ජාතික සම්පත් විකුණූ අය ප්‍රතික්ෂේප කිරීමේ මොහොතයි මේ... | සිළුමිණ

ජාතික සම්පත් විකුණූ අය ප්‍රතික්ෂේප කිරීමේ මොහොතයි මේ...

කෝවිඩි 19 වසං­ග­තය හේතු­වෙන් අප ජිවිත පිළි­බ­ඳව අපගේ සිත් තුළ ම ඇතිවූ අවි­නි­ශ්චි­ත­තාව සහ බිය ආර­ම්භක අව­ස්ථා­වට වඩා වෙනස් වී ගොස් ඇති බවක් පෙනෙ­න්නට තිබේ. ආර­ක්ෂාව වීමට ක්‍රම­යක් නැති, ප්‍රති­කාර නැති මර­ණය උරුම වීමට ඉඩ ඇති එවැනි ව්‍යස­න­යක් පැතිර යෑම පිළි­බ­ඳව මහ­ජ­න­තාව තුළ ඇති වූ කම්ප­නය තවම පහව ගොස් නැත. එහෙත් ආර­ම්භක පිය­ව­රේදී ජන­තාව තුළ පැවැති මර බිය මේ වන විට පහව ගොස් ඇති බව පැහැ­දි­ලිය. අස­ල්වැසි ඉන්දි­යාවේ සහ සාර් ක් කලා­ප­යට අයත් පකි­ස්ථා­නය, බංග­ලා­දේ­ශය සහ ඇෆ්ග­නි­ස්තා­නය වැනි රට­වල ද තත්ත්වය අපට වඩා බොහෝ සෙයින් වෙනස් ය. අස­ල්වැසි ඉන්දි­යාව ලොව වැඩිම කොරෝනා රෝගීන් සහිත රටක් බවට පත්වෙ­මින් තිබි­යදී ඇතැම් ඉන්දීය ජාති­කයෝ මෙර­ටට පලා­විත් වසං­ග­ත­යෙන් බේරී­මට තැත් කරන තත්ත්ව­යක් ඇතිව තිබේ.

වසං­ග­තය මෙරට පැතිර ගිය මුල් අව­ස්ථා­වේදී ජනතා සිත් සත­න්වල ඇති වූ ජිවිත අවි­නි­ශ්චිත භාවය සහ මරණ බිය දැන් තර­මක් දුරට පහව ගොස් ඇත. රෝග ව්‍යාප්තිය ද අඩු වී ඇත. සුවය ලබන ප්‍රමා­ණය වැඩි වී ඇත. පටු මුහුදු තීරු­ව­කින් අපෙන් වෙන්වී සිටින ඉන්දි­යාව මුහුණ දී සිටින අති­ශය භායා­නක තත්ත්වය දින­පතා වර්ධනය වන පසු­බි­මක ශ්‍රී ලාංකි­කයෝ තර­මක සැන­සි­ල්ල­කින් ජීවත් වෙති.

මේ වෙනස කුමක්ද ? මේ තත්ත්වය යටතේ අප ගත­යුතු මග පිළි­බඳ විනි­ශ්ච­ය­කට එළැ­ඹී­මේදී ආධාර කර ගත හැකි ආස­න්න­තම උදා­හ­රණ කොරෝනා වසං­ග­තය පිළි­බඳ සිදු­වීම් දාම­යෙන් ඉතා පැහැ­දිලි වේ. ඒ සම්බ­න්ධ­යෙන් අපගේ මත­ක­යෙන් ගිලිහී යෑමට තරම් දිගු කලක් ගතවී නැත. දින කිහි­ප­ය­කට පෙර කොරෝනා දෙවන රැල්ලක් පිළි­බඳ අන­තුරු ඇඟවූ අය පිළි­බඳ මත­ක­යන් තව­මත් පහව ගොස් නැත.

