
‘‘සඳා මේ බස් ඩ්‍රයිවර් රස්සාව කරලා හරියන්නේ නැහැ. රට යන්න මගේ අදහසක් තියෙනවා. ‘‘ ප්‍රියන්ත තම බිරිඳ වූ සඳමාලි ඇමතුවේය.
අකමැත්තෙන් වුවත් තම සැමියාගේ විදේශ ගමනට සඳමාලි කැමැත්ත පල කළාය.
ඒ අනුව පළමුවරට 2008 වර්ෂයේ දි ප්‍රියන්ත සවුදි ආරාබියේ රැකියාවකට ගියේය. හේ එම රටේ පුද්ගලික සමාගමක එස්කවේටර් රියදුරකු ලෙසය. . ප්‍රියන්තගේ එකම බලාපොරොත්තුව වුයේ සිය දරුපවුලේ අනාගතය සැපවත් කිරීමය. ඔහු වරින්වර මෙරටට පැමිණ යළි විදේශත විය.
ප්‍රියන්ත තම සහකාරිය වූ අනුරුද්ධිකා සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව විවාහ විය. ප්‍රියන්තගේ උපන්ගම මාතර යටියන ප්‍රදේශයේ වුවද විවාහවීමෙන් ඔවුන් රත්ගම ප්‍රදේශයට පදිංචියට පැමිණෙන ලදී. ප්‍රියන්ත කාලයක් බස්රථ රියදුරකු ලෙස රැකියාව කළේය. දරුපවුලේ බඩවියත රැකගැනිම සඳහා ඔහු දැඩි අරගලයක නිරතව සිටියේය.
![]() |
ප්‍රියන්තගේ වියෝව අසා නිවසට පැමිණි අසල්වාසීන් කම්පා වෙද්දී
|
රත්ගම, අලුත්පාරේ අංහන්දියේ පදිංචිව සිටි 42 හැවිරිදි කන්දගේ ප්‍රියන්ත තිදරු පියෙකි. ප්‍රියන්තගේ බිරිද අනුරුද්ධිකා සඳමාලිය. ඇය තිස්පස් හැවිරිදිය. මොවුන්ගේ වැඩිමහල් පුතු මතිෂ සාරංග (14 )රත්ගම දේවපතිරාජමහා විද්‍යාලයේ 10 වසරේ අකුරු කරන්නේය. පවුලේ මද්දුමයා සිතුම් මිහිරංග (08) රත්ගම සිරිසුමන විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන්නේය. පවුලේ බාලයා වන අභිෂෙක් හසරංග අවුරුදු දෙකහමාරක සිගිත්තෙකි.
ප්‍රියන්ත මෙරටට පැමිණි එක් අවස්ථාවකදි යළි විදේශත නොවි මෙරට සිට ස්වයං රැකියාවක් කිරිමට අදිටන් කරගත්තේය. ඔහු දක්ෂ විදුලිකාර්මිකයකි. ඔහු ජේනරේටර් දෙකක් හා ඒ සඳහා අවශ්‍ය උපකරණ මිලදීගෙන උත්සව සඳහා විදුලි ආලෝකකරණ කටයුතු කිරිමේ නිරත වූයේය. කපුමුල්ලේ තොරණ සඳහා විදුලි ආලෝකය ප්‍රියන්ත විසින් සපයනු ලැබිය. එපමණක් නොව එක අවස්ථාවකදී ඔහු සිනිගම දේවාලයේ පෙරහරක මාර්ගය විදුලි ආලෝකයෙන් බැබළවිමට කටයුතු කළේය. සමාජ සේවා වැඩිවීම නිසා එම ව්‍යාපාරය සාර්ථක වූයේ නැත. ඔහු හතර අත ණය විය. පසුව ඔහු හෝටලයක්ද පවත්වාගෙන ගියේය. එයද අසාර්ථක විය.
