“පාඩු ලැබූ රාජ්‍ය වැවිලි සංස්ථාව පසු­ගිය මාසයේ පම­ණක් රුපි­යල් මිලි­යන හතක ලාභ­යක් ලැබුවා” | Page 2 | සිළුමිණ

“පාඩු ලැබූ රාජ්‍ය වැවිලි සංස්ථාව පසු­ගිය මාසයේ පම­ණක් රුපි­යල් මිලි­යන හතක ලාභ­යක් ලැබුවා”

කැමෙ­ලියා සිනෙ­න්සිස් (Camellia sinensis) යන විද්‍යා­ත්මක නාම­යෙන් හඳු­න්වනූ ලබන 'තේ' පැළෑ­ටිය ඉන්දි­යා­වට ආවේ­ණික පැළෑ­ටි­යක් ලෙස සල­කනු ලබයි. ඉන්දි­යාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පළාතේ වනා­න්ත­ර­වල අතී­ත­යේදී  වැවී ඇති අතර ලංකා­වට මුල්ම තේ බීජ 1824 දී ගෙනැ­විත් තිබේ. නැවත  දෙවැනි වරට ලංකා‍වට තේ බීජ  රැගෙන ආවේ 1839 දී පම­ණය. මෙම අවස්ථා 2ම පර්යේ­ෂණ අර­මුණු  සඳහා මිස වගා කිරීම පිළි­බඳ  අර­මුණු නොවූ බව තේ පිළි­බඳ ඉති­හා­සය විම­ස­න්න­කුට හමු­වන කරු­ණුය. එම තේ බීජ පේරා­දෙ­ණිය උද්භිද උද්‍යා­නයේ පැළ කළ අතර ඒවා දලු නෙළී­ම­කින් තොරව නිද­හසේ වර්ධ­නය විය.1860 දී ජේම්ස් ටේලර් මහතා විසින් මුල් වරට ලංකාවේ වාණිජ තේ වගා­වක් අර­ඔන ලදී.

දහ­වෙනි සිය­ව­සේදී පමණ ජීවත් වු අධි­රා­ජ­යෙකු වු හුයි­සුන්(1100-1126) සැබෑම තේ රස­ව­තෙක් සේ සැලකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියු­ජි­යානු වච­න­යක් වූ 'ටේ'(Te) යන්නෙනි. මහා පරි­මා­ණ­යෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේ­සීන්ය. ඊට හේතුව වූයේ මුදල් ඉපැ­යීමේ මාර්ග­යක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේ­සින්ගේ යටත් විජි­ත­යක් බවට පත්වී­මයි. චීනයේ තේ හැඳි­න්වීම සඳහා 'චා'යන වච­නය යොදා ගැනෙන අතර රුසි­යා­වේදි 'චායි' යන්න යොදා ගැනේ. ශ්‍රී ලංකාව ද තේ නිසා විශාල කීර්ති­යක් අත් කර­ගත් රටක් වුවද 

පසු­ගිය සම­යේදී මෙරට තේ කර්මා­න්ත­යට අත්වූ ඉර­ණම පිළි­බඳ සොයා බලද්දී රාජ්‍ය තේ වතු සිය­ල්ලම පාහේ පාඩු ලැබූ බවට තොර­තුරු සොයා ගත හැකිය. 

තමා සභා­පති ධුරයේ සිටින තාක් කල් රාජ­යට අයත් කිසිදු තේ ඉඩ­මක් පෞද්ග­ලික අංශ­යට ලබා නොදෙන බව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභා­පති නීතිඥ ශ්‍රීමාල් විජේ­සේ­කර මහතා පසු­ගිය දව­සක පැව­සුවේ එවැනි පසු­බි­මක් යට­තේය. එව­දන් මෙරට තේ සම්බ­න්ධ­යෙන් උනන්දු­වක් දක්වන කාටත් අස්වැ­සි­ල්ලක් ගෙන­දෙ­න්නෙකි.

