යට තමයි කොර­ඹු­රුවෝ සාලයෝ වැනි මසුන් වෙර­ළ­ආ­ස­න්න­යට එන්නේ. මිට වසර ගණ­නා­ව­කට පෙර නමි වර්ෂය මුළු­ල්ලේම රිට­පන්න ධිවර කර්මා­න්තය කළා. දැන් එහෙම කරන්න බැහැ. එන්ජින් බෝට්ටු වලින් ගොස් දැල්දමා මාළු ඇල්ලිම නිසා කොර­ඹු­රු­වන් වගේ කුඩා මසුන් වද­වෙලා ගිහින්. දැලට හසු නොවන මාළු ටික තමයි වෙර­ළට එන්නේ. වෙනදා කොර­ඹු­රු­වෙකු ග්‍රැම් 150ක් පමණ බරක් තිබුණා. දැන් නම් ග්‍රැම් 50ක වගේ බරින් යතු කොර­ඹු­රුවෝ තමයි හසු­වන්නේ. කොරෝනා කාල­යෙත් අපි මාළු ඇල්ලුවා.ඒ කාලයේ දි මාළු ටික ආපු එක රිටි­පන්න ධිවර කාර්මි­ක­යන්ට විශාල සහ­න­යක් වුණා. නමුත් කොරෝනා වසං­ග­තය නිසා දැන් විදේ­ශි­ක­යන් එන්නේ නැහැ. රිට ­මත නැගලා විදේ­ශි­ක­යන්ට ඡයා­රූප ගැනී­මට සලස්වා යම්කිසි ආදා­ය­මක් ලබා­ගත් අයගේ ආදා­යම නම් අහි­මි­වෙලා තියෙ­නවා. වාර­කන් කාල­යත් සමග රිටි­පන්න ඇල්ලිමේ සමය දැන් ආරම්භ වෙලා තියෙන නිසා සංචා­රක කර්මා­න්තය ඇතුළු වෙනත් රක්ෂා­වල නිර­තව සිටි කොග්ගල ගමේ අයත් මේ දින­වල රිටි පන්න කර්මා­න්තයේ නිර­තව ඉන්නවා. ඒ අය­ගෙත් ප්‍රධාන ජිවන මාර්ගය බවට රිටි­පන්න ධිවර කර්මා­න්තයේ නිර­ත­වෙලා ඉන්නවා

තිස් දෙහැ­වි­රිදි ජි.එච් දිනේෂ් ප්‍රදිප් කුමාර කොග්ගල ප්‍රදේ­ශයේ සංචා­රක මග­පෙ­න්ව­න්නෙකි.

‘මම දැනට වසර 15ක පමණ සිට සංචා­රක මග­පෙ­න්ව­න්නකු ලෙස කට­යුතු කර­නවා. කොරෝ­නා­වෙන් පසු අපි දැඩි අස­රණ තත්ත්ව­යට පත්වෙලා ඉන්නේ. විදේ­ශි­ක­යන් එන්නේ නැහැ. හෝටල් වසා දමලා තියෙන්නේ. දැන් කරන්න රැකි­යා­වක් නැති නිසා රිටි­පන්න ධීවර කර්මා­න්තයේ තමයි නිර­ත­වෙලා ඉන්නේ. රිටි­ප­න්න­යෙන් මාළු අල්ලා­ගෙන කීයක් හරි හොයා ගන්නවා. සංචා­රක කර්මා­න්තයේ නිරත ගොඩක් අය දැන් වෙනත් රැකියා සඳහා යොමු­වෙලා තියෙ­නවා. ගොඩක් අය බෝට්ටු­වල යනවා. රිටි­පන්න ධිවර කර්මා­න්තයේ යෙදී ඉන්නවා. මේ ගම්මා­නයේ පදිංචි වැඩි දෙනා සංචා­රක කර්මා­න්තය ආශ්‍රි­තව විවිධ රැකි­යා­වල යෙදිලා තමයි කීයක් හරි උපයා ගත්තේ. දැන් ආදා­යම් මාර්ග සියල්ල ඇණ­හි­ටිලා තියෙ­නවා. විදේ­ශි­ක­යන් සමග ටුවර් එකක් ගියොත් තමයි අපි කියක් හරි හොයා ගන්නේ. ත්‍රිරෝද රථ­යට ලිසිං ගෙවන්න ඕන. දැන් වාරික තුන හත­ර­කින් ගෙවන්න බැරි­වුණා. රජය මගින් රුපි­යල් 5000 බැගින් දෙව­තා­වක් දුන්නා. ඇත්ත­ටම මේ දින­වල ජිව­ත්වීම සඳහා දැඩි අර­ග­ල­යක නිර­ත­වෙලා ඉන්නවා‘

කොග්ග­ල ­මො­ර­ද­ගොඩ ප්‍රදේ­ශයේ පදිංචි පත්ම­සිරි අම­ර­නා­යක මෙසේ කිවේය.

