
2021 පෙබරවාරි කලදසාව ඔබට කොහොමද?
ලග්නයෙන් ලග්නයට පලාඵල බලාගමු
- මේෂ-වෘෂභ කටක-තුලා-ධනු මකර-මීන ලග්නවලට ශුභඵල
- මිථුන-සිංහ-කන්‍යා වෘශ්චික-කුම්භලග්නවලට මධ්‍යම ඵල
- කාමුක සිකුරු පරදා ඥාන කාරක බුධ ජයගනී
පෙබරවාරි මාසය අසිරිමත් ග්‍රහ චලිතයක් පෙන්නුම් කරයි. ඒ ග්‍රහ යුද්ධ ග්‍රහ සංයෝග ග්‍රහ රාශි මාරු ලෙසිනි. ඒ අනුව පෙබරවාරි 06 වැනි දින දහවල් 12.37 ට කුජ - යුරේනස් යුද්ධය ද පෙබරවාරි 11 වැනි දින රාත්‍රි 08.29, ගුරු සිකුරු ග්‍රහ යුද්ධය ද පෙබරවාරි 13 වැනි දින දහවල් 1.18 ට යෙදෙන බුධ - සිකුරු ග්‍රහ යුද්ධය ද මේ අතර ප්රමුඛ වෙයි. මෙහිලා විටින් විට මිනිස් සිත් සතන් තුළ විවිධ වූ මානසික ව්‍යාකූලතා මෙන් ම විවිධ මානසික සංහිඳියාවද සිදුවනු පෙනේ.
මෙහිලා වැදගත් වන්නේ ගුරු, සිකුරු යුද්ධයේදී සිකුරු පරදා ගුරු ජය ගැනීම බැලූ බැල්මට ගුරුවරයකු හා සමාන ගුරුගේ ජය යහපතක් යයි සිතුණ ද මේ වනවිට විශ්ව ක්ෂේත්රයේ ගුරු නීචව පැවතීම නිසා තවදුරටත් මිනිසුන්ගේ විෂම සිතුවිලිවල අවසානයක් නැති බවයි. ලෙඩ රෝග වසංගත එදිරිවාදිකම් - නොපනත්කම් - තව තව ලියලෑමට හේතුවන බවයි. සෞන්දර්යය - සාමූහික මතවාද හා කුසලතා ඔප් නංවන සිකුරුගේ පරාජය මෙහිදී මිනිසුන්ගේ ආදරය කරුණාව එකිනෙකා අතර ඇති සබැඳියාව මුළුගන්වයි. එය සමාජයක් හැටියට කිසියම් බාධක තත්ත්වයක් වුවද පෙබරවාරි 13 දා සිදුවන බුධ - සිකුරු යුද්ධයේදී ඇතිවන බුධ ජයග්‍රහණය තුළ මේ සියල්ල කණපිට පෙරළමින් මිනිස් සිතුම් පැතුම් යහපත් වන අතර කිසියම් කටයුත්තකදී ඉතා බුද්ධි ගෝචරව ශක්තිමත් තීන්දු තීරණ ගන්නා පිරිසක් හැටියට අපට සුබවාදී තත්ත්වයක් උදා වේ. බුධ බුද්ධිය ඥානය තීරණය කරන ග්‍රහයකු ලෙස හුදු විනෝදය පටු ආශ්වාදය හබා ගොස් ආටෝප සහගත ලෙස හැසිරෙන සිකුරු යටපත් වීම මෙහිදී සුවිශේෂි වෙයි. ආගම දහමට තැන දී කටයුතු කරන සිය අභිමතාර්ථ පසුපස ශක්තිමත් පසුබිමක කටයුතු කරන පිරිසකගේ ඒකරාශිවීම මෙම ග්‍රහ යුද්ධයේදී අපට ලැබෙන ප්‍රතිඵල වෙයි. ඒ කොයි හැටි වෙතත් මෙහිදී බුධ ජය ගැනීම අධ්‍යාපනය හදාරන දූ පුතුන්ට බාහිර ඉගෙනුම් කටයුතුවල නිරත වන තරුණ තරුණියන්ට ආගමික කටයුතුවල නියැළෙන වැඩිහිටියන්ට මෙය වැදගත් ග්‍රහ චලිතයක් කීවාට වරද නැත. විශේෂයෙන් තවදුරටත් විග්රහ කිරීමේදී රවි - බුධ - ගුරු - සිකුරු - සෙනසුරු මෙම වකවානුව එකම රාශියේ සංයෝග වීමෙන් ප්‍රබල පංච මහා යෝග තත්ත්වයක් උදාකර සිටීමද සිතට සැනසුම් සුවය උදා කරන්නකි. මෙම පංච මහා ග්‍රහ සංයෝගය රටේ ස්වෛරීභාවය එකමුතුකම - සදාචාරය - සාමූහික බව බුද්ධිගෝචරව ඉදිරිය දෙස බැලීම පාලන පක්ෂය වටා බුද්ධිමත් ජනකොටස් ඒකරාශි වීම යහපත් ආකල්පමය තීන්දු තීරණ තුළින් කාටත් රටේ සංවර්ධනය නොකඩවා ඉදිරියට ගෙන යාම හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම මෙහිලා වැදගත් වෙයි. ඊට අමතරව දැනට පවතින වසංගත තත්ත්වයෙන් මිදීමට මහ ජනතාව ඉතා සූක්ෂ්ම ක්රමෝපායන අනුගමනය කිරීම පිරිසුදු චේතනාත්මක හැඟුම් පෙරටු කරගත් යහපත් අරමුණු මුඳුන්පත් කරලීමට ද බොහෝ දෙනා කටයුතු කෙරෙන කාලයකි.
