සිංහල සාහි­ත්‍යය පෝෂ­ණ­යට උර දුන් නිහඬ පුරෝ­ගා­මියා | සිළුමිණ

සිංහල සාහි­ත්‍යය පෝෂ­ණ­යට උර දුන් නිහඬ පුරෝ­ගා­මියා

වී. ඩී. ද ලැන­රෝල්
වී. ඩී. ද ලැන­රෝල්

සර තුන් සිය­ය­ක­කට පමණ පෙර ලංකා­වට පැමිණි ප්‍රංශ තානා­ප­ති­ව­ර­ය­කුගේ පර­පු­ර­කින් පැවත එන ලැන­රෝල් පෙළ­පත් නාම­යට හිමි­කම් කියන සාහි­ත්‍ය­ධ­ර­යන් හා ශාස්ත්‍ර­ඥ­යන් පිරි­සක් විසි වන ශත වර්ෂයේ මුල් භාගයේ පමණ සිට ශ්‍රී ලාංකික සංස්කෘ­තියේ පෝෂ­ණය උදෙසා අමිල මෙහෙ­යක් ඉටු කළහ. අද අප උරුම කොට ගෙන තිබෙන විචිත්‍ර සංස්කෘ­තිය විවිධ සංස්කෘ­තික මූල­ය­න්ගෙන් ගලා ආ උල්ප­ත්ව­ලින් පෝෂ­ණය වූ බහු සංස්කෘ­තික නිර්මි­ත­යක් බව අම­තක කොට වර්ගෝත්ම මූල­ධ­ර්ම­වා­ද­යක් කරා ගමන් කරන බවට සාධක සම්පා­ද­නය වන කලෙක පුරා පුරු­ෂ­යන්ගේ සාධ­නීය සම්ප්‍ර­දා­න­යන් පුන­රා­ව­ර්ජ­නය කිරීම කාලෝ­චි­තය.

රාජ­ක­රු­ණා­ධි­පති අම­ර­කෝන් මුදි­ය­න්සේ­ලාගේ වික්ටර් දුකී ද ලැන­රෝල් හෙවත් වී. ඩී. ද ලැන­රෝල් උපත ලද්දේ 1894 දෙසැ­ම්බර් මස 25 වන දින කඩු­වෙල, බෝමි­රිය, කෙතේ වත්තේ­දීය. ඔහුගේ පියා පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි භාෂා­වන්හි ප්‍රවී­ණ­ත්ව­යක් තිබූ ජේමිස් දුකී ද ලැන­රෝල් කවි­යාය. කටු­ග­ම්ප­ලගේ දෝන ලුසි­යානා ද සිල්වා ඔහුගේ මවය. වික්ටර් දුකී ද ලැන­රෝල්ගේ ළමා වියෙහි පැවති ගෘහස්ථ පරි­ස­රය ඉගෙ­නීම කෙරෙහි යොමු කෙරෙ­න්නක් විය. එකල බෝමි­රිය රජයේ ද්විභාෂා පාඨ­ශා­ලාවේ ප්‍රධා­නා­චා­ර්ය­ව­රයා වූ අහු­න්ගල්ලේ ඒ. ඩී ඇස්. විජ­ය­සේ­කර හා මුනි­දාස කුමා­ර­තුංග යන ගුරු­වරු වික්ටර් ලැන­රෝල්ගේ අනා­ගත දිවි මග එකලු කළහ. පසුව එම පාඨ­ශා­ලාවේ ප්‍රධා­නා­චාර්ය පද­වි­යට පත්ව ආ ජුලි­යස් ද සිල්වා වෙතින් ස්වකීය ඉංග්‍රීසි භාෂා ඥානය වර්ධ­නය කර ගැනී­මට ලැන­රෝල් සිසු­වාට අව­ස්ථාව උදා විය. බෝමි­රිය පාඨ­ශා­ලාවේ අධ්‍යා­ප­නය සාර්ථ­කව නිම කළ ලැන­රෝල් තරු­ණයා රජයේ අභ්‍යාස විද්‍යා­ල­යට බැඳී සිංහල අංශයේ ප්‍රධා­නා­චාර්ය චාල්ස් අභ­ය­සේ­කර සහ පණ්ඩිත වාගී­ශ්වර වෙතින් සිංහල භාෂාව සහ ව්‍යාක­ර­ණය පිළි­බඳ වැඩි දුර අධ්‍යා­ප­නය ලැබීය. අභ්‍යාස විද්‍යා­ලයේ පුහු­ණුව නිම කිරී­මට පෙර ලැන­රෝල් තරු­ණයා ගුරු වෘත්ති­යට අව­තීර්ණ විය-

