බිනර මස රටට, සැමට සුබ ඵල ඥාන කාරක බුධ කන්‍යා රාශියට | සිළුමිණ

බිනර මස රටට, සැමට සුබ ඵල ඥාන කාරක බුධ කන්‍යා රාශියට

ආග­මික සංහි­ඳි­යාව පිළි­බඳ සුබ­වාදී නැඹු­රු­වක්

ව්‍යවස්ථා කෙටු­ම්පත සම්පා­ද­න­යට නැණ­වත් ඇස

විධි­මත් අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ රැසක්

නව නීති සම්පා­ද­න­යට  බුද්ධි­ම­තුන්ගේ එක­ඟ­තාව

රජයේ ඍජු තීන්දු තීරණ පිළි­බඳ ජන­තා­වගේ ප්‍රසා­දය

ඥාන­කා­රක බුධ ග්‍රහයා 2020 සැප්තැ­ම්බර් මස 02 වැනි දින 12.01ට සිය උච්ච මූල­ත්‍රි­කෝණ ස්වක්ෂේත්‍ර රාශිය වන කන්‍යා­වට පැමිණේ. විශේ­ෂ­යෙන් තීක්ෂණ නුව­ණට සත්‍ය­වාදි බවට කතා ලීලා­වට ශාස්ත්‍රීය නිර්මාණ පොත්පත් ග්‍රන්ථ­ක­ර­ණ­යට ඉගෙ­නී­මට ඉගැ­න්වී­මට චිත්‍ර කර්මා­න්තය හා කලා කට­යු­තු­ව­ලට ප්‍රධා­න­වන බුධ සිය වාස භවන හා සමාන කන්‍යා රාශි­යට පැමි­ණීම රටේ සිදු­වන බොහෝ කට­යුතු සඳහා බුද්ධි­ම­තුන්ගේ ඒක­රාශි වීම කැප­වීම හා ආශි­ර්වා­දය හිමි වෙනු ඇත. 

මේ අත­රම 2020 අගෝස්තු මස 16 වන දින 19.11ට රවි ග්‍රහ­යාද සිය ස්වක්ෂේත්‍ර රාශිය වන සිංහ රාශි­යට පැමි­ණීම කෙළින්ම රජය නියෝ­ජ­නය  වන සුබ­වාද සිදු­වීම් රැසක් මෙන්ම රජය ශක්ති­මත් වන ප්‍රති­සං­ස්ක­රණ රැසක් සිදු­වී­මට එය හේතු සාධක වන්නකි. කුම්භ ලග්නය වන ලංකා කේන්ද්‍ර­යට අනුව රවි 7 ට පැමි­ණීම විවිධ ප්‍රබල ජන කොට­ස්වල ඒක­රා­ශිව රජයේ තීන්දු ක්‍රියා­වට නැංවී­මට සහාය වීමද සිංහ ලග්නය වන ජන­රජ කේන්ද්‍රයේ රවි ලග්න­ගත වීමද රජයේ ඍජු තීන්දු තීරණ කඩි­න­මින් ක්‍රියා­වට නැංවී­මද ඒ සඳහා සැමගේ සුබ­වාදි එක­ඟ­තාව රජ­යට නොඅ­ඩුව ලැබී­මද ඒ තුළින් රජය බුද්ධි­මත් ලෙස ඉදි­රි­යට ක්‍රියා කට­යුතු සම්පා­ද­නය කර­වී­මට ද සමත් වනු ඇත. ඥාන­යෙන් කෙරෙන කට­යුතු අතර විදුලි, තැපැල්, දුම්රිය ගම­නා­ග­ම­නය, නව සොයා ගැනීම්, තාක්ෂ­ණික ඥානය, අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ හා රටේ විනෝ­දා­ස්වා­දය වෙනු­වෙන් කෙරෙන කට­යුතු හා සුබ­සා­ධන කට­යුතු කෙරේද වඩ වඩාත් කැප­වී­මට මේ රවි - බුධ යහ­පත් රාශි සම්ප්‍රා­ප්තිය ඉව­හල් වනු ඇත. විශේ­ෂ­යෙන් නීති සම්පා­ද­නය, අධ්‍යා­පන, රටේ ප්‍රවා­හන, ප්‍රවා­හන තද­බ­දය අවම කෙරෙන සැල­සුම් සම්පා­ද­නය කොට ක්‍රියා­ත්මක කිරී­මද ඒ සඳහා ආග­මික සංහි­ඳි­යාව - ජනතා ප්‍රසා­දය ද රජ­යට හිමි වීමෙන් රජයේ ප්‍රධා­නින් බුද්ධි­මත් ලෙස සිය කට­යුතු ඉදි­රි­යට ගෙන යනු ඇත. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉහ­ළම තැන වැජ­ඹෙන රටක් බවට පත් කිරී­මට තරම් සුදුසු පිය­ව­ර­යන් රැසක් ඉදිරි සති දෙක තුන අතර ක්‍රියා­වට නැ‍ංවෙනු ඇත.