මේ විෂමාචාර වසංගතය එන්න එන්නම දලුලා වැඩෙන බව පෙනුණත් එය මේ මාසෙය් සිදුවන මේ ග්‍රහ චලිතයන් තුළින් ද එකට එකතුව සිදුවන පංච මහා ග්‍රහයෝග තත්ත්වය තුළ ද ලෝකවාසී රට වාසී ගම්වාසී සැමටම අභිවෘද්ධිය උදාවන බව නම් නිසැකය.
විශේෂයෙන් පහනක දැල්ල වුව ද නිවීමට ආසන්න වන විට ටිකෙන් ටික ඉහළට එසවී ව්‍යාප්තවී සෙලවි සෙලවී ගොස් නිවී යයි. ඒ හා සමානව මේ දැල්වෙන කෝවිඩ් වසංගත ගින්නද මේ ශීඝ්‍රයෙන් ඉහළට එසවෙන්නේ නිවී යාමට බොහෝ ආසන්න නිසාය.
මෙසේ අප ලොව හකුළුවා තැබි වසංගත හැරුණු විට අප තුළ නළියන කුසලතා යළි පෙරමුණට ගෙන ඒවා 2021 වසර එළඹීමත් හා පෙබරවාරි මාසය තුළ සිදුවන ග්‍රහ යුද්ධ ග්‍රහ සංයෝග රාශි මාරුවී යන ග්‍රහ තත්ත්ව පිළිබඳ විග්රහ කිරීමේදී අපට පෙනෙන අතර ඒ ඒ ලග්නවලට මෙම බලපෑම ඇති වන්නේ කෙසේ දැයි අප සලකා බලමු.
මේෂ - අනාගතයට නව සැලසුම්
මේෂ ලග්නය හිමි ඔබට ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම වකවානුව රැකියා ස්ථානගත බොහෝ සුබවාදී අරමුණු ඉටුවන තත්ත්වයකි. රවි - බුධ -ශුක්‍ර සෙනසුරු ගුරු පංච මහා සංයෝගය 10 වැන්නේ යෙදී තිබීමත් මෙහිදී වැදගත් වෙයි. දරු ඵල අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත් ද ව්‍යාපාර කරන අයට ව්‍යාපාර දියුණුව ද පෙන්වයි. ගෘහ ජීවිතය ඉතා සතුටුදායක වන අතර එකිනෙකා අතර අන්‍යොන්‍ය සුහදත්වය හා ඉදිරියට යහපත් ක්‍රියාමාර්ග ගැනීමට පෙලඹීම මෙහිදී වැදගත් වෙයි. ශරීර සෞඛ්‍ය අතින් තුනටිය ආශ්රිත උවදුරු එළඹීමට බොහෝ දුරට ඉඩ ඇත. හදිසි අනතුරු පෙන්වන අතර දණහිසේ විවිධ රෝග මතු කිරීමට ද ඉඩ ඇත.+
වෘෂභ - ආර්ථිකයේ ඉහළම තැනට
වෘෂභ ලග්නයට අනුව ඔබට මෙම වකවානුව ආර්ථික අතින් ඉහළටම යාමට හැක. පංච මහා ග්‍රහ සංයෝගය 09 වැන්නේ සිදුවීමෙන් පෙර පින් මහිම මතු කරන අතර දේපළ ඉඩකඩම් යාන වාහන උරුමකම් ද සහිතයි. රැකියාගත අභිවෘද්ධිය හා කවුරු අතරත් හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට හැකි වෙයි. නිෙවසේ අතරමග නවතා දැමූ කොටස් නැවත ඉදිකර සම්පූර්ණ කර ගැනීමට ඔබට හැකි වෙයි. නව ආදායම් මාර්ග එළඹෙන අතර ඒ සඳහා කාගේත් සහයෝගය ඔබට ලැබෙන වකවානුවයි. නිරෝගී සුව සම්පත උදාවන කාලයක් වන අතර පැවතුණු යම් රෝග තත්ත්වයක් වුව ද සමනයවන තත්ත්වයට පත්වේ. අධිෂ්ඨානය සිතට ගන්න.