ගුරු වෘත්ති­යෙන් ඉවත්ව පුව­ත්පත් කලා­වට අව­තීර්ණ වූ ලැන­රෝල් කලක් ලංකා තරුණ හඬ පුව­ත්ප­තෙහි කර්තෘ­ව­රයා ලෙස කට­යුතු කළේය. පුව­ත්ප­ත්ක­ලා­වට අව­තීර්ණ වීමට බොහෝ කලක සිට කාව්‍ය නිර්මා­ණ­ක­ර­ණ­යට පිවිසි ලැන­රෝල් සිය සිංහල ඉංග්‍රීසි ද්විභා­ෂක ඥානය සිංහල කාව්‍යයේ පෝෂ­ණය උදෙසා යොද­ව­මින් ඉංග්‍රීසි කවීන්ගේ විවිධ කාව්‍ය නිර්මාණ රැසක් සිංහල භාෂා­වට පරි­ව­ර්ත­නය කළේය. සිංහල පාඨ­කයා පළමු වරට ඉංග්‍රීසි කවීන්ගේ නිර්මාණ ආස්වා­දය විඳ­ගත්තේ ලැන­රෝල්ගේ පරි­ව­ර්තන පරි­ශ්‍ර­මය නිසාය. සිංහල බසින් ලියැ­වුණු ප්‍රථම ප්‍රේම කාව්‍යය වන පෙම් හර නමැති කෘතිය ලැන­රෝල් රචනා කළේ තමා විවාහ ගිවිස ගත් සහ­කා­රිය වෙනු­වෙනි. ප්‍රේමය විෂය කර ගත් ඒ කෘතිය රචනා කිරී­මේදී ලැන­රෝල් කොළඹ කවියේ ද්විතීය තරං­ගයේ කවීන් මෙන් ග්‍රාම්‍යත්ව දෝෂ­යට හසු නොවීම විශේ­ෂ­ත්වකි.

කැඩු­ණත් නෙළුම් දඬු­වක් දොස­කින් කිසි ම

නොඉ­වත් වී හුයින් සිටිනේ අනු­බඳ ම

එම යුත් සුදන පෙම් සිඳු­නත් හැම දින ම

පවතිත් පළමු මෙන් ගුණ වෙන­සක් නොව ම

ඒ හැරුණු කොට විවිධ තේමා යටතේ ඔහු අතින් කාව්‍ය දහස් ගණ­නක් ලිය­වුණි. කවී­න්ද්‍රයා නමින් කවි සඟ­රා­වක් ද වී- ඩී- ද ලැන­රෝල් විසින් සංස්ක­ර­ණය කෙරිණ. එසේ වුව ද වර්මාන පාඨ්‍ය ග්‍රන්ථ කිසි­වක කොළඹ කවියේ ප්‍රථම තරං­ගය නියෝ­ජ­නය කළ පුරෝ­ගාමී කවි­යකු වන වී. ඩී. ද ලැන­රෝල්ගේ එකදු නිර්මා­ණ­යක් තබා ඔහු ගැන සඳ­හ­න­ක්වත් නොවීම විම­ති­යට කරු­ණකි. කාව්‍ය ක්ෂේත්‍ර­යට අම­ත­රව පාසල් ශිෂ්‍ය­යන්ගේ ප්‍රයෝ­ජ­නය උදෙසා අති­රේක කිය­වීම් පොත් පෙළක්ද වී. ඩී. ද ලැන­රෝල් අතින් සම්පා­ද­නය විය.

