අප­රාධ මැඬ­ලීමේ මෙහෙ­යුම | Page 2 | සිළුමිණ

අප­රාධ මැඬ­ලීමේ මෙහෙ­යුම

සු­ගිය සති දෙකක පමණ කාල­යේදී බස්නා­හිර පළා­තෙන් අත්අ­ඩං­ගු­වට ගැනුණු මහා පරි­මාණ මත් ජාවා­ර­ම්කා­ර­යන් 45 දෙනෙ­කුගේ බැංකු ගිණු­ම්වල රුපි­යල් කෝටි 220කට ආසන්න මුද­ලක් සංස­ර­ණය වී ඇති බවට ද පොලි­සිය අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. මෙකී ජාවා­ර­ම්ක­රු­වන්ගේ අනා­ව­රණ අනුව මෙරටේ මේ වන විට මත්ද්‍රව්‍ය හිඟ­යක් පව­තින බව­ටද සැලවේ.

මේ අතරේ පසු­ගිය 17 වැනිදා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙරට ජාතික පුව­ත්ප­තක නිද­හස් මාධ්‍ය­වේ­දි­යකු ලෙස කට­යුතු කළ අයෙකු අත්අ­ඩං­ගු­වට ගැනිණි. 30 හැවි­රිදි එකී මාධ්‍ය­වේ­දියා, හම්බ­න්තොට, මැද­මු­ලන, අඹ­කො­ළ­වැව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි. ඔහු පසු­ගිය ජූනි 29 වැනිදා හෝමා­ගම, පිටි­පන, පස් මහල් ගොඩ­නැ­ඟි­ල්ලක කාම­ර­යක සඟවා තිබි­යදී මෙරට අප­රා­ධ­කා­ර­යන් සතුව තිබී සොයා ගත් වැඩිම ගිනි­අවි තොගය ලෙස සැලැ­කෙන ටී56 ගිනි­අවි 11ක් සහ ටී 81 ගිනි­අ­විය ඇතුළු තවත් ගිනි­අවි ප්‍රමා­ණ­යක් ප්‍රවා­හ­නය කිරී­මට සහාය දී ඇති බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කළ සියුම් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබෙන බවකි.

ගිනි­අවි තොගයේ වැඩි­දුර විම­ර්ශන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු බාර­යට පත්වී­මත් සමඟ එම ගිනි­අවි පිළි­බ­ඳව හෝඩු­වාව දී තිබූ නාරා­හේ­න්පිට ප්‍රදේ­ශයේ වෙසෙන අමිල නමැති තොර­තු­රු­කරු අත්අ­ඩං­ගු­වට ගැනුණේ පසු­ගිය මාස­යේයි. ගිනි­අවි තොගය අයත් බවට සැලවූ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සාමා­ජි­ක­යන් බොහෝ දෙනෙක් සමඟ සමීප ඇසු­රක් පව­ත්වා­ගෙන ගොස් ඇති මෙකී තොර­තු­රු­කරු පාතාල සාමා­ජි­ක­යන්ගේ ඕනෑ එපා­කම් වෙනු­වෙන් පොලි­සියේ ඇතැම් නිල­ධා­රින් පිළි­බ­ඳව පසු­ගිය කාලයේ අසත්‍ය තොර­තුරු මාධ්‍ය නාළි­කා­ව­ල­ටද ලබා දුන් පුද්ග­ල­යෙක් ලෙස­ටද සැලැකේ. මොහු­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ගිනි අවි තොගයේ බොහෝ තොර­තුරු හෙළි­ද­රව් වී තිබේ.

ඒ අනුව ඔහු අනා­ව­ර­ණය කර ඇත්තෙ කොරෝනා වසං­ග­තය උත්ස­න්නව පැවැති පසු­ගිය අප්‍රේල් මාසයේ දඹුල්ල ප්‍රදේ­ශයේ සිට එම ගිනි­අවි ‍තොගය කුලි­යට ගත් වෑන් රථ­ය­කින් හෝමා­ගම ඇතුළු කොළඹ ප්‍රදේ­ශයේ ස්ථාන කීප­ය­කට ප්‍රවා­හ­නය කර ඇති බවයි.

එදින තමාද ගමන් ගත් එම වෑන් රථයේ ඉදි­රි­පස 'මීඩියා' යනු­වෙන් පුව­රු­වක්ද ප්‍රද­ර්ශ­නය කර­මින් රථයේ ඉදි­රි­පස අසුනේ අත්අ­ඩං­ගු­වට පත් මාධ්‍ය­වේ­දි­යාද ගමන් කළ බවයි. කොරෝනා නිසා ඇඳි­රි­නීති පනවා තිබූ හෙයින් ස්ථාන කීප­ය­කදී රථය නතර කළත් ඉදි­රි­පස අසුනේ ගමන් කළ මාධ්‍ය­වේ­දියා සිය මාධ්‍ය­වේදී හැඳු­නු­ම්පත ඉදි­රි­ප­ත්කොට ඒ සෑම ස්ථාන­ය­ක­දීම රථය කිසිදු පරී­ක්ෂා­ව­කින් තොරව කොළ­ඹට රැගෙන ඒමට සමත් වූ බවයි.