එවැනි ව්‍යස­න­යක් යළි ඇතිවේ යැයි සතුටු වීමට සිතා සිටි බොහෝ දෙනෙකු මේ වන විට අපේක්ෂා භංග­ත්ව­යට පත්ව ඇති බව නම් පැහැ­දි­ලිය. ජාතික ව්‍යස­න­යක් ඇතිවු විට කොන්දේසි විර­හි­තව රජ­යට සහාය ලබාදී ඉන් මිදි­මට සියලු දෙනා එක­තුව කට­යුතු කිරිම බොහෝ රට­වල දක්නට ලැබෙන තත්ත්ව­යකි. එහෙත් මැති­ව­රණ උණු­සුම තුළ ශ්‍රී ලංකාවේ එවැනි එක­මු­තු­වක් ඇති­වීම වැළැක්වූ පිරි­සක් විය. කිසිදු සහ­න­යක් ලබා නොදී රජය ඇණ ගන්නා­තුරු බලා­සි­ටි­මට ද මහ­ජ­න­තාව තුළ සැක සංකා ඇති කරන අසත්‍ය ප්‍රචාර ගෙන යෑමට ද සම­හර කණ්ඩා­යම් කට­යුතු කළහ. ඒ අතර උද්ඝෝ­ෂණ , වැඩ වර්ජන සහ විරෝ­ධතා ව්‍යාපාර දියත් විය. නඩු පැවැ­රීම් ද සිදු­විය.

ඒ සියල්ල මැද රෝග ව්‍යප්තිය අවම මට්ට­ම­කට පත් කර ගනි­මින් ජන ජිවි­තය යථා තත්ත්ව­යට පත්කර ගැනී­මට සහ අනා­ග­ත­යේදී ඇති­විය හැකි දැවැන්ත ආර්ථික අර්බු­ද­ය­ටට ශක්ති­මත් ව මුහුණ දීම සඳහා රජය කට­යුතු කිරීම පිළි­බඳ අපට සතුටු විය නොහැකි ද? මරණ බිය අතින් ගෙන ජීවත් වීමට ශ්‍රී ලාංකි­ක­යන්ට සිදු වූ ප්‍රථම අව­ස්ථාව මෙය නොවේ. තිස් අවු­රුදු යුද්ධය හමුවේ නිව­සින් පිටත් ව ගොස් නැවත ආපසු ඒමක් පිළි­බඳ අවි­නි­ශ්චි­ත­තා­ව­යක පසු වීමට සිදු වූ යුග­යක අත්දැ­කිම් අද ජිවත් වන බොහෝ දෙනෙ­කුට ඇත.

එම අව­ස්ථා­වේදී ද බොහෝ දෙනෙක් දිවි පිදුහ. බොහෝ දෙනෙක් ආබා­ධි­තයෝ බවට පත්වූහ. දේපළ අහිමි කර­ගත්හ. රට හැර ගියහ, අව­තැන් වූහ. එසේ වුවද යුද්ධය අව­සන් කර ජන­තා­වගේ මර බිය නැති කිරී­මට ද නැවත රට ආර්ථික වශ­යෙන් ඉහළ මට්ට­ම­කට ගෙන ඒමට ද එදා පාල­ක­යන්ට හැකි­විය.

