අප­ස්මා­ර­යට ගත් බෙහෙත් අසා­ත්මික වී දෙනෙත් අන්ධ වූ ලෙනින් | සිළුමිණ

අප­ස්මා­ර­යට ගත් බෙහෙත් අසා­ත්මික වී දෙනෙත් අන්ධ වූ ලෙනින්

ප­ස්මාර රෝග­යට මීරි­ගම මූලික රෝහ­ලෙන් සාය­නික ප්‍රති­කාර ලැබූ පාසල් සිසු­ව­කුගේ දෙනෙත් අන්ධ වීම පිළි­බඳ පුව­තක් පසු­ගිය දින කීපය පුරා විවිධ මාධ්‍ය මඟින් ප්‍රචා­රය වීම හේතු­වෙන් අප මීරි­ගම බලා පිට­ත්වූයේ එහි තොර­තුරු සොයා බැලීමේ අටි­යෙනි.

මීරි­ගම හිරි­වල වැව­හේ­න­වත්තේ අංක 37 දරන නිව­සට අප යන විට 16 හැවි­රිදි ලෙනින් නිරෝ­ෂන් කුමාර ඇ‍ඳේ ගුලි වී නිසො­ල්මනේ සිටියේ රැයක් දවා­ලක් ගැන නිනව් නැති­වය. අනිල් කපිල කුමාර සහ සුජාතා මැණිකේ යන මාපිය යුවළ වික්ෂි­ප්තව බලා සිටින්නේ සිය එකම පුතුට සිදු වූ විපත ගැන දරා ගත නොහැකි වේද­නා­වෙනි.

“මගේ පුතා දැන් අවු­රු­ද්දක විතර ඉඳලා අප­ස්මා­ර­යට මීරි­ගම රෝහලේ සාය­න­යෙන් මාස් පතා බෙහෙත් බොනවා. කොරෝනා කාලේ ඇඳිරි නීතිය නිසා සාය­න­යට යන්න බැහැනේ. ඒ කාලේ සංව­ර්ධන නිල­ධාරි ගෙව­ල්ව­ලට ඇවිත් ක්ලිනික් පොත් එකතු කර­ගෙන මීරි­ගම රෝහ­ලට ගෙනි­හින් දුන්නා. මීරි­ගම රෝහ­ලෙන් තැපැල් මඟින් බෙහෙත් එව්වා. අපේ පුතාගේ පොතත් මාර්තු අග දව­සක ගෙනිච්චා. අපිට තැපෑ­ලෙන් බෙහෙත් ලැබුණේ අප්‍රේල් 11 වැනිදා. පුතාට ක්ලිනික් එකෙන් වෙනදා දීපු බෙහෙත් පෙති නෙමෙයි අප්‍රේල් 11 වැනිදා එවලා තිබුණේ. පුතාගේ පරණ බෙහෙත් පෙති ඉවර වුණාට පස්සේ අලුත් බෙහෙත් පෙති බොන්න පටන් ගත්තා. ඒ බෙහෙත් බොන­කොට පුතාගේ ඇ‍ඟේ පළු දැම්මා. ඇස් රතු වෙලා ඉදි­මුණා. ඒ දව­ස්වල පුතා අන්නාසි, සැමන්, අච්චාරු එහෙම කෑවා. අපි හිතුවෙ ඒවායේ සැරට පළු දැම්මා කියලා. එන්න එන්න පුතාට අමාරු වුණා. බෙහෙත් ගන්න යන්න­වත් තැනක් නැහැ. ළඟ ඉන්නවා වතු­පි­ටි­වල ඉස්පි­රි­තාලේ වැඩ කරන ප්‍රසන්න කියලා දොස්තර මහ­ත්ත­යෙක්. අපි එයා ළඟට පුතාව අරන් ගියා. ප්‍රසන්න දොස්තර මහ­ත්තයා කිව්වා ඉක්ම­නට වතු­පි­ටි­වල ඉස්පි­රි­තා­ලේට ගෙනි­යන්න කියලා. ඒ වෙන‍කොට පුතාගේ ඇස් පෙනී­මත් නැති­වෙලා තිබුණේ.” යනු­වෙන් සිය පුතුට සිදු වූ විපත විස්තර කළේ ඔහුගේ මව වන සුජාතා මැණිකේ ය.

