ඒ.ආර් සහ එෆ්.ආර් | සිළුමිණ

ඒ.ආර් සහ එෆ්.ආර්

සුද්දන් ශ්‍රී ලංකාව පාල­නය කළ සමයේ මැද භාග­යේදී පමණ ඔවුන් විසින් එක්තරා නිශ්චිත පාලන රටා­වක් මෙර­ටට හඳුන්වා දී තිබුණේ ය. එම පාලන රටාව ඔවුන් විසින් හඳු­න්වනු ලැබුවේ ඒ.ආර්. සහ එෆ්.ආර්. යනු­වෙනි. එය තව­දු­ර­ටත් පැහැ­දිලි කරනු ලැබු­ව­හොත් සුද්දන්ගේ එම පාලන ක්‍රම­වේ­දය ක්‍රියා­ත්මක කෙරුණේ නිශ්චිත පරි­පා­ලන සහ මුදල් රෙගු­ලා­සි­ව­ලට අනු­වය.

කෙසේ වෙතත් අප මේ සඳ­හන් කරන්නේ සුද්දන් රට ඇතුළු වූ මුල් කාලයේ මෙරට පාල­නය කළ රොබට් බ්‍රවු­න්රිග් සහ ටොරිං­ටන් සාමි වැනි මිනී­මරු ආණ්ඩු­කා­ර­ව­රුන්ගේ අත්ත­නෝ­ම­තික පාලන රටාව ගැන නොවන බව ද විශේ­ෂ­යෙන් ම සඳ­හන් කළ යුතු ය. එදා ඔවුන් විසින් ගෙන­යනු ලැබුවේ ම්ලේච්ඡ පාල­න­යකි. 1818 දී සහ 1848 දී ඇතිවූ නිද­හස් අර­ගල මැඬ­පැ­වැ­ත්වීම සඳහා මාෂල් ලෝ නැමැති ම්ලේච්ඡ යුද්ධ නීතිය පනවා රට තුළ අති විශාල මනුෂ්‍ය සංහා­ර­යක් ක්‍රියා­ත්මක කිරීම ඒ සඳහා කදිම උදා­හ­ර­ණ­යකි. මහා­චාර්ය විම­ලා­නන්ද තෙන්න­කෝන් සූරීන්ගේ උඩ­රට මහ කැරැල්ල නම් ග්‍රන්ථයේ එකී ම්ලේච්ඡ යුද්ධ නීතියේ තරම සවි­ස්ත­රව සඳ­හන් වේ.

ඉන් අන­තු­රුව මෙර­ටට පත්ව ආ තවත් බ්‍රිතාන්‍ය ආණ්ඩු­කා­ර­ව­රුන් කීප­දෙ­නෙකු විසින් සිදු­කර තිබුණේ මුඩු­බිම් පනත වැනි නොයෙ­කුත් අණ පනත් මගින් සිංහ­ල­යන් සතු ඉඩම් රජ­යට පව­රා­ගෙන ඒවා කුණු කොල්ල­යට සුද්දන්ට විකුණා මුළු රටම ලිප්ටන්ගේ තේ වත්තක් බවට පත් කිරී­මයි. නැත­හොත් යටත් විජි­ත­වා­දය උප­රිම මට්ට­මින් රට තුළ තහ­වුරු කිරී­මය.

එකල සුද්දන් විසින් ඒ.ආර්. සහ එෆ්.ආර්. රෙගු­ලාසි මෙර­ටට හඳුන්වා දෙනු ලැබුවේ තම පාලන කට­යුතු පහසු කර ගැනීමේ පිය­ව­රක් වශ­යෙනි. එහිදී ඔවුන්ගේ අර­මුණ වූයේ මුළු රටේම සම්පත් සමාන අයු­රින් සූරා කෑමය. කෙසේ වෙතත් 1948 දී පමණ රට තුළ ඇති වෙමින් තිබූ නිද­හ­ස්වාදී හැඟීම් උත්සන්න වීමත් සමඟ බ්‍රිතාන්‍ය අධි­රා­ජ්‍ය­වාදී සුද්දන්ට සිදු­වූයේ මුළු රටම අත­හැර දමා ආපසු එංග­ල­න්තය වෙත යාමට ය‍. එදා ඔවුන් ආපසු ගොස් තිබුණේ තමන්ගේ සිය­ලුම ඒ.ආර්. සහ එෆ්.ආර්. පම­ණක් නොව අධි­රාජ්‍ය ගැති චින්ත­න­යන් ද රට තුළ ඉතිරි කර­මිනි.