මේ අනුව බුධ රවි සංක්‍ර­ම­ණය ලග්න අනුව රටට ජන­තා­වට බල­පාන්නේ කෙසේද යන්න සලකා බලමු.

මේෂ ලග්නය

වාස­නා­වන්ත දරු ඵල

‍ෙම්ෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ 06 ට රවි 5 ට පැමි­ණීම විදේශ ආයෝ­ජන ව්‍යාපාර හා විවිධ ආර්ථික ප්‍රති­ලාභ හිමි­වන බව පෙනෙ­න්නට තිබේ. විශේ­ෂ­යෙන් දරු­වන් බලා­පො­රොත්තු වන අය සඳහා වාස­නා­වන්ත පුත්‍ර ඵලද හිමි­වෙයි. බුධ විශේ­ෂ­යෙන් වා, පිත්, සෙම් රෝග වලට හේතු සාධක වන ග්‍රහ­යකු බැවින් එබඳු රෝග කෙරෙන් ප්‍රවේ­ශම් වීමට වග බලා ගන්න. විශේ­ෂ­යෙන් සෙම වඩන ආහාර ඇසිඩ් ගතිය සහිත ආහාර අවම කර ශරීර සෞඛ්‍ය පිළි­බ­ඳව උනන්දු විය­යුතු කාල­යක් බව පව­සමි. චන්ද්‍රයා ද මේ සතිය පුරා­වට 10 - 11 - 12 යන ස්ථාන­වල ගමන් කිරීම වැටීම් තැලීම් වල­ටද හේතු­විය හැකිය. රුචක යෝගය හර්ෂා යෝගය ඔබට උදා කරයි.

වෘෂභ ලග්නය

රැකි­යාවේ සුබ­වාදී වෙන­සක්

වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ ග්‍රහයා 05 වැන්නේ සිටින අතර රවි 04 වැන්නේ සිට ඔබගේ රැකි­යාවේ සුබ­වාදි වෙන­සක් ඇති කිරී­මට සමත් වේ. තමා බලා­පො­රොත්තු වන වාහන ඉඩම් නිවාස මිලදී ගැනී­මක් ද හදිසි ධන­යක් අන්සතු දේප­ළක් හිමි වීමක්ද පෙනෙ­න්නට තිබේ. උෂ්ණ අධික ආහාර වලින් වැළකී සිටිය යුතු කාල­යකි. තෙල් ආහාර අවම කිරීම සුබයි. නැත­හොත් පපුවේ නහ­ර­ගත කිසි­යම් අසා­ත්මි­කතා මතු කිරී­මට හේතු වනු ඇත. ඉදිරි සතියේ චන්ද්‍ර­යාගේ ගමන් මඟද ඒ රෝග සඳහා අත වනන බව පෙනෙ­න්නට තිබේ. සරල හා විමලා යන බල­වත් යෝග දෙක ඔබට උදා කරයි.