වෛද්‍ය උප­දෙස් අනුව වතු­පි­ටි­වල රෝහ­ලට රැගෙන යන ලෙනින් නිරෝ­ෂන්ව එම රෝහ­ලෙන් බාර ගැනී­මට කැමති වන්නේ නැත. එහෙත් ලෙනින්ගේ පියා ප්‍රසන්න වෛද්‍ය­ව­ර­යාට දුර­ක­ථ­න­යෙන් කතා කළ විට ඔහු වහාම රෝගි­යාව ඇතු­ළු­කර ගන්නා ලෙස රෝහල් කාර්යය මණ්ඩ­ල­යට උප­දෙස් දී තිබේ. ඒ අනුව ලෙනින් නිරෝ­ෂන්ව වතු­පි­ටි­වල රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබුවේ මැයි 01 වැනි­දාය.

මෙහිදී අප්‍රේල් 11 වැනිදා සිට මැයි 01 වැනිදා තෙක් කාලය රෝගි තත්ත්ව­යෙන් ම නිවසේ ගත කිරීම සම්බ­න්ධ­යෙන් අක­මැ­ත්තෙන් වුවද විමසා නොසි­ටිය නොහැ­කිය. තම පුතුට තැපෑ­ලෙන් එවා තිබුණේ සාය­න­යෙන් වෙනදා ලබා දෙන ඖෂධ නොවන බව ලෙනින්ගේ පියා පව­සයි. ඔහු සඳ­හන් කර සිටින්නේ පුතුට රෝහ­ලෙන් වැරදි ඖෂ­ධ­යක් එවා ඇති බවයි. එසේ නම් තැපෑ­ලෙන් ඖෂධ එව් කව­රයේ සඳ­හන් හදිසි දුර­ක­ථන අංක­යෙන් ඒ පිළි­බ­ඳව විම­සී­මක් නොකළේ මන්ද යනු­වෙන් අපට අස­න්නට සිදු වේ. හදිසි දුර­ක­ථන අංක­යට කතා නොකළ බව සුජාතා මැණිකේ ද පිළි­ග­නියි. අනෙක් කාර­ණාව වන්නේ සති 2ක් මුළුල්ලේ රෝගී ලක්ෂණ උත්සන්න වන­වි­ට­දීත් දරු­වාව මීරි­ගම රෝහ­ලට රැගෙන නො‍ෙගාස් පෞද්ග­ලික ඩිස්පෙ­න්සරි ගැන විප­රම් කිරී­මයි. වතු­පි­ටි­වල රෝහලේ සේවය කරන ප්‍රසන්න නම් වෛද්‍ය­ව­රයා ඒ රෝහ­ලට ඇතු­ළත් කරන ලෙස පව­සන තුරු ඔවුන් දරුවා රෝහ­ලට රැගෙන යාමට උන­න්දු­වක් දක්වා නොති­බීම කන­ගා­ටු­වට කරු­ණකි.

ප්‍රසන්න නම් වෛද්‍ය­ව­රයා ලෙනින්ට ඖෂධ ආසා­ත්මි­ක­තා­වක් ඇති වී තිබෙන බව වහාම හඳු­නා­ගෙන ඇත. ලෙනින්ව රෝහ­ල්ගත කිරී­මට ක්ෂණි­කව පිය­වර ගෙන තිබෙන්නේ එබැ­විනි.