නීතිඥ ශ්‍රීමාල් විජේ­සේ­කර මහතා  ඒ බව පැව­සුවේ රාජ්‍ය වැවිලි සංස්ථාව සතු පන්විල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස­යට අයත් කැලෑ­බොක්ක තේ කර්මාන්ත ශාලාවේ අක්‍රීය වී තිබු උදුන වෙනු­වට නව උදු­නක් සවි­කර එහි වැඩ ආරම්භ කිරිමේ අව­ස්ථා­වට එක්වෙ­මිනි. රුපි­යල් මිලි­යන තුන­කට  වැඩි මුද­ලක් ඒ සඳහා වැය කර ඇති බවත් වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ සෞභා­ග්‍යයේ දැක්ම වැඩ සට­හන යටතේ රජ­යට අයත් සියලු තේ වතු ලාභ ලබන තත්ත්ව­යට පත්ක­ර­න්නැයි උප­දෙස් ලබාදී ඇති බවත් එහිදී ඒ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.  කැලෑ­බොක්ක තේ වතු­යා­යෙන් පසු­ගිය යහ­පා­ලන සමයේ මිලි­යන විස්ස­කට වැඩි පාඩු­වක් ලැබූ බව ද එහිදී අනා­ව­ර­ණය විය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභා­පති නීතිඥ ශ්‍රීමාල් විජේ­සේ­කර මහතා මෙසේ ද පැව­සීය. " 

වසර ගණ­නා­වක් පාඩු ලැබූ රාජ්‍ය වැවිලි සංස්ථාවේ ලාභය රුපි­යල් මිලි­යන හතක ලාභ­යක් දක්වා වැඩි කර­න්නට පසු­ගිය මාස­යේදී අපට හැකි­වුණා. කාල­යක් තිස්සේ අත­හැර දමා තිබු මෙවැනි වතු­වල අක්‍රීය යන්ත්‍ර අලු­ත්වැ­ඩියා කර­මින් රාජ්‍ය භාණ්ඩා­ගා­ර­යට බරක් නොවී ලාභ ලබන ආය­තන බවට පත්ක­රන්න අපි කට­යුතු කර­මින් යනවා. මේ සඳහා සියලු වතු අධි­කා­රි­ව­රුන්ගේ හා සේව­ක­යන්ගේ පූර්ණ සහ­යෝ­ගය ලැබී තිබිම ඉතා­මත් හොඳ තත්ත්ව­යක්." සාම්ප්‍ර­දා­යික තේ කර්මා­න්තය අඩ­පණ කිරී­මට මෙන්ම අපේ රටේ වටිනා තේ ඉඩම් කුණු කොල්ල­යට විකි­ණී­මට පසු­ගිය රජය පිඹු­රු­පත් සැකසූ අයු­රුත් ඒ සඳහා මැදි­හත් වෙමින් එය වළක්වා ගැනී­මට නන් අයු­රින් දායක වූවන්ට ස්තුතිය පළකිරී­මට ද සභා­ප­ති­ව­රයා  අම­තක නොක­ළේය.

වසර ගණ­නා­වක් පුරා ලාංකේය තේ සන්නා­මය ලෝක­යට ගෙන ගිය ලංකාවේ තේ පිළි­බඳ වටි­නා­කම දන්නේ ඒවා  රස බැලු­වන්ම පමණි. Ceylon Tea යන සන්නා­ම­යෙන් සුද්දා හැඳින්වු අපේ තේ සඳහා අවශ්‍ය නව ඉල්ලුම් සපු­රා­ලීම රාජ්‍ය තේ වතු යායේ අභි­ප්‍රාය වී තිබේ. අංශක 360 වප­ස­රි­යක් එක­වර නැර­ඹිය හැකි කැලෑ­බොක්ක දර්ශන පථය හරහා ගගන කිමි­දුම් වැනි ක්‍රීඩා තුළින් සංචා­රක ආක­ර්ෂ­ණය දිනා ගැනීම සඳහා සක්‍රීය වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සීම මෙන්ම රාජ්‍ය වතු­යා­යන්ට අයත් මධ්‍යම පළාතේ තේ වතු ආශ්‍රි­තව කිතුල් කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කිරීම සම්බ­න්ධ­යෙන් ද රජයේ අව­ධා­නය යොමු වී තිබේ.  ශ්‍රී ලාංකේය සැබෑ තේ සාරය ශ්‍රී ලාංකි­ක­ය­න්ටත් ලෝක­වාසී ජන­තා­ව­ටත් ලබා­දීම වෙනු­වෙන්  කැලෑ­බොක්ක තේ කර්මාන්ත ශාලාව යළි පණ ගැන්වී තිබේ. 