මිථුන ලග්නය

අන් අයගේ අත­හිත

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ ග්‍රහයා 04 වැන්නට හා රවි ග්‍රහයා 03 වැන්නට පැමිණ සිටීම ඉතා වාස­නා­වන්ත පිහි­ටී­මකි. කාල­යක් ගැට­ලු­වක්ව පැවති නීති ප්‍රශ්න­යක් නිරා­ක­ර­ණය වනු ඇත. එසේම තම ඥාති පාර්ශ්ව­යෙන් එල්ල වුණු විරෝ­ධතා සම­නය වී බොහෝ දෙනා ‍ඔබගේ සාර්ථ­ක­ත්ව­යට අත­හිත දෙනු ඇත. කිසි­යම් සැල­සුම් සහ­ගත ආයෝ­ජ­න­ය­කට ඔබගේ මනස ක්‍රියා­වට නැංවෙන අතර ඒ තුළින් බොහෝ සම්පත් උදා­වී­මට ද හේතුවේ. හංස යෝගය යන බල­වත් යෝගය ඔබගේ ලග්න­යට අනුව උදා කරයි.

කටක ලග්නය

ධන සම්පත් උදාවේ

කටක ලග්න­යට අනුව ඔබගේ කේන්ද්‍රයේ බුධ 03 වැන්නට හා රවි ග්‍රහයා 02 වැන්නට පැමිණ විශේ­ෂ­යෙන් ධන සම්පත් උදා කිරී­මට හේතු වෙයි. අන් අය සතු ඉඩම් මිල මුදල් ඔබට අයිති වීමේ බලය හිමිවේ. විශේ­ෂ­යෙන් ඔබට හිමි වන්නට තිබී වෙනත් අයකු විසින් භුක්ති විඳි­මින් පැවති ඉඩ­මක අයි­ති­වා­සි­කම නීති­යෙන්ම ඔබට පැව­රෙනු ඇත. ඒ සඳහා බොහෝ­විට වැඩි­හිටි පාර්ශ්ව­යෙන් ඇප උප­කා­රද ලැබේ. ඔබගේ ලග්න­යට අනුව රුචක යෝගය හා හර්ෂ යන බල­වත් යෝග දෙක ඔබට උදා කරයි.

සිංහ ලග්නය

රාජ තාන්ත්‍රික උප­කාර

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්­ද්‍ර­යට අනුව බුධ ග්‍රහයා 02 වැන්නේ ද රවි ග්‍රහයා 01 වැන්නේ ද යෙදෙ­මින් සිතේ බල­වත් සතුට ශක්තිය උදා කර­මින් සැල­සුම් සහ­ගත ධන­ය­කට හිමි­කම් කීමට ඔබට හැකි වේ. රාජ තාන්ත්‍රික උප­කාර හා තමාගේ ඥාන­කා­ර­ක­ත්වය උප­ක්‍ර­ම­ශීලි ක්‍රියා­මාර්ග නිසා බොහෝ­විට එබඳු යහ­ප­ත්කම් රැස­කට සුදුසු මං සැලසේ. කෙසේ නමුදු හිසේ තද­බල වේද­නා­වක් සෙම් කෝප වීමක් වීමට ඉඩ තිබෙන නිසා රාත්‍රී කාලයේ ස්නානය සෙම වඩන අතර සුදුසු නොවන බව පව­සමි. ඔබගේ ලග්න­යට අනුව හර්ෂ නම් බල­වත් යෝගය ඔබට උදා­වනු ඇත.

කන්‍යා ලග්නය

බොහෝ දෙනාගේ ප්‍රසා­දය

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ ග්‍රහයා ලග්න ගත­වී­මද රවි 12 වැන්නට පැමිණ සිටී­මද නිසා බොහෝ විට එදි­නෙදා කට­යුතු කෙරෙන් සතුට අභි­වෘ­ද්ධිය ද ශාස්ත්‍රිය කලා අංශ කෙරෙන් සුබ­වාදි ජය­ග්‍ර­හණ ද හිමි වෙයි. බොහෝ දෙනාගේ ප්‍රසා­දය හිමි වනු ඇත. ඔබ කරන කට­යුතු අන් අයගේ ඇග­යී­මට ලක්වන අතර ඒ සඳහා සුදුසු මිලක් වටි­නා­ක­මක් ද හිමි වේ. විශේ­ෂ­යෙන් පාදයේ වළ­ලු­කර ආශ්‍රිත උව­දුරු එළ­ඹිය හැකි නිසා ප්‍රවේ­ශම් වන්න. ඔබගේ ලග්න­යට අනුව හංස යෝගය, සරලා යෝගය හා විමලා යෝගය නම් බල­වත් යෝග ත්‍රිත්වය ඔබට වාස­නාව ගෙන එයි.

