මෙවර මැති සබ­යට අව­තීර්ණ වූ දිරිය ළඳුන් | Page 2 | සිළුමිණ

මෙවර මැති සබ­යට අව­තීර්ණ වූ දිරිය ළඳුන්

  පවිත්‍රා දේවි වන්නි­ආ­රච්චි

පවිත්‍රා දේවි වන්නි­ආ­රච්චි ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණේ රත්න­පුර දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කර­මින් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්ව මනාප 200,977 ක් ලබා ගනි­මින් මනාප අත­රින් පළමු ස්ථාන­යට පත්ව සුවි­ශේෂි ජය­ග්‍ර­හ­ණ­යක් වාර්තා කළාය. 1964 වසරේ නොවැ­ම්බර් 10 වැනි දින උපන් පවි­ත්‍රා­දේවි වන්නි ආර­ච්චිගේ පියා ධර්ම­දාස වන්නි ආරච්චි හා මව පොඩි මැණිකේ වීර­සේ­කර වන්නි ආර­ච්චිය. ප්‍රාථ­මික අධ්‍යා­ප­නය පැල්ම­ඩුල්ල මහින්ද විදු­හ­ලෙන්ද, ද්විති­යික අධ්‍යා­ප­නය ගන්කන්ද මධ්‍යම විදු­හ­ලෙන් හා කොළඹ අනුලා විදු­හ­ලෙන්ද, නීති අධ්‍යා­ප­නය ශ්‍රී ලංකා නීති විදු­හ­ලෙන් ලබා ගත් අතර ඇය 1990 දි ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නිතී­ඥ­ව­රි­යක වශ­යෙන් දිවු­රුම් දුන්නාය. 1994 වස­රේදි ඇය රත්න­පුර දිස්ත්‍රික්කය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට තේරි පත්වූ අතර අවස්ථා කිහි­ප­ය­ක­දීම සෞඛ්‍ය, මහා­මාර්ග, සමාජ සේවා, දේශීය වෛද්‍ය ඇතුළු ඇමැති තන­තුරු රැසක් හෙබ­වු­වාය. 2019 වස­රේදි ඇය ඇමැති තන­තුර දරද්දී ඉතා දක්ෂ ලෙස කොවිඩ් වසං­ගත පාල­න­යට නාය­ක­ත්වය ලබා දුන්නාය. ඇයගේ ගමන් මඟට නිත­රම ශක්ති­යක් ගෙන දෙන්නේ සිය ස්වාමි පුරු­ෂයා වන කංචන ජය­රත්න ය. මේ වන විට ඇය නව රජයේ සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රි­යයි.

 

 

 

  තලතා අතු­කෝ­රාල

ලංකාවේ අධි­ක­රණ ඇමැති ධූරය දැරු එකම කාන්තාව වන තලතා අතු­කෝ­රාල මැති­ව­රණ සට­නට එකතු වුයේ රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යෙනි. සමගි ජන බල­වේ­ග­යෙන් මැති­ව­රණ සට­නට පිවිසි ඇය මෙවර මනාප 45,105 ක් ලබා ගනි­මින් පක්ෂයේ මනාප අතර 3 වන ස්ථාන­යට පත්විය. ලිලි­යන් අතු­කෝ­රල හා පියා ඊ. සි.ජේ අතු­කෝ­රාල යන දෙප­ළගේ දිය­ණිය වන ඇය සාලිය ජය­සිං­හගේ බිරි­ඳය. කොළඹ මියු­සි­යස් විදු­හ­ලෙන්ද අන­තු­රුව රත්න­පුර ෆර්ග­සන් විදු­ලෙන් හා අන­තු­රුව කොළඹ බිෂොප් විදු­හ­ලෙන් අධ්‍යා­ප­නය ලද ඇය නීති විදු­හ­ලෙන් නීති උපා­ධිය ලබා ගත්තාය. ඇය එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා­කාරි දේශ­පා­ලන නාය­ක­යකු වු අභා­ව­ප්‍රාප්ත ගාමිණි අතු­කෝ­රා­ලගේ සහෝ­ද­රි­යක් වන ඇය සිය සහෝ­ද­ර­යාගේ මර­ණින් අන­තු­රුව 2004 දි ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට අව­තිර්ණ විය.

