
වගා කටයුතුවලට ලෝම් පස යොදා ගන්නේ ඇයි?
සමන්ත කුමාර - බෙන්තොට
ශාකයක් වැඩීමට නම් යම් ලෝහ ලවණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. පර්යේෂණවලට අනුව මෙලෙස අවශ්‍ය වන්නා වූ ලෝහ ලවණ රැසක් ලෝම් පසෙහි අඩංගු වෙයි. පසක කොළ රොඩු සහ කාබනික පදාර්ථ ඇති උඩ පස මෙලෙස ලෝම් පස ලෙස හඳුන්වයි. මෙම උඩ පස සේදී යෑමෙන් හෝ ඉවත්ව යෑමෙන් පස නිසරු වෙයි. කැලෑවන්හි කොළරොඩු දිරාපත්වීම මඟින් ලැබෙන ලෝම් පස ඉතාම හොඳ ශාක වර්ධක මාධ්‍යයක් වෙයි.
-----------------
සැත්කමකට භාජනයවීමට ප්‍රථම රෝගියා නිරාහාරව තබන්නේ ඇයි?
නදීකා හර්ෂණී - ජාඇල
රෝගියකු සිහි නැතිකර සැත්කම් සිදු කිරීම අද නිතරම රෝහල්වල සිදුවෙන දෙයකි. මේ සඳහා යොදා ගන්නා රසායනික පොදුවේ හඳුන්වන්නේ නිර්වින්දක ලෙසයි. සැත්කමේ දී ඇතිවන වේදනාව සිහි නැති කරවීම ඔස්සේ අඩු වුණත් වෙනත් අතුරු අබාධ ඇතිවෙන්න පුළුවන්. වමනය, ඔක්කාරය එවැනි අතුරුඵල දෙකක්. මෙය රෝගියාට අපහසුවක්. අනෙක් අතට ආමාශයේ ආහාර පිරී ඇති නම් මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වෙනවා. සැත්කම සිදු කළ කාලයේ රෝගියා නිසොල්මන්ව තබා ගැනීම වැදගත්. මේ හේතු නිසා සැත්කමට පෙර රෝගියා නිරාහාරව තැබෙනවා.
--------------
අහස නිල්පාට ඇයි?
අසංකා ද සිල්වා. ඇල්පිටිය
භෞතික විද්‍යාඥයන් විසින් මෙයට හේතු කිහිපයක්ම පෙන්වා දී තිබෙනවා. පෘථිවිය වටා වායුගෝලයක් පැවැතීම නිසා අඳුර මැකී ගොස් තිබෙනවා. නැති නම් හිරු පමණක් දිලීසීම සිදු වේ. හිරු රැස් වායුගෝලයේ වැදීම නිසා හිරැ රැස් එක්තරා ප්‍රමාණයකට විසිරී යනවා. නිල්පාට වැඩියෙන් විසිරී යන නිසා අපට නිල් පැහැය වැඩියෙන් පෙනේ. හිරු රැස් ඇලව වායුගෝලයට වදින විට එය එක්තරා ප්‍රිස්මයක් ලෙස ක්‍රියා කරයි. රතුපාට එහිදී ඇදවීමක් නැතිව ඈතට ගමන් කරයි. නිල්පාට වැනි කෙටි තරංග වර්ණ නැවී පහතට එනවා. මේ නිසාත් වැඩිපුර නිල් පැහැය අප කරා ළඟා වෙයි. මෙබඳු හේතු නිසා අහස නිල් පැහැයට පෙනේ.
------------
මදුරුවන්ගෙන් ඒඩ්ස් බෝ විය හැකිද?
ජගත් අනුරුද්ද-දොම්පේ
මේ පිළිබඳ පර්යේෂණ කළ පර්යේෂකයන් මීට දෙන පිළිතුර වන්නේ නැත යන්නයි. වයිරස තත්පර කිහිපයක් දී මදුරුවා තුළ මිය යාම සිදුවේ. මැලේරියා පරපෝෂිතයා එසේ නොවේ. උගේ ජීවන චක්‍ර යේ එක් කොටසක් මදුරුවා තුළ සිදුවේ. මැලේරියා පරපෝෂිතයා මදුරුවා තුළ ජීවත්ව සිටින නිසා මදුරුවා විදින තවත් අයකුට රෝගය බෝවන්නේ. ඒඩ්ස් වයිරසය මදුරුවා හෝ වෙනත් ලේ උරා බොන සත්ත්වයන් මගින් බෝ නොවන බව තහවුරු කර තිබේ.
-------------
ජලය උණු කිරීමට යොදන භාජන වල ඇතුළු පැත්තේ ඝණ සුදු පැහැති තට්ටුවක් බැදී පවතින්නේ ඇයි?
සමන්ත හීන්දෙණිය - කෑගල්ල
සමහර පළාත් වල ජලය උණු කිරීමට යොදන භාජන වල ඇතුළු පැත්තේ ඝණ සුදු පැහැති තට්ටුවක් බැඳී පවතී. එම පළාත් වල ජලයේ කැල්සියම් බයිකාබනේට් හා මැග්නීසියම් බයිකාබනේට් දියවී පවතී. රත් කිරීමේදී මෙම ලවණ කාබනේට බවට පත්වී භාජනය පතුලේ තැන්පත් වේ.
--------------
උණුවතුර බෝතලයකට දැමු උණුවතුර නිවෙන් නැත්තේ ඇයි?
නිරෝෂා හේමමාලි-මතුගම
උණුවතුර බෝතලයකට දමන උණු ජලයත් නිවීමකට ලක් වේ. එහෙත් නිවෙන වේගය හුඟක් අඩුය. අයිස් දැම්මත් එය දිය වෙන්නේ හිමින්. මෙවැනි බෝතල්වල තාපය බෝතලයෙන් පිටවීම හෝ ඇතුළට ගමන්කිරීම පාලනය කොට තිබේ. උණුවතුර බෝතලය බිත්ති දෙකකින් සකසා ඇත. එහි බිත්ති දෙක මැදවාතය ඉවත් කර දිළිසෙන රසදිය ආලේපකර තිබේ. මේ උපක්‍රමය මගින් තාපය ගමන් කරන ක්‍රම අවම කර තිබේ.
------------
වේගයෙන් ගමන් ගන්නා බස්රියක් වංගුවක දී ඉවතට විසි වන්නේ ඇයි?
රංග සමරවික්‍රම - ඇල්පිටිය
මෙය සිදුවන ආකාරය නිව්ටන්ගේ චලනය පිළිබඳ නියමයක ඇත. ඕනෑම ගමන් කරන වස්තුවක් කෙලින් ඉරක් දිගේ ගමන් කිරීමට උත්සාහ ගනී. ගමන් මඟ වෙනස් කිරීමට නම් බාහිර බලයක් යෙදිය යුතුයි. වේගයෙන් ගමන් කරන බස් රියක් වංගුවෙන් එළියට පනින්න උත්සාහ දරන්නේ මෙලෙස කෙලින් ඉරක ගමන් ගැනීම නිසයි. එහෙත් සුක්කානම කරකැවීම නිසා ගමන් මඟ කවයක හැඩය ගනී. එවිට කේන්ද්‍ර අපසාරී බලය ක්‍රියාත්මක වී කවයෙන් එළියට පැනීමට බස්රිය උත්සාහ කරයි. වංගුවක පිට කවය මඳක් උස්සා පාර සකසා ඇත්තේ මෙම ඉවතට විසිවීම වැළැක්වීමටය.