තුලා ලග්නය

යහ­පත් ආර්ථික වාසි­යක්

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ ග්‍රහයා 12 වැන්නට පැමි­ණී­මත් රවි ග්‍රහයා 11 වැන්නට පැමිණ තිබී­මත් නිසා යහ­පත් ආර්ථික වාසි­යක් ඔබට හිමි­කර දෙයි. පිට­ර­ටක සිටින අයකු වෙතින් එම වාසිය ඔබට ලැබෙන අතර ලොත­රැයි දිනුම් තරග විභාග වලින් ජය­ග්‍ර­හණ යනා­දි­යට හේතු වෙයි. තමා කලක් සැල­සුම් කර­ගෙන ආ ආයෝ­ජන කට­යු­ත්ත­කට අත ගැසී­මට ඔබට ශක්තිය හා අන් අයගේ ඇප උප­කාර ලැබෙනු ඇත. විශේ­ෂ­යෙන් තුලා ලග්නය හිමි ඔබට සස යෝගය විමලා යෝගය යන යෝග යුගළ ඔබගේ ඉදිරි සාර්ථ­ක­ත්ව­යට මනා පිටි­ව­හ­ලක් වනු ඇත.

වෘශ්චික ලග්නය

ස්වඋ­ත්සා­හ­යෙන් ඉදි­රි­යට

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ ඔබගේ කේන්ද්‍රයේ 11 වැන්නට පැමි­ණී­මත් රවි 1 වැන්නට පැමිණ සිටී­මත් නිසා විශේ­ෂ­යෙන් ධන කාර­ක­ත්වය මනාව ඔපුප් කරන පිහි­ටී­මකි. විශේ­ෂ­යෙන් රැකි­යාව, විවා­හය හා ආර්ථික ප්‍රව­ර්ධ­න­යට බාධා පැමිණි යුගය අව­සන් කර­මින් බොහෝ මාර්ග රැසක් ඔබගේ දියු­ණු­වට විවෘත කර­දෙයි. තමා ස්ව උත්සා­හ­යෙන් කර­ගෙන ආ ව්‍යාපාර කට­යුතු නව මං ඔස්සේ ඔබට කර­ගෙන යාමට ශක්තිය උදා කෙරෙනු ඇත. වෘශ්චික ලග්න­යට අනුව හර්ෂ යෝගය නම් බල­වත් යෝගය ඔබට උදා­කර දෙනු ඇත.

ධනු ලග්නය

දේපළ අයි­ති­යක්

ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ ග්‍රහයා 10 වැන්නට පැමි­ණෙන අතර රවි ග්‍රහයා 09 වැන්නට පැමිණ තිබීම නිසා ඉතා ප්‍රබල පුණ්‍ය මහි­ම­යක් ඔබ වෙත ළඟා කර දෙනු ඇත. ඔබ විසින් මීට පෙර කර තිබූ ආයෝ­ජ­න­යක ප්‍රති­ලාභ හෝ ඔබට අයිති වීමට තිබූ දේප­ළක උරු­මය නොඅ­ඩුව ඔබට ලැබෙනු ඇත. තවද තම පිය පාර්ශ්වයේ උරු­ම­යක් මෙන්ම තමාට කලක් අව­හි­ර­යක්ව තිබූ නීති ගැට­ලු­වක් ලිහිල්ව ගොස් අහිමි වී තිබූ ආර්ථික ප්‍රති­ලා­භ­යක් ඍජු­වම ඔබට හිමි වනු ඇත. ධනු ලග්න­යට අනුව හංස යෝගය හා හර්ෂ යෝගය නම් බල­වත් යෝග දෙක ඔබට යහ­පත පිණිස උදා වෙයි.

