නෙළුවේ දූවිලි ඇල්ලට බිලිවූ වෛද්‍ය­ව­ර­යා | සිළුමිණ

නෙළුවේ දූවිලි ඇල්ලට බිලිවූ වෛද්‍ය­ව­ර­යා

නෙමි නාදන් රත්න­රාජා වෛද්‍ය­ව­ර­යාගේ මෘත­ශ­රී­රය නෙළුව රෝහලේ තබා ඇති අයුරු
නෙමි නාදන් රත්න­රාජා වෛද්‍ය­ව­ර­යාගේ මෘත­ශ­රී­රය නෙළුව රෝහලේ තබා ඇති අයුරු

කොළඹ වැල්ල­වත්ත සිට දක්ෂිණ අධි­වේග මඟ ඔස්සේ පරි­ස­රයේ සුන්ද­ර­ත්වය විඳී­මට දකු­ණු­ලකේ සුන්දර සිරි­නැ­ර­ඹී­මට සිංහ­රාජ වන­පෙ­තින් හමන සිසිල් සුළ­ඟත් නෙළුවේ දූවිලි ඇල්ලේ සුන්ද­ර­ත්ව­යත් සිසි­ල­සත් විඳ දරා ගැනී­මට වෛද්‍ය නෙමි නාදන් රත්න­රාජා සහ තිස්තුන් වියේ පසුවූ පෙම්ව­තිය වූ වෛද්‍ය ආන­න්ද­රාජී මේනකා සමඟ ඉකුත් 19 වැනි දින නෙළු­වට පැමි­ණියේ ඔවුන්ගේ විවාහ දිවියේ සොඳුරු මතක සට­හ­නට මේ ගමන එක්කි­රී­මට විය හැකිය.

ඒ සොඳුරු මතක සට­හන තනි­වී­ම­ටත් වෙන්වී­ම­ටත් හේතු­වක් විය හැකි බව සිහි­න­ය­කි­න්වත් නොපැතූ ඔවුන් නෙළුවේ දූවිලි ඇල්ලේ සැඟවී සිටි මාර­යාගේ නිමේ­ෂය ද එළැ­ඹෙ­මින් තිබූ බව දැන සිටියේ නැත.

වෛද්‍ය නෙමි නාදන් රත්න­රාජා 167/22 කෙළින් වීදිය ත්‍රිකු­ණා­ම­ලය යන ලිපි­නයේ පදිංචි වන අතර පුත්ත­ලම මහ රෝහලේ හදිසි ප්‍රති­කාර අංශයේ සේවයේ නියුතු වෛද්‍ය­ව­ර­යෙකි. ඔහුගේ පෙම්ව­තිය මුල­තිව් යාප­නය ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යකි.

ඇය රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය­ව­රි­යකි. දෙදෙ­නාම දමිළ ජාති­ක­යන් බවත් ඔවුන් දෙදෙනා කොළඹ වැල්ල­වත්ත ප්‍රදේ­ශයේ තාව­කා­ලි­කව පදිං­චිව සිට ඇති අතර වෛද්‍ය නෙමි නාදන් රත්න­රා­ජාගේ නෙළුව ප්‍රදේ­ශයේ මිතු­රකු මඟින් දැන හඳු­නා­ගත් නෙළුවේ දූවිලි ඇල්ලේ සුන්ද­ර­ත්වය විඳ ගැනී­මට ඉකුත් 19 වැනි දින කොළඹ වැල්ල­වත්ත ප්‍රදේ­ශයේ සිට නෙළු­වට පැමිණ ඇත.

දියට වැටුණු ස්ථානය

නෙළුව දූවිලි ඇල්ලට පැමිණි ඔවුන් දෙදෙනා ප්‍රවේ­ශ­පත රැගෙන දූවිලි ඇල්ලේ දවස පුරාම සුන්ද­ර­ත්වය විඳ­මින් කාලය ගත කර දූවිලි ඇල්ලේ ඉහළ මාලයේ සිට නැවත පහ­ළට පැමි­ණී­මට සූදා­නම් වි ඇත. දූවිලි ඇල්ලේ තුන්වන මහලේ ස්වභා­වි­කව නිර්මා­ණය වී ඇති ගල්ත­ලා­වක පිහිටි තටා­ක­යට බැස දිය නෑමට ඔවුන් දෙදෙනා සූදා­නම් වීමේදී පෙම්වතා වූ නෙමි නාදන් රත්න­රාජා පය ලිස්සා තටා­ක­යට වැටී ගිලී­ගොස් ඇත.

ඒ සම­ඟම අල්ලා සිටි දෑත් දෙදෙ­නා­ගෙන් ගිලිහී ගොස් ඇති අතර පෙම්ව­තිය වූ ආනන්ද රාජි මේනකා ඒ අසල වූ ගල්ප­රය දෙසට පීනා­විත් ඇයගේ දිවිය බේරී ඇත.