 

 

 

  සුද­ර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

1960 ඔක්තෝ­ම්බර් 29 වැනිදා උපත ලද සුද­ර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට පිවි­සියේ හිටපු ඇමැති හා ක්‍රියා­කාරි දේශ­පා­ල­ඥ­යකු වූ සිය ස්වාමිය වූ ජෙය­රාජ් ප්‍රනාන්දු පුල්ලේගේ අභා­ව­යත් සම­ඟය. මෙවර ඇය ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග වැද මනාප 89,329 ක් ලබා ගනි­මින් පොදු ජන පෙර­මු­ණෙන් 7 වන ස්ථාන­යට පත්විය. ඇය ගුරු­ව­රුන් වන අල්පෝන්සු හා මහේ­ෂ්වරී ප්‍රනාන්දු පුල්ලේ දෙපො­ළගේ දිය­ණි­යකි. මිග­මුව ආවේ මරියා කන්‍යා­රා­මයේ හා කොළඹ වෛද්‍ය පීඨ­යෙන් අධ්‍යා­ප­නය ලද ඇය විශේ­ෂඥ වෛද්‍ය­ව­රි­යකි. සමෘද්ධි හා බානු­කගේ මවයි. මේ වන විට ඇය නව රජයේ බන්ධ­නා­ගාර ප්‍රති­සං­ස්ක­රණ හා සිර­ක­රු­වන් ප්‍රති­ෂ්ඨා­ප­නය රාජ්‍ය ඇමැ­ති­ව­රි­යයි.

 

 

 

 රෝහිණි කුමාරි විජේ­රත්න

1971දෙසැ­ම්බර් මස 12 වැනිදා උපත ලත් රෝහිණි කුමාරි විජේ­රත්න මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වුයේ සමගි ජන බල­වේ­ගය නියෝ­ජ­නය කර­මින් මාතලේ දිස්ත්‍රී­ක්ක­යෙනි. මෙවර ඇය මනාප 27,587 ක් ලබා ගනි­මින් පක්ෂයේ එකම ජය­ග්‍රාහි මනා­පය ලෙස සට­හන් කළාය. දේශ­පා­ලන පරි­ස­ර­යක උපන් ඇය හිටපු කෘෂි­කර්ම ඇමැති දිවං­ගත ජේ. පි. විජේ­රත්න බණ්ඩාගේ සිවු­වැනි දිය­ණි­යයි. 1994 වස­රේදි ඇය පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙකු හා මාධ්‍ය වේදියකු වන සංජීව කවි­රත්න සමඟ විවාහ වූ අතර සිය ස්වාමි­යාගේ මැති­ව­රණ ව්‍යාපා­රයේ කාන්තා පෙර­මුණ සංවි­ධා­න­ය කර­මින් විශාල සේව­යක් කළාය. සිය ස්වාමියා වයස 44 දි හදි­සියේ මිය­යා­මෙන් අන­තු­රුව ඇය 2015 වසරේ අගෝස්තු මස මහා මැති­ව­ර­ණ­යට මාතලේ දිස්ත්‍රී­ක්කය නියෝ­ජ­නය කර­මින් තරග කර පාර්ලි­මේ­න්තු­වට තේරී පත්විය.

 

 

 

  ගීතා කුමා­ර­සිංහ

පොදු ජන පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් මැති­වර­ණ­යට ඉදි­රි­පත් වූ ගිතා කුමා­ර­සිංහ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ මනාප ලැයි­ස්තුවේ 7 වැනි ස්ථාන­යට පත්වෙ­මින් මනාප 63,357 ක් ලබා ගත්තාය. 1955 ජූලි මස 5 වැනිදා උපත ලද ඇය 1975 වසරේ ‘ලස්සන කෙල්ල‘ චිත්‍ර­ප­ට­යෙන් සින­මා­වට පිවි­සි­යාය. ගීතාගේ උපන් ගම ඇල්පි­ටි­ය ය. උදුලා කුමා­ර­සිංහ හා විජය කුමා­ර­සිංහ යන දෙපො­ළගේ දිය­ණිය වන ඇයගේ ස්වාමි පුරු­ෂයා ස්විට්ස­ර්ලන්ත ජාති­ක­යකු වූ ක්‍රිස් ෆර්ඩි­නන්ඩි ය. ඇය එක් දිය­ණි­ය­කගේ මවකි. කළු­තර ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මය හා ඇල්පි­ටිය ආනන්ද මධ්‍ය මහා විදු­හල් ඇය අධ්‍යා­ප­නය ලැබූ පාසල්ය. 2015 වස­රේදි ඇය මනාප 63,955 ලබා ගනි­මින් පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වුවද 2017 මැයි මස ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි වූයේ ඇයගේ ද්විත්ව පුර­වැ­සි­බා­වය පිළි­බඳ ගැට­ලුව මතුවූ නිසාය.

 

 

 

  මංජුලා දිසා­නා­යක

මංජුලා දිසා­නා­යක මහ­ත්මිය මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වූයේ පොදු ජන පෙර­මුණේ ජාතික ලැයි­ස්තු­වෙනි. 1967.1.27 දින මහව ප්‍රදේ­ශයේ උපන් ඇය නියෝ­ජ­නය කළේ කුරු­ණෑ­ගල යාප­හුව ආස­න­යය. ඇයගේ මව මල්ලිකා රාජ­පක්ෂ වන අතර පියා යාප­හුව ආස­නයේ ප්‍රබල ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ ක්‍රියා­කා­රි­ක­යකු වන ගුණ­රත්න වෙද මහ­තාය. ඇය පාර්ලි­මේන්තු මන්ත්‍රි හා හිටපු කැබි­නට් ඇමැ­ති­ව­ර­යකු වන මිය­ගිය සාලින්ද දිසා­නා­ය­කගේ බිරි­ඳය. කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලබන ලාවන්‍යා දිසා­නා­යක හා පාසල් අධ්‍යා­ප­නය ලබන සහ­ලිදු දිසා­නා­ය­කගේ මෑණි­යන් වන ඇය රැකි­යාව වශ­යෙන් කළේ ගුරු වෘත්ති­යයි. 2009 හා 2013 වයඹ පළාත් සභාව නියෝ­ජ­නය කළ එකම කාන්තා මන්ත්‍රී­ව­රිය වන්නේ ඇයයි.

 

 

 

  මුදිතා ප්‍රි­ශාන්ති ද සොයිසා

පොදු ජන පෙර­මුණේ රත්න­පුර දිස්ත්‍රි­ක්ක­යෙන් තරග වැද මනාප 65,923 ක් ලබා ගනි­මින් 7 වැනි ස්ථාන­යට පත් මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා හිටපු අභා­ව­ප්ප්‍රාප්ත පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් ද සොයි­සාගේ බිරි­ඳය. 1968.10.14 දින උපත ලද ඇය පාසල් අධ්‍යා­ප­නය ලැබූවේ හුණු­වල ධර්ම­රාජ විදු­හ­ලෙන්, බණ්ඩා­ර­ගම මධ්‍ය මහා විදු­හ­ලෙන් හා ගංකන්ද මධ්‍ය මහා විදු­හ­ලෙන්ය. ඇයගේ මව හේම­ලතා ගුරුගේ හා පියා එන්. ජීන­දාස දෙපො­ළය. ඇයට දරු­වන් දෙදෙ­නෙක් වන අතර දිය­ණිය තමෝදා නිහංසා ද සොයිසා හා පුතා රඛිත් පංඛජ ද සොයිසා ය. ඇය දේශ­පා­ල­න­යට පිවි­සෙන්නේ 2019 දෙසැ­ම්බර් මස සිය ස්වාමි­යාගේ අභා­ව­යෙන් අන­තු­රුව ය. ඇය රත්න­පුර පළාත් සභාවේ කර්මාන්ත සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති ධූර­යද ඉසි­ලීය.

