2020ක් වූ සැප්තැ­ම්බර් 06 සිට 12 දක්වා | Page 2 | සිළුමිණ

2020ක් වූ සැප්තැ­ම්බර් 06 සිට 12 දක්වා

මේෂ - යහ­පත් මාන­සික සුවය

මේෂ  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මේ  සතියේ 01 - 02 - 03 යන  ස්ථාන­වල ගමන් කර­මින් ඔබගේ යහ­පත් මාන­සි­ක­ත්වය සතිය ආර­ම්භයේ පටන්ම ඔබට ලබා­දෙන  අතර සතිය මැද භාගයේ සුවි­ශේෂි මුදල් ලාභ­යක් සමඟ කිසි­යම් උරු­ම­යක පෙර ලකුණු  මතු කරයි. විශේ­ෂ­යෙන් නීති­යෙන් පැවත තිබූ අව­හි­ර­තා­වක් ලිහිල් වන ලකුණු පෙනේ.  තම සොහො­යු­රකු වෙතින් ආර්ථික ලාභ­යක් හිමි වන ලකුණු පෙනේ. තම අභි­වෘ­ද්ධි­යට  විවිධ ඇප උප­කාර ලැබෙනු ඇත. 

වෘෂභ - ව්‍යාපා­රික සැල­සුම් ක්‍රියා­ත්ම­කයි

වෘෂභ  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මෙම සතියේ 12 - 01 - 02 යන  ස්ථාන­වල ගමන් කර­මින් පිට­රට සම්බන්ධ කට­යු­ත්ත­කදි යහ­ප­ත්කම් මතු කෙරේ. යම්  හෙය­කින් ව්‍යාපා­ර­යක සැල­සුම් සකස් කර­මින් සිටින ඔබට ඒවා ක්‍රියා­වට නැංවී­මට  අව­ස්ථාව උදාවේ. ධනය පිළි­බඳ සතුටු විය හැකි සති­යකි. ආද­රය, ආලය පිළි­බඳ කරුණුවලදී බාධා අව­හි­රතා ඉවත් වේ.  

මිථුන - ආර්ථික ලාභ­යක්

මිථුන  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මේ සතියේ 11 - 12 - 01 යන  ස්ථාන­වල ගමන් කර­මින් සතිය ආර­ම්භ­යේ­දීම හදිසි ආදා­යම් මාර්ග­ය­කට ඉඩ සැලසේ.  විශේ­ෂ­යෙන් කලක් අතහැර දමා තිබූ ව්‍යාපා­රික ස්ථාන­යක් යළි ආරම්භ කිරී­මට ඔබට  අව­ස්ථාව උදා­වෙන අතර කිසි­යම් ආහා­ර­යක සතුරු කර­දර කීප­යක් නිසා ඔබට ඔබගේ කට­යුතු  කෙරේ. බාධක එල්ලවේ. අධි­ෂ්ඨා­නය ඇතොත් එළැ­ඹෙන බාධක ලිහිල් වනු ඇත. 

කටක - රැකියා උසස් වීමක්

කටක ලග්නය හිමි  ඔබගේ කේන්ද්‍ර­යට අනුව ව්‍යාපා­රික රැකි­යා­මය ප්‍රති­ලා­භ­යක් පෙනෙ­න්නට තිබේ.  දණ­හි­සට අගුණ වුවද ප්‍රවේ­ශම් වුව­හොත් එම උව­දු­රුද අව­ම­කර ගත හැකිය. මෙම සතියේ  චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍ර­යට අනුව 10, 11, 12 යන ස්ථාන­වල ගමන් කිරීම නිසා  මෙසේ වාසි සහ­ගත වන අතර වාහන ලාභ, ඉඩම් හා නිවාස ලාභ ගෙන එන සති­යකි. තමා කලක්  බලා­පො­රො­ත්තුව සිටි රැකි­යා­වක් තමාට හිමි වන ලකුණු පෙනේ. 

