සෞදියේ වැලි­ක­තර සිහිල් කළ මනු­ස­ත්කම | Page 2 | සිළුමිණ

සෞදියේ වැලි­ක­තර සිහිල් කළ මනු­ස­ත්කම

කටුනායක ගුවන්තොටුපළට ගෙන ආ රෝගී ඇන්ඩෘ රෝහලට ගෙනයාමට ගිලන් රථයට නැංවීමට පෙර
කටුනායක ගුවන්තොටුපළට ගෙන ආ රෝගී ඇන්ඩෘ රෝහලට ගෙනයාමට ගිලන් රථයට නැංවීමට පෙර

ලෝකයේ පව­තින මානව ධර්මීය ගුණ­යන් අත­රින් ඉහ­ළින්ම ඇති ගුණ­යක් වන්නේ පරෝ­ප­කා­ර­යයි. එය හුදු සිතු­වි­ල්ල­කට පම­ණක් සීමා නොවී අප ජීවත් වන්නා වූ ලෝකය තුළ නිබ­ඳව රැඳී පව­ති­න්නකි. එක් රට­කට කලා­ප­ය­කට හෝ එක් කුල­ය­කට සීමා නොවී කව­රකු හෝ තවත් අය­කුට උප­කාර කරන්නේ නම් එය අප සැම බලා­පො­රොත්තු වන මානු­ෂි­ක­ත්වයේ සල­කු­ණකි. කව­රකු හෝ තම ජීවිත කාලය තුළ එක්රැස් කරනු ලබන මිල මුදල් යාන වාහ­න­ව­ලට වඩා වටි­නා­ක­මක් රැඳී පව­තින්නේ ඔහු හෝ ඇය විසින් කරනු ලබන කුසල කර්ම­යන් මතය.

පුද්ග­ල­යකු විසින් කළ යහ­පත් ක්‍රියා­වල ප්‍රති­ඵල ලැබෙන්නේ ඒ පුද්ග­ලයා වෙතය. එහි ප්‍රති­ඵල ලැබී­මට නම් මෙලොව පර­ලොව කියා භේද­යක් නැත. කරනු ලැබූ කට­යු­තු­වල පුණ්‍ය බල මහි­මය මෙලොව දීම අත්වි­ඳි­න්නට ලැබේ නම් එය එක්තරා අන්ද­ම­කින් පුදු­මා­කාර වාසනා ගුණ­යකි. එකී පින්බර වාසනා ගුණ­යක් ලැබී­මට මුල් වූ පුද්ග­ල­යකු ලෙස 59 හැවි­රිදි ඇන්ඩෘ රොහාන් හැඳි­න්විය හැකිය. ඔහු පිළි­බඳ කතාව ඇර­ඹෙන්නේ ඔහු සෞදි සමා­ග­මක සේවය කළ අව­ධි­යේදී ඇති වූ රෝගී තත්ත්ව­යක් නිසා පෞද්ග­ලික ජෙට් යාන­යක් මඟින් කටු­නා­යක ගුවන් තොටු­ප­ළට රැගෙන ඒමත් යන පුවත සම­ඟිනි.

