
ලග්න දහයකට අසුබයි;
ලග්න දෙකකට සුබ ඵල
වෘශ්චික ලග්න හිමියන්ට
පෙර පින් මතු වෙන කාලයක්
බුධ ග්‍රහ තාරකාව 2020 අගෝස්තු මස 02 වැනි දින අලුයම 3.32 ට කටක සතුරු රාශි ගතවෙයි. ග්‍රහතරු අතරින් බුධ ඉතා කුඩා වුව ද හොඳට සිටියොත් ඉතා විශිෂ්ට පල ද නරකට සිටියොත් ඉතා ම දරුණු අනිටු විපාක ද ගෙනදෙයි. අංශක 28 කට වඩා සූර්යයාගෙන් ඈත් නොවන බුධ රවිගේ පුත්‍රයා ද කියා කියති. බුධ තරුවට රෑ දවල් වීමක් ද නැත. ග්‍රහ ගමනේදී සැමවිටම එකම පැත්තක් සුර්යයා දෙසට යොමු වනසේ හැසිරෙන අතර එළිය පැත්ත අධික උෂ්ණයෙන් හා අඳුරු පැත්ත අදික සීතලයෙන් ද යුක්ත වෙයි. සමහර කාලවලදී බුධගේ දිලිසෙන පැත්ත පෘථිවියට පෙනෙන අතර සමහර කාලවලදී බුධගේ කළුවර පැත්ත ද පෘථිවියට පෙනෙයි.
බුධගේ කිසි විටක ජීව බලයක් නැතත් ආලෝකවත් පැත්ත පෘථිවියට එල්ලවී තිබෙන මොහොතක බුධ බලවත්ව සිටින අයුරින් කෙනෙකු උපදිතොත් හා ඔහු හෝ ඇයට බුධ මහ දසාවක් ලබන විට මහා බලවතකු කරයි. ප්‍රධාන වශයෙන් තීක්ෂණ බුද්ධිය, නිර්මාණශීලී බව, තැනට සුදුසු නුවණ, වික්‍රමාන්විත බව, ග්රන්ථකරණය, කවි ගීත රචනය හා තවත් බොහෝ සෞන්දර්යයාත්මක කුසලතා ගෙන දෙන්නේ මේ බුධ බලවත් අය තුළයි. ඒ අනුව බුධ බලවත් විටෙක නිපුණත්වය ද බුධ පීඩිත වූ විටෙක අනුවණ ක්‍රියාකාරකම් ද කෙනකු තුළින් විදහා දක්වනු ඇත.
හෙමින - විද් - බෝධන - සෞම්‍ය - චන්ද්රපුත්ර, වාන්දි - ශාන්ත - ක්ෂම ගත්ර - අති දීර්ඝ - කුමාර - විධුසුන - ග්‍රහ මඬුල්ලේ රජකුමරු නමින් ද හඳුන්වන බුධ මිථුන - කන්‍යා රාශිවලට අධිපතිත්වය උසුලන අතර අස්ලිස - දෙට - රේවතී යන නැකැත් වල ද අධිපතිත්වය දරයි.
දිව, පෙනහැල්ල, නාසය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්රියයන් බුධගෙන් නියෝජනය වන අතර යම් හෙයකින් බුධ පීඩිත අය වෙත එබඳු අංග වෙත ලෙඩ රෝග ගෙන එනඑයි. ස්වසන ආබාධ - සිහිමද ගතිය - පිස්සුව - ගොළු හෝ ගොත බව ද බුධ පීඩිත අය තුළ ගෙන එන අඩුපාඩු වෙති.
කෙසේ හෝ මෙබඳු ගති ලක්ෂණ ඇතිව උපදින අය පමණක් නොව එබඳු මිනිසුන් වෙසෙන සමාජයකට ද මෙම බුධ බලය ඉතා හොඳින් දැනෙනු ඇත. ඒ අනුව මේ එළැඹෙන අගෝස්තු මස 2 දින සිට අගෝස්තු මස 17 වැනි දින උදේ 8.30 ට බුධ සිංහ රාශි ගත වන තෙක් පුද්ගලයාගෙන් පුද්ගලයාට ගමින් ගමට රටින් රටට බලපාන අනිටු විපාක අපට හොඳින් අත් විඳීමට සිදුවනු ඇත. එතෙක් උපදින දූ දරුවන්ගේ බුද්ධිය - ඥානය හා කුසලතාවද හීනවීමට මෙම ග්‍රහ තත්ත්වය ඍජුවම බලපානු ඇත. මේ මැතිවරණ සමය හෙයින් එබඳු අඥාන ක්‍රියාවන් හා හැසිරීම් අපට නොයෙක් විට අසන්නට දකින්නට පුළුවන් වෙයි.