මේ දින­වල දේශ­පා­ලන වේදි­කා­වල කොරෝනා පාල­නය පිළි­බඳ සහ රට ආර්ථික වශ­යෙන් ගොඩ­නැ­ඟීම පිළි­බඳ ප්‍රකාශ වන කරුණු දෙස බලන විට සුරං­ගනා ලෝක­යක් අප ඉදි­රියේ මැවි මැවී පෙනේ. තමන් බල­යට පත්වු විට මස­කට එක් අයෙ­කුට රුපි­යල් දස දහ­සක් ගෙවන බව එක් නාය­ක­යෙක් ප්‍රකාශ කරන විට තවත් නාය­ක­යෙක් රුපි­යල් විසි දහ­ද­සක් ලබා­දෙන බව ප්‍රකාශ කරයි. ඉදි­රි­යේදී විශාල ණය ප්‍රමා­ණ­යක් ගෙවි­මට ඇතැයි ද මේ රජ­යට එම ණය ගෙවි­මට නොහැ­කිව විශාල ආර්ථික අර්බුද­ය­කට මැදි වනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කරති. ඒ අතර රැකියා අහිමි වන අයට වන්දි ගෙවන බවට පොරොන්දු වෙති. විවිධ පොරොන්දු සහ ප්‍රකාශ හමුවේ අප යා යුතු මග තීර­ණය කළ යුත්තේ කතා­වෙන් නොව ක්‍රියා­ත්මක භාව­යෙන් රටට නිවැ­රදි මාව­තක් හෙළි කර­දුන් නාය­ක­ත්ව­යක් පිළි­බඳ තිරණ ගැනී­මෙනි. අපි අභි­යෝග රැස­කට මුහුණ දී සිටින ජාති­ක­යක් වෙමු. මුලින් ම කෝවිඩ් 19 පාල­නය කළ යුතුයි. එහෙත් එය ගෝලීය වසං­ග­ත­යක් වන බැවින් ඒ සඳහා රටක් ලෙස තනිව මුහුණ දිය නොහැකි වන අතර තවත් වසර ගණ­නා­වක් එම වසං­ග­ත­යත් සමඟ ජිවත් විමට සිදු­වනු ඇත.

ඒ අතර සාමාන්‍ය ජන ජිවි­ත­යට යථා තත්ත්ව­යට පත්ක­ර­මින් සේවා ස්ථාන විවෘත කර නිෂ්පා­ද­නය කට­යුතු පවත්වා ගෙන යා යුතුය. ඉන් පසු රට මුහුණ දී සිටින ආර්ථික අර්බුද­යෙන් ගොඩ ඒම සඳහා නිශ්චිත සහ ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළ යුතුය. අද රට මුහුණ දී සිටින තත්ත්වය බොහෝ දෙනෙකු විසින් නිවැ­ර­දිව වටහා ගෙන ඇති බවක් නොපෙනේ. රජය මහ­ජ­න­තා­වට දුෂ්ක­ර­තා­වන්ට මුහුණ පෑමට සිදු­නො­වන ආකා­ර­යට සියලු අංශ කළ­ම­නා­ක­ර­ණය කර කර තිබු­ණද රාජ්‍ය අංශය සම්පූ­ර්ණ­යෙන්ම ක්‍රියා­ත්මක නොවන බැවින් රජ­යට ආදා­යම් ලැබෙන සියලු මාර්ග ඇහිරී ඇත.

උදා­හ­ර­ණ­යක් ලෙස විදෙස් ගමන් බල­පත්‍ර, හැඳු­නු­ම්පත් නිකුත් කිරීම, රිය­දුරු බල­පත්‍ර නිකුත් කිරීම ආදිය මෙන්ම රජය විසින් මුදල් අය­කර ලබා­දුන් සේවා­වන් බොහෝ­ම­යක් යථා තත්ත්ව­යට පත්වී නැත. රජයේ කාර්යාල සම්පූර්ණ වශ­යෙන් විවෘත කර නැත. එසේ වුවද දහ­සය ලක්ෂ­යක් පමණ වන රාජ්‍ය සේව­ක­යන්ට මෙන්ම අනි­යම් සහ ආදේ­ශක සේව­ක­යන්ට ද නිය­මින පරිදි වැටුප් ගෙවීම සිදු කරයි. පෞද්ග­ලික අංශ­යට ද වැටුප් ලබා­දීම සඳහා රජය විසින් සහන සලසා ඇත.

කිසිදු ආදා­ය­මක් නොල­බ­මින් මේ ආකා­ර­යට නිසි පරිදි වැටුප් ගෙව­මින් රාජ්‍ය අංශය පව­ත්වා­ගෙන යෑම තුළ රට මුහුණ දී සිටින අභි­යෝග පිළි­බඳ බොහෝ පිරි­ස­කට අව­බෝ­ධ­යක් නැත.