දූවිලි ඇල්ලේ මුදුනේ සිට තම පෙම්ව­තාවූ නෙමි නාදන් වැටුණු බව පව­ස­මින් ඇය විලාප නැගීය. එම විලා­පය ගම්වැ­සි­යකු වූ ජි.ජි. විජේ­ර­ත්නට ඇසී ඇත. ඔහු ඒ වෙත දිව­ගොස් දියේ ගිලී සිටි වෛද්‍ය නෙමි නාදන්ගේ මෘත­ශ­රී­රය ගොඩ ගෙන­විත් ඇත.

දූවිලි ඇල්ල අවට ප්‍රදේ­ශ­වා­සින්ගේ සහ­යෝ­ග­යෙන් ඔහුගේ මෘත­දේ­හය නෙළුව රෝහ­ලට ගෙන ආ අතර ඒ සම්බ­න්ධව හදිසි මරණ පරී­ක්ෂ­ණය නෙළුව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක යු. අරු­ලා­න­න්දම්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් නෙළුව හදිසි මරණ පරී­ක්ෂක සිරි­පාල ගමගේ මෙහෙ­ය­වී­මෙන් නෙළුව රෝහ­ලේදී සිදු­කෙ­රිණ. පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය ගාල්ල කරා­පි­ටිය රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි එච්.ඩි. වීර­රත්න විසින් සිදු­ක­රන ලදී.

මෙහිදි සාක්ෂි දුන් රිජ්වේ ළමා රෝහලේ වෛද්‍ය ආනන්ද රාජි මේනකා පැව­සුවේ ඉකුත් 19 වැනි දින සවස 3.00ට මමත් මගේ පෙම්ව­තාවූ වෛද්‍ය නෙමි නාදන් සමඟ නෙළුව සිංහ­රා­ජය සහ ඒ ප්‍රදේ­ශයේ පිහිටි සුන්දර දිය­ඇල්ල නෙළුවේ දූවිලි ඇල්ල බැලී­මට පැමිණි බවයි.

“අපි දෙදෙනා දවස පුරා දූවිලි ඇල්ලේ අවට සිරි නර­ඹ­මින් කාලය ගත­කළා. දූවිලි ඇල්ලේ ඉහළ මාලයේ සිට පහ­ළට පැමිණ ගල්ත­ලා­ව­කින් නිර්මා­ණය වී තිබුණු තටා­ක­යට බැස දිය නෑමට සූදා­නම් වුණා. අපි දෙදෙ­නාම අත් අල්ලා­ගෙන තටා­ක­යට බසිද්දි නෙමි නාදන්ගේ පය ලිස්සා ගියා. මගේ අතින් ඔහුව අත­හැ­රුණා. මා ඒ අසල වූ ගල්ප­රය අල්ලා­ගෙන ගොඩට ඇවිත් උදව් ඉල්ලා කෑගෑව්වා. ඒ අසල ඇල්ල නැර­ඹී­මට පැමිණි පිරිස් වටවී සිටි­යත් ඔහුව බේරා ගන්න බැරි වුණා. ගමේ කෙනේ ඇවිත් තමයි නෙමි නාදන්ව ගොඩට ගත්තේ. පසුව මා ඔහුට ප්‍රථ­මා­ධාර කෘත්‍රිම ස්වස­නය ලබා දුන්නද ඵලක් වූයේ නැහැ. පසුව ඔහුව අපි පැමිණි මෝටර් රථ­යෙන් නෙළුව රෝහ­ලට ගෙන ගියා. ඒ වන­වි­ටත් ඔහු මිය­ගොස් තිබුණා.”

නෙළුව දූවිලි ඇල්ල අසල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන නෙළුව බට­හිර බටු­වං­ගල පදිංචි එම්.අයි.ජී. ප්‍රියංකා පැව­සුවේ නෙළුව දූවිල ඇල්ල නැර­ඹී­මට පැමි­ණෙන පිරි­සට නිත­රම අව­වාද උප­දෙස් දෙන බවයි.