මිථුන - අධිෂ්ඨානයන් බිඳ වැටෙයි
මිථුන ලග්නයට අනුව ඔබට මෙම වකවානුව පරිස්සම් විය යුතු වෙයි. විශේෂයෙන් 8 වැන්නේ සිදුවන පංච ග්‍රහ සංයෝගයට අනුව හදිසි ධන නාස්ති වීම තම ව්‍යාපාර බිඳ වැටීම් රැකියා ස්ථානගත කරදර පෙන්වයි. ගෘහ ජීවිතයේදී බොහෝ අධිෂ්ඨානශීලී කටයුතුවලින් ජයග්‍රහණ අත් වුව ද ඉතා ශ්‍රම කැප කිරීමකින් මිස ඉතා ලෙහෙසියෙන් ඔබට ඔබේ ජයග්‍රහණ කරා යාමට නොහැකි වේ. තම අතින් ගිලිහුණු කටයුතු කීපයක් ජයග්‍රහණය කිරීමට හැකි වේ. නමුත් නව අභිමථාර්ථ ටිකින් ටික යටපත් වන සුලු වෙයි. පපුවේ සෙම, හතිය හා බඩ ආශ්රිත උෂ්ණ රෝග ද හට ගැනීමට පුළුවන.
කටක - ඉදිරි ගමනට නව පණක්
කටක ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ඔබගේ බොහෝ අභිමථාර්ථ ඉටුකර ගැනීමට හැකි වේ. පංච මහා ග්‍රහ සංයෝගය 07 වැන්න වන විවාහ ස්ථානගතව සිදුවන නිසා විශේෂයෙන් අවිවාහක අයට මංගල යෝග ද බොහෝ තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා සමාජයේ කැපී පෙනෙන ලක්ෂණය මෙන් ම නව මං පෙත් හෙළි කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට හැකිවන වකවානුවකි. ධනය අතින් ද යහපත් වනවා මෙන්ම තම කටයුතු පහසු වන අන්දමේ උපකාර තමාට අන් අය වෙතින් උදාවනු ඇත. ශරීර සෞඛ්‍ය අතින් මුත්‍ර ආපදා හා උෂ්ණාධික රෝග බහුල විය හැකිය.
සිංහ - පිටරට යෝග මතු කෙරේ
සිංහ ලග්නය හිමි ඔබට මෙම වකවානුව සිතට සතුට දෙන කරුණු කාරණා කීපයක් එළඹුණ ද විටින් විට සිතට වදදෙන ගැටලු කීපයකට ද මුහුණ දෙයි. තම කටයුතුවලට බාධා කරන අයගේ පරාජ පිළිබඳ ඔබට දැක ගැනීමට හැකි වෙයි. ඒ නිසාම ඔබට කිසියම් සතුටුදායක මානසිකත්වයක් හිමිවනු ඇත. පිටරටකට යාමට බලාපොරොත්තුව සිටින අයගේ බලාපොරොත්තු ඉටු වේ. ව්‍යාපාරයකට අත ගසනවා නම් එය ද ඔබට යහපත් ආර්ථික ලාභ ගෙන දීමට හේතු වේ. අධිෂ්ඨානය සිතට ගන්න. පාදයේ වළලුකර යටි බඩ ආශ්රිත රෝග පැන නගී. ගෘහ ජීවිතයේ බොහෝ විට ප්‍රියයන්ගෙන් දුරස්ව දින ගණනක් ගත කිරීමට ඔබට සිදුවෙයි.
