
විමර්ශන කොමිෂන් සභාව වාර්තා දක්වන ආකාරයට 2020/01/01 දින සිට 2020/09/30 දින දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද මුළු පැමිණිලි සංඛ්‍යාව 1,680 කි. මෙම පැමිණිලි 1,680 න් පැමිණිලි 1,240ක් වැඩිදුර විමර්ශනය කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව අල්ලස් පැමිණිලි 260ක්, දූෂණ පැමිණිලි 887ක්, අයුතු වත්කම් ඉපයීම් සම්බන්ධ පැමිණිලි 39ක් හා වැටලීම් පැමිණිලි 54කින් සමන්විත වේ. එමෙන්ම පැමිණිලි 364ක් විමර්ශනය නො කිරීමට ද ඉතිරි පැමිණිලි 76 සඳහා වෙනත් ආයතන වලින් හා නීති අංශයෙන් වාර්තා කැඳවීමට ද නියම කර ඇත.
ලොව පුරා බොහෝ රටවලට අල්ලස හා දූෂණය ප්‍රබල තර්ජනයක් වී තිබේ. මෙම උවදුරින් මිදීමට නම් තනි තනිව නොව ලොව සියලු රටවල් එක්ව ක්‍රිියාකළ යුතු බව අවබෝධ කර ගනිමින් ලෝකයේ බොහෝ රටවල් එක්ව දූෂණය පිළිබඳ දැනුම්වත් කිරීමට සහ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ කාර්යභාරය ඉස්මතු කර පෙන්වීමට අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය 2003 දෙසැම්බර් 9 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
එක්සත් ජාතීන් විසින් (UN) මෙම දිනය නිර්මාණය කිරීම සඳහා තීරණය කළේ සමාජවල ස්ථාවර බවට සහ ආරක්ෂාවට දූෂණය විසින් ඇති කරනු ලබන ගැටලු සහ තර්ජනවල බරපතළකම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන්ට හා සාරධර්මවලට හානි කිරීම, යුක්තිය සහ තිරසරභාවයට, සදාචාරාත්මක වටිනාකවලට ප්‍රබල බලපෑමක් ඇති වීම ආදි කාරනා හේතුකොටගෙනය. ඒ අනුව නීතියේ ආධිපත්‍යය අති කිරීම මඟින් සංවර්ධන අපෙක්ෂා මුඳුන් පමුණුවා ගැනීම සඳහා මෙම සම්මුතිය නිර්මාණය විය. දූෂණ හා අපරාධ මඟින් රටක සංවර්ධනයට, ආයෝජනවලට, වෙළෙඳාමට, කීර්තිනාමයට, සමාජ සාධාරණත්වයට ඉතාම නරක ප්‍රතිඵල අත්කර යි. මේ නිසා ලොව පුරා රාජ්‍යයන් 186 එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතිය අත්සන් කිරීමට කටයුතු කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසන්නේ පළමු සැමරුම පැවැත් වූ දින සිට මේ දක්වා දූෂණය කෙරෙහි නොඉවසීම ලොව පුරා වර්ධනය වී ඇති බවයි. අපරාධය සම්බන්ධයෙන් නඩු විභාග කොට වරදකරුවන් කරනු ලබන දේශපාලනඥයන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංඛ්‍යාව වැඩිවීම මීට හොඳම උදාහරණය බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම සම්මුතියට අත්සන් තබා අප රට ඊට එක් වූයේ 2004 වර්ෂයේ දී ය. ඒ අනුව මෙකී සමුතිය ප්‍රකාරව කටයුතු කිරීමට අප රට ගිවිස ගත්තේය. සෑම වසරකම දෙසැම්බර් නව වැනිදා ලෝකයේ සෙසු රටවල් මෙන් ම අප රටද එදිනට අන්තර්ජාතික දූෂණ විරොධී දිනය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සමරනු ලබයි.
පසුගිය නව වැනිදා අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය සමරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ "දූෂණය, සංවර්ධනයට ඇති විශාලතම බාධවක් බවයි. සමාජයීය හෝ ආර්ථික හෝ කවර ක්ෂේත්‍රයක වුවද සිදුවන දූෂණය, ඒවායේ උපරිම ශක්‍යතාව සාක්ෂාත් කර ගැනීම වළක්වාලමින් රටේ වර්ධනයට බාධා පමුණුවන බවයි. අධීක්ෂණ යාන්ත්‍රණවල දුබලතා හේතුවෙන් දූෂණයට ඉඩ හසර විවර විය හැකි බවත්, අර්බුද සමයන්හි දී මෙය වඩාත් ප්‍රකට ව ඉස්මතු වන බවත් හෙතෙම පවසයි.
දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකි වනුයේ මේ සාපරාධී චර්යාවට එරෙහි වීමට එහි වැසියන් හට වුවමනාවක් සහ නැඹුරුවක් ඇත්නම් පමණි. දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය රටවැසියා එය නො ඉවසීමයි. දූෂණයට එරෙහි සටනේ දී රටවැසියා බල ගැන්වීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහළ අවධානයක් යොමු කළේ ඒ හේතුව නිසා බව හෙතෙම පෙන්වා දෙයි.
නාස්තිය සහ දූෂණය පිටුදැකීම තම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් කොට සලකන බව පවසන ජනාධිපතවරයා සුපැහැදිලි බහුතරයක් සහිතව තම ජයග්‍රහණය සහතික කිරීමෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දූෂණයෙන් තොර කාර්යක්ෂම දේශයක් ගොඩනැඟීමට සිය සහය සහ අභිලාෂය පළ කර ඇති බවයි.
