
කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන අංශවල අවිධිමත් රැකියා විධිමත් අංශයේ රැකියා වලට සාපේක්ෂව සියයට 85.8 හා 48.2 කින් සමන්විත වේග විධිමත් අංශයේ රැකියා සඳහා විශ්‍රාම යන වයස් සීමාවක් නොමැති බැවින් බොහෝ වැඩිහිටියන් වයස අවුරුදු 60 න් පසුව ද රැකියා කරති. නමුත් අනෙක් විශ්‍රාම යන අය සම්බන්ධයෙන් අප දකින්නේ එය ජීවන ගමනේ විශාල සන්ධිස්ථානයක් බවයි.
වැඩිහිටියන් සඳහා ස්මාර්ට් නිවාස පිහිටුවීම ව්‍යාපාරික අංශයටද, හොඳ අවස්ථාවක් වනු ඇත. නවීන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයන් ඇතුළත් වන ස්මාර්ට් නිවාසවලට අඩු වියදමකින් වැඩිහිටි සෞඛ්‍යය හා යහපැවැත්ම අඛන්ඩව හා දුරස්ථව නිරීක්ෂණය කිරීමට මෙමඟින් හැකියාවක් ඇති වේ. මෙවැනි තාක්ෂණ ක්‍රම මඟින් තමන්ගේ නිවසේ සිට වැඩිහිටියන්ට අවශ්‍ය සෞඛ්‍යය පහසුකම් හා සත්කාර සේවා ලබා ගැනීමට හැකි වේ. ඒ වගේම වැඩිහිටියන්ගේ සමස්ත සෞඛ්‍යය තත්ත්වය තත්‍යකාලීනව නිරීක්ෂණ කළ හැකි අතර දුරස්ථ පහසුකම්වලින් සහය ලබා දිය හැකිය. වැඩිහිටියන් සඳහා ස්මාර්ට් නිවාස පිහිටුවීම ව්‍යාපාරික අංශයටද, හොඳ අවස්ථාවක් වනු ඇත.
යහපත් සෞඛ්‍යය සම්පන්න ක්‍රියාකාරී වයසට යාමයි. මන්ද යත් වැඩිහිටියන්ට ස්වාධීනව ගමන් කිරීමට තව වසර ගණනාවක් වැඩ කිරීමට නව දේවල් ඉගෙන ගැනීමට හා ජීවිත කාලය පුරාම ඉගෙන ගැනීමට ඉඩ සලස්වා දීමයි. මින් අදහස් වන්නේ තමන්ගේ නිවෙස් තුළ වසර ගණනාවක් ස්වාධීනව ජීවත් වීමට ඉඩකඩ සලස්වා දීමයි.
රිදී ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා ඇති අභියෝග සහ අවස්ථා රිදී ආර්ථිකය සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයන්ගේ අවශ්‍යතා හා ඉල්ලීම්වලට අදාළ වන සාමාන්‍ය ආර්ථිකයේ කොටසක් ලෙස සැලකේ. වැඩිහිටි පුද්ගලයන්ගේ සියලු අවශ්‍යතා සපුරන සියලු ආර්ථික ක්‍රියාකාරකම්වල, එකතුවක් ලෙස රිදී ආර්ථිකය හැඳින්විය හැකිය. එනම්, ඔවුන් ඝෘජුවම මිලදී ගන්නා නිෂ්පාදන හා සේවා මෙන්ම එමඟින් ඇතිවන ඔවුන්ගේ වියදම් රටාවෙන් ජනනය කරනු ලබන ආර්ථික ක්‍රියාවලිය මේ යටතට ගැනේ. රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන්ම මහලු අයට අදාළ වන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය හා වෙළඳාමට අදාළ ආර්ථික ක්‍රියාකාරකම්ව, සුවිශේෂී හරස්කඩක් ආවරණය කරයි.
මෙම සන්ර්දභය තුළ රිදී ආර්ථිකය යන සංකල්පය ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය මුහුණ දෙන අභියෝග සහ අවස්ථාවන් යන දෙකටම අදාළ සංකල්ප හා ක්ෂේත්‍ර රාශියක් ඇතුළත් කරඇති බව අප හඳුනාගත යුතුයි. අභියෝග විමසා බැලීමේදී වයස්ගත ජනගහනයක සමාජීය අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඇති බව පැහැදිලිය. එක් අතකින් කෙටි කාලීන හා දිගු කාලීනව තිරසර සෞඛ්‍යය හා රැකවරණය සහ විශ්‍රාම වැටුප් සඳහා වන රාජ්‍ය වියදම් පවත්වා ගැනීම කෙරෙහි අවධානය අප යොමු කළ යුතුය. අනෙක් අතට වයස්ගත ජනගහනයට වඩාත් පුළුල් ලෙස තාක්ෂණයන් හා සමාජ නවෝත්පාදනයන් බිහි කිරීම සඳහා අවස්ථාවන් නිර්මාණය කර දීම වැදගත් වේ. රිදී ආර්ථිකය වැඩිහිටි පුද්ගලයන්ගේ අවශ්‍යතා සපුරන පුද්ගලික හා පොදු පරිභෝජනය නියෝජනය කරන අතරම එමඟින් වැඩිහිටි මෙන්ම තරුණ පරම්පරාවත්ටත් වක්‍ර හා පේරිත බලපෑම් මඟින් අවස්ථා ලබා දෙන බව අප තේරුම් ගත යුතුය.