ශ්‍රී ලංකාවේ ශ්‍රමි­ක­යන් ලක්ෂ 15ක පමණ පිරි­සක් මේ වන විට විදෙස් රට­වල සේවය කරනු ලබන අතර එයින් වැඩිම පිරි­සක් එනම් ලක්ෂ 10ක් පමණ සේවය කරනු ලබන්නේ මැද­පෙ­ර­දිග රට­ව­ලය. එප­ම­ණක් නොව විදෙස් ශ්‍රමි­ක­ය­න්ගෙන් ලංකා­වට වැඩිම ආදා­ය­මක් ගෙන එනු ලබ­න්නේද මැද පෙර­දිග රට­වල සේවය කරන ශ්‍රී ලාංකි­ක­යන්ය. එසේ කාල­යක් පුරා ශ්‍රී ලාංකි­ක­යන් මැද­පෙ­ර­දිග රට­වල ශ්‍රමි­ක­යන් ලෙස කට­යුතු කළ ද එම රට­වල පුර­වැ­සි­යන් සහ හාම්­පු­තුන් තමා යටතේ සේවය කර­න්නන්ට සැල­කීම සම්බ­න්ධ­යෙන් පව­තින්නේ යහ­පත් තත්ත්ව­යක් නොවේ. නිතර අපට අස­න්නට දකි­න්නට ලැබුණේ ඔවුන් යටතේ සේවය කර­න්න­වුන්ට සිදු කරන හිරි­හැර ගැන දුක්ඛිත කතාය. නමුත් මේ සියල්ල මොහො­ත­කට හෝ අම­තක කර දැමී­මට හේතු වන ආකා­රයේ එක් සිදු­වී­මක් පසු­ගිය දිනෙක අපට දැන­ග­න්නට ලැබිණි. එනම් සෞදි සමා­ග­මක් විසින් එහි සේවය කළ ශ්‍රී ලාංකි­ක­යකු අස­නීප වීම හේතු­වෙන් ඔහු ලංකාවේ තම පවුලේ ඥාතීන් වෙත ගෙන­විත් බාර දීමට තරම් කාරු­ණික වීම ඒ අපූරු පුව­තයි. ඒ සිදු­වීම වූයේ අගෝස්තු 21 වනදා ය. මේ ආකා­ර­යට ලංකා­වට ගෙන එනු ලැබුවේ අප මුලින් කී කඳාන ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින ඇන්ඩෘ රොහාන්

මෙම කරු­ණත් සමඟ බොහෝ දෙනෙක් විම­සි­ලි­මත් වූයේ එම සිදු­වීම වූයේ කවර හේතු­වක් නිසා ද යන්න සොයා බැලී­ම­ටය. මේ සිදු­වීමේ සුල­මුල කුමක්ද යන්න දැන­ගැ­නී­මට බොහෝ දෙනකු තුළ උන­න්දු­වක් ඇති­වූයේ සෞදි අරා­බිය වැනි රට­කින් ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යකු එවැනි සැල­කි­ල්ල­කට සහ ගරු­ත්ව­ය­කට ලක්වී­මට තරම් විශේ­ෂිත වූයේ ඇයිද යන කරුණ සම්බ­න්ධ­යෙනි. එප­ම­ණක් නොව ජාත්‍ය­න්ත­රයේ පවා බොහෝ දෙනෙක් මේ සම්බ­න්ධව කතා බහ කර­න්නට වූහ.

එවැනි විශේෂ සැල­කී­ම­කට බඳුන් වූ ඇන්ඩෘ රොහාන් උප්ප­ත්තිය ලැබුවේ 1960 වර්ෂයේ මඩ­ක­ල­පු­වේදී ය. උප­තින් කතෝ­ලික භක්ති­ක­යෙකු වූ ඇන්ඩෘ තම මූලික අධ්‍යා­ප­නය හදා­ර­න්නට පිවි­සෙන්නේ මඩ­ක­ල­පුව ශාන්ත පීතර විද්‍යා­ල­ය­ටය. එයින් අන­තු­රුව ඔහුගේ උසස් අධ්‍යා­ප­නය තව­දු­ර­ටත් ඉහළ නංවා­ලීම පිණිස ඇන්ඩෘගේ දෙමා­පි­යන් ඔහු ඇතු­ළත් කරනු ලබන්නේ බොරැල්ල වෙස්ලි විද්‍යා­ල­යට ය. කතෝ­ලික භක්ති­ක­යෙකු වූ ඇන්ඩෘ පදිං­චිව සිටියේ කඳාන ප්‍රදේ­ශයේ ය. ඔහුගේ ජීවන සහ­කා­රිය බවට පත්වූයේ මාග්‍රට් ජෝන් ය. ඔවුන්ට දරු­වන් තිදෙ­නකු සිටින අතර සිටින අතර එක් පු‍ෙතකු වූ ශිරාන් දැනට ප්‍රංශයේ ජීවත් වන අතර අනෙක් පුත්‍රයා වන රොෂාන් සහ දිය­ණිය කාමිණි ලංකාවේ පදිං­චිව සිටී.

