රේගු අධ්‍යක්ෂ සේනා­නා­ය­කගේ "විනි­වි­දිමි තල්වැට" 26 වැනිදා දොරට වඩී | Page 2 | සිළුමිණ

රේගු අධ්‍යක්ෂ සේනා­නා­ය­කගේ "විනි­වි­දිමි තල්වැට" 26 වැනිදා දොරට වඩී

ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.කේ. ඒ.එස්. සේනා­නා­යක උතුරු පළාතේ හා යාප­නය දිස්ත්‍රි­ක්කයේ නියෝජ්‍ය රේගු අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස ගත කළ සේවා කාලය තුළ ලැබූ අත්දැ­කීම් සම්භා­රය ඇසු­රින් ලියා පළ කරන ලද ‘‘විනි­වි­ඳිමි තල්වැට’’ ග්‍රන්ථය ජන­ගත කිරීමේ උත්ස­වය ගිහි පැවිදි ආරා­ධි­ත­යන් හා ප්‍රභූන් රැස­කගේ ප්‍රධා­න­ත්ව­යෙන් 26 වැනි ඉරිදා පස්වරු 2.30 ට කොළඹ රේගු මූල­ස්ථාන ශ්‍රව­ණා­ගා­රයේ දී පැවැ­ත්වී­මට සියලු කට­යුතු සංවි­ධා­නය කර ඇත.

උතුරු පළාත භාරව රේගුවේ ප්‍රධා­නියා ලෙස සේවය කරන අත­ර­තුර තමන්ට විඳි­න්නට හා මුහුණ දෙන්නට සිදු වූ අභි­යෝග, දුෂ්ක­රතා හා මිහිරි අමි­හිරි අත්දැ­කීම් මෙන් ම උතුරු පළාතේ ජන ජීවි­තය, ඔවුන්ගේ ඇද­හිලි විශ්වාස ඇව­තුම් පැව­තුම්, පුරා­වි­ද්‍යා­ත්මක හා පෞරා­ණික වටි­නා­කම්, සෞන්ද­ර්යා­ත්මක වටි­නා­කම් පම­ණක් නොව, ආර්ථික සමාජ දේශ­පා­ලන වටි­නා­කම් ද මැන­වින් ග්‍රහ­ණය කර ගනි­මින් ලියන ලද රසා­ලිප්ත නිර්මා­ණා­ත්මක වාර්තා­ක­ර­ණ­යක් ලෙස විනි­වි­ඳිමි තල්වැට හඳුන්වා දිය හැකිය. විනි­වි­ඳිමි තල්වැට කර්තෘ ප්‍රකා­ශ­න­යකි. එස් ඇන්ඩ් එස් ප්‍රින්ටර්ස් මුද්‍ර­ණ­යකි

Comments