
මේෂ ලග්නය - සිතේ සතුට රජයන සතියකි
මේෂ ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භයේ සිටම සිතට සතුට ගෙනෙන අන්දමේ කටයුත්තකට මුල පිරේ. තම නිවසට වී විවේකීව ගත කරන කාලයේ නිර්මාණශීලී කටයුතු රැසක් නිමකොට ඒවා මූල්‍යමය වශයෙන් ලාබ ලැබෙන පරිදි අලෙවි කර ගැනීමට ඔබට හැකි වෙයි. කෙසේ නමුදු අධික සීත කාලගුණයක් තුළ ජීවත්වන අයකු නම් සෙම්ප්‍රතිශ්‍යාව සෙම පීනස ගතිය මතු කරන නිසා ප්‍රවේශම් වන්න. වාහන ලාභයකට හේතු වේ. විශේෂයෙන් චන්ද්‍රයා ඔබගේ කේන්ද්‍රයට අනුව 01 - 02 - 03 - 04 යන ස්ථානවල ඉතා බලවත් ලෙස හැසිරෙන කාලයකි.
වෘෂභ ලග්නය - පිටස්තර අයගේ සහාය
වෘෂභ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා ගමන් කරනුයේ 12 - 01 - 02 - 03 යන ස්ථානවල නිසා සතිය ආරම්භය කණස්සලුබව ඇති කරන නමුත් සතිය මැද භාගයේ සිට ඉතා යහපත් වනු ඇත. විශේෂයෙන් ඔබට පිස්තරයකුගෙන් ලැබෙන සහයෝගය නිසා බොහෝ ගැටලු නිරාකරණය වනු ඇත. එහෙත් ඕනෑවට වඩා සමාජයට අවතීර්ණ නොවිය යුතු සතියකි.
මිථුන ලග්නය - උත්සව අවස්ථාවක් කල් දැමේ
මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය කිසියම් ආර්ථික ලාභයකට හේතු වෙයි. තමාගේ මවු පාර්ශ්වයේ ඥාතියකුගෙන් ඇප උපකාර ලැබේ. ඔබ කලින් යොදාගෙන තිබූ විවාහ මංගල උත්සවයක් කල් දැමීමට සිදුවේ. කෙසේ නමුදු එම කටයුතු මීට වඩා හොඳින් සංවිධානය කර ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට ගන්නා තීන්දුව සර්ව සාධාරණ එකක් වනු ඇත. තවද තම සිතේ පවතින ගැටලු රැසකට ඉදිරි සතිය තුළ යහපත් විසඳුම් ලැබෙනු ඇත.
කටක ලග්නය - සුබවාදි රැකියා වරප්‍රසාද
කටක ලග්නය අනුව ඔබට සතිය පුරාවටම සුබයි. චන්ද්‍රයා ඔබ කේන්ද්‍රයේ මෙම සතිය තුළ 10 - 11 - 12 - 01 යන ස්ථානවල ගමන් කරන නිසා රැකියාගත වරප්‍රසාද කීපයක් හිමි කෙරෙනු ඇත. ආර්ථික මට්ටමද උසස් වේ. ව්‍යාපාරයකට නියැළෙන කෙනෙක් නම් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවා එම ව්‍යාපාරික කටයුත්ත කරගෙන යෑමට හැකි වේ. ඒ නිසාම සතිය පුරා වෙහෙස මහන්සිය දරා සිටීමට සිදු වේ. දණහිසට අපල ගෙන එනු ඇත. තම සිතැඟි පරිදි තම අනාගත අභිවෘද්ධිය පිණිස කටයුතු රැසක් ජය ගනී.
සිංහ ලග්නය - ආර්ථික ලාභයක්
සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව 09 - 10 - 11 - 12 යන ස්ථානවල ගමන් කරන චන්ද්‍රයා සතිය පුරාම යහපත්කම් රැසක් ඔබට හිමිකර දෙයි. ඉඩම් ප්‍රතිලාභ ආර්ථික වශයෙනි. විශේෂයෙන් දිගටම කරගෙන ආ ආගමික කටයුත්තක යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට ඔබට හැකි වනු ඇත. කිසියම් අයුරක හදිසි ධනයක් හෝ තමා වෙන අයකුට දී තිබූ මුදලක් කලකට පසු ඔබ අතට පත්වීම නිසා එයින් උසස් ඵල හිමි කර ගැනීමට සුදුසු ක්‍රමයකට එය සකසුරුවම් කර ගැනීමට ඔබට හැකි වේ
කන්‍යා ලග්නය - සතිය ආරම්භයට වඩාඅවසානය සුබයි
කන්‍යා ලග්නය හිමි ඔබට මෙම සතිය ආරම්භය අගුණයි. සතිය මැද භාගයේ සිට දිගටම සුබයි. ඒ අනුව සතිය ආරම්භය ඔබ සැලසුම් කළ ව්‍යාපාරයක් නිකරුණේ පාඩු ලබන තත්ත්වයකට පත්වේ. ආහාරපාන අලෙවි කරන අයට ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව නැති නාස්ති වේ. එහෙත් එයම ආදර්ශයට ගෙන සතිය මැද භාගයේ සිට යළි නැඟී සිටීමට ඔබට හැකි වන අතර ඒ සඳහා බොහෝ දෙනෙකුගේ ඇප උපකාර ලැබෙන කාලයක් ද වෙයි. ඔබේ කේන්ද්‍රයට අනුව මේ සතියේ චන්ද්‍රයා 08 - 09 - 10 - 11 යන ස්ථානවල හැසිරේ.