එම නිසා ලබාගත් ණය පියවිම සඳහා යළි විදේශගතවිමට තිරණය කළේය. ‘‘ගත්තු ණය ටික බේරන්න තියෙනවා. එකම විසඳුම රට යන එක විතරයි. ‘‘ ප්‍රියන්ත සිය සහකාරියට කීවේය. විදේශතවිම සඳහා ප්‍රියන්ත සතුව මුදල් නොවිය. තමන් පදිංචිව නිවස උගස් කිරීමට අවසානයේ ප්‍රියන්ත තීරණය කළේය. ඒ සඳහා සිය බිරිදගේ ද කැමැත්තද හිමිවිය. පදිංචි නිවස හා ඉඩම රුපියල් ලක්ෂ 7ක මුදලකට උගස් කෙළේය. ඉන් කොටසක් ණය තුරුස් පියවිමට කටයුතු කළ ප්‍රියන්ත පසුගිය වර්ෂයේ මැයි මස 12 වැනිදින යළි විදේශතවිය. හේ සවුදි අරාබියේ දමාම් නගරයේ පෞද්ගලික සමාගමක එස්කවේටර් රියදුරකු ලෙස යළි රැකියාව ගියේය.
ප්‍රියන්ත මිතුරන් පිරිසක් හා දමාම්හි කාමරයක නතරවි සිටි අතර ඔහු ණය පියවිම සදහා මාසිකව බිරිඳට මුදල් එවනු ලැබිය. බිරිඳ එම මුදලින් ණය පොලී ගෙවිම සඳහා වැඩි ප්‍රමාණයක් යෙදවු අතර අත ඉතිරි වූ සොච්චම් මුදල පවුලේ නඩත්තු කටයුතු සදහා මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යෙදවිය. ප්‍රියන්ත බිරිඳ සමග සැම දිනකම පාහේ දුරකථනයෙන් කථා කළේය. ප්‍රියන්ත සමඟ සිටි මිතුරන් ඔහු සිය බිරිඳ සමඟ කථාබස් කරන දේ සිය කාමරයේ තිබු දුරකථනයකට සම්බන්ධ කොට අසාගෙන සිටියහ. මේ ගැන ප්‍රියන්ත පසුව දැනගත්තේය. ඔහු ඒ නිසා මිතුරන් සමඟ එතරම් ඇයි හොදැයියකින් නොදැක්වීය. ඔහු මිතුරන් සමඟ ආරවුලක් ඇතිකර ගත්තේ ඒ හේතුව නිසාය.
පසුගිය ජූලි මාසයේ දිනක ප්‍රියන්තට සිය මිතුරන් මත්පැන් පානය කිරිම සඳහා කථා කොට තිබේ. එහෙත් ප්‍රියන්ත ඒ සඳහා සිය අකමැත්ත ප්‍රකාශ කළේය.
‘‘උඹ බොන්න එන්නේ නැද්ද කියා මිතුරන් ප්‍රියන්තට බැණ වැදී පහරදී ඇත.‘‘ ඒ කථාව ගැන බිරිද අනුරුද්ධිකා සඳමාලි මෙසේ කීවාය.
‘‘මහත්තයා යාළුවොත් එක්ක මත්පැන් පානය කිරීමට ගිහින් නැහැ. ඊට පස්සේ මේ අය අතර ආරවුලක් ඇතිවෙලා තියෙනවා. මහත්තයාට ගහලා තියෙනවා. පසුව මහත්තයාත් පහරදීල තියෙන බව ආරංචියි, එහිදී මාවනැල්ලේ අයකුගේ අත කැපිලා මහත්තයට දින 24ක් සිරගතවෙලා ඉදලා තියෙනවා‘‘
ප්‍රියන්ත නිදහස්ව පැමිණ සඳමාලිට කථා කළේය. හේ සිදු වු සියල්ල අකුරක් නෑර සිය බිරිඳ සමඟ කීවේය. මේ අතර හිරෙන් නිදහස්ව පැමිණීමෙන් පසු ප්‍රියන්තට අවශ්‍ය ආහාරපාන මෙන්ම අනිකුත් අවශ්‍යතා එරට රැකියාව කරන සිය මිතුරකු විසින් සපයා දීමට කටයුතු කළේය ප්‍රියන්ත අවසන් වතාවට පසුගිය 15 වැනිදින දහවල් සඳමාලි සමඟ කථා කළේය.