සිංහ - උෂ්ණා­ධික රෝග

සිංහ  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මෙම සතියේ 09 - 10 - 11 යන  ස්ථාන­වල ගමන් කර­මින් ඔබට යට­පත්වූ උරු­ම­යක හිමි­කම ආර්ථික ප්‍රති­ලාභ හිමි­කම යන  කරුණු තුළින් ඔබට යහ­පත උදාවේ. කෙසේ හෝ උෂ්ණා­ධික බව නිසා හට­ගන්නා රෝග  පිළි­බ­ඳව අන­තුරු හැඟවේ. භාෂා ඥානය කලා කුස­ලතා මෙන්ම ජන්ම­යෙන් උරු­මවූ කිසි­යම්  නිපු­ණ­තා­වක් නිසා සමා­ජයේ කැපී පෙනෙන ආකා­ර­යක් දක්නට ලැබේ. 

කන්‍යා - අධික වෙහෙ­ස­කාරි බවක්

කන්‍යා  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව  චන්ද්‍රයා මෙම  සතියේ 08 - 09 - 10 යන  ස්ථාන­වල ගමන් කරන අතර හදිසි අන­තුරු ආපදා තුන­ටිය ආශ්‍රිත උව­දුරු පෙනෙ­න්නට  තිබේ. කළ­බල නොවීම තුළින් ඒ සඳහා සහ­නය උදා­ක­ර­ගත හැකිය. ශරී­රය වෙහෙ­ස­කාරි වන  සති­යකි. කිසි­යම් ආර්ථික පාඩු­ව­කට හේතු වනු ඇත. ගනු­දෙනු කිරී­ම­කදි ලිය­වි­ල්ල­කට  අත්සන් කිරී­ම­කදි ‍කල්පනා­කාරි වන්න. ඇස් රෝග - සෙම් රෝග පළ­වන සති­යකි. 

තුලා - සතුට සැන­සුම උතුරා යයි

තුලා  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මේ සතියේ 07 - 08 - 09 යන  ස්ථාන­වල ගමන් කිරීම  නිසා සතිය ආර­ම්භ­යේදි කිසි­යම් මංගල කරු­ණ­කට හේතු මතු  කෙරේ. ආද­රය, ආලය පිළි­බඳ කට­යු­ත්ත­කදි සවි­මත් සහ සම්බ­න්ධ­තාද අවි­වා­හක අයට විවාහ  යෝජනා සම්මත වීමද සිදු­වනු ඇත. කොටින්ම කිය­නවා නම් සිතේ සතුට සැන­සුම උතුරා  යන සති­යකි. 

වෘශ්චික - ආසා­දිත  තත්ත්ව­යක්

වෘශ්චික  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව මෙම සතියේ චන්ද්‍රයා 06 - 07 - 08 යන  ස්ථාන­වල ගමන් කිරීම නිසා සතිය ආර­ම්භයේ යටි බඩ ආශ්‍රිත කිසි­යම් ආසා­දිත  තත්ත්ව­යක් හේතු කොට­ගෙන පරී­ක්ෂණ වලට භාජ­නය වීමට ඔබට සිදු වේ. වතුර හීන­තාව නිසා  මුත්‍ර පිට­වීම අවම කෙරේ. ඒ නිසා යටි බඩේ කොර­වීම් ස්වභා­ව­යක් මතු කිරී­මට  පුළු­වන. 