ඇන්ඩෘ රොහාන් අස­නීප වන විට සේවය කර­මින් සිටියේ ජෙඩා නුවර පිහිටි ගල්ෆ් වෙස්ට් සමා­ග­මේය. තුන්සි­ය­ය­කට ආසන්න සේවක සංඛ්‍යා­වක් සේවය කරනු ලබන එම ආය­ත­නයේ සිය­ල්ල­න්ගේම හිත දිනා­ගත් අයකු ලෙස ඇන්ඩෘ කා අත­රත් ජන­ප්‍රි­යව සිටි­යේය. ඕනෑම අය­කුට උදවු කරන මනු­ෂ්‍ය­ත්ව­යෙන් සහ පිරි නිත­හ­මානී හද­ව­තක් ඔහු සතු විය. සෞදි අරා­බියේ සේව­යට වසර තිස් එක­කට ආසන්න වුවද ඔහු ගල්ෆ් වෙස්ට් සමා­ගමේ සේවය අර­ඹනු ලැබුවේ මීට වසර පහ­ළො­වකට පමණ ඉහ­ත­දීය. අස­නීප වන විට ඔහු එම සමා­ගමේ විකු­ණුම් හා අලෙවි කරන කළ­ම­නා­ක­රු­වකු ලෙස තම සේවය සල­ස­මින් සිටි අතර ඔහු යටතේ සේව­ක­යන් 31 දෙනෙකු සේවය කර­මින් සිටි­යහ.

ඇන්ඩෘ රොහාන් (ඉදගෙන වමේ) සමාගමේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ

ඔහු සහ එම සේව­ක­යන් අතර සම්බ­න්ධ­තාව කෙත­රම් මානු­ෂිය දැයි කිව­හොත් ඇන්ඩෘ ඔහුට ලැබෙන බෝනස් මුදල පවා තම සේව­ක­යන් සමඟ බෙදා ගන්නට තරම් නිර්ලෝභී අයකු විය. එප­ම­ණ­ටම මෘදු, කාරු­ණික හද­ව­තක් ඔහු සතුව තිබිණ. පරි­ත්‍යා­ග­ශීලී බව, කාරු­ණික බව, කළ­ගුණ සැල­කීම වැනි උතුම් ගති­ගුණ ඇන්ඩෘගේ ජීවි­තය තුළ ඕනෑ­ව­ටත් වඩා ඉහ­ළින් තිබූ බව ඔහු ඇසුරු කළ කවු­රුත් හොඳින්ම දන්නා කරු­ණකි. එහෙත් ජීවි­තයේ ඇතැම් දෑ සිදු වන්නේ අප කිසි­වකු සිතන පතන අයු­රින්ම නොවේ. ඇන්ඩෘ රොහාන්ගේ ජීවි­ත­ය­ටද ඒ සත්‍යය පිටු දකි­න්නට අප­හසු විය.

පසු­ගිය ජුනි මස 24 වැනිදා ඔහු හදි­සි­යේම අස­නීප වූයේ සේවයේ නිර­තව සිටි­ය­දීය. ඔහු පළමු වරට රෝගී වූයේ එදි­නය. එම අස­නී­පය ආඝාත (Stroke) තත්ත්ව­යකි. ඒ සඳහා ඔහුට හදිසි වෛද්‍ය ප්‍රති­කාර සිදු කළ අතර වෛද්‍ය­ව­රුන් විසින් ඔහුගේ රෝගී තත්ත්වය හඳුනා ගැනී­ම­ටද සමත් වූහ. ඒ අනුව එරට වෛද්‍ය­ව­රුන්ගේ නිග­ම­නය වූයේ ඇන්ඩෘගේ මොළය අභ්‍ය­න්ත­රයේ ජලය වහ­නය වීමෙන් ඔහු ඒ ආකා­ර­යට රෝගී තත්ත්ව­යට පත්ව ඇති බවයි. පසු­ගිය ජුලි මස 24 වැනි දින එසේ හදි­සියේ රෝගී තත්ත්ව­යට ලක්ව­න්නට පෙර ඇන්ඩෘ ගිය වසරේ නත්ත­ලට මෙර­ටට පැමි­ණී­යේය. ඊට පසු ඔහු යළිත් ලංකා­වට පැමි­ණියේ තම බිරිය අස­නීප තත්ත්ව­යෙන් සිටි නිසා ඇයගේ සුව දුක් බැලී­මට ය.