කන්‍යා - වෙන්වී සිටි අය ළං වේ
කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම වකවානුව සුබ ඵල ඉතා හොඳින් පැමිණේ. අත්හැර දමා තිබූ ව්‍යාපාර ආරම්භයට බාධකව තිබූ රැකියා යළි ප්‍රාණවත් වීමට හේතුවන කාලයකි. විශේෂයෙන් තම දරුවකුගේ යහපත් ලැබීමක් හෝ දරුවකුගේ අධ්‍යාපන කටයුත්තක් සාර්ථකවීම නිසා සිතේ සතුට උදාවනු ඇත. තමාගෙන් ඈත්වී සිටි අයකු හෝ පැමිණීමක් මෙන් ම තමා සමඟ අමනාප වී සිටි අයකු යළි මිත්රවීමට බොහෝ දුරට ඉඩ ඇත. රාජතාන්ත්‍රික ඇප උපකාර ලැබෙන අතර ඔබගේ කිසියම් කටයුත්තක් බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට පත්වන යුගයකි. දණහිස උරහිස හා පාදයේ වළලුකර ආශ්රිත උවදුරු පෙන්වයි.
තුලා - යහපත් ආදායම්
තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබට ඉදිරි කාලය ඉතා සුබයි. නව නිවාස ලැබීම් වාහනයක් මිලදී ගැනීම හෝ කිසියම් යහපත් ආයෝජනයකට මුල පුරයි. එසේත් නැතිනම් තමාගේ විකුණා දැමීමට නොහැකිව තිබූ ඉඩමක් නිෙවසක් ඉතා හොඳ මුදලකට විකුණා දැමීමටත් එම මුදල් යහපත් ලෙස ව්‍යාපාරයකට යෙදවීමටත් ඔබට අවස්ථාව උදාවේ. පංච මහා ග්‍රහ සංයෝගය ඔබ කේන්ද්‍රයේ 4 වැන්නේ යෙදීම නිසා ද මෙම තත්ත්වය මතුකර දක්වන අතර ඔබගේ තීන්දු තීරණ ඉතා නිවැරැදි ඒවා බවට පත්වීමට වාසනාව පවතී. නමුත් දණහිස ආශ්රිත අපල පෙන්වන නිසා පෙරස්සම් වන්න.
වෘශ්චික - ලැබීම් තරමට වියදම්
වෘශ්චික ලග්නය හිමි ඔබට මෙම වකවානුව හොඳ - නරක සමසේ භුක්ති විඳීමට සිදුවනු ඇත. ලැබීම් තරමට වියදම් ඇති කෙරෙන යුගයකි. විශේෂයෙන් පංච මහා ග්‍රහ සංයෝගය 03 වැන්නේ යෙදීම නිසා දේපළ හිමිකම් පෙන්නුවද ඒවා තුළින් නීති ගැටලු ප්‍රශ්න උදාවන ලකුණු පෙනේ. ආවාට ගියාට කටයුතු නොකරන්න. දැන උගත් අයගේ උපදෙස් පිළිපදින්න තම තනි තීරණවලට හදිසි තීරණයට අනුව කටයුතු කිරීම කොහෙත්ම සුබ නැත. තම ඥාති පාර්ශ්වයන්ගෙන් හොඳ හිත මෙන්ම අහිතකර බලපෑම් ද එල්ල වීමට පුළුවන. සෙම් රෝග ඇති කෙරේ. වාත, පිත උත්සන්න වීම තුළ ශාරීරික අපහසුතා දැනේ. සීතල ආහාර අවම කරන්න. අව වේලාවේ එනම් රාත්‍රියේ ස්නානය සුදුසු නොවේ.
ධනු - විවිධ මාර්ගවලින් ධනය
ධනු ලග්නයට අනුව මෙම වකවානුව ඉතා සුබ ප්‍රතිඵල අත් විඳීමට පුළුවන. ධන ස්ථානගතව යෙදෙන පංච මහා ග්‍රහ සංයෝගය විවිධ මාර්ගවලින් ධනය හිමිවනු ඇත. තම විරුද්ධ පාර්ශ්වයෙන් වුවද සහයෝගය ලැබෙනු ඇත. චන්ද්‍රයාගේ බලපෑම අනුව ආදායම් උසස් වේ. රැකියා ප්රතිලාභ ඉහළ නැංවේ. බලාපොරොත්තු ඉහළ නැංවෙන අතර ආදරය, ආලය වැනි කරුණුවලදී ජයග්‍රහණ අත්පත් වේ. සිය ආගමික කටයුතු කෙරේ විශ්වාසය තබාගෙන කටයුතු කළහොත් අනාගත අභිවෘද්ධියට හොඳ ක්‍රියාමාර්ග රැසක කරුණු උදාවනු ඇත. ශරීර සෞඛ්‍යය අතින් උගුරේ අමාරු, පාදයේ දණහිස, වළලුකර ආශ්රිත උවදුරු ද පෙන්වයි.