බොහෝ විට අඩදබර වීම් නොහොඳ නෝක්කාඩු ආත්මාර්ථකාමී, අනුවණකම් නොදැනුවත්කම් නිතර දෙවේලේ එනම් මැතිවරණ කටයුතු නිමාවන තෙක් අපිට අත්විඳින්නට සිදුවනු ඇතැයි සිතීමට පුළුවන. මැතිවරණය අවසන් වී දින කීපයකින් පසු බුධ සිංහ දෙසට ගොස් බලවත් වූවාට පසු රටේ නියම බුද්ධිමතුන්, නැණවතුන්, උගතුන් පිරිසක් පෙරාපු රත්තරන් සේ එකට එකතුව හොඳ සහජීවනයකින් සමානාත්මතාවකින් යුතුව හරි දැක්මකින් යුතුව රජය නියෝජනය කිරීමට ඒකරාශි වන බව එයින් ගම්‍යමාන වනු ඇත. කෙසේ නමුදු බුධ පීඩිත මොහොතේ අප අපගේ බුද්ධිය හීන වන ලෙස කටයුතු කර හොඳ යහ පුද්ගලයන් ලෙස හැසිරුණොත් ඉදිරියේ එන බලවේග වලදීද නොසැලී සිටීමට අපට හැකිවනු ඇත.
බුධ මෙසේ සතුරුව හැසිරෙන දින බුධ සතුරුව සිටින මේ අඩ මසක වූ කාලය අප රටට විශේෂයෙන් විවිධ පුද්ගලයන්ගේ අඥාන කතා හැසිරීම් රටා නිසා සමාජ දූෂිත තත්ත්වයක් නොඉවසිල්ල නොසැලකිල්ල මත සිදුවන අක්‍රමිකතා විවිධ හැලහැප්පිලි සිදුවන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.
දුම්රිය, ගමනාගමන, සෞඛ්‍ය අංශවල විවිධ වැඩ වර්ජන හෝ මතභේද රජයේ ස්ථාවරත්වයට එරෙහි විවිධ විදේශීය බලවේග බලපෑමට ඉඩ ඇත. ඒ නිසා හුදු බල කාමය කෙනෙකු පාගා කෙනෙකු ඉදිරියට ඒමට දරන ප්රයත්න බොරු ප්‍රචාර - චෝදනා එල්ල වන වකවානුවත් බලවතාට එරෙහිව දුබලයා නැගී සිටින කාලයක් වුව ද 2020 අගෝස්තු 17 දින බුධ සිංහ දෙසට පැමිණ බලවත් වීමෙන් පසු බොරදියේ පෑදි දිය මෙන් සමාජය පිරිසිදු වනු ඇත. එතෙක් සතුරු බුධ ඔබ අපට බලපාන අයුරු සොයා බලමු.
මේෂ ල
ග්නයනිශ්චල චංචල
දේපළ සඳහා ගැටලු
මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ පැමිණෙන්නේ සිවු වැන්නට හෙයින් විශේෂයෙන් පෙනහලු ආශ්රිත ආසාදිත, හෘදය සම්බන්ධ ආපදා මෙන් ම ආර්ථික පීඩාව අධික විය පැහැදම් නිකරුණේ එළැඹෙන කරුණු නිසා තම ආර්ථිකයට මෙන් ම භෞතික සම්පත් එනම් නිශ්චල දේපළ, චංචල දේපළ පිළිබඳ ගැටලු ඇති වීමට බලපායි. කෙනෙකු තුළ හට ගන්නා ඊර්ෂ්‍යාව බල ලෝබය නිසා අන් අය පීඩාවට ලක් කිරීමට ගන්නා වැරැදි තීන්දු තීරණ තමාට අවැඩදායක ලෙස ක්‍රියා කෙරෙන අතර බොහෝ සතුරු කරදර වලට ද මුහුණදීමට ද සිදුවනු ඇත. සුපරීක්ෂාකාරී ලෙස කටයුතු කළහොත් අනාගතය ඉතා දීප්තිමත් එකක් කර ගැනීමට මේෂ ලග්න හිමි ඔබට හැකිවනු ඇත.
