සුව­­හසක් බලා­පො­රොත්තු දල්ව­මින් කොරෝනා එන්නත කර­ළි­යට.. | සිළුමිණ

සුව­­හසක් බලා­පො­රොත්තු දල්ව­මින් කොරෝනා එන්නත කර­ළි­යට..

ඉන්දීය රජය මෙර­ටට ප්‍රදා­නය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා­සෙ­නෙකා කොවි­ෂීල්ඩ් එන්නත් තොගය කොළඹ බණ්ඩා­ර­නා­යක ගුව­න්තො­ටු­පොළ පරි­ශ්‍ර­යේදී  ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්, ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා, වසං­ගත හා කොවිඩ් වැළැ­ක්වීමේ රාජ්‍ය ඇමති, විශේ­ෂඥ වෛද්‍ය සුද­ර්ශනී ප්‍රනා­න්දු­පුල්ලේ ඇතුළු සෞඛ්‍ය බල­ධා­රින් විසින් නිල වශ­යෙන් භාර­ගත් අව­ස්ථාව. ඉන්දීය මහ­කො­ම­සා­රිස් ගෝපාල් බග්ලේ ද ඡායා­රූ­පයේ වේ.
ඉන්දීය රජය මෙර­ටට ප්‍රදා­නය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා­සෙ­නෙකා කොවි­ෂීල්ඩ් එන්නත් තොගය කොළඹ බණ්ඩා­ර­නා­යක ගුව­න්තො­ටු­පොළ පරි­ශ්‍ර­යේදී ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්, ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා, වසං­ගත හා කොවිඩ් වැළැ­ක්වීමේ රාජ්‍ය ඇමති, විශේ­ෂඥ වෛද්‍ය සුද­ර්ශනී ප්‍රනා­න්දු­පුල්ලේ ඇතුළු සෞඛ්‍ය බල­ධා­රින් විසින් නිල වශ­යෙන් භාර­ගත් අව­ස්ථාව. ඉන්දීය මහ­කො­ම­සා­රිස් ගෝපාල් බග්ලේ ද ඡායා­රූ­පයේ වේ.

කුත් සතිය ආරම්භ වූයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරමිනි. ඒ අනුව 25 වැනිදා උදෑසන 6 සිට අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැල්කොණිය, පූජාපිටිය කොට්ඨාසයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරුණි. දින කිහිපයක් හුදෙකලා කර තිබූ කල්මුණේ උතුර සහ දකුණු ග්‍රාම නිලධාරි කොට්ඨාසවල ගම්මාන කිහිපයක් එදින උදෑසන 6 සිට හුදෙකලා තත්ත්වයෙන් නිදහස් කෙරිණි.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු එදින අලුයම අත්අඩංගුවට ගත් පුවතක් මොරටුව පොලිසියෙන් වාර්තා විය. මොරටුව ලුනාව ප්‍රදේශයේ තාවකාලික කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවසක මෙම සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් පොළොන්නරුව, අනුරාධපුරය යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවත් වාර්තා විය.

ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනකු, කොවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමුණේ පසුගිය 25 වැනිදාය. එම කාර්ය මණ්ඩලයෙහි කිහිප දෙනකුට උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 31 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කර ඇති අතර ඉන් 10 දෙනකු ආසාදිතයන් බව හඳුනාගෙන ඇත.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 4ක් 25 වැනිදා වාර්තා වූයේ වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ නංවමිනි.

තණමල්විල ඩිපෝවේ සේවකයන් 6 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරුවීමත් සමඟ සෙසු සේවකයන්ද සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පසුගිය සතියේ ඩිපෝවේ කටයුතු සම්පූර්ණයෙන් ඇණහිටියේය. එම ඩිපෝවේ රියදුරන් තිදෙනකුට සහ කොන්දොස්තරවරු තිදෙනකුට කෝවිඩ් ආසාදිත බව හෙළි වූයේ පසුගිය 21වැනිදා කළ පී.සී.ආර් පරීක්‍ෂණයකිනි. ඉන් අනතුරුව තණමල්විල ඩිපෝවේ සේවකයන් 103 දෙනකු 25දා පී.සී.ආර් පරීක්‍ෂණයන්ට ලක්කොට තිබේ.

කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතන සේවකයන් 64 දෙනකුද කොවිඩි 19 ආසාදිතයන් ලෙස හඳුනා ගත්තේ පසුගිය 26 වැනිදාය. අදාළ ආයතනය සේවක සුරක්ෂතභාවය වෙනුවෙන් නිරන්තරයෙන්ම පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනු ලබන බවත් දින කිහිපයකට පෙර ආසාදිතයන් තිදෙනකු එම ආයතනයෙන් වාර්තා වීම මත දින දෙකකට පෙර එහි එක් අංශයක පමණක් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී මෙම ආසාදිතයන් පිරිස වාර්තා වී තිබේ. දිනෙන් දිනම කඩුවෙල ප්‍රදේශයෙන් ආසාදිතයන් වාර්තා වීම වැඩි වීම හේතුවෙන් අදාළ ප්‍රදේශයේ කටයුතු සඳහා අවශ්‍ය සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආසාදිතයන් සහ ආශ්‍රිතයන් පාලනය කිරීම අසීරු තත්ත්වයක පවතින බවද වාර්තා වේ.