දින දහ­යක කාල­යක් බිරි­යගේ සුව­දුක් සොයා බල­මින් මෙරට රැඳී සිටි සිටි ඇන්ඩෘ යළිත් සෞදි අරා­බිය වෙත පැමි­ණි­යේය. ඒ වන විටද ඔහු තමාගේ අස­නීප තත්ත්වය සම්බ­න්ධ­යෙන් කිසි­වක් දැන සිටියේ නැත. කෙසේ­වෙ­තත් එතෙක් යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් සේවය කර­මින් සිටි ඇන්ඩෘට සිදු­වූයේ හදි­සියේ ඇතිව තිබූ අස­නීප තත්ත්ව­යට එර­ටදී වෛද්‍ය ප්‍රති­කාර ලබා ගන්න­ටය. මෙසේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඇතිවූ කෝමා තත්ත්වය හේතු­වෙන් ඔහු රෝහල් ගතව සිටියේ සම්පූර්ණ සිහි­සු­න්වය. සිහි­සුන්ව එරට රෝහ­ල්ග­තව සිටි අව­ධියේ දී වෛද්‍ය­ව­රුන් විසින් ඔහු පිළි­බඳ නිර­න්තර අව­ධා­න­ය­කින් සිටි අතර ඔහුගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම වූයේ කෙසේ හෝ ඇන්ඩෘ මෙර­ටට ගෙන්වා දෙන ලෙසයි. ඔවුන් මෙම ඉල්ලීම කරනු ලැබූවේ සෞදි ගල්ෆ් වෙස්ට් සමා­ගමේ පාල­නා­ධි­කා­රිය වෙතයි. ඇන්ඩෘ රොහාන්ගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලී­මට අනුව ගල්ෆ් වෙස්ට් සමා­ගමේ ප්‍රධාන විධායක වශ­යෙන් කට­යුතු කරනු ලබන එදි­රිස් මුස්තාපා මේ කට­යුත්ත සම්බ­න්ධව තවත් එක් පුද්ග­ල­යකු සම්බන්ධ කර­ගනු ලැබීය. ඒ, ඇන්ඩෘ සමඟ එක්ව එකම ආය­ත­නයේ සේවය කරනු ලැබූ ෆාසී මරි­ක්කාල්ය. එමෙන් ම සත්‍ය ශ්‍රිවා සහ රනිල් රෝගී ඇන්ඩෘ වෙනුවෙන් ලබාදුන් දායකත්වය ඉමහත්ය.

රෝගියා ලංකා­වට ගෙන ඒම සඳහා ඔවුන් සමඟ සෞදි වෛද්‍ය කණ්ඩා­ය­මක්ද සූදා­නම් කරනු ලැබූ අතර රෝගියා මෙර­ටට ගෙන ඒම සඳහා පෞද්ග­ලික ජෙට් යාන­යක් ලබා­දී­මට ද කට­යුතු කෙරිණ. මේ සම්බ­න්ධ­යෙන් එම ආය­ත­නය මුලින්ම ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය දැනු­ම්වත් කිරී­මට කට­යුතු කළහ. එම දැනු­ම්වත් කිරී­මෙන් පසු පවුලේ ඥාතී­න්ටද දන්වා රෝගියා වෛද්‍ය­ව­රුන් සහ අතුරු වෛද්‍ය නිල­ධා­රී­න්ගෙන් සම­න්විත විශේෂ යාන­ය­කින් කොළඹ කටු­නා­යක ගුවන් තොටු­ප­ළට ගෙන ඒමට සමත් විය

පෞද්ගලික ජෙට් යානයෙන් ලංකාවට පැමිණි රෝගී ඇන්ඩෘ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඉන් පිටතට ගන්නා අයුරු