‘‘ සඳා මට මේ අයගෙන් තර්ජන තියෙනවා. මාව ඉක්මන්ට ගෙන්වා ගන්න කටයුතු කරන්න. තුවාල වෙච්ච කෙනා මගෙන් ලක්ෂ 25ක වන්දි මුදලක් ඉල්ලනවා. ඒ මුදල අපි කොහොම හරි ගෙවලා මේ කරදරයෙන් නිදහස් වෙමු. ඉඩම විකුණලා මේ සල්ලි හොයාගන්න. ඔයා දරුවොත් එක්ක අම්මාගේ ගෙදර පදිංචියට යන්න. මොනවා හරි කරලා අපි ගෙයක් හදා ගනිමු. මට ඉක්මනට සල්ලි එවන්න‘‘
එදින පස්වරුවේ සඳමාලි ප්‍රියන්තගේ අපල උපද්‍රව දුරුවිම සඳහා දේවාලයකට ගොස් භාරයක් ද වුවාය. දේවාලයේ සිට ප්‍රියන්තට සඳමාලි දුරකථන ඇමතුම් කිහිපයක් ගත් අතර ප්‍රියන්තගේ දුරකථනය නාද වුවද ප්‍රතිචාරයක් නොවිය.
තම සැමියා කථා නොකිරිම සඳමාලිට ලොකු ගැටලුවක් විය. ඇය දසඅතේ කල්පනා කළාය. ප්‍රියන්ත දිවිහානි කරගෙන ඇති බව සඳමාලිට දැන ගන්නට ලැබුණි. ඇයට මේ සිද්ධිය අදහා ගැනීමට නොහැකි විය. ප්‍රියන්ත එල්ලී සිටින ආකාරයේ ඡායාරුප පෙළක්ද ඔවුන්ට ලැබි තිබුණි.
‘‘මගේ මහත්තයාට එල්ලිලා මැරෙන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. මහත්තයාට ගහලා මරලා එල්ලුවා ද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. මහත්තයාගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලා සිටිනවා. අපි විදේශ සේවා කාර්යංශයෙන් ඉල්ලා සිටිනවා මේ ගැන අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා අපිට සාධාරණත්වය ඉෂ්ටකරලා දෙන්න කියලා. මහත්තයාගේ මළ සිරුර මෙරටට කඩිනමින් ගෙන්වා දෙන්න කටයුතු කරණ ලෙසත් මා රජයෙන් ඉල්ලා සිටිනවා. මම දරු තිදෙනා එක්ක තනිවුණා. ලොකු පුතා මේ සිද්ධිය දැන ගත්ත දවසෙ ඉදලා කැම කන්නේ නැහැ. දැන් ඉන්න හිටින තැනක් අපිට නැති වෙන්නයි යන්නෙ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඕන. පවුලේ එදිනෙදා වියදම් පියවාගන්න ඕන. අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ‘‘ සදමාලි හැඩූ කදුළින් යුතුව කීවාය.
මොවුන් පදිංචිව සිටින නිවසේ තවමත් වැඩ අවසන් වි නැත. පවුලේ අගහිගකම් නිසා රන් කහවනු සොයා විදේශගත වු ප්‍රියන්තට අවසානයේ සිය ජීවිතයද අහිමි විය. මේ සිදුවීමට සම්බන්ධ සවුදියේ රැකියා කරණ ශ්‍රිලාංකිකයින් 04 දෙනෙකු එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මියගිය ප්‍රියන්තගේ මළ සිරුරු කඩිනමින් මෙරටට ගෙන්වා දීමට අවශ්‍ය කටයුතු කරන බව සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටී.