
මේෂ ලග්නය - ආගමික කටයුතු රැසක මුල් තැන
මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේ සතියේ 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කරමින් වාසනාවන්ත සතියකට මුල පුරනවා ඇත. ඔබට කිසියම් ඥාති හිතවතකු නිසා ඇතිවන මුදල්මය වාසියක් ද පෙන්වන නමුත් සතිය අවසානයේ බොහෝවිට ඒ ප්‍රතිඵල තමාගේ සතුරු කරදරයකට හේතුවීමට ඉඩ ඇති නිසා කල්පනාකාරි වන්න. තමාට ලැබුණු මුදල් ලාභය නොසිතූ ලෙස විනාශ වී යාමට බොහෝදුරට ඉඩ ඇත.
වෘෂභ ලග්නය - සිතේ සතුට රජයන සතියක්
වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මේසතියේ 08 - 09 - 10 - 11 යන ස්ථානවල ගමන් කරමින් ඔබට රැකියා ලාභයකට හේතු ඇති කරයි. ඒ සතිය මැද භාගයේ වුවත් සතිය ආරම්භයේ ඔබට දුෂ්කරතාවකට මුහුණු දීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් සතිය මැදභාගයේ සිට ඔබට කිසියම් නව මඟකට යොමු වෙමින් රැකියා ව්‍යාපාර ප්රතිලාභ ලැබෙන්නට පටන් ගනී. තරග විභාග වලට මුහුණ දී සිටි අයෙක් නම් ඉතා විශිෂ්ට ප්‍රතිඵල උදා වීමෙන් සිතේ සතුට රජයන සතියක් වනු ඇත.
මිථුන ලග්නය - අවිවාහක අයට මංගල සීනු හැඬ වේ
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 07 - 08 - 09 - 10 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේ දීම විවාහ උත්සවයක් වැනි කටයුත්තකට සහභාගි වීමට අවස්ථාව උදාවන අතර අවිවාහක අයට මංගල යෝජනා - ආදර සම්බන්ධතා ඇතිවන සතියකි. සිතට වද දෙමින් තිබූ ගැටලුවක් නිරාකරණය වනු ඇත. කිසියම් දුර බැහැර ගමනක් නිසා සතිය ඉතා කාර්ය බහුල එකක් වියහැකි වුවද එය කාර්ය බහුලත්වය අනාගත යහපතට බොහෝ සෙයින් තුඩුදෙන නිසා පසුතැවිලි නොවන්න.
කටක ලග්නය - සිත් කලකිරීමක් ඇතිවේ
කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේදීම කිසියම් සිත් කලකිරීමක් ඇති විය හැකි වුවද සතිය මැද භාගයේ සිට එය කෙමෙන් පහව යයි. තවද ඔබට යටි බඩ ආශ්‍රිතව ඇති විය හැකි අපහසුතාවක් නිසා කිසියම් වෛද්‍ය පරීක්ෂණයකට ද යොමුවීමට ඉඩ ඇත. ඔබගේ නිවසට පැමිණිය හැකි සොරසතුරු උවදුරක් නිසා ආර්ථික පාඩුවකට ඉඩ ඇති නිසා සුපරික්ෂාකාරී වන්න.
සිංහ ලග්නය - වාසනාවන්ත දරු සම්පත්
සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 05 - 06 - 07 - 08 යන ස්ථානවල ගමන් කරමින් යහපත් සතියකට මුල පුරන අතර දරුවන් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු උපතකට හේතු වන අතර සතිය මැද භාගයේ සිට කාර්ය බහුල තත්ත්වයකට පත්වීමට සිදු වනු ඇත. තමාට ලැබෙන්නට තිබෙන මුදලක් ලැබෙන අතර කලකට පෙර ඔබගෙන් ඈත්වී සිටි අයකුගෙන් එම ආර්ථික වාසිය ඔබට හිමි වන ලකුණු පෙනෙන්නට තිබේ.
කන්‍යා ලග්නය - වාහන ලාභයක්
කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 04 - 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේදීම වාහන ලාභයකට හේතු මතු කරයි. ඒ සමඟ මුදල් ප්‍රතිලාභයක් ද පෙන්වමින් සිතේ පැවති ගැටලු රැසකට ඔබට පිළියම් ලැබෙනු ඇත. කල්පනාකාරීව එම වාසනාව වැලඳගනු විනා නොසැලකිලිමත් කමින් සතියකට මුහුණ දුනහොත් බොහෝ ආර්ථික පාඩුවකට ඉඩ ඇති නිසා කල්පනාකාරි වන්න. තම පපුවේ පැවති අසනීපයකට නිසි ප්‍රතිකාර ලැබීම නිසා එය සතුටුදායක සතියකි.
තුලා ලග්නය - ඉඩම් ලාභයකට හිමිකම්
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 03 - 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කරමින් ඔහුට ඉඩම් ලාභයකට හිමිකම් ඇති කරවනු ඇත. එහෙත් එබඳු ගනුදෙනුවකදී ඔබ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ ලියකියවිලි සඳහා අත්සන් කිරීමේදි යම් යම් අත් වැරදීම් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාය. තමා කලක පටන් පැවති නඩුවක් වැනි දෙයකින් නිදහස්ව පිය උරුමයේ වාසිය භුක්ති විඳමට හැකි වන සතියකි. එහෙත් තම උරහිසට විය හැකි හදිසි අනතුරක පෙර ලකුණු පළ කරන නිසා ප්‍රවේශම් වන්න.
වෘශ්චික ලග්නය - උගුරේ ආසාදනයක්
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කරන මෙම සතිය ඔබට උගුරේ ඇති විය හැකි ආසාදනයක් නිසා පීඩා විඳීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් ආර්ථික ලැබීම් අතින් ඔබ පොහොසත් වෙයි. ලද දේ සුපරික්ෂාකාරීව පරිහරණය කිරීමට උනන්දු වන්න. නැතොත් “ලත් තැනම ලොප් වෙන” කරුණු නිසා සිතේ සතුට ගිලිහී යාමට ද බොහෝ දුරට ඉඩ ඇත. පිටස්තර අයකු ඔබ සඳහා පිළියෙල කර දෙන ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න.
ධනු ලග්නය - සිතට මහත් සැනසිල්ලක්
ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 01 - 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කරමින් ඔබට සුබවාදි සතියකට වාසනාව ගෙන දෙනු ඇත. තම මවු පාර්ශ්වයේ අයකුගෙන් ලැබෙන සහයෝගයක් නිසා සිතට මහත් සැනසිල්ලක් දැනෙන සතියකි. තමා කරන සෞන්දර්යයාත්මක කටයුතු කෙරෙන් යහපත උදාවේ. කලාකාමි අදහස් උදහස් මතුවීම තුළ ඔබ තුළින් කලා නිර්මාණ රැසක් පළ දරනු ඇත. ග්රන්ථකරණය කවි - ගීත නිර්මාණය කරන අයට සුවිශේෂි සතියකි. විශේෂයෙන් කිසියම් පොදු ස්ථානයකදි ඔබව ඇගයීමකට ලක්වන සතියක්ද වෙයි.
මකර ලග්නය -ඇසකට ආපදාවක්
මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 12 - 01 - 02 - 03 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේදි ඔබගේ ඇසකට ආපදාවක් විය හැකි නිසා ප්‍රවේශම් වන්න. තවද පිටරටක සිටින අයකු හෝ කලක් තිස්සේ ඔබගෙන් දුරස්ව සිට යළි ඔබ ඇසුරට පැමිණෙන අයකු නිසා විවිධ ප්‍රශ්න රැසකට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. කෙසේ නමුත් අධික සෙම නිසා හිසේ ඇතිවිය හැකි බර ගතිය මත බොහෝ කටයුතු කල් දැමීමට ඔබට සිදුවනු ඇත. යටි බඩටද එතරම් සුබ නොවන අතර නිසි වේලාවට ආහාර ගැනීම උපරිම වතුර පානය ද සුදුසු වනු ඇත.
කුම්භ ලග්නය - වාසස්ථානවලට තර්ජන
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 11 - 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භයේ හදිසි මුදල් වැය වීමකට හේතුවේ. විශේෂයෙන් තමාගේ අත් වැරදීමක් හේතුකොට ගෙන මෙම ආර්ථික පාඩුව සිදුවන අතර ඉතා සුපරික්ෂාකාරිව කටයුතු කළහොත් එම පාඩුව මඟහරවා ගැනීමට ඔබට හැකිවනු ඇත. ජලාශ්‍රිත කටයුතු කෙරෙන් ප්‍රවේශම් වන්න. එහෙත් සතිය අවසානයේ ඔබට පිටස්තර අයගෙන් ලැබෙන ඇප උපකාර නිසා යම් තරමකින් ගැටලු විසඳා ගැනීමට ඔබට හැකි වෙයි.
මීන ලග්නය - මූල්‍යමය වාසියක්
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා මෙම සතියේ 10 - 11 - 12 - 01 යන ස්ථානවල ගමන් කිරීම යහපත්කම් රැසකට හේතු මතු කරන අතර විශේෂයෙන් මූල්‍යමය වාසියක් ලැබීමට හේතුවෙයි. විශේෂයෙන් රැකියා ස්ථානයෙන් ලැබීමට තිබූ එහෙත් විවිධ හේතු මත යටපත් වී තිබූ එබඳු වාසි තමාට අත්වනු ඇත. තමා කිසියම් ව්‍යාපාර කටයුත්තකට අත ගසනවා නම් ඒ සඳහා ද සුබ සතියකි. තම ප්‍රධානින් හා රාජ්‍ය තාන්ත්‍රික වගකිව යුත්තන්ගෙන් ඇප උපකාර ලැබීමට ඉඩ ඇත.