ජාතික ගුවන් විදු­ලිය පිය­වර දස දහ­සක් පෙරටම... | Page 2 | සිළුමිණ

ජාතික ගුවන් විදු­ලිය පිය­වර දස දහ­සක් පෙරටම...

ත්මන් රජය යටතේ සෞභා­ග්‍ය­ය­මත් හෙටක් උදා කිරීම පිණිස අපේ ජාතික ගුවන් විදු­ලිය නව දැක්මක් යටතේ සම­බර මගක යන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභා­පති විශා­රද ජගත් වික්‍ර­ම­සිංහ මහතා පව­සයි. අලුත් වැඩ­ස­ට­හන් හඳුන්වා දෙමින් එක් පක්ෂ­යක හෝ එක් රජ­යක හෝ පුද්ග­ල­ය­කුගේ හොර­ණෑ­වක් නොවී, ජාතික ආග­මික සංස්කෘ­තික ආර්ථි­ක­මය කරුණු පිළි­බඳ පොදු ජන­තාව කැමැති සම­බර වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කර­මින් ගුවන් විදුලි සංස්ථාව තම සභා­ප­ති­ත්වය යටතේ ඉදි­රි­ග­ම­න­කට ප්‍රවි­ශ්ටවී ඇති බව සභා­ප­ති­ව­රයා පව­සයි.

ගුවන් විදුලි මහ­ගෙ­දර මහ පුටුව ලැබීම ගැන ඔබේ අද­හස කොහො­මද?

ඔව්. එය මගේ කලා ජීවි­තයේ සුවි­ශේෂී අව­ස්ථා­වක්. මම 1988 ගුවන් විදුලි සංස්ථාවේ සංගීත ශිල්පි­යෙක් ලෙස මේ ස්ථාන­යට පිය­න­ගල තිබෙ­නවා. ඒ කාලේ අපි ගොඩක් සංගීත නිර්මාණ ඉදි­රි­පත් කළා. අනෙක් සේවා­වල් නොති­බුණු ඒ යුගයේ විශාල ශ්‍රාවක පිරි­සක් ගුවන් විදු­ලිය සමඟ සිටියා. කෙසේ වුවත් 1991 දී පමණ මම සංස්ථා­වෙන් අයින් වෙලා අම­ර­දේව මහ­ත්තයා එක්ක එතු­මාගේ සංගීත කට­යු­තු­ව­ලට සම්බන්ධ වුණා. නමුත් හරි­ය­ටම වසර 31 කට පමණ පසු ගුවන් විදුලි සංස්ථාවේ මහ­පු­ටුව මට ලැබුණා. ගරු ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් විසින් මා මෙතැන්ට පත් කළේ පෙබ­ර­වාරි 13 වැනිදා. ඒක මගේ කලා ජීවි­ත­යේත් පෞද්ග­ලික ජීවි­ත­යේත් කඩ­ඉ­මක්.

මෙම තන­තුර මම ආභ­ර­ණ­යක් කර­ගන්නේ නැහැ. ඒ මගින් කලා, ශාස්ත්‍රීය හා සංගීත අංශ මගින් මෙන්ම සන්නි­වේ­ද­නය පිළි­බ­ඳව ජාතික මට්ට­මෙන් සේව­යක් කිරී­ම­ටයි අපේ­ක්ෂාව.

 

කොරෝනා වසං­ග­තය කාලේ ඔබට ලැබුණු අභි­යෝග හා ඒවා ජය­ගත් අයුරු පැහැ­දිලි කළොත්?

ඒ කාලේ ප්‍රවා­හන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න රැසක් ඇති වුණා. නමුත් සේව­ක­යන්ගේ උන­න්දුව කැප­වීම නිසා අපි වෙන­දා­ටත් වඩා හොඳ වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කළා. අපේ රටේ ජන­තාව තව­මත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කියන දේ 100% ක් ම විශ්වාස කර­නවා. ඒ අනුව කොරෝනා වසං­ගත කාලේ ප්‍රධාන ලෙස රජයේ සත්‍යය නිල නිවේ­දන ඉදි­රි­පත් කළේ අපියි. ඊට අම­ත­රව රාජ්‍ය සෞඛ්‍ය බල­ධා­රීන්, යුද හමුදා නිල­ධා­රීන් හා අත්‍ය­වශ්‍ය සේවා නිල­ධා­රීන්ගේ අද­හස් ඇතු­ළත් සංවාද අපි ඉදි­රි­පත් කළා.