ධනු - නව නිව­සක පදිං­චිය

ධනු  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මෙම සතියේ 05 - 06 - 07 යන   ස්ථාන­වල ගමන් කිරීම යහ­පත් වෙයි. විශේ­ෂ­යෙන් දරු සම්පත් අපේක්ෂා කරන අයට දරු  සම්පත්ද ආර්ථික ප්‍රති­ලා­භද මතු කෙරෙනු ඇත. දුර­බැ­හැර සිටින මිතු­ර­කුගේ  පැමි­ණීම නිසා ඔබට ආර්ථික වාසි රැසක් උදා­කර ගැනී­මට හේතු වේ. පෙර දිනක ඔබ ඔබේ  මිතු­රකු වෙනු­වෙන් කළ උප­කා­ර­ය­කට ප්‍රති­උ­ප­කාර උදා­වී­මෙන් වාසි සහ­ගත යමක් ඔබට  ලැබෙනු ඇත. වාහන ලාභ­ය­කට අලුත් නිව­සක පදිං­චි­යට යෑමට ඔබට හැකි වේ. 

මකර - පපුවේ අධික සෙම ගතිය

මකර  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව මේ සතියේ චන්ද්‍රයා 04 - 05 - 06 යන  ස්ථාන­වල ගමන් කිරීම නිසා ආර්ථික වාසි දේපළ ඉඩ­ක­ඩම් හිමි වන සති­යක් වන අතර  රැකියා ප්‍රති­ලාභ ඇති වීම­ටද හේතු වෙයි. පපුවේ අධික සෙම ගතිය ඇති­වන සති­යකි. පිට­ස්තර  ස්ථාන­ව­ලදි නුහුරු නුපු­රුදු ස්ථාන­වල ජලාශ, වැව්, අමුණ ඇළ දොළ ගංගා­වල බැස  ස්නානය කිරීම බොහෝ අන­තුරු සහ­ගත වෙයි. කල්ප­නා­කාරි වන්න. 

කුම්භ - භෞතික සම්පත් උරු­ම­යක්

කුම්භ  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව මෙම සතියේ චන්ද්‍රයා 03 - 04 - 05 යන  ස්ථාන­වල ගමන් කිරීම නිසා සතිය ආර­ම්භ­යේ­දීම කිසි­යම් භෞතික සම්ප­තක උරු­මය ඔබට  හිමිවේ. ඉඩ­මක්, නිව­සක් හෝ වෙනත් උරු­ම­යක් උදා­කර දේ. නමුත් කලක් පැව­තුණු නීති  ගැට­ලු­ව­කින් මිදුණ ද යළි එබඳු උව­දු­ර­කට බොහෝ­විට ඉඩ ඇති නිසා කල්ප­නා­කාරි  වන්න. මිත්‍ර සංගම් තුළින් උව­දුරු එළ­ඹෙන නිසා ඒ අය ඇසුරු කිරී­මේදි  කල්ප­නා­කාරි වන්න. උඩ නැගීම් වාහන වලින් අධික වේග­යෙන් ගමන්  කිරී­මෙන් වැළකී සිටින්න. 

මීන - චෝදනා එල්ලවේ

මීන  ලග්නය හිමි ඔබගේ කේන්ද්‍ර­යට අනුව චන්ද්‍රයා මේ සතියේ 02 - 03 - 04 යන  ස්ථාන­වල ගමන් කරන නිසා සතිය ආර­ම්භ­යේ­දීම මුදල් නාස්ති­යක් ඇති­වී­මට බොහෝ දුරට  ඉඩ ඇති නිසා කල්ප­නා­කාරි වන්න. මිත්‍ර වේශ­යෙන් ඔබ­කරා එන සතු­රන් තුළින් පාඩු  සිදු­වන කරුණු කාරණා යෙදේ. නමුත් සතිය මැද සතිය අව­සා­නය ඔබට අභි­වෘ­ද්ධි­යට  කරුණු යෙදේ. වැඩි­හිටි පාර්ශ්ව තුළින් ඔබට චෝදනා ගර්ජනා එල්ල­වී­මට බොහෝ දුරට  ඉඩ ඇති නිසා කල්ප­නා­කාරි වන්න. ඇල්ව­තුර පානය, අධික සීතල  වතුර ස්නානය අවම කරන්න.  

Comments