අව­ශේෂ වනා­න්ත­ර­වල සැබෑ අයි­තිය කාටද? | සිළුමිණ

අව­ශේෂ වනා­න්ත­ර­වල සැබෑ අයි­තිය කාටද?

ව­ශේෂ වනා­න්තර’ ලෙස හඳු­න්වනු ලබන වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සතුව පව­තින හෙක්ට­යාර ලක්ෂ පහක් පමණ වන ‘වන සංචි­තය’ දිසා­ප­ති­වරු හා ප්‍රාදේ­ශීය ලේක­ම්වරු වෙත පැව­රී­මට කැබි­නට් මණ්ඩ­ලය තීර­ණය කිරී­මත් සමඟ මත­භේ­ද­කාරී වාතා­ව­ර­ණ­යක් ඇති විය. ඊට බලපෑ ප්‍රබ­ල­තම කාර­ණාව වූයේ අදාළ ඉඩම් පැව­රී­මට සුදුසු ක්‍රම­වේ­ද­යක් ඉදි­රි­පත් කරන ලෙස පසු­ගි­යදා පැවති කැබි­නට් මණ්ඩල රැස්වී­මේදී පරි­සර හා වන­ජීවී සම්පත් ඇම­ති­ව­රයා කළ දැනුම් දීමය. මේ අනුව සම කැබි­නට් ප්‍රකා­ශක ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන සඳ­හන් කළේ පව­තින ක්‍රම­වේ­දය තුළ ඉඩම් ලබා­දී­මේදී දුප්පත් ගැමි ජනයා පීඩා­වට පත්වන බැවින් එය වැළැ­ක්වී­මට රජය මේ තීර­ණය ගත් බවය.

මීට ප්‍රථම එහි බල­ලත් නියෝ­ජි­තයා වූ දිස්ත්‍රික් ලේක­ම්ව­රයා යටතේ ප්‍රාදේ­ශීය ලේක­ම්වරු රජයේ දේප­ළවල භාර­කරු වූ බවත් පෞද්ග­ලික අංශ­යට පැව­රී­මක් සිදු නොවූ බවත් ඔහු පැව­සීය. දැනට තිබෙන ක්‍රම­වේ­දය තුළ නිවාස වැසි­කිළි පවා වන සංර­ක්ෂණ ප්‍රදේ­ශ­යට ගැසට් වී ඇති බවත් හේන් ගොවි­තැ­නක් කර­ගෙන සිටින අය­ව­ලුන්ට පවා ලඳු කැලෑ ප්‍රදේශ අහිමි වී ඇති බවත් ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන එහිදී වැඩි­දු­ර­ටත් පැහැ­දිලි කළේය. ගැමි ජන­තා­වට රටේ නිෂ්පා­දන ක්‍රියා­ව­ලි­යට ඉඩම් පරි­හ­ර­ණය සඳහා ඇති අව­ස්ථාව ඇහිරී ඇති නිසා ඔවුන් පීඩා­වට පත්ව සිටින බව ඔහුගේ අද­හස විය. විශේ­ෂ­යෙන් දකුණු පළාතේ ගොවි ජන­තා­වගේ ගැටලු සලකා බලා අග්‍රා­මා­ත්‍ය­ව­රයා සහ ජනා­ධි­ප­ති­ව­රයා ඊට මැදි­හත් වූ බව කැබි­නට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු­වේදී ප්‍රකාශ කෙරිණි.

මේ සම්බ­න්ධ­යෙන් විරෝ­ධය පළ කරන පරි­සර සංවි­ධාන කියා සිටින්නේ ඊට හාත්ප­සින්ම වෙනස් අද­හ­සකි. පරි­සර සංවි­ධාන නියෝ­ජ­නය කරන නීතිඥ ජගත් ගුණ­ව­ර්ධන ප්‍රකාශ කර සිටියේ කැලෑ ලෙස පව­ත්වා­ගෙන යෑමට නුසු­දුසු ඉඩම් ගොවීන්ට පැව­රීමේ ක්‍රම­වේ­ද­යක් තිබි­යදී මෙලෙස ගොවි ජන­තා­වට සහන සැල­සීම සඳහා යැයි කිය­මින් 5/2001 චක්‍ර ලේඛය හදි­සියේ අව­ලංගු කිරී­මට උත්සාහ කිරීම වැළැ­ක්විය යුතු බවයි.