වතු­පි­ටි­වල රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ පුතා දවස් 12ක් හිටියා. ඒ දව­ස්වල පුතා මැරිලා වගේ හිටියේ. පුතා යම් තත්ත්ව­ය­කට ආපු­වාම 5 වාට්ටු­වට දැම්මා. පුතාගේ බඩ­වැ­ල්වල, මොළයේ පවා පළු ඇවිත් තිබුණු බව වෛද්‍ය­ව­රු­න්ගෙන් දැන­ගන්න ලැබුණා. ඇස්, තොල් රතු වෙලා ලේ ගැලුවා. පුතාගේ නිය­පොතු හැළුණා. ඒ සේරම ක්‍රම‍ක්‍ර­ම­යෙන් හොඳ වුණා. 5 වාට්ටුවේ මාස 2 1/2ක් හිටියා. මේ වෙලාවේ ඒ වාට්ටුවේ හිටපු තරංගි වෛද්‍ය­ව­රිය ගැන විශේ­ෂ­යෙන් සඳ­හන් කර­න්නම ඕනෑ. ඒ දොස්තර නෝනා පුතාව බැලුවෙ තමු­න්ගේම පුතාව රැක බලා ගන්නවා වගෙයි. ඒ දොස්තර නෝනාගේ කැප­වීම නිසා පුතා සනීප වුණා. හැබැයි ඇස් දෙකේ පෙනීම ගන්න බැරි වුණා. වතු­පි­ටි­වල රෝහ­ලෙත් පුතාට ඔප­රේ­ෂන් කීප­යක් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. පස්සේ පුතාව කොළඹ අක්ෂි රෝහ­ලට යැව්වා.” යනු­වෙන් ලෙනින්ගේ පියා වන අනිල් කපිල කුමාර විස්තර කළේය.

කොළඹ අක්ෂි රෝහලේ 15 වැනි වාට්ටුවේ ප්‍රති­කාර ලැබූ ලෙනින්ගේ දකුණු ඇසට ශල්‍ය­ක­ර්ම­යක් සිදු කරනු ලැබුවේ තොලේ සියුම් පටක ඇසට බද්ධ කිරී­මෙනි. මේ වන විට සැත්කම කළ ඇසට බෙහෙත් දැමීම සිදු කෙරේ. ඔහුගේ වම් ඇසේ සැත්කම සිදු කිරී­මට ඔහු නැව­තත් මේ මස 19 වැනිදා අක්ෂි රෝහලේ 15 වැනි වාට්ටු­වට ඇතු­ළත් විය.

ලෙනින් නිරෝ­ෂන් දරු­වාට වැරදි ඖෂ­ධ­යක් ලබා දුන්නාද, එම ඖෂ­ධය ආසා­ත්මික වූවාද යන්න පැහැ­දිලි කර ගත හැකි වන්නේ මීරි­ගම මූලික රෝහ­ලෙනි. එහි වෛද්‍ය අධි­කාරි ජයන්ත අබ­ය­රත්න හමු වීමට ගියේ එබැ­විනි.

“මේ දරු­වාට අප­ස්මා­රය වෙනු­වෙන් සාය­න­යෙන් නිකුත් කළේ sodium valproate ඖෂ­ධය. ඒත් ඒ ඖෂ­ධය රෝහලේ තිබුණේ නැති නිසා ඒ වෙනු­වට ආදේ­ශ­ක­යක් වශ­යෙන් phenytion sodium ඖෂ­ධය අප්‍රේල් මාසේ නිකුත් කළා. එය වැරදි බෙහෙ­ත­ක්වත් වෙන කාගෙ­වත් බෙහෙ­තක් මාරු­වෙලා දීම­ක්වත් නොවෙයි. ආදේ­ශක ඖෂ­ධ­යක්. ඒ ඖෂ­ධය ලෙනින් පුතාට ආසා­ත්මික වෙලා. සති ගණන් එක දිගට ඒ ඖෂ­ධය ගැනීම නිසා තත්ත්වය දරුණු වුණා. මුල් සති­යෙම රෝහ­ලට දුර­ක­ත­න­යෙන් කතා කළා නම්, දරු­වාව රෝහ­ලට රැගෙන ආවා නම් නරක තත්ත්ව­යට හැරෙන එක වළක්වා ගන්න තිබුණා.” යනු­වෙන් මීරි­ගම මූලික රෝහලේ වෛද්‍ය අධි­කාරි ජයන්ත අබ­ය­රත්න සඳ­හන් කළේය.