අන­තු­රුව එකී තොර­තු­රු­කරු පව­සන්නෙ සත්‍ය­යක්ද යන්න අනා­ව­ර­ණය කර­ගැ­නී­මට ඒ දින­වල ඔවුන් සැරි­සරා තිබූ ප්‍රදේ­ශ­වල දුර­ක­ථන කුලුනු දත්ත ඔස්සෙ සිදු කළ විම­ර්ශ­න­ව­ලදී තහ­වුරු වී ඇත්තෙ ඔහු පව­සන්නෙ සත්‍ය­යක් බවයි. ඒ අනුව මාධ්‍ය­වේ­දියා හෝමා­ගම, පිටි­පන ප්‍රදේ­ශ­යට නීති විරෝධි ගිනි­අවි රැගෙන ඒමට සහාය දී ඇති බව­ටත් එම ගිනි­අවි පාතාල අප­රා­ධ­කා­ර­යන්ට ලබා­දී­මට ආධාර අනු­බල දීම යන කරුණු මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අත්අ­ඩං­ගු­වට පත්ව රැඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන මේ වන විට වැඩි­දුර විම­ර්ශන සිදු කර­මින් සිටී.

වාර්තා වන ආකා­ර­යට මාධ්‍ය­වේදී හැඳු­නු­ම්පත අව­භා­විත කර­මින් එකී මාධ්‍ය­වේ­දියා පාතාල අප­රා­ධ­කා­ර­යන්ට සහාය දී ලක්ෂ ගණ­නින් මුදල්ද හම්බ කර ඇති බවයි. ඉති­හා­සයේ කිසිදු අව­ස්ථා­වක පාතාල අප­රා­ධ­කා­ර­යන්ට හෝ කිසිදු අප­රා­ධ­කා­ර­ය­කුට ආධාර අනු­බල නොදුන් මාධ්‍ය­වේ­දීන්ගේ මාධ්‍ය වෘත්ති­යද හෑල්ලු­වට ලක්කළ මෙකී මාධ්‍ය­වේ­දියා සමස්ත මාධ්‍ය වෘත්ති­ය­ටම සිදු­කර ඇත්තෙ අව­මා­න­යක් බව සඳ­හන් කළ යුතු­මය.

මේ අතර මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවා­රම් කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රි­න්ගෙන් හෙළි වූ කරුණු මත පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ඇතැම් නිල­ධා­රින්ද ඊට සම්බන්ධ බවට හෙළි විණි.

එම විම­ර්ශන සිදු­ක­රන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පසු­ගිය 18 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන ඒක­ක­යට අනු­යු­ක්තව රාජ­කාරි කළ උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කු­ කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරී­මෙන් පසු එදින රාත්‍රී 10.30ට පමණ ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනිණි.

මත්ද්‍රව්‍ය වැට­ලීම් වෙනු­වෙන් පසු­ගිය කාලයේ සම්මාන ගරු බුහු­මන් බොහෝ සේ ලද එම නිල­ධා­රි­යාට ලැබුණු තොර­තු­රක් මත 2016 වස­රේදී ඔරු­ගො­ඩ­වත්ත රේගු අංග­ණ­යේදී මෙර­ටින් අත්අ­ඩං­ගු­වට පත් විශා­ලම කොකේන් මත්ද්‍රව්‍ය තොග­යද වන කිලෝ­ග්‍රෑම් 85ද සේම 2018 දෙසැ­ම්බර් මාසයේ බේරු­ව­ලදී අත්අ­ඩං­ගු­වට ගැනුණු හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 231 සහ ඊට දින කීප­ය­කට පසු දෙහි­ව­ලදී අත්අ­ඩං­ගු­වට ගත් එව­කට අත්අ­ඩං­ගු­වට පත් වැඩිම හෙරො­යින් ප්‍රමා­ණය වූ කිලෝ­ග්‍රෑම් 278 මෙන්ම පසු­ගිය වසරේ පෙබ­ර­වාරි මාසයේ කොල්ලු­පි­ටියේ මහල් නිවා­ස­ය­කදී ඇමෙ­රි­කන් ජාති­ක­යන් දෙදෙ­නෙකු සමඟ අත්අ­ඩං­ගු­වට ගැනුණු හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 95 ද වේ. එලෙස මත්ද්‍රව්‍ය වැට­ලීම් සිදු කළ මෙකී නිල­ධා­රි­යාට ලද තොර­තු­රක් අනුව කොස්ගොඩ තාර­කගේ ගිනි­අවි තොග­යද අත්අ­ඩං­ගු­වට ගැනුණු බව­ටද සැල වේ.

මත්ද්‍රව්‍ය මෙර­ටින් තුරන් කිරී­මට තිබෙන ප්‍රධා­න­තම ආය­ත­න­වල වග­කි­ව­යුතු රාජ­කා­රි­යන්හි නිරත නිල­ධා­රින් රැසක්ම මත් ජාවා­ර­ම්ක­රු­වන්ගේ ග්‍රහ­ණ­යට නතුව ආය­තන මෙන්ම තමන්ගේ ජීවි­තද විනාශ කර­ග­නිද්දී රජයේ තවත් වග­කි­ව­යුතු ආය­ත­න­යක් වන රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේන්තු සේව­ක­යන් දෙදෙ­නෙක්ද පසු­ගි­යදා මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට පත් වූයේය. ඒ, පසු­ගිය 16 වැනිදා අලු­යම් කාල­යේදී හා 17 වැනිදා රාත්‍රි­යේ­දීයි.

 

Comments