“ආර­ක්‍ෂිත වනා­න්තර ප්‍රදේශ ප්‍රකා­ශ­යට පත්කි­රී­මේදී වන සංර­ක්ෂණ පනත (FCO) - DFC, ශාක හා සත්ත්ව ආර­ක්ෂණ පනත (FFPO) - DWC උප­යෝගී කර ගැනීම සාමාන්‍ය සිරි­තයි. මේ පන­ත්ව­ලට අම­ත­රව ජාතික උරුම හා වනෝ­ද්‍යාන ප්‍රදේශ පනත (NHWAA) සහ ජාතික පාරි­ස­රික පනත

ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ 
ජගත් ගුණ­ව­ර්ධන

(NEA) - CEA. ඇති අතර එම­ඟින් ආර­ක්‍ෂිත ‘සිංහ­රා­ජය’ ලෝක උරු­ම­යක් ලෙස ප්‍රකා­ශ­යට පත්කර තිබෙ­නවා. මෙසේ ආර­ක්‍ෂිත ඉඩම් ලෙස ප්‍රකා­ශ­යට පත්කර ඇති රජයේ ඉඩ­ම්ව­ලට අම­ත­රව කිසිදු නීති­මය තත්ත්ව­යක් මඟින් ප්‍රකා­ශ­යට පත්කර නොමැති රජයේ ඉඩම් විශාල ප්‍රමා­ණ­යක් තිබෙ­නවා. ඒවා හඳු­න්වනු ලබන පොදු නාම­ක­ර­ණය වන්නේ ‘Other State Forest’ යන්නයි. මෙම නාම­ක­ර­ණය සිංහ­ලට නිවැ­ර­දිව පරි­ව­ර්ත­නය කරන්නේ නම් ‘වෙනත් රජයේ වනා­න්තර’යනු­වෙන් නිවැ­රදි විය යුතුයි. නමුත් ඒ වෙනු­වට‘අව­ශේෂ වනා­න්තර’ හෝ ‘අව­ශේෂ කැලෑ’ යනු­වෙන් හැඳින්වීමට පෙලඹී සිටින බවත් ‘අව­ශේෂ වනා­න්තර’ හෝ ‘අව­ශේෂ කැලෑ’ යනු­වෙන් නාම­ක­ර­ණය කිරී­මෙන් ආරක්ෂා කිරී­මට තරම් වටි­නා­ක­මක් නැතිය යන්න හැඟ­වෙ­නවා. ඒ නිසා කෙනෙ­කුට හිතෙන්න පුළු­වන් මේ ප්‍රයෝ­ජ­න­යක් නැතිව පැත්ත­කට දාලා තියෙන වනා­න්තර කොටස්ය කියලා. එවැනි අද­හ­සක් සමා­ජ­ගත කර­න්නත් යම්යම් පාර්ශ්ව උත්සාහ කර­නවා. නමුත් මේ අව­ශේෂ වනා­න්තර ලෙස හඳුන්වන වනා­න්තර 1950 දශ­කයේ සිට රක්ෂිත වනා­න්තර ලෙස පැව­තිය යුතු බවට යෝජිත වනා­න්ත­රයි“ නීතිඥ ජගත් ගුණ­ව­ර්ධන පැව­සීය.

ජෛව විද්‍යා­ත්ම­කව ඉතා ඉහළ වටි­නා­ක­මක් සහිත අක්කර දහස් ගණ­නක් විශාල වනා­න්ත­ර­වල සිට කුඩා සංවේදී පරි­සර කලාප ද ඊට අයත්වේ. ගංගා ඇළ­දොළ රක්ෂිත, ඇතැම් ජල­පෝ­ෂක ප්‍රදේශ ඓති­හා­සික හා පුරා­වි­ද්‍යා­ත්මක ස්ථාන රැසක් මෙකී අව­ශේෂ වනා­න්තර කලා­පය තුළ දක්නට ලැබේ.

මෙලෙස අව­ශේෂ වනාන්තර ලෙස හඳුන්වන මෙම ඉඩම් අතී­ත­යේදී දිසා­ප­ති­වරු හා ප්‍රාදේ­ශීය ලේක­ම්වරු යටතේ පැවති අතර ඒවා වන සංර­ක්ෂණ දෙපා­ර්ත­ම්න්තුව යට­තට 2001 අගෝස්තු 10 වැනි දින පව­රනු ලැබුවේ 5/2001 දරන චක්‍ර ලේඛය මඟිනි. එසේම සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­කම පිහිටි වනා­න්තර නොවන ඉඩම් බෙදා දීමට අවශ්‍ය නීති­මය ප්‍රති­පා­දන සඳ­හන් 2/2006 නමින් චක්‍රලේඛ­යක් දැන­ට­මත් පැව­ති­යද පරි­සර සංවි­ධාන සහ වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හැර කිසි­වකු දැන් එම චක්‍රලේඛය ගැන කතා නොක­රන බව ද නීතිඥ ජගත් ගුණ­ව­ර්ධන පැව­සීය.