වෘෂභ
ල ග්නයනීතිමය ගැ
ටලු එළඹේවෘෂභ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව බුධ පැමිණෙන්නේ තුන් වැන්නට බැවින් නීතිමය ගැටලු - ඉඩකඩම් හා තම උරුමකම් සඳහා ඇතිවන පීඩාකාරී තත්ත්වයනට මුහුණ දීමට සිදුවන වකවානුවකි. අන් අය සමඟ මතභේදවලට පටලවන තත්ත්වයක් ද පෙනෙන්නට තිබේ.
බුද්ධි ගෝචරව කටයුතු නොකළොත් තම දුවා දරුවා වැඩිහිටි පාර්ශ්වය ඥාති හිතවතුන් තමාගේ කටයුතු කෙරෙන් අප්‍රසාදය පළ කිරීම නිසා සිතට කනස්සල්ල කලකිරීම ද ඇති කරනු ඇත.
විශේෂයෙන් උරහිස සිට අත්ලේ ඇඟිලි දක්වා පැතිරෙන ආබාධ තත්ත්වයක් - ස්නායුගත හෝ මස්පිඩු ආශ්රිත ආසාදිත තත්ත්වයක් ඇතිවන බවක් පෙනෙන්නට තිබේ.
මිථුන ල
ග්නයධනය අහිමිවීමක්
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ දෙවැන්නට පැමිණෙන නිසා විශේෂයෙන් තම ආර්ථිකයට තදින් ම බලපායි. තමා හරි හම්බ කරගත් ධනයක් වෙත්නම් එය මෙම එළඹෙන සතිය දෙක ඇතුළත ශීඝ්‍රයෙන් ක්ෂයවී යාමක් පෙනෙන්නට තිබේ.
කිසිවකු ඔබට දුන් මුදලක් තමාගේ නොසැලකිල්ල නිසා අහිමිව යන බවක් ද තම උගුර - ගෙල ආශ්රිත ආසාදිතයනට මුහුණදීමට සිදුවන බවක් ද පෙනෙන්නට තිබේ.
රවි සමඟ හැසිරෙන බුධගේ තත්ත්වය අනුව උෂ්ණාධික රෝග තත්ත්වයක් තමාට බලපෑමට බොහෝ දුරට ඉඩ ඇත. තමා තුළ ඇතිවන සැකය නිසා තමාගේ ළඟ හිතවතුන් තමා වෙතින් දුරස්වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා ඥානාන්විතව කටයුතු කිරීමට වගබලා ගන්න.
කටක
ලග්නයපීඩාකාරී මානසිකත්වයක්
කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ පැමිණෙන්නේ පළමු වැන්නට නිසා ඉතා හොඳ සිහිකල්පනාව අවශ්‍ය වෙයි.
බුධ සතුරුව ලග්න ගතවූ විට තමා කියන කරන දේ තුළ සිදුවිය හැකි අත් වැරදීම් නිසා පීඩාකාරී මානසිකත්වයකට හේතු විය හැකි ය.
තමා ආත්මාර්ථකාමී බවකට ගෙන යන කටයුතු තුළින් අන් අයගේ අප්‍රසාදය හිමිවනු ඇත. නොගැළපෙන ආත්මාභිමානය අහංකාර සිතුවිලි සමඟ තමාගේ හිතවතුන්ගේ සිත් රිදවීම් ඔබ නිසා ඇතිවීමට පුළුවන.
තවද හිසේ මොළයේ විවිධ පීඩාකාරී තත්ත්ව සෙම හා ස්නායු පීඩාව නිදිවැරීම නිසා ඇතිවන තෙහෙට්ටුව
ඇස් රෝග හා විවිධ අයුරින් හිසට අගුණ පළ කෙරෙන තත්ත්වයක් ඇති කෙරේ.
සිංහ ලග්නය
පාදයේ වළලුකරට ආබාධ
සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ පැමිණෙන්නේ දොළොස්වැන්නට බැවින් පිටරටක සිටින අයකු නිසා බොහෝ සිත් වේදනාවකට පත්වීමට ඉඩ ඇත.
කෙසේ හෝ පිටරටකින් තමාට ලැබෙන්නට තිබූ ආර්ථික ප්‍රතිලාභයක් අහිමිවී යාමකට ද බොහෝ දුරට ඉඩ ඇත.