සුද්දන් විසින් ඉතිරි කර ගිය ඒ.ආර්. සහ එෆ්.ආර්. ඇතුළු අධි­රා­ජ්‍ය­වාදී නට­බුන් මහ ඉහ­ළින් පිළි­ගත් අපේ කළු සුද්දන් ද එම යල් පැන ගිය ක්‍රම­වේ­දය තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක කර­ගෙන ගියේ ඒවා කාල­යට ඔබින පරිදි ගළපා ගැනී­ම­කින් පවා තොර­වය. 1948 න් පසු මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව 1972 දී සහ 1978 දී වශ­යෙන් දෙව­රක් වෙනස්වී ඇතත් ඒ තුළ ඇති සුද්දන්ගේ කාලයේ ඒ.ආර්. සහ එෆ්.ආර්. වල අඳුරු සෙව­ණැලි තව­මත් පව­තින්නේ සක්‍රීය තත්ත්ව­යෙනි. එය ද උඩ - යට මාරු­වෙ­මිනි. අනෙක් අතට එදා සුද්දන් ගේ ඒ.ආර්. සහ එෆ්.ආර්. ක්‍රම­වේ­දය යටතේ රාජ්‍ය තන්ත්‍රයේ බල­ව­තුන් වූයේ නිල­ධා­රීන් ය. ඩොන­මෝර් ව්‍යව­ස්ථාව යටතේ මෙන් ම සෝල්බරි ව්‍යව­ස්ථාව යට­තේත් දේශ­පා­ල­න­ඥ­යන්ට සිදුවී තිබුණේ නිල­ධා­රීන් විසින් ලියා­දෙන පිට­ප­තට අනුව කට සොල­ව­මින් අංග චල­නය කිරී­මය. එහෙත් 1972 පළමු ජන­රජ ව්‍යව­ස්ථා­වෙන් සහ 1978 දෙවැනි ජන­රජ ව්‍යව­ස්ථා­වෙන් පසු තත්ත්වය සහ­මු­ලින් ම උඩු - යටි­කුරු කෙරුණේ දේශ­පා­ල­න­ඥ­යන්ට පාලන තන්ත්‍රයේ වැඩි බල­තල ප්‍රමා­ණ­යක් අත්කර දෙමිනි.

අන්ති­මේදී සිදු­වූයේ රටේ මූලික නීතිය හෙවත් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව හිතුන හිතුන විදි­හට නැවී­මට තක­තීරු දේශ­පා­ල­න­ඥ­යන්ට ඉඩ ලැබී­මය. එවැනි ඇතැම් අව­ස්ථා­වල දී රාජ්‍ය නාය­ක­යාගේ පෞද්ග­ලික අභි­ම­තා­ර්ථ­යන් සපුරා ගැනෙන පරිදි රටේ මූලික නීතිය පවා වෙනස් කෙරුණේ ය. 1978 දී ඉදි­රි­පත් කළ 1 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය, 1982 දී ඉදි­රි­පත් කළ 3 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය සහ 4 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය, 1987 දී ඉදි­රි­පත් කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය පම­ණක් නොව ඉකුත් යහ­පා­ලන ආණ්ඩුව මගින් ඉදි­රි­පත් කළ 19 වැනි සංශෝ­ධ­නය ද ඒ සඳහා කදිම උදා­හ­රණ ය.

ජේ.ආර්. ආණ්ඩුව මගින් 1978 නොවැ­ම්බර් මාස­යේදී 1 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගෙනැ­වුත් තිබුණේ විශේෂ ජනා­ධි­පති කොමි­සන් සභා­වක් මගින් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ ප්‍රජා අයි­තිය අහෝසි කිරීම සඳහා කරන ලද නිර්දේ­ශ­යට නීති­මය ආව­ර­ණ­යක් ලබා­දීමේ අද­හ­සිනි. එය ජාතික අව­ශ්‍ය­තා­ව­යක් නොවන බව අමු­තු­වෙන් කිව­යුතු නොවේ. එසේම 3 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය සහ 4 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ද ඊට සමාන අර­මු­ණ­කින් ඉදි­රි­පත් කරන ලද සංශෝ­ධන ය.

මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ ආණ්ඩුව මගින් ඉදි­රි­පත් කළ 18 වැනි සංශෝ­ධ­නයේ අර­මු­ණවී තිබුණේ ද පෞද්ග­ලික අභි­ම­තා­ර්ථ­යක් සපුරා ගැනී­මය. එසේම ඉකුත් යහ­පා­ලන ආණ්ඩුව මගින් ඉදි­රි­පත් කළ 19 වැනි සංශෝ­ධ­නය ද අවුල් ජාල­යක් වී ඇති අතර එය සැකසූ ජය­ම්පති වික්‍ර­ම­රත්න වැනි නීති විශා­ර­ද­යන් ද පසු කාල­ය­කදී 19 වැනි සංශෝ­ධ­නයේ නොගැ­ළ­පීම් ගැන සඳ­හන් කර ඇත.

