හතර වටේ ගොසිප් | Page 3 | සිළුමිණ

හතර වටේ ගොසිප්

අසු­නක්  වෙනු­වෙන්  උතුරේ සට­නක්

 

කොළ පාටියේ ඇත්තන්ට ඉකුත් සමයේ රජ ගෙදර රැක­ගන්න බොහොම ශක්ති­යක් වෙච්ච උතුරු පළාතේ පාටියේ නාය­ක­යන් මේ දින­වල ලොකු අවු­ලක කිය­ලයි ආරං­චිය.

යහ­පා­ල­නය අවු­රුදු පහක් ම රැක­ගන්න උදවු කරපු මේ පාටියේ නාය­ක­යින්ට තමන්ගේ පාටිය රැක­ගන්න බැරි­වෙ­ලාලු‍. කොටි ත්‍රස්ත­වා­දය මෙර­ටින් විනාශ කර දමා වසර දහ­ය­කට වැඩි කාල­යක් ගතවී ඇතත් මේ පාටියේ බොහෝ දෙනෙකු තව­මත් එම ත්‍රස්ත­වා­දීන්ගේ මතය දරන බවයි පැව­සෙන්නේ‍.

කොහොම කොහොම හරි මේ පාටි­යෙන් මෙව­රත් දිය­ව­න්නා­වට පැන­ගන්න කිහිප දෙනෙ­කුම හැකි වුණත් ජාතික ලැයි­ස්තුව සඳහා දිය­ව­න්නා­වට තෝරන හාදයා ගැන ලොකු ගැට­ලු­ව­ක්ලු.

අවස්ථා කිහි­ප­ය­ක­දීම මේ ඇත්තන් මේ වෙනු­වෙන් ඇන කොටා ගත්තා කිය­ලයි ආරං­චිය.

කොළ පාටියේ ළඟම හිත­ව­තුන් ලෙස පෙනී සිටි මේ පාටියේ නාය­ක­යින් දැන් දැන් පුතා­ණෝගේ ළඟට කිට්ටු වෙන­වයි කිය­ලයි කියන්නේ.

 

ඇමැ­තිලා­ට  නින්ද යන්නෙ නැතිලු

 

ජන­තාව වෙනු­වෙන් ගොඩක්ම ගොඩක් මහ­න්සි­වෙලා දිය­ව­න්නා­වට පැන­ගත්ත පොහොට්ටු පාටියේ ඇත්තන් අතර හැත්තෑ දෙන­කු­ටම මේ දින­වල නින්ද යන්නේ නෑ කිය­ලයි කියන්නේ.

ඒ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි. මේ හැත්තෑ දෙනා­ටම ඇමැ­ති­කම් හිමි­වුණු නිසා කිය­ලයි ආරං­චිය.

ඇමැ­ති­කම් ලැබු­ණට තමන්ට නිල මන්දි­ර­යක් නොලැ­බෙනු ඇතැයි මේ අය බිය වෙලාලු. මෙන්න මේ නිසාත් ඇමැ­ති­ව­රුන්ට නින්ද යන්නේ නෑ කිය­ලයි කියන්නේ.

හැත්තෑ දෙනකු ඇමැ­ති­ව­රුන් ලෙස තේරී පත් කළත් ඔවුන්ට නිල මන්දිර 35 පම­ණක් තිය­නවා කිය­ලයි ආරං­චිය. මහ රජු­ටයි, යුව­ර­ජු­ටයි මේ ගැන විටින් විට කර­දර කරන්න මේ ඇමැ­ති­වරු පටන් අරන් කිය­ලයි කියන්නේ.

 

පුතා­ණෝගේ සම­ගිය  අස­ම­ගි­යක් වෙලා

 

දිය­වන්නා තර­ගය නිම වීමත් සමඟ එම සටනේ සිටි කොළ, නිල්, ඇතුළු පාටි කිහි­ප­ය­කම අර්බුද රැසක්ම ඇති­වෙලා කිය­ලයි ආරං­චිය.