පාදයේ වළලුකර ආශ්රිත පීඩාකාරී තත්ත්වයක් පාරේ තොටේ ගමන් කිරීමේදී ඇති විය හැකි වැටීමක් තැලීමක් නිසා පීඩා විඳීමට සිදුවේ. තමා හරිහම්බ කරගත් ධනයක් නිකරුණේ විය පැහැදම් වීම සොර සතුරු බලවේගයක් නිසා තම ධනයට දේපළකට සිදුවිය හැකි අලාභ හානියක් නිසා පීඩා විඳීමට ද ඔබට සිදුවිය හැකි ය. වා, පිත්, සෙම් දෝෂ ඇතිවීමට ද පුළුවන.
කන්‍යා ලග්නය
අයස්ථානගත අවහිරතා
කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ පැමිණෙන්නේ එකොළොස් වැන්න වන අයස්ථානයට නිසා ඔබ අය වැය සමබරව තබා ගැනීමට උත්සුක විය යුතු යි.
නොසැලකිල්ල මත සිදුවන අත් වැරදීම් නිසා ආර්ථික පාඩු ද තමාට ලැබීමට තිබූ ධනයක් සම්පතක් අහිමි වන ලකුණු පෙනෙන්නට තිබේ.
ඒ ලෙසම තමාට උරුමව තිබූ කිසියම් ව්‍යාපාරයක් අඩාළවීම තුළ ඇතිවිය හැකි පීඩාවක් ද දණ හිසින් පහළ පාදයේ කිසියම් ආබාධිත තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇත.
කල්පනාකාරී නොවුවහොත් සත්‍ය ලෙස ඔබගේ කේන්ද්‍රයේ අයස්ථානයේ හැසිරෙන බුධ නිසා ඔබට පසුතැවීමට බොහෝ කරුණු කාරණා එළඹෙනු ඇත.
තුලා ලග්නය
රැකියා ව්‍යාපාරගත ගැටලු
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ පැමිණෙන්නේ දස වැන්නට හෙයින් ඔබගේ රැකියා ව්‍යාපාරගත ගැටලු රැසකට ඔබට මුහුණදීමට සිදුවේ.
තමා ඥානාන්විත නොවුවහොත් තම වෘත්තිය ස්ථානයේ ප්‍රධානීන් සමඟ මතභේද වුව ද පැමිණිය හැකි ය. විශේෂයෙන් දණහිස ආශ්රිත උවදුරු හා ඒ නිසාම සතියක් පමණ කාලයක් එක්තැන්වී සිටීමට ද බොහෝ දුරට ඔබට සිදුවිය හැකි නිසා කල්පනාකාරී වන්න. බුධ සතුරුව පැමිණෙන විට දණහිස ආශ්රිත ඇට මිදුළුවල කිසියම් තෙරපීමක් විය හැකි බැවින් උඩ නැඟීම බිමට පැනීම හා වාහනවලට නැගීම - වාහනවලින් බැසීම ආදි එදිනෙදා කටයුතු කෙරෙන් ප්‍රවේශම් වන්න.
වෘශ්චික ලග්නය
පෙර පින් මහිම මතු කෙරේ
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ පැමිණෙන්නේ නව වැන්නට හෙයින් කිසියම් අස්වැසිල්ලකට තුඩුදෙන කරුණු කාරණාවලට මුහුණදීමට හැකිවේ.
නව වැන්න පුණ්‍ය ස්ථානය බැවින් කිසියම් මානසික සුවතාවකට පත්වන ආකාරයේ ඔබ මනස සැකසෙන කාලයකි.
කිසියම් ආගමික සහජීවනයකට ඔබට මුහුණ දිය හැකි වනවා මෙන් ම ඒ සඳහා සුදුසු පසුබිමක් ද සැලසෙනු ඇත.
නමුත් ඔබ ගන්නා හදිසි තීන්දු තීරණ නිසා අනුකම්පාව සිත තුළින් දුරුවීමට බොහෝ විට සිදුවුවහොත් අන් අයගේ දෝෂ දර්ශනයට අන් අයගේ අප්‍රසාදයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.
ධනු ලග්නය
සිතේ කලකිරීම් පෙන්වයි
ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ සතුරුව අටවැන්නට පැමිණීම නිසා ආර්ථික පාඩු ධන හානි හා විවිධ චෝදනාවලට ද ගොදුරුවීමට ඔබට සිදුවෙයි. කොන්ද තුනටිය ආශ්රිත ආපදා හදිසි අනතුරු පෙන්වන වකවානුවක් වන අතර තමාගේ විවාහ ස්ථානගත මතභේද සාදා ගැනීමට ඔබට සිදුවේ. විශේෂයෙන් ම ඔබ ඥානාන්විත නොවුවහොත් සිතේ කලකිරීම නිතර අත් විඳින්නට සිදුවේ.
