
දරුවාට අවුරුද්දකුත් මාස දෙකයි;
දරුවා පූර්ණ සුවෙන්
අප මේ කියන්නට යන්නේ අවුරුද්දකුත් මාස දෙකක් වියැති කුඩා දැරියකගේ වම බාහුවේ ඉහළ අස්ථියේ තිබු පිළිකා ගෙඩියක් අස්ථිය සමඟ ඉවත්කොට නැවත බද්ධ කිරීමේ විස්මිත සැත්කමක් ගැනය. කොටින්ම කිවහොත් මෙවැනි සැත්කමක් සිදුකොට ඇත්තේ ලංකාවේ ප්‍රථම වරටය.
මෙකී සැත්කමට භාජනය කළ දැරියගේ මවුපියන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. මෙම කුඩා දැරියගේ වම් අතේ වැලමිට හා උරහිස අතර කුඩා ගෙඩියක් දක්නට විය. මේ පිළිබඳ දැරියගේ දෙමවුපියෝ සැලකිලිමත් වූහ. දැරිය පළමුව කොළඹ ළමා රෝහලට රැගෙන යනු ලැබීය. ළමා රෝහල මගින් මෙම දැරිය මහරගම පිළිකා රෝහල වෙත මාරුකරනු ලැබීය. දැරිය පරික්ෂා කරනු ලැබුවේ මහරගම රෝහලේ ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජිව ගුණසේකරය. සංජීව ගුණසේකර වෛද්‍යතුමන් විසින් මෙකී දැරිවිය බයොක්සි පරික්ෂණයකට ලක්කරනු ලැබුවාය. එම පරික්ෂණයේ දී මෙම දැරිවියගේ අතේ තිබු ගෙඩිය පිළිකා ගෙඩියක් බවට තහවුරු කරගනු ලැබීය. ඒවනවිට දැරියගේ වම් අතේ පිළිකා සෛල සෑහෙන දුරකට පැතිරී තිබුණි. ඉන්පසු මෙකී දැරියට සති තුනකට වරක් තෙරපි ප්‍රථිකාර ලබාදීමට කටයුතු කරනු ලැබීය. තෙරපි ප්‍රතිකාරවලට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වා තිබූ අතර දැරියගේ අතේ තිබු ගෙඩියේ විශාලත්වය ද යම්තාක් දුරකට අඩුවී තිබුණි. ඒ කොයිහැටිවුවද මෙකී දැරියගේ අස්ථියේ තිබු පිළිකා ගෙඩිය ශල්‍යකර්මයකින් ඉවත් කළ යුතු බවට සංජිව ගුණසේකර වෛද්‍යතුමන්ගේ අදහස විය. ඒ අනුව මෙම දැරිවිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විකලාංග රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෞෂාල් කරුණාරත්න වෙත යොමු කෙරිණි. අවුරුද්දකුත් මාස දෙකක දැරිවියගේ අතේ අස්ථිය සමඟ පිළිකා ගෙඩිය ඉවත්කොට එය නැවත බද්ධ කිරීම එතරම් ලේසි පහසු කාරියක් නොවේ. ශල්‍යකර්මය සඳහා සහභාගී වන වෛද්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කළ යුතුය. කෞෂාල් කරුණාරත්න වෛද්‍යතුමන් විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජනත් ලියනගේ සමඟ සාකච්ඡා කොට සැත්කම කළයුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළේය. දැරිවියගේ සැත්කම කිරීම සඳහා තොරාගනු ලැබුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ශල්‍යාගාරයයි. එය තොරාගැනීමට විශේෂ හේතුවක් ද තිබුණි. මක්නිසාදයත් පිළිකා ඒකකය ඇතුළු අනිකුත් එ්කක ළමා ශල්‍යාගාරය ආසන්නයේ පිහිටා තිබීමයි.