සාය­න­යෙන් නිකුත් කෙරෙන ඖෂධ මාරු කිරී­මේදී රෝගීන්ට ඒ බව දැනුම් දීම සාමාන්‍ය පිළි­වෙ­තයි. එහෙත් තැපැල් මාර්ග­යෙන් ඖෂධ නිකුත් කළ නිසා එය මඟ හැරුණා විය හැකිය. සාය­නයේ බෙහෙත් මාරු කළ බව රෝගි­යාට දැනුම් දී තිබුණා නම් මීට වඩා යහ­පත් තත්ත්ව­යක් උදා වීමට ඉඩ තිබිණි.

“ලෙනින් නිරෝ­ෂන් දරු­වාගේ අම්මා දව­සක් මාව හමු­වන්න ආවා. ඇවිල්ලා පුතාගේ අස­නී­පය ගැන මට කිව්වා. දරු­වාගේ ඇස් අන්ධ වී ඇති බවත් කිව්වා. ඒ ගැන පරී­ක්ෂ­ණ­යක් කරන්න අවශ්‍ය නිසා මම අම්මාට කිව්වා පැමි­ණිල්ල ලිඛි­තව ඉදි­රි­පත් කරන්න කියලා. එයා මැයි 26 දාත­මින් මට ලිඛි­තව පැමි­ණිල්ල බාර දුන්නා. ඊට­පස්සෙ මම එය ප්‍රාදේ­ශීය ‍සෞඛ්‍ය අධ්‍යක්ෂ වෙත යොමු කළා. ජුනි 29 වැනිදා ප්‍රාදේ­ශීය සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා විශේ­ෂඥ වෛද්‍ය­ව­රු­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් දැම්මා. මෙම කමි­ටුව පරී­ක්ෂණ කට­යුතු සිදු කළා. එහි අව­සන් වාර්තාව ඉදි­රි­යේදි මාධ්‍ය වෙත ලබා දීමට සූදා­නම් වෙනවා.” යනු­වෙන් තව­දු­ර­ටත් විස්තර කළේ මීරි­ගම මූලික රෝහලේ වෛද්‍ය අධි­කාරි ජයන්ත අබ­ය­රත්න ය.

මේ වන විට ඖෂධ නිෂ්පා­ද­නය, සැප­යුම් හා නියා­ම­නය පිළි­බඳ රාජ්‍ය ඇමති මහා­චාර්ය චන්න ජය­සු­මන රෝගි දරු­වාව පරීක්ෂා කර බැලී­මට දරු­ව‍ාගේ නිව­සට පැමිණ තිබේ. දරු­වාට ලබා දී ඇති ඖෂධ පරීක්ෂා කළ මහා­චා­ර්ය­ව­රයා බෙහෙත් වර්ගය මාරු කර ඇත්තේ ඇයිද යන්න සොයා බැලිය යුතු බවත්, එසේ ලබා දුන් බෙහෙත් වර්ගය නිසා මෙම ආසා­ත්මි­ක­තාව ඇති වූ බවට සැක පහළ කළ හැකි බවත් පැව­සීය. එමෙන්ම ‍රෝගියා පරී­ක්ෂා­වට ලක් නොකර ඖෂධ වර්ග වෙනස් කිරීම සම්බ­න්ධ­යෙන් අමා­ත්‍යාංශ මට්ට­මින් නිසි පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට කට­යුතු කරන බව ද සඳ­හන් කළේය.

ලෙනින් නිරෝ­ෂන්ගේ පවුල සමෘ­ද්ධි­ලාභි පවු­ලක් බැවින් සමාජ ආර­ක්ෂණ අර­මු­දල මඟින් ලබා දිය හැකි සිය­ලුම උප­කාර ලබා දීමට පිය­වර ගන්නා බව පැව­සුවේ මීරි­ගම ප්‍රාදේ­ශීය ලේකම් ප්‍රභාත් ඉන්දි­කය. ඖෂධ නිෂ්පාදනය සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ‍ෙලනින්ගේ සුවදුක් බැලීමට පැමිණීම දරුවාගේ පවුලේ සියලු දෙනා කෘතවේදීව සිහිපත් කරති.

 

ඡායා­රූප - කැලුම් ලිය­නගේ

Comments