මකර - උසස් මානසික සහනයක්
මකර ලග්නයට අනුව මෙම වකවානුව විශේෂයෙන් පංච මහා ග්‍රහ සංයෝගය ලග්නගතව යෙදී තිබෙන නිසා බොහෝ ලග්නවලට වඩා උසස් ප්‍රතිඵල බුක්ති විඳීමට හැකි වන ඉතා උසස් මානසික සහනයකට පත්විය හැකි වකවානුවකි. කලක් පැවති ණය මුදලක් ගෙවා දැමීමට ද හැකිවන අතර තම සහකරු හෝ සහකාරිය වෙතින් ලැබෙන සහයෝගය ඉතා උසස් එකක් සේ හිතවත් අයගේ පරිත්‍යාගශීලී බව හොඳින් දැනෙන කාලයකි ආයෝජන මෙන්ම ඒවා පිළිබඳ සැලසුම් සකස් කරන වකවානුවකි. ශරීර සෞඛ්‍ය අතින් හදිසි වැටීම් තැලීම් පෙන්වන නිසා කල්පනාකාරීවන්න. උඩ නැඟීම් බිම පැනීම් ජලාශ - වැව් ආශ්රිත ස්නානය කිරීම් සුබ නැත.
කුම්භ -අන් අයගේ දුක සැප වෙනුවෙන් කැප වේ
කුම්භ ලග්නයට අනුව මෙම වකවානුව වියදම් අධික කාලයක් වුව ද සකසුරුවම් ලෙස කටයුතු සැලසුම් කිරීම කළයුතු වෙයි. වියදමේ තරමට ලැබීම් ඇත. ඒ නිසාම ජීවිතය සමබර වන නමුදු කිසියම් නොසැලකිලිමත් කටයුත්තක් නිසා ආර්ථික පාඩුවකට බොහෝ දුරට ඉඩ ඇත. පිටරට යෝග - ව්‍යාපාර පල ඉදිරි මාසයේ මැද භාගය වනවිට පෙන්වයි. තම ජීවිතයේ සුඛ විහරණය නොව අන් අයගේ සුබතාව පිළිබඳ ඇප කැප වන වකවානුවකි. පංච මහා ග්‍රහ සංයෝගය 12 වැන්නේ යෙදෙන නිසා බොහෝ ශාරීරික වෙහෙස මහන්සිය දැරීමට සිදුවන කාලයකි. මුත්රාදෝෂ සහිත වෙයි. නමුත් තමාගේ දුකේදී සැපේදී නිතරම ළඟින් සිටින අයකු නිසා සිත පැහැදේ.
මීන - අමතර ධන සම්පත්
මීන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම වකවානුව ආර්ථික අතින් ඉතා උසස් ප්‍රතිඵල උදා කෙරේ. බුධගේ හොඳින් ලැබෙන මෙම කාලය බුද්ධිමත්ව ගන්නා තීන්දු තීරණ කීපයක් නිසා යහපතට කරුණු යෙදේ. දියණියකගේ කටයුත්තකට වැඩි කැපවීමක් කිරීමට සිදුවන අතර බොහෝ පිටස්තර අය තම කටයුතු ප්‍රශංසාවට ලක් කෙරෙනු ඇත. තම ජීවනාලිය කරගෙන යන රැකියාවට අමතරව වෙනස් මාර්ගවලින් ද ප්‍රතිඵලදායක ආදායම් ලැබේ. එසේම තම පිය පාර්ශ්වයෙන් ලැබෙන ධනයකට හේතුයි. මැණික් ගැරීම, වැවිලි කර්මාන්තය වැනි මහ පොළොව සම්බන්ධව කරගෙන යන ව්‍යාපාර සපල වනු ඇත. ශරීර සෞඛ්‍ය අතින් හන්දිපත් වේදනාව තදබලව දැනෙන වකවානුවකි.