ගම්පහ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමක ශාඛාවක සේවය නියුතු 10 දෙනකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය වසා දැමීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තේය. එම කාර්යාල කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම මත එහි 13 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක් කළ අවස්ථාවේ ඉන් 10 දෙනකු ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

කුලියාපිටිය කෝංගොල්ල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ බව කියන නිවෙස් 35ක පුද්ගලයන් 100 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරින්ට සිදුවිය. ඊට හේතු වූයේ මංගල උත්සවය පැවති නිවසේ මනාලයාගේ පියා කොවිඩ් ආසාදිතයකු වීමය.

නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පැවසීය.

වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තා වන්නේ බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 17ක් බවද හෙතෙම සඳහන් කළේය. එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පාසල් 05කින් මෙම ආසාදිත දරු දැරියන් වාර්තා වී ඇත. ගිංතොට ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12කට කොරෝනා ආසාදනය වී ඇති බව ද පැවසේ.

පුරා මාස දෙකකට අධික කාලයක් සංචරණ සීමා පනවා තිබූ බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම්වල සංචරණ සීමා ඉවත් කිරීමට 27 වැනිදා අලුයම කටයුතු කෙරිණි. පසුගිය නොවැම්බර් 17 වැනිදා අටලුගම ප්‍රදේශයෙන් එකවර කොරෝනා ආසාදිතයන් 17 දෙනකු හමුවීමත් සමඟම එම ප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවිණි.

කෝවිඩ් 19 වයිරසය මර්දනය සඳහා චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් චීන රජයේ ප්‍රදානයක් ලෙස පෙබරවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවට බාර දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය 27 වැනිදා නිවේදනය කළේය. මේ වන විට මෙම එන්නත කිසිදු අතුරු ආබාධයක් නොමැතිව මිලියන 20කට අධික පිරිසක් ලබා ගෙන ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා තිබිණි. කොවිඩ් 19 වයිරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ ලොව හොඳම රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද එක්ව තිබේ. ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන ‘ලෝවි’ආයතනය විසින් රටවල් 98 ක් යොදා ගනිමින් සිදුකර ඇති සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇත. එහිදී දකුණු ආසියාවේ එකම රට ලෙස ශ්‍රී ලංකාවට 10 වැනි ස්ථානය හිමිව ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.දෙවැනි ස්ථානය වියට්නාමයටත් තෙවැනි ස්ථානය තායිවානයටත් සිවුවැනි ස්ථානය තායිලන්තයටත් හිමිව ඇත. එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව, තහවුරු වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් හඳුනා ගැනීමට සිදුකරන පරීක්ෂණවල කාර්යක්ෂමතාව ආදී කරුණු එම සමීක්ෂණයේදී සැලකිල්ලට ගෙන තිබේ. එම සටහන අනුව ඉන්දියාවට හිමිව ඇත්තේ 86

ජාතික බෝවන රෝග විද්‍යා­ය­ත­න­යේදී එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන ආරම්භ කිරී­මට 
සෞඛ්‍ය කාර්ය­ම­ණ්ඩල සාමා­ජි­ක­යන් සූදා­නම් වූ අයුරු  

වැනි ස්ථානයයි. චීනය විසින් තහවුරු කළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබානොදීම හේතුවෙන් මෙම සමීක්ෂණය සඳහා චීනය දායක කර නොගත් බවද එම වාර්තාවේ සඳහන් වේ. විශාල රටවලට සාපේක්ෂව කුඩා රටවල් සාර්ථකව කොවිඩ් පාලනය කර ඇති බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

පසුගිය 28 වැනිදා තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 297කි. කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමඟ මෙරටින් වාර්තා වන වයස අවුරුදු 60ට වැඩි කොවිඩ් මරණ සංඛ්‍යාව 200ට ආසන්න වී ඇත.

මේ අතර නිරෝධායනයට අදාළ මෙහෙයුම් බස්නාහිර පළාතේ සහ ඉන් පිටත පළාත්වල ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයන් සඳහා ස්ථාන 12කදී රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණ පැවැත්වේ. එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් කඩ කරමින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීම්ද අඛණ්ඩව සිදුකෙරෙන බව හෙතෙම පැවසීය.

වසංගත අවදානම පිළිබඳ බියසැක ඇතිව සිටින ශ්‍රී ලාංකිකයන්ට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස

කොවිඩ්  වසං­ගත තත්ත්වය මත පව­ත්වා­ගෙන ගිය සේවා මුර ක්‍රමය නැවැ­ත්වී­මට එරෙ­හිව මීරි­ගම මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩ­ලය විසින් පසු­ගි­යදා (26දා) විරෝ­ධ­තා­වක නිරත වූ අයුරු

සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රැගත් ගුවන් යානය 27 වැනිදා කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට ළඟාවූ අතර රජය වෙනුවෙන් නිල වශයෙන් එය භාරගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසිනි. එහි එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වන අතර එන්නත් තොගය ගීතකරණ සහිත රථවල බහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගෙනයනු ලැබිණි.

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී 29 වැනිදා ආරම්භ වූ අතර ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු සෙසු පළාත්වල සිදු කෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී සෞඛ්‍ය බලධාරින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති අතර එහිදී පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටියේය.

මේ අතර ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩිද කොවිඩ් ආසාදිතයකු බව සිකුරාදා හඳුනාගෙන තිබුණි.

Comments