ඒ සම­ඟම ඒ කාලේ ගෙදර ඉන්න ජන­තා­වට ශ්‍රව­ණය කිරී­මට රස­වි­න්ද­නා­ත්මක, ආග­මික, සංස්කෘ­තික හා අධ්‍යා­ප­නික වැඩ­ස­ට­හන් රැසක් අපි ආරම්භ කළා. විශේ­ෂ­යෙන් කොරෝනා වසං­ග­තය නිසා ගෙදර සිටින අධ්‍යා­ප­නය ලබන දරු­වන් වෙනු­වෙන් ආදර්ශ මාධ්‍ය­යක් ලෙස අධ්‍යා­ප­නික වැඩ­ස­ට­හන් මුලින් ම Online ක්‍රම­යට ආරම්භ කළේ අපි. භාෂා හත­ර­කින් එනම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා හින්දි භාෂා­ව­ලින් අපි අධ්‍යා­ප­නික වැඩ­ස­ට­හන් සියලු සේවා මගින් ඉදි­රි­පත් කළා. කෝවිඩ් 19 වසං­ග­තය නිසා අම­තර පන්ති අහිමි වන දුෂ්කර පළාත් දරු දැරි­යන් සඳහා ‘රේඩියෝ ගුරු­ව­රයා’ නමින් අලුත් වැඩ­ස­ට­හ­නක් අපි ආරම්භ කළා. එය දින­පතා උදේ හවස පැය දෙකක් පමණ විෂය නිර්දේ­ශය අනුව තව­මත් විකා­ශ­නය වෙනවා. ඊට එක් වුණේ මෙරට ප්‍රවීණ ප්‍රශස්ත ගුරු­වරු රැසක්.

 

ඔබ අලුත් තන­තු­රට පැමි­ණී­මෙන් පසු ගුවන් විදුලි වැඩ­ස­ට­හ­න්වල ගුණා­ත්මක තත්ත්වය වැඩි දියුණු කිරී­මට කළ කට­යුතු පිළි­බ­ඳව පැව­සු­ව­හොත්?

අපේ ගුවන් විදු­ලියේ ජන­ප්‍රිය පැරැණි වැඩ­ස­ට­හන් රැසක් තිබුණා. ඒ අතර ආරා­ධනා, මධු රසාංග වැනි සංගීත වැඩ­ස­ට­හන් මෙන් ම පිබි­දෙන ගායක පර­පුර, මුව­න්පැ­ලැස්ස, මොන­ර­තැන්න, ඉසි­වර අස­පුව වැනි වැඩ­ස­ට­හන් ඉතා ජන­ප්‍රිය වුණා. යළිත් ඒ වැඩ­ස­ට­හන් ආරම්භ කිරී­මට මා කට­යුතු යොදා තිබෙ­නවා.

පැරැණි ගීත දැන් ගුවන් විදු­ලි­යෙන් ප්‍රචා­රය වීම අඩු­වෙලා ද? ඊට ඔබ ගන්නා පිය­වර?

ඔව්. පැරැණි සිංදු ප්‍රචා­රය වීම අඩු­වී­මක් පේනවා. ඒකට හේතු වෙලා තිබෙන්නේ ගුවන් විදුලි තැටි ගබ­ඩාවේ තිබුණු පැරැණි ගීත අඩංගු තැටි, කැසට්, සීඩී පට සොර­කම් කිරී­මයි. එප­ම­ණක් නොව තැටි ගබ­ඩාවේ තිබුණු ආග­මික වැඩ­ස­ට­හන්, සංවාද වැඩ­ස­ට­හන් හා සංවාද පිළි­බඳ වැඩ­ස­ට­හන් ඇතු­ළත් තැටි, කැසට්, සීඩී ආදිය විශාල ප්‍රමා­ණ­යක් නැති­වෙලා තිබෙ­නවා. හැබැයි ඒවා බොහො­ම­යක් දැන් අන්ත­ර්ජා­ලයේ තිබෙන බවයි පෙනෙන්නේ.

මෙයින් පෙනෙන්නේ මා මෙම තන­තු­රට පත්වී­මට පෙර මෙම ස්ථානයේ විශාල වංචා දූෂණ සිදුවී ඇති බවයි. ඒ පිළි­බ­ඳව මා නීති­මය පිය­වර ගන්නට සූදා­නම්. මේ බුද්ධි­මය දේපළ අයි­තිය ගැන නෛතික අයි­ති­යක් ජාතික ගුවන් විදු­ලි­යට ලබා­දෙ­නවා. මම මෙවැනි වැඩ කර­ගෙන යන­කොට මා මෙම ස්ථාන­යට සම්බන්ධ කර­ගත් පිරි­සක් තවත් පිරි­සක් සමඟ එක්වී මා ගැන සමාජ ජාල මගින් අසත්‍ය ප්‍රචාර විවේ­චන ඉදි­රි­පත් කර­නවා. එය ඉතා කන­ගා­ටු­දා­යක තත්ත්ව­යක්. එවැනි කරුණු පිළි­බ­ඳව වැරැ­දි­ක­රු­වන් වූ තිදෙ­නෙක් දැන­ටම සේව­යෙන් ඉවත් කර තිබෙ­නවා.

 

ජාතික ගුවන් විදු­ලිය සුරැ­කීම රටේම යුතු­ක­මක්. මේ සඳහා ගෙන ඇති ක්‍රියා­මාර්ග මොන­වාද?