උගුරේ ආසාදිත හා විවිධ ආකාරයේ තමාට එළඹෙන බාහිර කරදර කම්කටොලු අත් විඳීමට සිදුවීමෙන් සියලු දේ අතහැර තමා ස්ව කැමැත්තෙන් බොහෝ වගකීම්වලින් මිදී සමාජ කටයුතු අත්හැර දැමීමට පවා පෙලෙඹෙන වකවානුවක් ද වෙයි. සිතේ ඇති කෙරෙන විවිධ සැක සංකා නිසා ම එබඳු සමාජයේ කොන්වීම් ඇති කෙරේ.
මකර ලග්නය
විවාහ ස්ථානගත ගැටලු
මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ හත්වැන්නට පැමිණීම නිසා ද දුරදිග නොබලා කරන කටයුතු නිසා පසුතැවීමට හේතු කාරණා එළඹේ.
විශේෂයෙන් විවාහගත ගැටලු ආදරය ආලය පිළිබඳ ගැටලු මතු කිරීමට හේතු වෙයි. ශරීර සෞඛ්‍ය පැත්තෙන් මුත්රාදෝෂ හා ශරීරයේ වියළි ගති හා විවිධ උෂ්ණාධික රෝගවලට මුහුණදීමට සිදුවනු ඇත.
විශේෂයෙන් තමාගේ කියන ළඟ හිතවතුන් බිරිඳ - දුවා දරුවා වෙතින් දුරස්ව කටයුතු කිරීමට සිදුවීම නිසා සිතට දැනෙන පාළුව කාංසිය මත බොහෝ කනස්සලු බවකින් ගත කිරීමට සිදුවන කාල වකවානුවකි.
තවද තමා දුර දිග නොබලා ගන්න තීන්දු තීරණ තමාට පාරා වළල්ලක් වීමට තරම් කාලය අකාරුණික වෙයි.
කුම්භ ලග්නය
ආර්ථික හා ව්‍යාපාර පාඩු
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ පැමිණෙන්නේ සය වැන්නා හෙයින් සතුරු බුධ තව තවත් සතුරු වන බවත් පෙනෙන්නට තිබේ.
ආර්ථික පාඩු - ව්‍යාපාර ඇණහිටීම් සහිත වෙයි. තමා කිසියම් ආයෝජනයකට අත ගැසුවොත් එය ආරම්භයේම ගැටලුකාරී තත්ත්වයකට පත්වීමට බොහෝ විට ඉඩ ඇත.
තමා තුළින් සිදුවිය හැකි අත් වැරදීම් සහිතවේ. ශරීර සෞඛ්‍ය පිළිබඳව ද ඉතා ඕනෑකමින් සිතට ගත යුතු කාලයකි.
යටි බඩ ආශ්රිත උවදුරු - වකුගඩු, මුත්‍රා දෝෂ එළඹීමට පුළුවන. මෙම කාල සීමාව තුළ උපදින දරුවන් තුළ ද එබඳු ආපදා සහිතවම ඉපදෙන්නට පුළුවන. තමාට පිටරටක වෙසෙන අයකු නිසා ආර්ථික පාඩුවකට මුහුණදීමට සිදුවේ.
මීන ලග්නය
අමිහිරි අත්දැකීම්
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ බුධ පැමිණෙන්නේ පස් වැන්නට බැවින් දරු උපත් බලාපොරොත්තු වන අයට අමිහිරි අත්දැකීම්වලට භාජනය වීමට ඉඩ තිබේ.
තමාගේ නොසැලකිල්ල - අපරික්ෂාකාරී බව මේ සඳහා හේතුවිය හැකි නිසා ඉතා කල්පනාවෙන් කටයුතු කිරීමට වග බලාගන්න.
කුස ගෑස් ඇතිවීම සැර උෂ්ණ ආහාර පාන ගැනීම නිසා ඇතිවන අධික දාහය නිසා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමට සිදුවේ. ඒ නිසා ම නිකරුණේ මිල මුදල් වැය කිරීමට ද ඔබට සිදුවන නිසා කල්පනාකාරී වන්න. යම් හෙයකින් ඔබ කරන ආයෝජනයක් තමාගේ සිතැඟි පරිදි තනි තීරණයට ගන්නේ නම් එයින් සිදුවිය හැකි පාඩුව ඉහළ විය හැක. ඒ නිසා තමාට විශ්වාසවන්ත අයගේ කීමට ද එකඟවීම ඔබට සුබදායක වෙයි.