අවු­රුදු 42කට පසුත් ප්‍රංශයේ ඛාන් චිත්‍ර­පට උලෙළේ උදු­ම්බරා හිනැහේ | සිළුමිණ

අවු­රුදු 42කට පසුත් ප්‍රංශයේ ඛාන් චිත්‍ර­පට උලෙළේ උදු­ම්බරා හිනැහේ

ක්ද­හස් නව­සිය හැත්තෑ අටේ අගෝස්තු මස එකො­ළො­ස්වැ­නිදා තිර­ගත වූ ධර්ම­සේන පති­රා­ජ­යන්ගේ බඹරු ඇවිත් චිත්‍ර­ප­ටය 1979 වස­රේදී පව­ත්වන ලද සිග්නීස් උත්ත­මා­චාර උලෙ­ළේදී සම්මා­න­යෙන් පිදුම් ලැබීය. එමෙන්ම ප්‍රථම ජනා­ධි­පති සම්මාන උලෙ­ළේදී බොහෝ සම්මා­න­යන්ට බඳුන් විය. විදේ­ශිය චිත්‍ර­පට උලෙළ කිහි­ප­යක් සඳ­හාම ප්‍රද­ර්ශ­නය කළ බඹරු ඇවිත් චිත්‍ර­ප­ටය ප්‍රංසයේ ඛාන් ජාත්‍ය­න්තර සිනමා උලෙ­ළට සම­ගා­මීව පැවැ­ත්වෙන කලා­ත්මක චිත්‍ර­පට මාලාව අත­රට ද තෝරා­ගෙන ඇත. පති­රා­ජ­යන්ගේ ‘බඹරු ඇවිත්‘ සිනමා පටය ඛාන් සිනමා උලෙළේ දී තිර­ගත කර­නුයේ 4k තාක්ෂ­ණය ඔස්සේ නවීන ප්‍රති­සං­ස්ක­ර­ණය කළ සිනමා පට­යක් ලෙසිනි.

“උඹලා ප්‍රවේ­සම් වෙයල්ලා බඹරු ඇවිල්ලා“ ධීවර ගම්මා­නයේ ප්‍රධා­නියා ධීවර වැසි­යන්ට පව­සන්නේ වැල්ලට පිට­ස්ත­ර­ය­න්ගෙන් යම් හානි­යක් කර­ද­ර­යක් තම රැහේ උන්ට වේය යන අද­හ­සිනි. ධිවර ගමේ තරු­ණ­යකු ද ගැමි­යන්ට ඒ අන­තුරු ඇඟ­වීම කර ගැමි­යන් වෙනු­වෙන් පෙනී සිිටී. නමුත් කුමක් හෝ අහේ­තු­ව­කට ගැමියෝ ඔහු කියන දේ පිළි­නො­ග­නිති. තරු­ණයා ගම හැරදා කොළඹ යයි.

පිට­ස්ත­ර­යන් විසින් වැල්ලේ විවිධ හරඹ දක්වයි. ලේ වැගි­රිම් ගහ මරා ගැනිලි සියල්ල මේ කාල සීමාවේ දි සිදුවේ. මේ සියලු සිදු­වීම් එක පෙළක් ලෙස අපට හමු­වන්නේ ධර්ම­සේන පති­රා­ජ­යන් විසින් අධ්‍ය­ක්ෂ­ණය කරන ලද බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ නිෂ්පා­ද­නය තිලක් ගොඩ­මාන්න විසිනි. ධර්ම­සේන පති­රාජ හා මාලනි පති­රාජ විසින් තිර රච­නය කරන ලද බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ සින­මා­රූ­ප­ණය ඩොනල්ඩ් කරු­ණා­ර­ත්නය. සංස්ක­ර­ණය සෙක්ටස් අපෝ­න්සුය. සංගී­තය ප්‍රේම­සිරි කේම­දා­ස­යන් ගෙනි. 1978 වසරේ අගොස්තු 11 දින දිව­යින පුරා සිනමා ශාලා ගණ­නා­වක ප්‍රද­ර්ශන කෙරුණු බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ ධාවන කාලය පැය 2 විනාඩි 10 කි. මේ කාලය පුරා දෙතුන් වරක් චිත්‍ර­ප­ටයේ ඇසෙන්නේ උදු­ම්බරා හිනැ­හෙ­නවා. ගීතය.

එදා මෙදා තුර ගෙවුණ කාලය වසර 42 ක් පුරා විටින් විට ඇසුණ මේ ගීතය ගැන බොහෝ කතා­බහ ඇති වී තිබේ.