දූවිලි ඇල්ල ඉහළ පිහිටි ස්ථාන­වල දිය­නෑ­මට යන්න එපා කියලා අපි කිය­නවා. නමුත් පැමි­ණෙන තරුණ තරු­ණි­යන් ඒවා පිළි­ප­දින්නේ නැහැ. පැමි­ණෙන තරුණ තරු­ණි­යන් දිය­නෑ­මට ඉදි­කර ඇති නාන තටාක භාවිත කරන්නේ නැහැ. ඔවුන් කැමැති ගල්තලා මඟින් ගලා හැලෙන අඳුරු ස්ථාන­වල දිය දහ­රා­වන් වැටෙන ස්ථාන­වල නාන්න අපි ප්‍රවේශ පත්‍රය නිකුත් කර­නවා පම­ණයි. පැමි­ණෙන පිරිස් විනෝද වෙලා යනවා. මේ වෛද්‍ය­ව­රයා දිය නෑමට ගිය ස්ථානය අන­තු­රු­දා­යක අව­දා­නම් ස්ථාන­යක්. මෙම ස්ථානය අඩි 15ක් පමණ ගැඹු­රුයි. ජලය කළු පැහැය නිසා ජලයේ පතුල පෙනෙන්නේ නැහැ. මෙහි ගැඹුරු ස්ථාන­වල ගල්කු­හර තිබෙ­නවා. මෙම ස්ථාන­වල දිය­නෑ­මට ගොස් දැනට තුන්දෙ­නෙක් පමණ මිය­ගොස් තිබෙ­නවා.

නෙමි නාදන් රත්න­රාජා වෛද්‍ය­ව­ර­යාගේ මෘත­ශ­රී­රය ගොඩට ගත් නෙළුව කොස්මුල්ල පදිංචි ගිගු­රුව ගමගේ විජේ­රත්න අද­හස් දක්ව­මින් මෙසේ පැවැ­සීය.

“සිද්ධිය සිදුවූ දින සවස 3.00ට පමණ දූවිලි ඇල්ල මුදුනේ කාන්තා­වක් විලාප නඟන හඬක් ඇසුණා. මම ඒ වෙත දිව­ගොස් බැලී­මේදි වෛද්‍ය­ව­රිය අඬ­මින් සිටි­නවා. මම ඇසුවා මොකද කියලා.

ඇය කීවා මා සමඟ පැමිණි අයියා මේ වතු­ර­ව­ළට වැටුණා කියලා. පසුව ජලයේ පතුල බල­න­විට කකුල් දෙකක් පම­ණක් පෙනෙන්න තිබුණා. මෙම ස්ථානය අඩි 15ක් පමණ ගැඹුරු ස්ථාන­යක්. ජල තටා­කයේ පතු­ල­ටම පිහිනා ගොස් ඔහුගේ සිරුර ගොඩට රැගෙන ආවා.”

දෙස් විදෙස් සංචා­ර­ක­යන් මෙන්ම පාසල් සිසුන් ඇතු­ළුව දහස් ගණ­නක් නැර­ඹී­මට නෙළුවේ දූවිලි ඇල්ලට පැමි­ණෙන අතර ඒ සඳහා ඔවු­නට සපයා ඇති පහ­සු­කම් මෙන්ම ආර­ක්ෂාව සම්බ­න්ධව ගෙන ඇති පිය­වර ‍ගැන සැහී­මට පත්විය නොහැකි බවද කිව යුතුව ඇත.

ඉහළ මාලයේ දිය­නාන ස්ථාන­වල දියට බැසී­මට නොහැකි වන පරිදි ආර­ක්ෂක වැට­වල් ඉදි­කි­රීම හෝ ඉහළ සිට පහළ දිය ඇලි නර­ඹන ස්ථාන­වල දැල් ආව­ර­ණ­යක් යෙදීම, සංචා­රක මඟ පෙන්වන සග­යකු පත් කිරීම, දිය ඇල්ල නර­ඹන අයට ආර­ක්ෂිත ජැකට් ලබා­දීම වැනි ක්‍රම­වේ­ද­යන් අනු­ග­ම­නය කරන්නේ නම් රජ­යට මුද­ලක් ගෙවා නර­ඹන මෙවැනි සෞන්ද­ර්යා­ත්මක ස්ථාන නැර­ඹී­මට පැමිණ සිය ජීවි­ත­ව­ලින් වන්දි ගෙවීම අවම කළ හැකි බවද පෙන්වා දෙමු. දූවිලි ඇල්ල දකුණු පළාත් සංචා­රක අමා­ත්‍යාං­ශය යටතේ නෙළුව ප්‍රාදේ­ශීය සභාව මඟින් පාල­නය කරන අතර, මෙහි පැමි­ණෙන සංචා­ර­ක­යන්ගේ ජීවිත ආරක්ෂා කිරී­මට නෙළුව ප්‍රාදේ­ශීය සභාව, නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය, නෙළුව ඉඩම් මහ කාර්යා­ලය සහ ආපදා කළ­ම­නා­ක­රණ අමා­ත්‍යාං­ශය යන ආය­ත­න­වල වග­කි­ව­යු­ත්තන්ගේ අව­ධා­නය යොමු­විය යුතුව ඇත.

 

Comments