ඇම්. ඩී. ගුණ­සේන සමා­ගමේ ප්‍රකා­ශන අංශයේ ප්‍රධා­නියා ලෙස වී. ඩී. ද ලැන­රෝල් කට­යුතු කළ කාලයේ ඔහු ඉතා වැද­ගත් කර්ත­ව්‍ය­ය­කට අත ගැසීය. ලිහිණි පොත් නමින් හැඳි­න්වුණු පුස්තිකා මාලා­වක් පළ කිරීම ඒ කර්ත­ව්‍ය­යයි. නවක ලේඛ­ක­යන්ගේ මෙන්ම ප්‍රවීණ ලේඛ­ක­යන්ගේ කෘති විශාල සංඛ්‍යා­වක් ඒ ප්‍රකා­ශන වැඩ­පි­ළි­වෙළ යටතේ පළ විය. වී. ඩී. ද ලැන­රෝල් මෙරට විසු උසස් පෙළේ ලේඛ­ක­යන් ශාස්ත්‍ර­යන් ඉතා සමී­පව ඇසුරු කළ ද ඔහුගේ කිසිදු නිර්මා­ණ­යක අන් ලේඛ­ක­ය­කුගේ මාර්ගය හෝ ලේඛන රීතිය අනු­ග­ම­නය කර නොති­බීම විශේ­ෂ­ත්ව­යකි. ඔහු කුමා­ර­තුංග ඇසුරේ ශාස්ත්‍ර හැදෑ­රු­වද කුමා­ර­තුංග ලේඛන රීතියේ සේයා­ව­ක්වත් ඔහුගේ ලේඛ­න­වල දැකිය නොහැ­කිය. වී. ඩී. ද ලැන­රෝල්, මාර්ටින් වික්‍ර­ම­සිං­හගේ සමීප මිතු­රකු බව උපන්දා සිට කෘතියේ සඳ­හන් වෙයි- මේ සිය­ල්ලෙන් මූර්ති­මත් වූයේ වී. ඩී. ද ලැන­රෝල් කෙරෙහි පැවති ස්වාධී­න­ත්ව­යයි. ඔහු කිසිදු ගුරු කුල­ය­කට නතු නොවීම හෝ ගැති නොවීම ඔහුගේ විශේ­ෂ­ත්ව­යයි. ලැන­රෝල් විසින් රචිත හප­න්කම් මෝඩ­කම් පුර­සා­රම්, උමතු තරු­ණයා, කුටුම්බ රක්ෂණී හෙවත් තරු­ණි­යන්ට අව­වාද, ලංකා පුරා­වෘත්ත යන කෘති­වල අන්ත­ර්ගත වූයේ එකි­නෙට වෙනස් තේමාය. ඒ විවිධ තේමා සිය­ල්ලෙහි පොදු ලක්ෂ­ණය වූයේ සියත් බවය. මේ සියත් බව නිසාම ඔහුට නිර්භ­යව ඇතැම් ආය­තන පිළි­බඳ තම ස්වාධින අද­හස් පළ කළේය. ලංකා පුරා­වෘත්ත කෘතියේ සංඥා­ප­න­යෙහි ලා ඔහු මෙසේ පව­සයි. ‘මගේ මේ පොතෙහි එන කරුණු පිළි­බඳ ව පර්යේ­ෂණ පවත්වා මීට වඩා හොඳ පොතක් ලිවීම ලංකාවේ විශ්ව­වි­ද්‍යා­ල­යන් සතු කාර්ය­යකි. එහෙත් අහෝ අපේ විශ්ව­වි­ද්‍යා­ල­ය­න්ගෙන් කෙරෙන්නේ ගොනුන් පිට හකුරු පට­ව­න්නාක් මෙන් ඒ ඒ අයට උපාධි පිරි නැමීම පම­ණක් වීම මහත් අභා­ග්‍ය­යක් වී තිබේ. මේ ස්වාධීන ලේඛ­කයා වසර අසූ දෙකක් ආයු විඳ 1977 ජ‍ූනි මස 2වන දා මෙලො­වෙන් සමු ගත්තේ ඔහුගේ නම මෙත­රම් ඉක්ම­නින් මෙර­ටින් මැකී යතියි සිහි­නෙ­කි­නිදු නොසි­ත­මින් විය යුතුය.

Comments