 

 

 

 කෝකිලා හර්ෂණී ගුණ­ව­ර්ධන

ගම්පහ දිස්ත්‍රී­ක­කයේ පොදු ජන පෙර­මුණේ 7 වැනි ස්ථාන­යට මනාප 77,922 ක් ලබා ගනි­මින් කෝකිලා හර්ෂණී ගුණ­ව­ර්ධන මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරි පත් වූවාය. මීරි­ගම ලෝලු­වා­ගොඩ උපත ලද ඇය සිරිමා හෙටි­ටි­ආ­ර­ච්චිගේ හා පරි­පා­ලන නිල­ධා­රී­යකු වූ හෙන්රි ගුණ­ව­ර්ධන යුව­ළගේ දිය­ණි­යයි. කද­න්ග­මුව මහා විදු­හ­ලෙන් හා ගම්පහ සිරි­කු­රුස විදු­හ­ලෙන් අධ්‍යා­ප­නය ලැබූ ඇය විවාහ දිවි­යට පත්වූයේ ශ්‍රි ලංකන් ගුවන් සේවා සමා­ගමේ සේවය කරන එර­න්දික වින්සන් මහතා සම­ඟය. ඔවුන්ගේ එකම දිය­ණිය ෂෙනායා පාසල් අධ්‍යා­ප­නය ලබ­න්නීය. 2004 වස­රේදි නාමල් ගුණ­ව­ර්ධන නම් සිය සොහො­යු­රාගේ ඝාත­න­යෙන් අන­තු­රුව දේශ­පා­ල­න­යට පිවි­සෙන්නේ 2007 වස­රේ­දීය. 2009 වස­රේදි බස්නා­හිර පළාත් සභා­වට තේරි පත්වූ ඇය වසර 10 කට­යුතු කළාය. 2010 හා 2015 වසර වලදි මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වුවද ඇය අඩු මනාප සංඛ්‍යා­ව­කින් පරා­ජ­යට පත්වූ­වාය.

 

 

 

  ඩයනා ගමගේ

සමගි ජන බල­වේ­ග­යට මෙවර ජාතික ලැයි­ස්තුවේ මන්ත්‍රි ආසන 7 ක් හිමි වූ අතර එහි එකම කාන්තා නියෝ­ජ­නය වන්නේ ඩය­නා­ ග­ම­ගේය. දෙසැ­ම්බර් මස 18 වැනි දිනක උපත ලද ඇය නුගේ­ගොඩ සමු­ද්‍ර­දේවි බාලි­කා­වෙන් අධ්‍යා­ප­නය ලබා වැඩි­දුර අධ්‍යා­පන කට­යුතු නිම කළේ එංග­ල­න්ත­යේය. ඇයගේ සැමියා වන්නේ ආචාර්ය සේනක ද සිල්වාය. සිය දරු දෙදෙනා එංග­ල­න්තයේ පදිං­චිව සිටින අතර ඇය එක්සත් කාන්තා පෙර­මුණේ නිර්මා­තෘ­ව­රි­යයි. එසේම ඇය සමඟි ජන බල­වේ­ගයේ උප ලේක­ම්ව­රි­යයි. වෘත්ති­ය­වේ­දින්ගේ සංග­මය හරහා දේශ­පා­ල­න­යට පිවිසි ඇය විනෝ­දාං­ශ­යක් ලෙස ටෙලි නාට්‍ය 5 කට ආසන්න සංඛ්‍යා­වක රඟ පා ඇත.