තිස් අවු­රුදු යුද්ධය නිමා කරන විට ද රට මෙවැනි තත්ත්ව­ය­කට මුහුණ දී තිබිණ. රටට ආදා­යම් ලැබෙන නිෂ්පා­දන අංශ කඩා වැටී තිබිණි. සංචා­රක ව්‍යාපා­රය නැත්ත­ටම නැති වී තිබුණි. ආයෝ­ජන විශාල ලෙස පහළ වැටී තිබුණේ යුද්ධය සඳහා අති විශාල විය­ද­මක් දැරී­මට සිදු­වීම නිසාය. යුද්ධ­යට මුදල් යොදා ගනි­මින් ජන­තාව මත පීඩ­න­යක් ඇති නොක­ර­මින් යුද්ධය නිම කිරී­මට රජ­යට හැකි විය. යුද්ධය පැවැති සමයේ සහ ඉන් පසු­කා­ලී­නව ගුවන් තොටු­පල, අධි­වේගී මාර්ග ඇති කර­මින් විශාල ආර්ථික වර්ධන­යක් ඇති කිරී­මට ද එදා රජ­යට හැකි විය. සිවිල් යුද්ධ­ව­ලට මුහුණ දුන් බොහෝ රට­වල පැවැති ආහාර හිඟය, ඖෂධ හිඟය, උද්ද­ම­නය, සේවා වියු­ක්තිය වැනි ප්‍රශ්න­ව­ලට මුහුණ දීමට යුද සම­යේ­දී­වත් ශ්‍රී ලංකා­වට සිදු නොවීය.

2015 සිට 2019 දක්වා යහ­පා­ල­නය රජය ක්‍රියා­ත්ම­කව පැවැති යුග­යේදී රටට සිවිල් යුද්ධ­යක් හෝ කෝවිඩ් 19 වැනි අර්බුද­ය­කට මුහුණ දීමට සිදු වූයේ නැත. 2004 දී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය රට­වල් වර්ග කිරීම අනුව ශ්‍රී ලංකාව අයත්ව තිබුණේ ලොව අඩු ආදා­ය­ම්ලාභී රටක් ලෙසය.

එම වසරේ රටේ ඒක පුද්ගල ආදා­යම ඩොලර් 1063ක් විය. යුද සම­යේ­දීත් එනම් 2009 වන­විට වසර පහක කාල­ය­කදී ඒක පුද්ගල ආදා­යම ඩොලර් 2011 දක්වා ඩොලර් 948 කින් වැඩි කිරී­මට හැකි­විය. 2014 වන විට ඒක පුද්ග ල ආදා­යම ඩොලර් 3819ක් විය. යුද්ධ­යෙන් පසු වසර පහක කාල­යක ඩොලර් 1808කින් එය වැඩි විය. 2015 සිට 2019 දක්වා යහ­පා­ල­නය වසර පහ අව­සා­න­යේදී එය ඩොලර් 3852ක් විය. වසර පහ­ටම වැඩි­විම ඩොලර් 33 කි. ආර්ථික විශේ­ෂ­ඥ­යන් බව හැඟ­වෙන අයු­රින් රුපි­යල් දස දහස, විසි දහස බැගින් මුදල් ගෙවන බවට ප්‍රකාශ කරන්නේ තමන්ගේ පාල­නය කාලය තුළ රටේ ඒක පුද්ගල ආදා­යම වස­ර­කට ඩොලර් දහ­ය­කි­න්වත් වැඩි කිරි­මට ශක්ති­යක් නොතිබූ නාය­ක­යන් ය.

