සතියක් ඇතුළත 15කට දිවි අහිමි කළ මාරක රිය අන­තුරු පහක් | Page 3 | සිළුමිණ

සතියක් ඇතුළත 15කට දිවි අහිමි කළ මාරක රිය අන­තුරු පහක්

අලව්වේ ටිපර්-මෝටර් රථ අන­තුර
අලව්වේ ටිපර්-මෝටර් රථ අන­තුර

ජීවි­තයේ අවි­නි­ශ්චිත භාවය පිළි­බඳ නිද­සුන් ඕනෑ­ත­රම් තිබු­ණද හිත­ව­ත­කුට අව­සන් ගෞරව දක්ව­න්නට ගිය ගමන තම­න්ගේද අව­සන් ගමන වෙතැයි එම ඉර­ණ­මට මුහුණ දුන් කිසි­වකු සිහි­නෙ­නුදු නොසි­ත­න්නට ඇත. පසු­ගිය 22 වැනිදා එවැනි අවා­ස­නා­වන්ත ඉර­ණ­මක් සනි­ටු­හන් කළ දින­යකි. එදින ප්‍රදේශ 3කදී සිදුවූ මාරක රිය අන­තුරු 3කින් 8 දෙන­කුට දිවි අහිමි වූ අතර 10 දෙනකු තුවාල ලැබීය. කුරු­ණෑ­ගල- කොළඹ ප්‍රධාන මාර්ගයේ අල­ව්වේදී මෝටර් රියක් ටිප­ර­යක ගැටී­මෙන් 5 දෙනකු මරු­මු­වට පත්වූ අතර එදි­නම ඇල්ල වැල්වාය මාර්ගයේ රාවණා දිය ඇල්ල අස­ලදී වෑන් රියක් ප්‍රපා­ත­යට වැටී­මෙන් තිදෙ­නකු මරු­මු­වට පත්වී තිදෙ­නකු තුවාල ලැබීය. එදි­නම තලාව තඹු­ත්තේ­ගම ප්‍රධාන මාර්ගයේ පයි­න්ඩි­කු­ල­මේදී කැබ් රියක් දුම්රියේ ගැටී 7 දෙනකු බර­ප­තළ තුවාල ලැබීය.

ඒ අත­රින් කුරු­ණෑ­ගල කොළඹ මාර්ගයේ අලව්ව වළ­කු­ඹුර ප්‍රදේ­ශ­යේදී අලු­යම හත­රට පමණ මෝටර් රථ­යක් සහ ටිපර් රථ­යක් එකි­නෙ­කට ගැටී­මෙන් සිදුවූ මාරක අන­තු­රින් දිවි අහිමි වූ පුද්ග­ල­යන් 5 දෙනාම වයස අවු­රුදු 30ට අඩු තරු­ණ­යන් වීම දැඩි ඛේද­නීය තත්ත්ව­යකි. එම තරු­ණ­ය­න්ගෙන් තිදෙ­නකු පෞද්ග­ලික ඉදි­කි­රීම් සමා­ග­මක මධ්‍යම අධි­වේගී මාර්ග ව්‍යාපෘ­තියේ වදා­කඩ කොටසේ සේවය කළ මිණුම් සහා­ය­ක­ය­ව­රුන් වන අතර එක් තරු­ණ­යකු එම සමා­ග­මේම රියැ­දු­රකු ලෙස සේවය කර­මින් සිටි අයෙකි. අනෙක් තරු­ණයා ඇඟ­ළුම් කම්හ­ලක සේවය කර­මින් සිටි අයෙකි. ඔවුහු 21 වැනිදා රාත්‍රියේ මිතු­ර­කුගේ පිය­කුගේ අව­ම­ඟු­ලට සහ­භාගී වීම සඳහා වර­කා­පොල ප්‍රදේ­ශ­යට ගොස් නැවත පැමි­ණෙ­මින් සිටි­යදී එම අවා­ස­නා­වන්ත ඉර­ණ­මට මුහුණ දී තිබේ. එලෙස අවා­ස­නා­වන්ත ලෙස දිවි සැරිය නිමා කළේ පුත්ත­ලම කොට්ටු­ක­ච්චිය මැල්ල­න්කු­ලමේ පදිං­චිව සිටි වර්ණ­කු­ල­සූ­රි­යගේ තාරුක අදීෂ පෙරේරා(22), වැලි­මඩ අඹ­ග­ස්දෝව නික­අ­ත්ත­න­ගොඩ පදිං­චිව සිටි මල්ල­ව­ආ­ර­ච්චිගේ ශ්‍රීමාල් මනෝජ්(26), කෑගල්ල නෙළු­න්දෙ­ණිය උඩු­කු­ඹුරේ පදිං­චිව සිටි දිල්ෂාන් ජය­සංක(23)යන මිනුම් සහා­ය­ක­යන් තිදෙනා, එම සමා­ග­මේම රිය­දු­රකු ලෙස සේවය කළ ඉබ්බා­ග­මුව වඩු­පොල සුනිල් පති­ර­ණ­ලාගේ මිහිර සචිත්‍ර පති­රණ(29) සහ ඇඟ­ළුම් කම්හ­ලක සේවය කළ ඉබ්බා­ග­මුවේ පන්නල වීර­කෝන් මුදි­ය­න්සේ­ලාගේ චරිත කෞශල්‍ය මධු­ෂාන් (24)යන අයය. චරිත මධු­ෂාන් මෙම ගම­නට එක්වී ඇත්තේ ඔහුගේ මිතුරා වන මිහිර සචි­ත්‍රගේ ඉල්ලී­ම­ටය. අන­තු­රට ලක්වූ ඔවුන් ගමන් ගත් මරුටි වර්ගයේ මෝටර් රථය ද මිහි­රට අයත් වූවක් වන අතර රිය පදවා ඇත්තේ ද ඔහු විසින් බව අනා­ව­ර­ණය වී තිබේ.