 

 

 

  සීතා අර­ඹේ­පොළ

1974 වසරේ උපන් සීතා අර­ඹේ­පොළ මහ­ත්මිය මෙවර පාර්ලි­මේ­න්තු­වට තේරි පත්වූයේ පොදු ජන පෙර­මුණු ජාතික ලැයි­ස්තු­වෙනි. ඒ වන තෙක් ඇය විය­ත්මග සංවි­ධා­නයේ ප්‍රධාන දේශි­කා­වක විය. කොළඹ දේවි බාලිකා විදු­හලේ හා කිරි­බ­ත්ගොඩ විහාර මහා දේවි බාලි­කාවේ ආදි සිසු­වි­යක වන ඇය උසස් අධ්‍යා­ප­නය ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යෙන් හා කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ලබා ගත්තාය. ඇය විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය­ව­රි­යකි. ඇයගේ ස්වාමි­යාද විශේ­ෂඥ නිර්වි­න්දන වෛද්‍ය­ව­ර­යෙකි. දිය­ණි­යන් දෙදෙ­නෙ­කුගේ මවකි. 2019 දෙසැ­ම්බර් මස සිට 2020 මාර්තු මස දක්වා­බ­ස්නා­හිර පළාතේ ආණ්ඩු­කා­ර­ව­රිය වූ ඇය එම තන­තු­රට පත් ප්‍රථම කාන්තාව විය. මේ වන විට ඇය නව රජයේ නිපු­නතා සංව­ර්ධන වෘත්තීය අධ්‍යා­පන, පර්යේ­ෂණ හා නව නිපැ­යුම් රාජ්‍ය අමා­ත්‍ය­ව­රි­යයි.

 

 

 

  රාජිකා වික්‍ර­ම­සිංහ

පොදු ජන පෙර­මු­ණෙන් තරග වැද මනාප 96,763 ක් ලබා ගනි­මින් කැගල්ල දිස්ත්‍රික්කයේ 4 ස්ථාන­යට පත්වූයේ රාජිකා වික්‍ර­ම­සිං­හයි. ඇය 1976.8.5 වන දින උපත ලද අතර උපන් ගම රත්ම­ලාන විය. ගල්කිස්ස උසස් බාලිකා විදු­හ­ලෙන් අධ්‍යා­ප­නය ලැබූ ඇයගේ දෙම­වු­පි­යන් වූයේ ප්‍රේමා­වති මුතු­තන්ත්‍රී හා රත්ම­ලාන බල මණ්ඩ­ලය නියෝ­ජ­නය කළ සෝම­පාල මුතු­තන්ත්‍රී දෙපො­ළය. ඇය විවාහ දිවි­යට එළ­ඹූයේ සබ­ර­ගමු පළාත් සභා හිටපු සෞඛ්‍ය, පරි­සර හා ධීවර ඇමැ­ති­ව­ර­යෙකු වූ ශ්‍රී ලාල් වික්‍ර­ම­සිංහ සම­ඟය. රාජිකා වික්‍ර­ම­සිං­හට එක් දිය­ණි­යක් සිටියි. 2015 මහා මැති­ව­ර­ණ­යෙන් ඡන්ද 61 කින් පාර­ජ­යට පත්වූ ඇය මෙවර විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලැබු­වාය. පසු­ගි­යදා ඇයට කෑගල්ල දිස්ත්ත්‍රික් සම්බ­න්ධි­ක­රණ කමි­ටුවේ සභා­පති තන­තුර හිමි­විය.

 

 

 

⬤  හරිනි අම­ර­සූ­රිය

ජාතික ජන බල­වේ­ගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත්වූයේ ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මහ­ත්මි­යයි. ඇය මේ වන විට ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ සමාජ විද්‍යා අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­රි­යක් ලෙස සේවය කරයි. ආචාර්ය හරිනි අම­ර­සූ­රිය කොළඹ බිෂොප් විදු­හ­ලෙන් හා උසස් අධ්‍යා­ප­නය එඩි­න්බර්ත් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ලබා ගත්තාය. කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි ඇය ජාතික ජන බල­වේ­ගයේ පාර්ශ්ව සංවි­ධා­න­යක් වන ජාතික විද්වත් සංවි­ධා­නයේ (NIO) අධ්‍යා­පන ප්‍රති­පත්ති සම්පා­දක කමි­ටුවේ සාමා­ජිකා, විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන්ගේ සමිති සම්මේ­ල­නයේ හිටපු ලේකම්, ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­ර­ණය පිළි­බඳ මහ­ජන අද­හස් විම­සීමේ කමි­ටුවේ සාමා­ජි­කා­වක්ද වෙයි.

 

 

Comments