රජයේ පරිපාලන යාන්ත්‍රණයේ පුළුල් සහභාගී සහ සක්‍රිය කාර්ය භාරයක් ඉටු කරන ලෙසත්, රජයේ සේවාවන් කාර්යක්ෂමව ලබා ගැනීමට ඔබට ඇති අයිතිය ගැන වඩා දැනුම්වත් වන ලෙසත්, කුමන ආකාරයක හෝ අල්ලස් ඉල්ලීම් වලට එරෙහි වන ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
රජයට ඔබ වෙනුවෙන් ඇති බැඳීම් පිළිබඳව වඩා සුපරීක්ෂාකාරී වන ලෙසත්, කවර ආකාරයක වුවද අල්ලස් හා දූෂණ සිදුවීම්, නීතිය ක්‍රියාත්මක කිරීම හෝ විමර්ශනය හෝ භාර බලධාරීන් වෙත නොපමාව වාර්තා කිරීමෙන් ඔබගේ පුරවැසි යුතුකම ඉටුකරන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියේ ලේකම් කාර්යාලය ලෙස කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය (UNODC) මෙවර අන්තර් ජාතික දූෂණ විරෝධී දින සැමරීමින් කියා සිටියේ ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කෝවිඩ්-19 තත්ත්වය යටතේ වුව දූෂණය හා අල්ලස පිටුදැකීමට ඉදිරියට එන ලෙසය. මන්දයත් මෙවැනි ව්‍යසන සමයන් හී ඒවා වර්ධනය වීමේ ශීඝ්‍රතාවයක් පැවතිය හැකි බැවිණි.
දූෂණ, අපරාධ සහ දුරාචාර අර්බුදකාරී කාලවලදී වඩාත් හානිකර ය. මුළුමහත් ලෝකයම COVID-19 වසංගතයට මුහුණ දී සිටින බැවින් වෛරසයට ප්‍රතිචාර දක්වන අතරතුර, විනිවිදභාවයක් නොමැති දුර්වල අධීක්ෂණය නිසා ගසාකෑමට නව අවස්ථා නිර්මාණය වී අති බවයි. මෙවන් ව්‍යසනකාරී අවස්ථාවකදී ජනතා අරමුදල් වෙනත් දෑ සඳහා යොදා ගැනීම මහජන විශ්වාසය පාවාදීමක් බව අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය සමරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම නිලධාරිවාදයේ හා දූෂණයේ ගැටලු පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන අතර දූෂණයට එරෙහි වඩාත් ඵලදායී හා කාර්යක්ෂම සටනක දී තාක්ෂණික සහය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරන බව හෙතෙම කියා සිටියි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වාර්තා දක්වන ආකාරයට 2020/01/01 දින සිට 2020/09/30 දින දක්වා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලද මුළු පැමිණිලි සංඛ්‍යාව 1,680 කි. මෙම පැමිණිලි 1,680 න් පැමිණිලි 1,240ක් වැඩිදුර විමර්ශනය කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව අල්ලස් පැමිණිලි 260ක්, දූෂණ පැමිණිලි 887ක්, අයුතු වත්කම් ඉපයීම් සම්බන්ධ පැමිණිලි 39ක් හා වැටලීම් පැමිණිලි 54කින් සමන්විත වේ. එමෙන්ම පැමිණිලි 364ක් විමර්ශනය නො කිරීමට ද ඉතිරි පැමිණිලි 76 සඳහා වෙනත් ආයතන වලින් හා නීති අංශයෙන් වාර්තා කැඳවීමට ද නියම කර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම කාර්ය සඵල කර ගැනීම සඳහා ඉදිරි පියවර රාශියක් ගැනීමට බලාපොරොත්තු වේ.
එනම්, නව සංගෘහිත පනතක් ලෙස කෙටුම්පත් කර ඇති අල්ලස් පනත, වත්කම් බැරකම් පනත සහ අල්ලස් කොමිෂන් සභා පනත නීතිගත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණයට එරෙහි අධිකරණ කටයුතු පහසු කර ගැනීම.
විද්‍යුත් ජාලගත(Online) ක්‍රමය භාවිත කරමින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීම හා එම වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිෂන් සභාවේ පිහිටවනු ලබන විශේෂ ඒකකයක තොරතුරු පද්ධතියක් ලෙස ස්ථාපිත කිරීම.
විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂඥ දැනුමක් සහිත උපාධිධාරී විමර්ශන නිලධාරීන් 200 ක් බඳවා ගැනීම.
දූෂණ නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය, පසුවිපරම් කිරීම ආදී කාර්යයන් ඉටුකිරීම සඳහා නිවාරණ නිලධාරීන් 50 දෙනකු බඳවා ගැනීම
නීති නිලධාරීන්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා නීති සහායකයන් 17 දෙනකු බඳවා ගැනීම.
රාජ්‍ය ආයතනවල අල්ලස හා දූෂණය අවම කිරීම සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාවට නැංවීම.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීම.
පාසල් සිසුන්ගේ, උපාධි අපේක්ෂකයන්ගේ සහ තරුණ පරපුරේ හරයන් වැඩිදියුණු කිරීම සඳහා සාරධර්ම සංකල්ප හා අල්ලස දූෂණය පිළිබඳ නීති සම්බන්ධ කරුණු ඔවුන්ගේ අධ්‍යාපන විෂය මාලාවන්ට ඇතුළත් කිරීම.
අල්ලස් කොමිෂන් සභාව සඳහා ගොනු පවත්වා ගෙන යාමට පරිගණක ගොනු කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම ආදිය වේ.