
මේෂ - වාසනාවන්ත විවාහ ඵල
මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 07 - 08 - 09 - 10 යන ස්ථානනවල ගමන් කරමින් වාසනාවන්ත විවාහ පල හා ආර්ථික වාසි ඇති කෙරේ. සතිය මුලදි ලැබෙන මෙම වාසි සතිය අවසානයේ සිත් තැවුල් නිසා අවාසි සහගත තත්ත්වයට යා හැකි වුවත් ඉතා හොද පැහැදිලි මානසිකත්වයෙන් කටයුතු කළහොත් එය මඟ හරවාගත හැකිය. රැකියා ස්ථානයේ පවතින සතුරු බලවේගයක් නිසා තර්ජනාත්මක අභියෝගවලටද මුහුණ දීමට ඔබට සිදු වෙයි.
වෘෂභ - හදිසි ධන ලාභයක්
වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කරමින් යම් අසුබවාදි තත්ත්වයකට පත්වීමට ඔබට සිදුවේ. යටි බඩ ආශ්‍රිත රෝග, තුනටිය ආශ්‍රිත රෝග, හදිසි අනතුරු එළැඹීමට ඉඩ ඇත. කිසියම් විෂ ශරීරගත වීමක් නිසාද අපහසුතා විඳින්නට සිදුවේ. නමුත් ඔබට කිසියම් අයුරක ධන සම්පතක් හා අන් සතු වස්තුවක් හිමිවීමේ ලකුණු පෙනෙන්නට ද තිබෙන නිසා උනන්දු වීම සුබයි.
මිථුන - වාසනාවන්ත දරු සම්පත්
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 05 - 06 - 07 - 08 යන ස්ථානවල ගමන් කරමින් වාසනාවන්ත දරු සම්පත් ආර්ථික සම්පත් උදාකර දීමට හේතුවේ. විශේෂයෙන් අතරමග නවතා තිබූ ව්‍යාපාරයක් යළි ඇරැඹීමට ඔබට අවස්ථාව උදාවන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා අන් අයගේ අත් උදව් නොඅඩුව හිමි වනු ඇත. කෙසේ හෝ සතිය මැද භාගයේ ප්‍රවේශම් නොවුවහොත් මුත්‍ර ආපදා කුස ආශ්‍රිත ආපදා ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇත.
කටක - හොඳ හිත දිනාගනී
කටක ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 04 - 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කරමින් උසස් ලැබීම් කීපයකට හේතු මතු කරන අතර රැකියා ස්ථානගත නව වගකීම් රැසක් තමා පිට පැටවෙන අතර එය හොඳින් ඉටු කිරීම නිසා ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගෙන සතුටින් ගෙවීමට හැකිවන අතර මංගල යෝජනා ආදර සම්බන්ධතා හා විවිධ සමාජ සුබ සාධන කටයුතු යහපත් ලෙස කරගෙන යාමට අවස්ථාව උදාවේ. තම ජීවිත කාලයේ ඉතාම් ඉහළ වරප්‍රසාද හිමි වන සතියකි.
සිංහ - දේපළ හිමිකම්
සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය තුළ චන්ද්‍රයා 03 - 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කිරීම නිසා උසස් දේපළකට හිමිකම් කියන අතර කලක් මුහුණ දී සිටි නඩුවක් වැනි නීති ගැටලුවක් නිරාකරණය කර ගැනීමට අවස්ථාව උදා වේ. තවද තම සහකරු හෝ සහකාරිය නිසා තමාට උරුමකම් රැසක් හිමි වන ලකුණු පෙනේ. සතිය අවසානයේ යටිබඩ මුත්‍රාශය වැනි ස්ථානගත වියවුලක් නිසා පීඩා විඳීමට ද ඔබට සිදුවනු ඇත.
කන්‍යා - හදිසි ධන ලාභ
කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය තුළ චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කරමින් හදිසි ධන ලාභයකට උරුමකම් ලැබෙන අතර ඒ තුළින් යහපත් ආයෝජනයකට අත ගැසීමට ඔබට හැකිවනු ඇත. නමුත් සෙම, හතිය වැනි හදිසි ආපදා තත්ත්වයන් නිසා පීඩා විඳීමට සිදුවන අතර සමාජයේ වැඩි වගකීම් දැරීම නිසා ඇතිවන ශාරීරික පීඩාකාරී තත්ත්වය මත සතිය අවසානයේ පීඩාකාරී අසනීප වලට මුහුණ දීමට සිදුවන අතර විවේක සුවය අත්‍යවශ්‍ය වන බවක්ද පෙනෙන්නට තිබේ.