වසර 30ක පමණ කාල­යක සිට සංචා­රක මග­පෙ­න්ව­න්නකු ලෙස කට­යුතු කර­නවා. ලංකාව වටෙම ගිහින් තියෙ­නවා මම නොගිය තැනක් නැහැ. ජර්මන් ජාති­ක­යන් තමයි වැඩි­පුර අර­ගෙන ගියේ . සංචා­රක මණ්ඩ­ල­යෙන් ලබා­දුන් බල­ප­ත්‍ර­යක්ද මට තියෙ­නවා. කොරෝ­නා­වෙන් පසු විදේ­ශිය සංචා­ර­ක­යින් එන්නේ නැහැ. අපේ ආදා­යම් මාර්ගය නැති­වෙලා. ඇත්ත­ටම අපි ගොඩක් අස­රණ වෙලා ඉන්නේ. රජය මගින් දෙව­තා­වක් රුපි­යල් 5000 බැගින් දුන්නා. කොග්ගල ප්‍රදේ­ශයේ ප්‍රධාන පෙලේ හෝට­ල­යක් ඉදි­රි­පිට ඉද­ගෙන තමයි සංචා­රක මග­පෙ­න්ව­න්න­කු­ලෙස කට­යුතු කරන්නේ. එම ත්‍රිරෝද රථ ගාලේ සංචා­ර­ක­යින් ප්‍රවා­හන කට­යුතු කරන ත්‍රිරෝද රථ රිය­දු­රන් 42ක් ඉන්නවා. ඒ සිය­ල්ල­ටම අද රැකි­යාව අහි­මි­වෙලා තියෙ­නවා. ඇත­මුන් කුලි වැඩ­ව­ලට යනවා. මුහුදු යනවා. මාළු අල්ලන්න යනවා මම නම් දැන් ගෙද­රට වෙලා ඉන්නවා‘

කොග්ගල සිංහ ධිවර ගම්ම­නයේ පදිංචි එච් එම් සුනි­මල් ත්‍රිරෝද රථ රිය­දු­රෙකි..

‘මා කාල­යක් සංචා­රක මග­පෙ­න්ව­න්නකු ලෙස කට­යුතු කළා. දැන් කරන්නේ ත්‍රිරෝද රථ­යෙන් විදේ­ශිය සංචා­ර­ක­යන් ප්‍රවා­හ­නය කරන එක. කොරෝ­නා­වෙන් පසු විදේ­ශීය සංචා­ර­ක­යන් එන්නේ නැහැ. අපේ ආදා­යම් මාර්ග අහිමි වුණා. ඒ කාලයේ විදේ­ශි­ක­යන් සමග ටුවර් එකක් ගිය­හම රුපි­යල් 20000ක් විතර හොයා ගන්නවා. මෑත­ක්වන තුරුම සංචා­රක මග­පෙ­න්ව­න්නකු ලෙස කට­යුතු කළා. දැන් කරන්න දෙයක් නැති නිසා මාළු­බාන එක තමයි කරන්නේ. රිටි­ප­න්න­යෙන් මාළු බාලා රුපි­යල් 1000ක් 1200ක් විතර හොයා­ග­න්නවා. ත්‍රිරෝදවලට හයර් නැහැ. ගොඩක් අය දැන් කොග්ගල කළ­පුවේ මාළු අල්ලන්න යනවා. තවත් පිරි­සක් බොට්ටු­වල මාළු ඇල්ලී­මට යනවා. කුලී වැඩ­ව­ලට යනවා. ඇතැම් අයගේ බිරි­න්දැ­වරු ගාමන්ට් රැකි­යා­ව­ලට යනවා‘

කොග්ගල සිංහ ධිවර ගම්මා­නයේ පදිංචි ජි.එච් කුමා­රගේ කතාව මෙවැ­න්නකි.

‘මා කාල­යක් සංචා­රක මග­පෙ­න්ව­න්නකු ලෙස රැකි­යාව කළා. ඊට පස්සේ රිට­මත නැගලා විදේ­ශි­ක­යන්ට ඡයා­රූප ගැනී­මට ඉඩ සලස්වා කියක් හරි හොයා­ගත්තා. මෙර­ටට පැමි­ණෙන විදේ­ශිය සංචා­ර­ක­යන් අනි­වා­ර්යෙන්ම කොග්ග­ලට ඇවිත් යනවා. කොරෝ­නා­වත් සමග අපි අස­රණ තත්ව­යට පත්වුණා. සංචා­රක කර්මා­න්තය ආශ්‍රිත රැකියා කළ ගොඩක් අය දැන් කොළඹ ගිහින් කුලී වැඩ කර­නවා. දැන් ඒ සියලු ආදා­යම් මාර්ග අහි­මි­වෙලා. දැන් මම බෝට්ටු­වල මාළු අල්ලන්න යනවා‘

ඒ. රොහාන් සංචා­රක කර්මා­න්තය ආශ්‍රිත රැකි­යා­වක නිරත අයෙකි ‘මට දරු­වන් තිදෙ­නෙකු ඉන්නවා. පසු­ගිය අප්‍රේල් මාස­යෙන් පසු කිසිදු විදේ­ශිය සංචා­ර­ක­යෙන් අවේ නැහැ. දැන් මම තේ කඩ­යක් කර­ගෙන යනවා. සංචා­රක සමයේ දි අපි හොඳ මුද­ලක් උප­යා­ගත්තා. කොරෝ­නාව නිසා සියල්ල නැති­වුණා යැයි රෝහාන් කිවේය.

Comments