ඉහත සඳ­හන් ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධන මගින් සිදු­කර තිබුණේ රටේ පොදු නීතිය හෑල්ලු කිරී­මය. එය කුමන රට­කට වුව ද හිත­කර තත්ත්ව­යක් නොවේ. සුද්දන් විසින් මෙර­ටට හඳුන්වා දෙනු ලැබූ ඒ.ආර්. සහ එෆ්.ආර්. රටේ ඉදිරි ගම­නට බාධා­වක් වී ඇත්නම් ඒවා යාව­ත්කා­ලීන කළ යුතු බව සැබෑය. එහෙත් ඒවා කළ යුතු­වන්නේ එක් එක් පුද්ග­ල­යාගේ සිතූ මනා­ප­යට නොව අදාළ විෂ­යය පිළි­බඳ විශේ­ෂඥ දැනු­මක් සහිත විද්වත් මණ්ඩ­ල­යක අධී­ක්ෂ­ණ­යෙනි.

මෙරට ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව 20 වැනි වර­ටත් සංශෝ­ධ­නය කළ යුතු බවට මේ වන­වි­ටත් යම් කතා­බ­හක් පවතී. 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නයේ බර­ප­තළ හිඩැස් කීප­යක් පව­තින බැවින් එය කාල­යට ගැළ­පෙන පරිදි සංශෝ­ධ­නය කළ යුතු බව අපගේ ද අද­හ­සයි. එහෙත් එය කළ­යුතු වන්නේ ඉතා­මත් සීරු­මා­රු­ව­ටය. එසේ නොවු­ණ­හොත් සිදු­වන්නේ යළිත් වරක් පඹ­ගා­ලක පැටළී8මය. එවැ­න්න­කට ඉඩ ‍තැබීම කිසි­සේත්ම නොකළ යුත්තකි.

මේ අතර සමස්ත ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වම අලු­තින් සකස් කළ යුතු බවට ද ප්‍රබල මත­යක් පවතී. එය ද ඉතා හොඳ අද­හ­සකි. එහෙත් එය කළ­යුතු වන්නේ 1978 දී මෙන් එක් එක් පුද්ග­ල­යාගේ පෞද්ග­ලික හෝ දේශ­පා­ල­නික අභි­ම­තා­ර්ථ­යන් මුදු­න්පත් කර ගැනීමේ අර­මු­ණින් නොවේ. රටේ ජාතික අව­ශ්‍ය­තා­වන්ට මුල් තැන දෙමිනි.

වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ට රට ගැනත්, රටේ අනා­ග­තය ගැනත් ඉතා හොඳ දැක්මක් තිබේ. ඉකුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මෙන් ම ඉකුත් මහ මැති­ව­ර­ණ­යේ­දීත් මෙරට බහු­තර ජන­තාව විසින් ඉහ­ළින් ම අනු­මැ­තිය පළ­වූයේ එම නිවැ­රැදි දැක්මට ය. එහෙ­යින් කවු­රුන් මොන මුසා­වක් ඇද බෑවද තමන්ගේ දර්ශ­නය තමන් බලා­පො­රොත්තු වූ අයු­රින් ම ක්‍රියා­ත්මක කිරීම ජනා­ධි­ප­ති­තු­මන් සතු වග­කී­මකි. මන්ද එය මෙරට ජන­තාව අත­රින් 2/3 කගේ අභි­ම­තය වන බැවිනි. එසේම අභි­නව ආණ්ඩුවේ ඉදිරි ගමන යල් පැන­ගිය ඒ. ආර්. සහ එෆ්.ආර්. වලින් සීමා කිරී­මට ද ඉඩ නොතැ­බිය යුතු ය. වර්ත­මා­නයේ රටේ ජාතික අව­ශ්‍ය­තාව වී ඇත්තේ ජන­හි­ත­කාමී ශක්ති­මත් ආණ්ඩු­වකි.

එසේ නොවු­ණ­හොත් සිදු­වන්නේ මෙරට කීර්ති­මත් දේශ­පා­ලන අතී­ත­යක් ඇති එ.ජා.ප. යට වර්ත­මා­නයේ සිදුවී ඇති කන­ගා­ටු­දා­යක ඉර­ණ­මට සමාන තත්ත්ව­ය­කට මුහු­ණ­පෑ­මට අනෙක් පාලක පක්ෂ­ව­ලට ද සිදු­වී­මය.

 

Comments