ජනත් ලියනගේ හා කෞෂාල් කරුණාරත්න යන වෛද්‍යතුමන්ලා විසින් පළමුව මෙකී දැරිවියගේ වම්බාහුවේ ඉහළ ප්‍රදේශයේ තිබු පිළිකා ගෙඩිය සමඟ අස්ථිය ඉවත් කිරිමට කටයුතු කරනු ලැබීය. ලේ නහර හා ස්නායුවලට කිසිදු හානියක් නොවන ආකාරයට අස්ථිය ඉවත් කිරීමට වෛද්‍යතුමන් දෙපළ කටයුතු කරනු ලැබීය. ඉන්පසු අස්ථිය විශේෂ ක්‍රමවේදයකට අයිස් පෙට්ටියක තැන්පත්කොට කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට රැගෙන යනු ලැබීය. පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයමිණි හොරොදුගොඩගේ පූර්ණ උපදෙස් මත පිළිකා අස්ථිය සඳහා රේඩියෝ තෙරපි ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරනු ලැබීය. පිළිකා සෛල විනාශ කිරීම සඳහා විනාඩි 20 ක පමණ කාලයක් ගතවිය. අස්ථියේ තිබු පිළිකා සෛල ඉවත් කිරීමෙන් පසු පැයක පමණ කාලයකින් පසු පිළිකා ඒකකයේ සිට අස්ථිය ළමා ශල්‍යාගාරය වෙත රැගෙන එනු ලැබීය. ඉන්පසු ජනත් ලියනගේ හා කෞෂාල් කරුණාරත්න යන වෛද්‍යතුමන්ලා විසින් අස්ථිය යළි දැරියගේ අතට බද්ධ කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී සැත්කම කිරීම සඳහා පැය අටහමාරක් පමණ කාලයක් ගතවී තිබේ. අස්ථිය සාර්ථක ලෙස බද්ධ කිරිමට හැකිවී තිබේ. සැත්කමෙන් පසු දැරිය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ඇයගේ අතේ ඇගිලි සාමාන්‍ය අයුරින් ක්‍රියාකරන බව වෛද්‍යවරු පවසති. මේ වනවිට දැරියගේ අතට කිමෝ ප්‍රතිකාර මේ පිළිබඳ ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විකලාංග රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෞෂාල් කරුණාරත්න අප සමඟ මෙසේ කීවේය.
‘ඇත්තටම මෙම සැත්කම නවීන වෛද්‍ය විද්‍යාවේ හාස්කමක්. මේ වනවිට නවීන විද්‍යාව සාමාන්‍යකරණය බවට පත්වෙලා තියෙනවා. පසුගිය කාලයේ ළමුන්ගේ අත් පාදවල මෙවැනි පිළිකා ගෙඩි ඇතිවූවිට කරපු එකම දෙය තමයි අත් පාද කපා ඉවත් කිරීමයි. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. නවීන වෛද්‍ය විද්‍යාවේ දැනුම ඒ සඳහා යොදා ගන්නවා. මෙහි පුරෝගාමියා තමයි පුංචිහේවා වෛද්‍යතුමන්. එතුමා ගැන සිහිපත් කළ යුතුයි මේ ශල්‍යකර්මය ඉතා අපහසු සැත්කමක්. නමුත් ප්‍රාතිහාරයක් නොවේ. අස්ථිය සමඟ පිළිකා ගෙඩිය ඉවතට අරගෙන රේඩියෝ තෙරපි කළා. විකිරණ ප්‍රතිකාර කිරීම නිසා අස්ථිය මැරෙනවා.ඒ අස්ථිය තමයි දරුවාගේ අතට බද්ධ කළේ. නමුත් කාලයක් යනවිට ඇගේ සෛල තැන්පත් වෙලා එය අස්ථියක් බවට පත්වෙනවා. අස්ථිය දික්වීමට යම් කාලයක් යනවා. දරුවාගේ අත කොටවෙන්න පුළුවන්.