යහ­පා­ලන රජය විසින් පෙර පැවැති රජයේ ණය ගෙවී­මට යැයි ප්‍රකාශ කර­මින් රටේ සම්පත් කුණු කොල්ල­යට විදේ­ශි­ක­යන්ට විකි­ණී­මට කට­යුතු කළේය. හම්බ­න්තොට වරාය චීන­යට අලෙවි කළේය. මත්තල ගුවන් තොටු­පළ අපට ඉතිරි වූයේ එම රජය වෙනස් වීම නිසාය. එවැනි ජාතික සම්පත් අලෙවි කර ලබා ගත් මුදල් එක සත­යක් හෝ එම රජය ණය ගෙවී­මට වැය කළේ නැත. හම්බ­න්තොට වරාය විකුණා ලබා­ගත් ඩොලර් මිලි­යන 1200 න් එක සත­යක් හෝ වරාය ණය ගෙවී­මට හෝ රටේ ණය ගෙවී­මට වැය කළේ නැත . මහා භාණ්ඩා­ගා­ර­යට යැවූ එම මුදල් මහ බැංකු මංකො­ල්ලය හරහා එම නාය­ක­යන් විසින් කොල්ල­කා­ගෙන ඇත.

මහ බැංකු මංකො­ල්ලය නොව­න්නට ශ්‍රී ලංකා­වට ආර් ථික වශ­යෙන් මීට වඩා විශාල ප්‍රග­ති­යක් අත්කර ගැනී­මට අව­ස්ථාව සැලසී තිබුණි. එහෙත් එම මංකො­ල්ල­යට වග­කිව යුතු පිරිස් දැන් මහ­ජ­න­තා­වට විවිධ සහන සල­සන බවට දෙන පොරොන්දු පිළි­බ­ඳව බලා­පො­රොත්තු තැබිය හැකිද යන්න ගැට­ලු­වකි. යහ­පා­ලන රජය විසින් එම්සිසි ගිවි­සුම සහ සිංහ­ප­වුර වෙළෙඳ ගිවි­සුම් වැනි රටට අහි­ත­කර ගිවි­සුම් ඇති කර­ගත් අතර ඉන්දි­යාව සමඟ රටේ ආර්ථික මර්­ම­ස්ථා­න­යන් විකි­ණීම සඳහා ගිවි­සුම් ඇති­කර ගත්තේය. මේ ගිවි­සු­ම්වල අහි­ත­කර බල­පෑම් තව­මත් පහව ගොස් නැත.

මේ සියල්ල අතර රටේ අනා­ගත පැවැත්ම ද සදා­චා­ර­යද සංස්කෘ­තිය ද විනා­ශ­යට පත් කෙරෙන ආකා­රයේ පෙළ ගැස්මක් සිදුව ඇති බවද එහි අහි­ත­කර බල­පෑම් මහ­ජ­න­තාව විසින් වටහා ගත­යුතු බව ද අව­ධා­රණ කළ යුතුය. බෙදුම් වාදය මුල් කර­ගත් පිරිස එක කණ්ඩා­යම­කට ගොනු වී ඇත. පාස්කු ප්‍රහා­ර­යට ආධාර කළ සහ උඩ­ගෙඩි දුන් පිරිස් ද එම කණ්ඩා­මේය. පිළිම කැඩු­වන් නිදි­හස් කර­ගැ­නී­මට තැත් කළ අයද එම කණ්ඩා­මේය. පසු­ගිය කාලය පුරා කුණු සංවාද ඔස්සේ අසභ්‍ය හඬ­ප­ට­ව­ලට සම්බන්ධ වූ නළු­වන් මෙන්ම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­යන් ද එම කණ්ඩා­ය­මේය. බුදු­ද­හ­මට මෙන්ම මහා සඟ­රු­ව­නට නින්දා කළ පුද්ග­ල­යන්ද එම කණ්ඩා­යමේය.

යුද්ධ­යෙන් රට බේරා­ගත් ජන­තා­වට පීඩ­න­යක් එල්ල නොකළ, යුද්ධය පව­තිද්දී පවා මේ රට සංව­ර්ධ­නය කළ, රටේ සම්පත් අලෙවි නොකළ බුදු­ද­හම සහ මහ සඟ­රු­වන ආරක්ෂා කළ පිරිස් අනෙක් කණ්ඩා­ය­මේය. අප යා යුතු මඟ තීර­ණය කිරීම දුෂ්කර නොව­න්නේය යන්න මගේ වැට­හී­මයි.

Comments