රියැ­දු­රුට නින්ද යෑම හේතු­වෙන් එම මාරක අන­තුර සිදු­ව­න්නට ඇති බව පොලි­සිය සැක කරයි. වැලි පිරවූ ටිපර් රථය මාර්ගයේ නිය­මිත දෙසින් ධාව­නය වී ඇති බවත් ඊට ප්‍රති­වි­රුද්ධ දෙසින් පැමිණි මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ධාව­නය වී රිපර් රථය සමඟ මුහු­ණට මුහු­ණලා ගැටී­මෙන් අන­තුර සිදුවී තිබේ. ටිපර් රථයේ රියැ­දුරු යටි­ය­න්තොට ප්‍රදේ­ශයේ පදිංචි නිහාල් පුෂ්ප­කු­මාර ජය­සේන පොලි­සි­යට කර ඇති ප්‍රකා­ශය අනුව ඔහු මඩ­ක­ල­පුවේ සිට වැලි රැගෙන කොළඹ දෙසට රිය ධාව­නය කර­මින් සිටි­යදී අන­තු­රට පත්වූ මෝටර් රථය විදුලි පහන් අව­ලෝ­ක­නය නොකර වේග­යෙන් ඉදි­රි­යට පැමිණ තිබේ. එය දුටු වහාම ඔහු ටිපර් රථය නවතා ඇතත් මෝටර් රථය විශාල ශබ්ද­යක් නඟ­මින් ටිපර් රථයේ ගැටී ඇත.

රාවණා දිය ඇල්ල අස­ලදී ප්‍රපා­ත­යට 
පෙර­ළුණු වෑන් රථය

තරුණ ජීවිත 5ක් අකා­ලයේ රටට අහිමි කළ ඒ මාරක අන­තුර එසේ සිදු­වද්දී එදි­නම උදෑ­සන 6ට පමණ තවත් මාරක අන­තු­රක් ඇල්ල වැල්ල­වාය ප්‍රදේ­ශ­යේදී සිදු විය. ඒ, ඇල්ල වැල්ල­වාය මාර්ගයේ රාවණා ඇල්ලට නුදු­රින් පිහිටි වංගු­වක් ආස­න්න­යේදී වෑන් රියක් මාර්ග­යෙන් ඉව­තට පැන අඩි 150ක පමණ දුරක් ප්‍රපා­ත­යට පෙරළී යෑම නිසා එම වෑන් රථයේ ගමන් ගත් තිදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී තවත් තිදෙ­නකු තුවාල ලැබී­මෙනි. ලංකා විදුලි බල මණ්ඩ­ලයේ බදුල්ල ශාඛාවේ තැණීම් අංශයේ සේවය කළ විදුලි අධි­කා­රි­ව­රුන් දෙදෙ­නකු සහ ඔවුන් ගමන් ගත් කුලී පද­නම යටතේ ලබා­ගෙන තිබූ වෑන් රථයේ රිය­දුරු එසේ ජීවි­ත­ක්ෂ­යට පත්විය. ඒ අනුව එම අන­තුර නිසා දිවි අහිමි වූයේ පස්සර මාඔ­ස්සා­ගොල්ලේ පදිං­චිව සිටි ඩබ්. එම්. සුබ­සිංහ හා ගාල්ල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ටී.ජී. උදය කුමාර යන විදුලි අධි­කා­රි­වරු දෙදෙ­නාට සහ වෑන් රථයේ රිය­දුරු බදුල්ලේ අළු­ගොල්ලේ පදිං­චිව සිටි ඒ. එම්. විම­ල­සේන යන අය­ටය. අන­තුර හේතු­වෙන් හිසට බර­ප­තළ තැලීම් සිදුවූ විදුලි අධි­කාරි ආර්.එම්. දිල්හාන් වැල්ල­වාය රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන අතර සුළු තුවාල ලැබූ ලලිත් ප්‍රසන්න සහ අජිත් පුෂ්ප­කු­මාර යන විදුලි අධි­කා­රි­ව­රුන් දෙදෙනා බදුල්ල මහ­රෝ­හලේ ප්‍රති­කාර ලබයි.