මේ අතර ලොකුම අර්බු­ද­යට පත්ව ඇති පුතා­ණෝගේ පාටියේ බොහෝ දෙනකු පුතාණෝ සමඟ විර­සක වෙලාලු.

පාටි කිහි­ප­යක් ම එක­තු­වෙලා දිය­වන්නා සට­නට ගිය පුතා­ණෝගේ සමගි කණ්ඩා­යම කෙටි කාල­යක් තුළදී අස­ම­ගි­වීම නිසා තමන් දිය­ව­න්නා­වේදී තනි­වම සිටින බව පුතාණෝ සමඟ එක්ව ඇති නාය­ක­යින් කිහි­ප­දෙ‍න­කුම කිය­නව කිය­ලයි ආරං­චිය.

කොළ පාටි­යෙන් ඉවත්ව තනි­වම සිට නැවත කොළ පාටි­යට එකතු වී කොළ පාටි­යෙන් පුතා­ණෝගේ පාටි­යට පැන්න නැගෙ­න­හිර පළාතේ නාය­ක­යෙකු පුතාණෝ සමඟ නිතර නිතර ඝට්ටන ඇති කර­ග­න්නවා කිය­ලයි ආරං­චිය.

මැති ඇමැ­ති­කම් රැසක්ම හෙබවූ මොහු වසර විසි පහ­කට වැඩි කාල­යක් දිය­ව­න්නාවේ සාමා­ජි­ක­ත්වය දරන අතර මෙව­රත් දිය­ව­න්නා­වට පැන ගන්නට සමත් වූයේ පුතා­ණෝගේ පිහි­ටෙන් කිය­ලයි කියන්නේ.

ජාතික ලැයි­ස්තුවේ මන්ත්‍රී­ක­මක් මොහුගේ පාටි­යට නොදුන් නිසා පුතා­ණෝට ගේමක් ගහන්න මේ හාදයා තැන තැන සාකච්ඡා පව­ත්ව­නවා කිය­ලයි කියන්නේ.

කොළ පාටියේ  නාය­කයා  බිය වෙලාලු‍

 

කොළ පාටියේ කිසි­වෙ­කුට දිය­ව­න්නාව මෙවර තර­ණය කරන්න නොහැකි වීමත් සමඟ කොළ පාටියේ අර්බු­දය එන්න එන්නම අවුල් සහ­ගත තත්ත්ව­යට පත් වෙලා කිය­ලයි කියන්නේ.

කොළ පාටිය දිය­වෙ­න්නම නොදී රැක­ගත යුතු බව එහි සිටි ජ්‍යෙෂ්ඨ නාය­ක­යින් රැසක් ම කොළ පාටියේ නිල දර­යන්ට ප්‍රකාශ කර තිබේ.

කොළ පාටිය නියෝ­ජ­නය කර­මින් දිය­ව­න්නාවේ ප්‍රධාන ආස­නයේ සිටි ගම්පහ දිස්ත්‍රි­ක්කයේ නාය­ක­යෙකු කොළ පාටියේ නාය­ක­ත්වය භාර ගන්න කැමැ­ත්තක් දක්ව­නවා කියන්නේ.

කොළ පාටියේ නාය­ක­තු­මන් මේ ප්‍රකා­ශ­යට ගොඩක් බය වෙලා.

කොළඹ පිහිටි ස්ථාන තුන­ක­දීම කොළ පාටියේ නාය­ක­තු­මන් රහස් සාකච්ඡා පව­ත්වලා තමන්ගේ බලය රැක ගන්න දැවැන්ත වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර­ලයි කියල ආරං­චියි.

කළු­තර කට­කා­රයා  කට හින්දා නාගනී

 

අලි පාටි‍යේ ලොකු රංග­න­යක යෙදුණු කළු­තර දිස්ත්‍රි­ක්කය කට­කා­රයා නැව­තත් කට ඇර­ලයි කියල ආරං­චියි.