තුලා ලග්නය - ඥාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව
තුලා ලග්නයට අනුව මෙම සතිය යහපත් වන්නේ තම සහකාරිය හෝ සහකරුවා වෙතින් ලැබෙන යහපත් ප්‍රතිචාර අනුව සිතට සතුට සැනසුම ගෙන එන නිසාය. පිටරටක සිට පැමිණි අයකු නම් නිසි නිරෝධායන කටයුතු අවසන් කොට තම ඥාති පිරිස සමග එකතුවීමට අවස්ථාව ලැබේ. ඒ අනුව සතුට අන් අය සමඟ බෙදා හදා ගැනීමට අවස්ථාව උදාවනු ඇත. කල්පනාකාරීව කටයුතු කළ යුතුව තිබෙන්නේ නිතර නිතර ආහාර පානයෙන් ප්‍රවේශම් වීම පිළිබඳවයි.
වෘශ්චික ලග්නය - කටයුතු කල් දැමීමට සිදුවේ
වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 06 - 07 - 08 - 09 යන ස්ථානවල ගමන් කිරීම නිසා තමා ආරම්භ කළ කටයුත්තක් දින නියමයක් නැතිව කල් දැමීමට සිදු වේ. තවද තම රැකියාවට මුල්තැන දී කටයුුතු කිරීමට සිදු වේ. තමාගේ මවු පාර්ශ්වයේ අයකුට සිදුවන අනතුරක් නිසා ඒ වෙනුවෙන් කැපවීමට ඔබට සිදු වේ. තවද කෙනෙක් වෙහෙස මහන්සි වුවද අන් අයගෙන් ඔබට හොඳක් නම් ඇසීමට නොහැකි වේ.
ධනු ලග්නය - රාජ්‍ය අනුග්‍රහය හා ප්‍රසාදය
ධනු ලග්නය හිමි ඔබ කිසියම් ආරක්ෂක අංශයක එසේත් නැති නම් ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ අයෙක් නම් රාජ්‍ය ප්‍රසාදය හිමි වන සතියකි. විශේෂයෙන් ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 05 - 06 - 07 - 08 යන ස්ථානවල ගමන් කරන නිසා එසේ වරප්‍රසාද හිමි වීමට හේතු වෙයි. තවද දරු සම්පත් බලාපොරොත්තු වන අයට දරු සම්පත් ද වඩ වඩාත්ම දියණිවරුන්ගේ ඵල උදා කෙරෙන සතියක් ද වෙයි.
මකර ලග්නය - වාහන ඉඩම් ලාභ
මකර ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා මේ සතියේ 04 - 05 - 06 - 07 යන ස්ථානවල ගමන් කිරීම ඉතා සුබ තත්ත්වයකි. විශේෂයෙන් වාහන ඵල ඉඩම් ලාභ හා රැකියා වරප්‍රසාද හොඳින් උදා කෙරේ. ඔබට විකිණීමට තිබූ වාහනයක් හිතුවාටත් වඩා ඉහළ මිලකට විකුණා දමා තවත් ඊට වඩා ප්‍රයෝජනවත් වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීමට ඔබට අවස්ථාව උදා වන විවේක සුවයෙන් කල් ගෙවීමට හැකිවන සතියක් ද වෙයි.
කුම්භ ලග්නය - නීති ගැටලු නිරාකරණය
කුම්භ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතිය ඔබට තිබූ නීති ගැටලුවක් නිරාකරණය කර ගැනීමට හැකිවේ. තවද චන්ද්‍රයා 03 - 04 - 05 - 06 යන ස්ථානවල ගමන් කිරීම නිසා මෙම තත්ත්වයට හේතු වන අතර සතිය මැද භාගයේ පටන් ආර්ථික ස්ථාවරය හොඳින් රැක ගැනීමට ඔබට හැකිවේ. කෙසේ නමුදු ඔබට පාඩු වෙමින් පවත්වාගෙන ආ ව්‍යාපාරයක් යළි නව සැලසුමකින් යුතුව කරගෙන යාමට ඔබට ධෛර්යය ශක්තිය ලැබෙන සතියක් ද වෙයි.
මීන ලග්නය - මහජන ප්‍රසාදය
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 02 - 03 - 04 - 05 යන ස්ථානවල ගමන් කිරීම නිසා බොහෝ සුබ ඵල ගෙනදෙනු ඇත. ධන සම්පත් ගෙන දෙන 02 වැන්නේ සිට 05 වැන්න දක්වා ගමන් කරන චන්ද්‍ර චාරයට අනුව සතිය පුරාම ප්‍රබෝධවත් ගතියෙන් කල් ගෙවීමට හේතු වේ. ඔබගේ ව්‍යාපාර කටයුුතු රටේ පවතින ගැටලු හමුවේ වුවද නොනවත්වා පවත්වාගෙන යාමට ඔබට හැකි වේ.