එම විදුලි අධි­කා­රි­වරු පස්දෙනා පෙර­දින රාත්‍රියේ ගාල්ල ප්‍රදේ­ශයේ පිහිටි හිත­වත් විදුලි අධි­කා­රි­ව­ර­ය­කුගේ ඥාති­ය­කුගේ අව­ම­ඟුල් අව­ස්ථා­ව­කට සහ­භාගි වීමට ගොස් ඇති අතර 22 වැනිදා උදෑ­සන ආපසු එමින් සිටි­යදී වෑන් රථයේ රියැ­දු­රුට නින්ද යෑම හේතු­වෙන් උදෑ­සන 6.25ට පමණ එම අන­තුර සිදුවී තිබෙන බව මූලික පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ. මාර්ග­යෙන් ඉව­තට පැන අඩි 150ක් පමණ බෑවු­ම­කට වැටුණු රථය ගසක වැදී­මෙන් නැවතී ඇති බවත් එසේ නොව­න්නට තවත් අඩි 3000කට වඩා වැඩි බෑවු­ම­කට රථය වැටී­මට ඉඩ තිබූ බව ද පොලි­සිය පව­සයි.

22 වැනිදා අලු­යම 3ට පමණ තලාව තඹු­ත්තේ­ගම ප්‍රධාන මාර්ගයේ පයි­න්ඩි­කු­ලම ප්‍රදේ­ශ­යට පිවි­සෙන දුම්රිය හරස් මාර්ගයේ ඔස්සේ ධාව­නය වූ කැබ් රථ­යක් මන්නා­රම සිට කොළඹ බලා ගමන් කර­මින් තිබූ දුම්රි­යක ගැටී­මෙන් තවත් අන­තු­රක් සිදු විය. ඒ හේතු­වෙන් කැබ් රථයේ ගමන් ගත් හත් දෙනකු බර­ප­තළ තුවාල ලබා අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර තිබේ. තුවාල ලැබු­වන් ගම්පහ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වන් වන අතර ඔවුන් පස්දෙ­නකු තලාව ප්‍රදේ­ශයේ ඥාති­ය­කුගේ නිවසේ පැවති සාද­ය­කට සහ­භාගි වී එහි සිටි තවත් ඥාතීන් දෙදෙ­නකු ද සමඟ ආපසු යමින් සිටි­යදී මෙම අන­තුර සිදුවී තිබේ. තුවාල ලැබූ­වන් අතර කාන්තා­වන් දෙදෙ­නකු ද වේ.

පයි­න්ඩි­කු­ලම  දුම්රිය හරස් මාර්ග­යේදී  දුම්රියේ ගැටුණු කැබ් රථය

22 වැනිදා සිදුවූ එම මාරක රිය අන­තු­රු­ව­ලට අම­ත­රව 23 වැනිදා රාත්‍රී 8.30ට පමණ මහ­නු­වර කුරු­ණෑ­ගල ප්‍රධාන මාර්ගයේ ගල­ගෙ­දර මඩ­වල බෑවු­මේදී මෝටර් රථ දෙකක් හා කන්ටේ­නර් රථ­යක් ගැටී­මෙන් සිදුවූ අන­තු­ර­කින් දෙදෙ­නකු මරු­මු­වට පත්ව තවත් පස් දෙනකු තුවාල ලබා තිබේ. අන­තුර සිදුව ඇත්තේ කටු­ග­ස්තොට ප්‍රදේ­ශයේ සිට කුරු­ණෑ­ගල දෙසට සාදික්කා තොග­යත් රැගෙන ගමන් ගනි­මින් තිබූ කන්ටේ­නර් රථ­යක් මඩ­වල බෑවු­මේදී මෝටර් රථ­යක ගැටී ඉදි­රි­යට ධාව­නය වෙමින් තවත් මෝටර් රථ­යක ගැටී ඒ මතට පෙර­ළී­මෙනි. කන්ටේ­නර් රථය මුලින්ම ගැටුණු මෝටර් රථය පැදවූ කාන්තාව සහ එහි සිටි ඇගේ දිය­ණිය තුවාල ලබා තිබේ. අනෙක් මෝටර් රථ­යට අන­තු­රින් දැඩි හානි සිදුව තිබෙන අතර එහි එකම පවුලේ මව, පියා හා දරු­වන් දෙදෙ­නකු පැමිණ තිබේ. රිය පැදවූ පියා සහ ඔහුගේ සිඟිති දිය­ණිය මෙම අන­තු­රින් මරු­මු­වට පත්විය. පියා ගලහ ප්‍රදේ­ශයේ පදිංචි හෝටල් කළ­ම­නා­ක­රු­වකු වන ගලහ නිල්අඹේ පදිංචි චතුර සුරේෂ් ගණේ­පොල (36)වන අතර ඔහුගේ දිය­ණිය දුලානි සෙනාලි දෙහැ­වි­රි­දිය.

 

Comments