මේ හරහා යළි තේ කර්මා­න්තයේ පිබි­දී­මක් ඇති­වන බව පැවසූ සභා­ප­ති­ව­ර­යාට කැලෑ­බොක්ක වතු­යායේ තලෙ­යි­ව­ර්ව­රුන් ඇතුළු සේව­ක­ය­න්ගෙන් හිමි­වූයේ ඉහළ ප්‍රති­චා­ර­යකි.

"මහ­ත්තයා මේ තේ වත්තට අපි ආද­රෙයි. අපේ පඩි වැඩි­ක­රන්න නෙමෙයි අපි ඉල්ලන්නේ, මේ වත්ත හොඳින් පව­ත්වා­ගෙන යන්න. අපි අපේ කොටස ඉටු­ක­ර­න්නම්. මේ වත්ත දියුණු කරන්න අපි උප­රි­ම­යෙන් කැප­වෙ­නවා."

ඒ කැලෑ­බොක්කේ වතු කම්ක­රු­වන්ගේ අද­හ­සයි. මේ වන විටත් නව තේ ප්‍රභේද ලක් පොළොවේ ජනත වී තිබේ.

ඒ තුළින් ජාත්‍ය­න්ත­රය ජය­ගත හැකි නිෂ්පා­දන කෙරෙහි නව රජයේ අව­ධා­නය යොමු­වීම පැස­සිය යුතුය. ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ වත්මන් සභා­පති නීතිඥ ශ්‍රීමාල් විජේ­සේ­කර මහතා මහතා කෙරෙහි විශ්වා­සය තබා ඇති පිරි­සක් ද මේ වන­විට තේ ක්ෂේත්‍රය තුළ සිටීම මෙම ගම­නට අම­තර ශක්ති­යකි. ජනා­ධි­ප­ති­ව­රයා තේ වතු සම්බ­න්ධ­යෙන් දරන ස්ථාව­ර­යට  සියලු දෙනා සහාය පළ­කි­රීම තවත් සුවි­ශේෂි තත්ත්ව­යකි. 

ඒ හරහා ශ්‍රී ලංකා තේ පිළි­බඳ අතීත කතාව යළි යථා­ර්ථ­යක් බවට පත්වනු ඇත. කැළැ­බොක්ක වතු අධි­කාරි ලක්ෂිත පෙරේරා, සහ­කාර වතු අධි­කාරි වෙනුර ගුණ­සේ­කර, රාජ්‍ය වැවිලි සංස්ථාවේ අධ්‍යක්ෂ කුෂාන් වෑග­ඩ­පොල, සාමා­න්‍යා­ධි­කාරි නිශාන්ත ජින­සේන, පන්විල ප්‍රාදේ­ශීය ලේකම් එන්.එස්.සේනා­ධීර සහ දුම්බර මිතුරෝ පරි­සර සංවි­ධා­නයේ සභා­පති ආනන්ද කන­හැර ආරච්චි  යන මහ­ත්වරු ද සහ කැලෑ­බොක්ක වතු­යායේ සේවක පිරිස මෙන්ම කාර්යාල සේවක මඬුල්ල ද මේ කාර්ය­යට දාය­ක­ත්වය දක්වති.  

Comments