වසර ගණ­නක් පැරණි මේ චිත්‍ර­ප­ටය අපේ සිනමා ඉති­හා­සයේ 388 වැනි සිංහල චිත්‍ර­ප­ට­යයි . සින­මාවේ ස්වර්ණ­මය යුගය යැයි විචා­ර­ක­යන් විසින් හඳුන්වන යුග­යක ප්‍රද­ර්ශ­නය කෙරුණ බඹරු ඇවිත් සිනමා පටය; මෙවර ඛාන් චිත්‍ර­පට සංවි­ධා­ය­ක­යන් විසින් පව­ත්වනු ලබන 2020 සම්භාව්‍ය චිත්‍ර­පට ප්‍රද­ර්ශ­නය සඳහා තෝරා­ගෙන තිබීම සුවි­ශේ­ෂිය. විජය කුමා­ර­තුංග, ජෝ අබේ­වි­ක්‍රම, මාලනී ෆොන්සේකා, අම­ර­සිරි කලං­සූ­රිය, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්න­කෝන්, සිරිල් වික්‍ර­මගේ, සෝම­සිරි දෙහි­පි­ටිය, වින්සන්ට් වාස්, ඩබ්ලිව් ජය­සිරි, රුබී ද මෙල්, දයා අල්විස්, ආදි නළු නිළියන් රැසක් රඟපෑ බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ තේමා ගීතය ලෙස ගැයෙන්නේ ‘උඳු­ම්බරා හිනැ­හෙ­නවා‘ ගීත­යයි. මෙය බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ තේමා ගීතය වුවද ගෙවුණ 42 වස­රක කාලය තුළ ගුවන් විදු­ලි­යෙන් මේ ගීතය ප්‍රචා­රය නොවූ දින­යක් නැති තරම්ය.

සුනිලා අබේ­සේ­කර, ටී. එම්. ජය­රත්න, අයිවෝ ඩෙනිස්, සුභා­ෂිණි විසින් ගායනා කරන ලද මේ ගීතය සංගී­ත­වත් කරන්නේ ප්‍රේම­සිරි කේම­දා­ස­යන් විසින්. කේම­දාස ලකු­ණක් ලෙසද හඳුන්වා දිය හැකි මේ ගීතයේ මෙන්ම චිත්‍ර­ප­ට­යේද සංගීත නිර්මා­ණය අපු­රුය. බඹරු ඇවිත් චිත්‍ර­ප­ටය තේමා කර ගන්නේ ධීව­ර­යන් පවුල් වෙසෙන සමා­ජ­යකි. මේ පවු­ල්වල ජීවිත, හෙලන්ගේ චරි­තය (හෙලන් ලෙස රඟ­පාන්නේ මාලනි ෆොන්සේ­කාය) පිට­තින් පැමි­ණෙන තරුණ නඩය මුල්ක­ර­ගත් ඒ සමා­ජයේ කතා­වයි. මුහුදු රළ නැගෙන බිඳෙන අයු­රින් තනු නිර්මා­ණය කර කේම­දා­ස­යන්ගේ අපූරු සංගී­ත­යෙන් හැඩ­වන

“ඒ මොහො­තෙම එක හුස්මට

උප­දි­නවා ගිනි රස්නය

සීත­ලෙන්ම......

හඳු­නා­ග­ත්තොත් ඔබ මා......

මහ මුහු­දම ගොඩට ගලා

රත්වුණු හිරු පාය­න්නට

රත්වුණු හිරු පාය­න්නට

ගොඩ­බිම මහ මුහු­දක් විය

මහ මුහු­දම ගොඩ­බිම විය ....“

මේ ගීතය මෙන්ම සංගීය ද විචා­ර­ක­යන්ගේ පැස­සු­ම­ටද ලක් වූවකි . එමෙන්ම ඒ ජනා­ධි­පති සම්මාන ඇතුව දෙස් විදෙස් සම්මාන ගණ­නා­ව­කිින් පිදුම් ලැබු මේ චිත්‍ර­ප­ටයේ ගී පද රච­ක­යාද සම්මා­න­යෙන් පිදුම් ලැබු­වේය.

මේ සුවි­ශේෂි ගීතයේ පද රච­කයා වන්නේ ප්‍රවිණ නළු­වකු වන ඩබ්ලිව් ජය­සි­රිය.

බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ හෙලන්ගේ චරි­තය මුල් කර ගනි­මින් ලියැ­වුණ “උදු­ම්බරා හිනැ­හෙ­නවා ගීතය“ ගීතය ගීත තුනක් ලෙසින් චිත්‍ර­ප­ට­යේදී අපට ඇසේ. ගී පද රච­කයා වූ ප්‍රවීණ සින­මා­වේදී ඩබ්ලිව් ජය­සි­රි­ගෙන් අපි ඒ අතී­තය පිළි­බඳ විම­සු­වෙමු.