රක්ෂිත ප්‍රදේශ අතර අඛණ්ඩ වන ආව­ර­ණ­යක් ඇති කරන අව­ශේෂ වනා­න්තර හෙක්ට­යාර ලක්ෂ පහ­කට පමණ එක­වර නීති­මය ආර­ක්ෂාව අහිමි වුව­හොත් එම ප්‍රදේ­ශ­වල සිටින ජීවීන්ට මෙන්ම ඊට යාබ­දව පව­තින රක්ෂි­ත­වල ඇති ශාක සහ සතුන්ට ද විශාල බල­පෑ­මක් සිදු වන බව ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව විද්‍යා­ලයේ ප්‍රවේණි සහ අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය ඉරේෂා හරි­ශ්චන්ද්‍ර ප්‍රකාශ කළාය.

“පසු­ගිය කාලය තුළ නව ජීව විශේෂ ගණ­නා­වක් සොයා ගත්තේ මේ අව­ශේෂ වනා­න්තර ලෙස හඳු­න්වන පරි­සර පද්ධ­ති­ව­ලින්. ලංකා­වට අවේ­ණික ජීවින් විශාල ප්‍රමා­ණ­යක් මෙම වනා­න්තර ආශ්‍රි­තව ජීවත් වන අතර ස්ථානීය ආවේ­ණි­ක­ත්වය හෙවත් Point Endemism තත්ත්වය පෙන්නුම් කරන විශේෂ ස්ථාන­වල පම­ණක් ඉන්න විශේෂ රාශි­යක් මෙම ප්‍රදේශ තුළින් හමු වී තිබෙ­නවා. මෙවැනි පරි­සර පද්ධති විනාශ වුව­හොත් වාස­ස්ථාන අහි­මි­වීම වගේම වාස­ස්ථාන කුට්ටි­ක­ර­ණය (වාස­ස්ථාන හුදෙ­කලා වීම) කියන ක්‍රියා­ව­ලිය සිදු­වෙ­නවා. එවිට සතුන්ට අභි­ජ­න­නය සඳහා ඇති අවස්ථා සීමා වීම තුළ ජාන ගල­න­යට බාධා ඇති වී ගහ­න­යක පව­තින වටිනා ලක්ෂණ සම්පූ­ර්ණ­යෙන් තුරන් වීමට පුළු­වන්. මෙවැනි තත්ත්ව­යක් තුළ අව­සා­නයේ එම සත්ත්ව ගහ­නය මේ භූමි­යෙන් සඳ­හ­ටම තුරන් වී යා හැකියි. ඒ වගේම මේ අව­ශේෂ වනා­න්තර පද්ධ­තිය විනාශ වී යෑම තුළින් පරි­ස­රයේ වායු සංතු­ල­නය සහ ජල පෝෂක සිදී යෑම ද සිදු­වෙ­නවා. මේ ගැන නිතර කතා කළ ද මින් ප්‍රවේණි විවි­ධ­ත්ව­යට වන බල­පෑම බොහෝ දෙනා අම­තක කර­නවා“ යනු­වෙන් ද ඇය පැව­සු­වාය.

වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු නිල­ධා­රීන්ගේ වෘත්තීය සංවි­ධා­න­යක් වන ‘වන සම්පත් සංර­ක්ෂ­ක­යන්ගේ වෘත්තීය සංවි­ධා­නය’ මෙකී කාර­ණය සම්බ­න්ධ­යෙන් විෂය භාර අමා­ත්‍ය­ව­ර­යාගේ හා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­න­යට කරුණු ඉදි­රි­පත් කර ඇත. වනා­න්තර ලෙස කළ­ම­නා­ක­ර­ණය කළ නොහැකි ඉඩම් පම­ණක් මුදා හැරීම වෙනු­වට අව­ශේෂ වනා­න්තර සියල්ල සංව­ර්ධන කට­යුතු වෙනු­වෙන් මුදා හැරීම ගැටලු සහ­ගත වන අතර මෙයින් වන සම්ප­තට හා ජෛව විවි­ධ­ත්ව­යට මෙන්ම මානව පැවැ­ත්මට ද විශාල හානි­යක් සිදු විය හැකිය. එසේම මෙය ප්‍රාදේ­ශීය ලේක­ම්වරු සහ වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අතර ගැට­ලු­වක් නොව වනා­න්ත­ර­වල ආර­ක්ෂාව පිළි­බඳ ගැට­ලු­වක් බව වන පව­සයි. 5/2001 චක්‍ර ලේඛය අව­ලංගු කිරීම සම්බ­න්ධ­යෙන් වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ කැමැ­ත්තක් නොමැති බව අප කළ විම­සී­ම­කදී වන සංර­ක්ෂණ අධ්‍යක්ෂ ජෙන­රා­ල්ව­රයා ද පැව­සීය.

රටට හිතැති ජන­හි­ත­වාදී රජ­යක් ලෙස වත්මන් රජය මේ පිළි­බ­ඳව ඉදි­රි­යේදී ගන්නා ක්‍රියා­මාර්ග ගැන මේ සියලු පාර්ශ්ව සහ ජන­තාව ද අව­දි­යෙන් සිටිති.

Comments