තුලා - මානසික සුවය
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 01 - 02 - 03 - 04 යන ස්ථානවල ගමන් කරමින් ඉතා හොඳ මානසික සුවයක් ලැබෙන සතියක් වේ. පුවත්පත් කලාව, රූපවාහිනි මාධ්‍ය තුළ රැකියා කරන අයට මෙම සුවිශේෂි තත්ත්වය හොඳින් උදාවනු ඇත. මේ වකවානුවේ විභාගාදියට මුහුණ දී සිටින දූ පුතුන්ට ඉතා හොඳ පැහැදිලි මානසිකත්වයක් ලැබී උසස් ලෙස ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට වාසනාව උදාවනු ඇත.
වෘශ්චික - නිර්මාණශීලී බව උසස් වේ
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය තුළ චන්ද්‍රයා 12 - 01 - 02 - 03 යන ස්ථානවල ගමන් කරමින් නිවෙස්වලට කොටුවී සීමාවී සිටින අයෙක් නම් වත්තේ පිටියේ කරන වගා කටයුතු සාර්ථක කරගත හැකි සතියක් වන අතර පරිගණක ආශ්‍රිත හා සමාජ මාධ්‍ය කටයුතු ආශ්‍රිත නිර්මාණ වැඩි දියුණු කර ගත හැකි වේ. දූ දරුවන් නම් තම දෙමාපියන්ගේ සුහදතාව වැඩි දියුණු වන ආකාරයට කටයුතු කිරීමට අවස්ථාව උදා වන සතියකි.
ධනු - ජීවන කටයුතු සාර්ථක වේ
ධනු ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 11 - 12 - 01 - 02 යන ස්ථානවල ගමන් කරමින් උසස් ලැබීමකට හේතු වන අතර ඒ අනුව තම ජීවන කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා වේ. තමා අන් අයගෙන් කිසියම් උපකාරයක් පතන්නේ නම් ඒ අයගෙන් ඔබට නිරතුරු දැඩි සහයෝගයක් උදා වන නිසා සමාජීය කටයුතුවල නිරත අයෙක් නම් ඒවා සාර්ථක කර ගැනීමට හේතු වේ. කෙසේ නමුදු සතිය පුරා අවිවේකය නිසා විවිධ අපහසුතා වලටද බඳුන් වීමට ඔබට සිදුවනු ඇත.
මකර - ආයෝජනයේ ප්‍රතිලාභ
මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 10 - 11 - 12 - 01 යන ස්ථානවල ගමන් කරමින් ඉතා වාසනාවන්ත රැකියා ඵලයකට හේතු උදාකර ගන්නා අතර යටපත් වූ ධන සම්පතකට හිමිකම් කීමටද ඔබට හැකිවනු ඇත. තමා මීට පෙර කර තිබූ ආයෝජන කටයුත්තක ප්‍රතිලාභ උදා කරදෙන සතියක් වන අතර පිටරටක සිටින අයකුගේ සහයෝගයක් ලැබීමෙන් ජීවිතයේ අමතක නොවන අන්දමේ ඉතිරියක් අත්පත් කර ගැනීමටද හදිසි ධන ලාභ ලොතරැයි ජයග්‍රහණ ආදිය හිමි කරදෙන සතියක් ද වනු ඇත.
කුම්භ - පෙර පින් පලදේ
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කරමින් ඔබට පෙර පින් මහිමය උදාකර දෙමින් ආර්ථික හා රැකියා වාසි කිහිපයක්ම උදා කර දෙනු ඇත. තමාට හිමි වන්නට තිබී අන් සතු වූ දේපළක් තමාට නීතියෙන් ම අත්පත් වන බව පෙනෙන්නට තිබේ. තම සහකරු හෝ සහකාරියගේ සහයෝගය කැපවීම නිසා යහපත්කම් රැසක් උදාකර ගැනීමට ඔබට හැකිවන අතර සිතේ සතුට සමාදානය රජයන වාසනාවන්ත සතියකි.
මීන - රැකියාවේ උසස්වීම්
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 08 - 09 - 10 - 11 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භය හදිසි අනතුරු තත්ත්වයකට මුහුණ දීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා ප්‍රවේශම් වන්න. නමුත් සතිය මැද භාගයේ සිට ආර්ථික ලැබීම් කීපයකට වාසනාව උදාකරදෙන අතර මීට පෙර මුහුණ දී සිටි සම්මුඛ පරීක්ෂණයක සතුටුදායක ප්‍රතිඵල උදාවී රැකියාවේ උසස්වීමක් හෝ නව රැකියා ප්‍රතිලාභ උදා කරදෙන සතියක් ද වනු ඇත.