සුනිලා අබේ­සේ­කර

ධර්ම­සේන පති­රා­ජ­යන් බඹරු ඇවිත් චිත්‍ර­ප­ටයේ තිර රච­නය ලියලා ඉව­ර­වෙලා මට කිව්වා චිත්‍ර­ප­ටයේ තේමා ගීතය ලියන්න කියලා. එය ඇහු­වාම ඇත්ත­ටම මට පුදු­මත් හිතුණා. මේ සිද්ධිය වුණේ 1972, 1973 කාල­යේදී. මට පුදුම හිතුණේ ඒ වෙන­කොට මහ­ග­ම­සේ­කර, සුනිල් ආරි­ය­රත්න, කේ. ඩී. කේ ආදි ප්‍රවී­ණ­යන් හිටියා තේමා ගී ලියන්න. නමුත් පති­රා­ජ­යන් මට එය භාර දීම එක්තරා අභි­යෝ­ග­යක්. ඒ වන විට මම සනත් නන්ද­සි­රිට ගීත­යක් ලියා තිබුණා.

“සුළං හමයි ලොව නැළ­වෙයි

නුඹ නිදි­යයි නිසං­සලේ

නිදි­කුම්බා මල් කැකුළේ...“

ඒ ගීතය හැරු­ණාම මම තවත් ගීත පහක් ලියලා තිබුණා මඩ­වල එස් රත්නා­ය­ක­යන් ගුවන් විදු­ලියේ කළ ස්වර්ණ වර්ණ වැඩ­ස­ට­හ­නට. උදු­ම්බරා හිනැ­හෙ­නවා ගීතය ලියලා ඉන් පස්සේ මමයි පතියි ගියා කේම­දා­ස­යන් හමු වීමට. ගීතය හැඳුණේ ඒ ලෙසයි. මේ ගීතය සඳහා ජනා­ධි­පති සම්මාන ලැබුණා. බොහෝ ඇග­යිම් වලට ලක් වුණා. කෑන්ස් සිනමා ප්‍රද­ර්ශ­නය සඳහා බඹරු ඇවිත් චිත්‍ර­ප­ටය තෝරා ගැනීම ගැන සතු­ටුයි. ඒ වගේම තමයි රසි­ක­යන් මේ ගීතය අදත් රස­වි­දීම ගැන මට සතු­ටුයි. ඩබ්ලිව්. ජය­සිරි පව­සන්නේ වසර ගණ­නක අතී­ත­යක් සිහි­පත් කර­මිනි.

දශක හත­රක් තිස්සේ ගැයෙන මේ ගීතය අද ද නැවුම් බව­කින් යුතුව අසන්න විදින්න උදු­ම්බරා හිනැ­හෙ­නවා ගීතය බඹරු ඇවිත් චිත්‍ර­ප­ටය තරම්ම විශිෂ්ට යැයි කීවාට වර­දක් නැතැයි ද සිතේ

උදු­ම්බරා හිනැ­හෙ­නවා

ඉර අඳුරට හැංගෙ­නවා

දස දහ­සක් සම් මස් ඇට

සිනා කදුළු වැහි වැහැලා

ගිනි­ගෙන රත්වුණු දව­සක

සැන­සෙන එක හැන්දෑ­වක

උදු­ම්බරා හිනැ­හෙ­නවා......

මුහුදු කොණේ සුදු වැල්ලේ

ඉර හැංගෙන එක මොහො­තක

උදු­ම්බරා හිනැ­හෙ­නවා.....

කළු­වර දුම එක හුස්මට

මුළු ලෝකෙම වසා­ගන්න

ගිනි දිය ලෝ දිය වැස්සේ

කිරි සල්කිරි උදු­ම්බරා.....

සිනා කඳුළු වගු­ර­නවා

ආද­රයේ ඔබ ඔබ­මය

මා ඔබ නොව

ඔබ මා නොව

දව­සක්දා......

හඳු­නා­ග­ත්තොත් ඔබ මා......

හඳු­නා­ග­ත්තොත් ඔබ මා......

ඒ මොහො­තෙම එක හුස්මට

උප­දි­නවා ගිනි රස්නය

සීත­ලෙන්ම......

හඳු­නා­ග­ත්තොත් ඔබ මා......

මහ මුහු­දම ගොඩට ගලා

රත්වුණු හිරු පාය­න්නට

රත්වුණු හිරු පාය­න්නට

ගොඩ­බිම මහ මුහු­දක් විය

මහ මුහු­දම ගොඩ­බිම විය

උදු­ම්බරා කඳුළු සලයි......

උදු­ම්බරා කඳුළු සලයි......

කඳුළු සලයි.... කඳුළු සලයි.....

ගී පද : ධර්ම­සේන පති­රාජ සහ ඩබ්ලිව්.ජය­සිරි

සංගී­තය - ප්‍රේම­සිරි කේම­දාස

ගාය­නය - ටී. එම්. ජය­රත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේ­සේ­කර, සුභා­ෂිණි

 

Comments