මෙසේ කොළ­ඹට ගෙන එනු ලැබූ ඇන්ඩෘ රොහාන් වෛද්‍ය ප්‍රති­කාර සඳහා කොළඹ පෞද්ග­ලික රෝහ­ලක් වෙත ගෙන­යනු ලැබුවේ මෙරට සෞඛ්‍ය අංශ විසින් නිර්දේ­ශිත නිරෝ­ධා­යන කට­යුතු අනු­කූ­ල­වය. ඒ අනුව ඇන්ඩෘ රෝහල් ගත කිරී­මෙන් පසු වෛද්‍ය කට­යුතු භාරව කට­යුතු කරනු ලැබුවේ විශේ­ෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහ­තාය. රෝගී තත්ත්වය අනුව ඇන්ඩෘ ට සැත්කම් කිහිපයක් සිදු කිරී­මට සිදුව තිබූ අතර එහි ප්‍රථම සැත්කම සිදු කරනු ලැබූවේ පසු­ගිය 25 වනදා කොළඹ මහ රෝහල ආස­න්නයේ පිහිටා ඇති එම පෞද්ග­ලික රෝහ­ලේදී මෙම සැත්කම සිදු කිරීම සඳහා පැය 5ක පමණ කාල­යක් ගත වූ අතර එය ඉතා සාර්ථක ලෙස නිම කිරී­මට වෛද්‍ය කාර්ය මණ්ඩ­ලය සමත් විය. විශේ­ෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා සඳ­හන් කරන්නේ ඉතිරි සැත්කම්ද මේ ආකා­ර­යෙන් සාර්ථ­කව නිම වනු ඇති බවය. මේ මොහොත වන විටත් රෝගීයා බැලී­මට අව­සර ඇත්තේ එක් අය­කුට පමණි.

මේ ආකා­ර­යට ගල්ෆ් වෙස්ට් සමා­ගම විසින් ඇන්ඩෘ රොහාන් ලංකා­වට ගෙන ඒම පිණිස අති විශාල මුද­ලක් වැය කර ඇති අතර එම මුදල ඇම­රි­කානු ඩොලර් 58,000 වේ. එය ශ්‍රී ලංකාවේ මුද­ලින් ලක්ෂ 107කට ආස­න්නය. ගල්ෆ් වෙස්ට් සමා­ගම ඇන්ඩෘ මෙර­ටට පිට­ත්කර හැරී­මෙන් පම­ණක් සිය වග­කීම අත්හලේ නැත. මෙරට රෝහ­ල්ගත වී ප්‍රති­කාර ලබන ඇන්ඩෘ පිළි­බඳ සෞදි අරා­බියේ සිටින ගල්ෆ් වෙස්ට් සමා­ගමේ නියෝ­ජි­ත­යකු නිර­න්ත­ර­යෙන් සොයා බැලීම් සිදු කරන්නේ එම සමා­ගම් කළ­ම­නා­කා­රී­ත්වයේ උප­දෙස් අනු­වය.

ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යකු වෙනු­වෙන් ඉටු­ක­රනු ලබන එම සේවය පිළි­බඳ සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම සමා­ග­මට ස්තූතිය පුද­කර තිබේ. සිය ආද­ර­ණීයා වෙනු­වෙන් එම සමා­ගම විසින් ඉටු කළ මහඟු කාර්යය පිළි­බඳ ඇන්ඩෘ රොහාන්ගේ පවුලේ සියලු දෙනා සිය කෘත­ඥ­තාව පළ කිරී­මට ද අම­තක නොක­ළහ. ඇන්ඩෘ රොහාන් වෙත සිය හාම්පු­තු­න් ගෙන් එවැනි සුවි­ශේෂ අනු­ග්‍ර­හ­යක් හිමි­වූයේ ඔහු තුළ පැවති උදාර මානු­ෂික ගුණාංග නිසා බව නොකි­යාම බැරිය. මෙවැනි සිදු­වී­ම්ව­ලින් පසක් වන්නේ උතුම් වූ මනු­ෂ්‍ය­ත්ව­යට පෙරළා ප්‍රති­උ­ප­කාර ලැබෙන බවය.

Comments