මකර ලග්නය

පෙර පින් මතු කෙරේ

මකර ලග්න­යට අනුව ඔබගේ කේන්ද්‍රයේ බුධ 09 වැන්නට පැමි­ණී­මද රවි 08 වැන්නට පැමිණ සිටී­මද පෙර පින් මහි­මය මතු කරන අපූ­ර්ව­තම පිහි­ටී­මකි. තමාගේ යහ­පත් කල්ක්‍රි­යාව බොහෝ දෙනාගේ ප්‍රසා­ද­යට ඇග­යී­මට ලක්වන බව පෙනෙ­න්නට තිබේ. ඔබගේ චින්ත­නය දියුණු වී පෙර ආත්මයේ පටන් පැවත ආ කුස­ල­තා­වක් මේ වක­වා­නුව තුළ විශේ­ෂ­යෙන් කැපී පෙනෙන අන්ද­මින් උද්දී­ප­නය වේ. චිත්‍ර, සංගීත හා වෙනත් නිර්මා­ණ­ශීලී කට­යුතු මෙසේ ප්‍රච­ලිත වීමට කරුණු යෙදෙනු ඇත. ඔබගේ ලග්න­යට අනුව රුචක යෝගය, සස යෝගය, සරල යෝගය සහ විමලා යෝගය යන යෝග හත­රම ඔබට යහ­පත පිණිස යෙදේ.

කුම්භ ලග්නය

විවාහ කට­යුතු සඳහා පසු­බිම

කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ 08 වැන්නට එත­රම් සුබ නොවු­වද දැනට රවි 07 වැන්නේ ප්‍රබ­ලව යෙදී සිටින නිසා කල්ගිය විවාහ කට­යුතු සඳහා සුදුසු කාලය එළ­ඹී­මකි. වෙන්වූ විවාහ සහ­කරු හෝ සහ­කා­රිය නැවත ඔබ සොයා එනු ඇත. අවි­වා­හක අයට මංගල යෝජනා සම්මත වේ. බුධ විසින් ඔබට උගුරේ සෙම පපුවේ හතිය ගෙන එන නමුත් සෙම වඩන ආහාර අවම කිරීම අවේ­ලාවේ ස්නානය අවම කිරීම තුළින් එම අප­හ­සුතා මඟ­හ­රවා ගැනී­මට ඔබට හැකි­වෙයි. සරලා යෝගය විමලා යෝගය යන යෝග දෙක ඔබට යහ­පත ගෙන ඒමට සමත් වෙයි.

මීන ලග්නය

සිතේ සතුට

මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව බුධ ග්‍රහයා 07 වැන්නට පැමිණ සිතේ සතුට උප­ද­වන කරුණු රැස­කට මඟ පාදයි. කලක් ඔබ වෙතින් ඈත්ව සිටි බොහෝ දෙනෙකු ඔබ සමඟ සබැ­ඳි­යා­වෙන් කට­යුතු කිරී­මට එක්වේ. 

විභා­ගාදි කට­යුතු වලින් ජය හිමිවේ. රැකියා සම්මුඛ පරී­ක්ෂණ ආදියේ ජය­ග්‍ර­හණ ඔබට හිමි කර දෙයි. විශේ­ෂ­යෙන් ඔබ ප්‍රවේ­ශම් විය යුත්තේ යටි­බඩ ආශ්‍රි­තව සිදු­විය හැකි අසා­ත්මි­ක­තා­ව­න්ගෙනි. 

සැර උෂ්ණ ආහාර පානා­දි­යෙන් වැළකී උප­රිම වතුර පානය ඇඟ නිවෙන ආහා­ර­පාන ගැනීම සුදුසු වෙයි. 

ඔබගේ ලග්න­යට අනුව භද්‍ර යෝගය, හංස යෝගය, හර්ෂ යෝගය ඔබට උදා­ක­ර­මින් ඉදි­රි­යට යහ­පත් කෙරේ. 

Comments