
චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් 2019 වසරේ නොවැම්බර් අගභාගයේ මුලින්ම වාර්තා වූ දරුණු උග්‍ර ශ්වසන රෝගය කොවිඩ් 19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුලින්ම වාර්තා කළේ ඉකුත් වසරේ දෙසැම්බර් 31 වැනිදාය.
2020 ජනවාරි 30 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 හි ව්‍යාප්තිය හදිසි ගෝලීය සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. වයිරසය ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟ 2020 මාර්තු 11 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. වසංගතය ලෝකය ආක්‍රමණය කොට වසරක් ගතවද්දී මේ වන විට රටවල් 217 ක පුද්ගලයන් මිලියන 83කට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතයන් බවට පත්කර මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත්කර ඇත. ලොව පුරා සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 47කට ආසන්නය.
තවත් වසර දෙකක් පමණ කොවිඩ් 19 වයිරසය සමඟ ජීවත් වීමට සිදුවන බවට ලෝක සෞඛ්‍ය විශේෂඥයන් අනාවැකි පළ කර තිබෙන පසුබිමක තවත් අලුත් වසරක් උදා විය. වසංගතය හමුවේ වුවද රට හමුවේ ඇති ආර්ථික අභියෝග පරාජය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයද විශාල වෑයමක් දරමින් සිටී. වසංගතය විසින් මාස 9ක් තිස්සේ අඩපණ කර ඇති සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමේ අභියෝගය ජය ගැනීමේ පළමු පියවරක් ලෙස පසුගිය 28 වැනිදා යුක්‍රේනයේ සිට සංචාරකයන් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය.
කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් භික්ෂු සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක් එදින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර එහි පැමිණි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත සංදේශයක් ලබාදීමටද ඔවුහු කටයුතු කළහ. මේ අතර රජයේ විෂවේද ආයතනයේ ශීතාගාරවල තැන්පත් කර තිබූ කොවිඩ් ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන් පස් දෙනකුගේ සිරුරු එදින ආදාහනය කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේදී රජයේ වියදමිනි. පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සිට එම ශීතාගාරයේ කොවිඩ් දේහ 19ක් තැන්පත් කර තිබූ අතර ඉන් 10ක ආදාහන කටයුතු මීට පෙර සිදුකෙරුණි.
මේ අතර ප්‍රදේශ ගණනාවක් හුදකලාවට ලක්කර ඇති ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් පසුගිය 28 වැනිදා වන විට වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. එමෙන්ම පසුගිය 28 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ පැවසුවේ ඒ වන විට ගැබිනි මවුවරුන් 600කට වඩා වැඩි පිරිසකට කොවිඩ් ආසාදිත වී ඇති බවයි. එදින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 194ක් දක්වා ඉහළ නංවමිනි. දර්ගා නගරයේ පදිංචිව සිටි 90 හැවිරිදි පිරිමි පුද්ගලයකු, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි කාන්තාවක් එලෙස මිය ගියේය.
සංචාරකයන් 204 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 9 දෙනෙකු රැගත් තවත් ගුවන් යානයක් 29 වැනිදා යුක්‍රේනයේ කිව් නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර එසේ පැමිණෙන සියලුම සංචාරකයන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. ඉදිරියේදී විදෙස්ගත ශ්‍රමිකයින් හා සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමේ දෛනික පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමටද රජය තීරණය කර ඇත.
පෞද්ගලික වෙළෙඳ ආයතනයකට සම්බන්ධ කොවිඩ් ආසාදිත අලෙවි නියෝජිතවරයෙක් ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, කොස්සින්න හා පේරාදෙණිය යන නගරවල වෙළෙඳසල් 400ක ආසන්න සංඛ්‍යාවකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබිණි.
ඉන් වෙළෙඳසල් 120ක් ගම්පොළ නගරයට අයත්ය. මේ අතර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.
දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 354 න් 240 ක්ම කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉහළ අවදානමක පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය නව සිතියමක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම සිතියම සකස් කර ඇත්තේ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පවතින අවදානම කාණ්ඩ 03ක් යටතේ වර්ගීකරණය කරමිනි.
30 වැනිදා තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වූයේ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 199ක් දක්වා ඉහළ නංවමිනි. මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස මරුමුවට පත් විය. අනුරාධපුර උතුරු මැද පළාත් සභාවේ සේවය කරනු ලබන නිලධාරිනියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ එම පළාත් සභා ප්‍රධාන අමාත්‍යාංශ කාර්යාලය වසා දැමීමට පියවර ගෙන තිබුණි. මේ අතර ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නිලධාරියකුටද කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ එම කාර්යාලයේ මහජන හමුවීම් නවතා දැමුණි.
මේ අතර 30 වැනිදා කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින්ද ආසාදිතයන් 9 දෙනකු හඳුනාගෙන තිබේ. එමෙන්ම එම දිනය තුළ පමණක් නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔක්තෝබර් මස 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයන් 1957 දෙනකු අත්අඩංගුවට පත්ව තිබේ.
කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉකුත් 31 වැනිදා සිට දින පහක කාලයක් හුදෙකලා භාවයට පත්කරනු ලැබිණ. ඒ, පසුගිය 30 වැනිදා මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයන් හා හිම්කරුවන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟය. එයින් ආසාදිතයන් 23 දෙනකුම කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. පසුව එම සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසුවේ දෙසැම්බර් මස 18 වැනි දින සිට ඉකුත් 31 වැනිදා දක්වා බස්නාහිර පළාතෙන් පුද්ගලයන් පිටව යෑමේදී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක (රැපිඩ් ඇන්ටිජන්) පරීක්ෂණවලින් 68 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව පසුගිය 18 වැනිදා සිට 31 වැනිදා දක්වා අදාළ ස්ථාන 11 ආශ්‍රිතව සිදුකර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සංඛ්‍යාව 12,929ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ජනවාරි මස 5 වැනි දින තෙක් කොළඹින් පිටව යන පුද්ගලයන් සඳහා ස්ථාන 11ක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතය. කාත්තන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ග්‍රාම නිලධාරි වසම් 11ක් නව වසරේ ආරම්භක දිනයේම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන්නට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළේය. කොවිඩ්19 වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 25ක් සඳහා යුද හමුදා ෙෂ්ඨ නිලධාරින් 25 දෙනකු දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් ලෙස යුද හමුදාපතිවරයා විසින් පත්කරනු ලැබූ බව එදින යුද හමුදා මාධ්‍ය ඒකකය විසින් වාර්තා කළේය.