අපි ඒ සඳහා ක්‍රියා­මාර්ග රැසක් ගෙන තිබෙ­නවා. ජාතික ගුවන් විදු­ලිය මගින් ඉදි­රි­පත් කරන වැඩ­ස­ට­හ­න්ව­ලට යම් වග­කී­මක් තිබෙ­නවා. එය ජාතික මාධ්‍ය­යක් ලෙස සැල­කිය යුතුයි. අපි සප­යන තොර­තු­රුව සත්‍ය බව තහ­වුරු විය යුතු­මයි. නමුත් සමාජ ජාල හා කැලෑ පත්තර මගින් ප්‍රචා­රය වන නිර්දය විවේ­චන නිසා අප­ටත් අප සමඟ වැඩ­ක­රන අය­ටත් කල­කි­රී­මක් ඇති­වෙ­නවා. ඕනෑම ආය­ත­න­යක හෝ සංවි­ධා­න­යක හෝ දියු­ණු­වට මහ­න්සිවී වැඩ කරන අයට මෙවැනි බොරු විවේ­චන අප­හාස ඉදි­රි­පත් කරන විට ඒ අයට කල­කි­රීම් ඇති­වෙ­නවා. මෙය රට­ටම පාඩු­වක් බව කිව යුතුයි. ඒ නිසා මෙවැනි අහිං­සක පුර­වැ­සි­යන්ගේ කීර්ති නාම­යට ඇති­වන හානිය පිළි­බ­ඳව නීති­මය පිය­වර ගැනී­මට රජය පිය­වර ගත යුතුයි.

 

වත්මන් රජයේ ‘සෞභා­ග්‍යයේ දැක්ම’ වැඩ­ස­ට­හන ඉදි­රි­යට ගෙන යාමට ඔබ ආය­ත­නය එක්වන්නේ කෙසේද?

ජනා­ධි­ප­ති­තු­මාගේ ‘සෞභා­ග්‍යයේ දැක්ම’ වැඩ­ස­ට­හ­නට එක්වී­මට රට තුළ භෞතික, ආර්ථික, සංස්කෘ­තික හා මාන­සික ප්‍රව­ර්ධ­නය සඳහා අවශ්‍ය දැනු­ම්වත් කිරීම සිදු කර­මින් අපි ඊට සහාය දෙනවා. අපි ඉදි‍රි­පත් කරන නිර්මා­ණා­ත්මක, ශාස්ත්‍රීය හා කාලීන සන්නි­වේ­දන දැක්ම මගින් ගරු­ත්වය මත පද­නම් වූ සමා­ජ­යක් බිහි කිරී­මට අප කට­යුතු කර­නවා. සෞභා­ග්‍යයේ දැක්ම අනුව ජාතික ගුවන් විදු­ලිය දැන් අලුත් ගම­න­කට අව­තීර්ණ වෙලා.එයට අපේ ශ්‍රාව­ක­යන්ට මෙන් ම මෙය බලන පාඨ­ක­යන්ට උදවු දෙන්න පුළු­වන්. සිදු­විය යුතු වෙන­ස්කම් පිළි­බ­ඳව අපට ලියා දන්වන්න. ඔබගේ අද­හස් වලට ඉඩ­ක­ඩක් දෙන්න අප නිත­රම සූදා­නම්.

 

ගුවන් විදුලි සංස්ථා­වට හැම­දාම ජන­තාව කරන චෝද­නාව තමයි ආණ්ඩුවේ හොර­ණෑව කියන එක. ඒ තත්ත්වය වැළැ­ක්වී­මට ගෙන ඇති පිය­වර මොන­වාද?

ගුවන් විදුලි සංස්ථාව මගින් පසු­ගිය කාලයේ අරන් ගියේ ඒක පාක්ෂික ප්‍රචා­ර­යක්. ගුවන් විදුලි සංස්ථාව පොදු දේප­ළක්. එය රටේම සියලු පක්ෂ­ව­ලට සියලු ජන­තා­වට අයි­තියි. ඒ අනුව අපි දැන් කට­යුතු කරන්නේ එය සියලු පක්ෂ­ව­ලට ජන­තා­වට විවෘත ආය­ත­න­යක් වශ­යෙන් වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කර­මින්. සම­බර හා කාලීන වැඩ­ස­ට­හන් ඉදි­රි­පත් කර­මින් ගුවන් විදුලි සංස්ථාව අලුත් මගක දැන් ගමන් කර­නවා. මේ අනුව අපි ජන­තා­වට කියන්නේ අපි දැන් බාල, තරුණ, මහලු සියලු දෙනාට සුදුසු සියලු පක්ෂ­වල තොර­තුරු ඇතු­ළත් සම­බර වැඩ­ස­ට­හන් රැසක් ඉදි­රි­පත් කරන බවයි. ඒ අනුව ගුවන් විදුලි මහ­ගෙ­දර මේ වැඩ­ස­ට­හන් සැමට සුදුසු ඒවා බවට ඔබම අසා තීර­ණය ගන්නා ලෙස සියලු දෙනාට දන්වා සිටි­නවා.

සේයාරුව - ගයාන් පුෂ්පික

Comments