අලි පාටි­යෙන් පුතා­ණෝගේ පාටි­යට පැනලා මෙව­රත් දිය­ව­න්නාව ජය­ගත්ත මොහු අලුත්ම සෙල්ල­මක් ආරම්භ කර­ලලු.

මේ කට­කා­ර­යාගේ පුත්‍ර ­ර­ත්නය තාත්තා‍ට නොදෙ­වෙනි ලෙස බොරු­බේ­ගල් ඇද බානවා කිය­ලත් ප්‍රසි­ද්ධයි‍. පුතාත් මෙවර දිය­වන්නා සට­නට තරග කළාට ඔහුට දිය­ව­න්නා­වට පනි­න්නට බැරි වුණාලු.

කට­කා­රයා තවත් කණ්ඩා­ය­මක් සමඟ එක්ව රජ ගෙද­රට මඩ ගහන අලුත් ව්‍යාපා­ර­යක් ආරම්භ කළා කිය­ලත් කිය­නවා. රජ­ගෙ­ද­රින් දිය­ව­න්නා­වට ගෙන එන්න ලෑස්ති කරපු 20 ට විරෝ­ධය පාමින් 19 දිග­ටම තියන්න කියලා මේ කණ්ඩා­යම ජන­මා­ධ්‍ය­ව­ලින් කියා­ගෙන යන­වලු.

මේ අය එක­තු­වෙලා ජන­තා­වගේ මතය විමසූ බව සඳ­හන් කරපු ලිපි­ය­කුත් ලක ලෑස්ති කරා කිය­ලයි කියන්නේ.

 

රජ­ක­මක්  ගන්න  දුර­ ඇම­තුම්

 

දේශ­පා­ල­න­ඥ­යන්ට කාලෙන් කාලෙට නොයෙක් ආකා­රයේ නාම­යන් ආරූඩ කරන බව මෙරට වැසි­යන් හොඳින් දන්නා කාර­ණ­යකි.

කැල­ණිය පැත්තෙන් පොඩි දුටු­ගැ­මුණු කෙනෙකු එක වර මතු­වෙලා මුළු රටේම ප්‍රසිද්ධ වුණා.

නිල් පාටියේ පාටිය මේ චරි­තය දේශ­පා­ලන ඉති­හා­සය තුළ වැඩිම කතා­බ­හට ලක්වූ චරි­ත­යකි. නිල් පාටි­යෙන් අලි පාටි­යට පැන ගත්ත මේ හාදයා මෙවර දිය­වන්නා සට­නට පුතා­නෝගේ පාටි­යෙන් තරග කරාලු.

අප්පච්චි මළා කිව්වම අද මුළු රටම දන්න­වානේ. ඒ තව චරි­ත­යක්. මේ දින­වල මුහුණු පොත ඇතුළු සමාජ සමාජ මාධ්‍ය­ව­ලින් දුටු­ගැ­මුණු රජ­තු­මාට සමාන චරි­ත­යක් පිළි­බ­ඳව දැඩි කතා­බ­හක් ඇති වෙලා කිය­ලයි ආරං­චිය.

පුතා­ණෝගේ පාටි­යෙන් මෙවර දිය­ව­න්නා­වට කුරු­ණෑ­ග­ලින් තරග කරපු කට කාර­යෙක් පුතා­ණෝව දුට­ගැ­මුණු ලෙස සල­කන්න කියලා ඉල්ලී­මක් කර­ලාලු.

‍මේ කතා­බහ කන වැකුණු කිහි­ප­දෙ­නෙක් මේ කට­කා­ර­යාට දුර­ක­ථන ඇම­තුම ලබාදී තම­න්ටත් රජ­ක­මක් ලබා‍දෙන්න කියලා ඉල්ලීම් කර­නවා කිය­ලයි ආරංචි.

Comments