වැඩිහිටියන් මුහුණ දෙන අභියෝග දෙස බලන විට, අවුරුදු 60 ට වැඩි ජනගහනය විෂම ජාතීය කණ්ඩායමක් බව වටහා ගැනීම වැදගත්ය එනම් මෙම කණ්ඩායමේ බොහෝ පුද්ගලයන් තවමත් රැකියාවල නිරත වී සිටිනු දක්නට හැකි අතර තවත් සමහරු විශ්‍රාම ගොස් ඇත. අප ශ්‍රම බළකායෙන් සියයට 58 ක් සේවයේ යෙදී සිටින්නේ අවිධිමත් අංශයේ බව 2016 පැවැත්වූ ශ්‍රම බළකා සමීක්ෂණයේදී නිරීක්ෂණය විය. කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන අංශවල අවිධිමත් රැකියා විධිමත් අංශයේ රැකියා වලට සාපේක්ෂව සියයට 85.8 හා 48.2 කින් සමන්විත වේග විධිමත් අංශයේ රැකියා සඳහා විශ්‍රාම යන වයස් සීමාවක් නොමැති බැවින් බොහෝ වැඩිහිටියන් වයස අවුරුදු 60 න් පසුව ද රැකියා කරති. නමුත් අනෙක් විශ්‍රාම යන අය සම්බන්ධයෙන් අප දකින්නේ එය ජීවන ගමනේ විශාල සන්ධිස්ථානයක් බවයි.
වයස්ගත ජනගහනයට, රටේ සෞඛ්‍යය හා සත්කාර පද්ධතිය කෙරෙහි විශාල පීඩනයක් ඇති කළ හැකි වුවද, තාක්ෂණය හා ඩිජිටල් විසඳුම් භාවිතා කර සෞඛ්‍යය හා තාක්ෂණ පද්ධතිය ලාභාංශයක් බවට පත්කර ගැනීමට අපට හැකි විය යුතුයි. එමඟින් සෞඛ්‍යය හා සත්කාර පද්ධතිය වඩා කාර්යක්ෂම ආකාරයට පවත්වාගෙන යා හැකි බවද අවධාරණය කළ යුතු වේ. මෙමඟින් වැඩිහිටියන් රොහල්වල හෝ සත්කාර මධ්‍යස්ථානවල රඳා සිටිනවාට වඩා තමන්ගේ නිවෙස්වල වැඩි කාලයක් රඳවා ගැනීමට උපකාරී වන අතර, ඒ අනුව වඩා හොඳ තත්ත්වයේ හා වඩා පුද්ගලරෝපිත විසඳුම් ඔවුන්ගේ දොරකඩට ගෙන යා හැකිය. සංවර්ධිත රටවල සෞඛ්‍යය සේවා වෘත්තිකයන් වැඩි වශයෙන් රෝගීන්ගේ වාර්තා ඉලෙක්ට්‍රොනික සහ ඩිජිටල් පද්ධති භාවිතා කරමින් වඩා කාර්යක්ෂමව රෝග වැළැක්වීම හා පහසුකම් සැලසීමට කටයුතු කරයි. සෞඛ්‍යය ආරක්ෂණයේ නව තාක්ෂණික විසඳුම් මඟින් සත්කාරයේ ගුණාත්මකබව ඉහළ නැංවීම පමණක්නොව කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම හා සෞඛ්‍යය සේවා පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇති රාජ්‍යය මුල්‍ය පීඩනය ද අඩු කරයි.
තවද, නිපුණතාවයකින් යුත් රැකබලාගන්නන් හා තාක්ෂණ සංවර්ධකයින් සඳහා නව රැකියා ලබා දීමේ හැකියාව ද මෙමඟින් බිහිවන රිදී ආර්ථිකය සතුයි. දැනටමත් රොබෝ තාක්ෂණය හා වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නව උපාංග එක්සත් ජනපදයේ හා යුරෝපයේ වෙළඳපොළට පැමිණ ඇති අතර, ඒවා වැඩිහිටියන්ට දිගුකාලීනව සෞඛ්‍යය සම්පන්න ජීවිත ගත කිරීමට උපකාරී වේග තවද, එක්සත් ජනපදයේ ක්‍රියා ක්‍රියාකාරී වයස්ගත කර්මාන්තයට ආරක්ෂාව සහ ස්මාර්ට් ජීවන තාක්ෂණයන් සෞඛ්‍යය හා දුරස්ථ සත්කාර සුවතාවය සහ යෝග්‍යතා තාක්ෂණයන් ඇතුළත් වන අතර ඉදිරි වසර තුන තුළ පමණක් එය ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් උත්පාදනය කරන බව ගණන් බලා ඇත.
ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතය අතරතුර, කෘතීම බුද්ධි ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන ලද අතර, වැඩිහිටි සෞඛ්‍යය සේවා අංශයට තිරසාර වෙළඳපොළක් ඇති වෙනසක් ඇති කිරීම සඳහා එවැනි තාක්ෂණය මහා පරිමාණයෙන් ඉදිරියට ගෙන යා හැකිය. රෝගීන්ට ඖෂධ ආහාර සැපයීමට රොබෝ කැමරා මඟින් රෝගීන් සමඟ සන්නිවේදනය කිරීමට වායු සමීකරණ පද්ධතිය නියාමනය කිරීමට හා පුද්ගලික සම්බන්ධතා වළක්වා ගැනීම සහතික කිරීමට හැකියාව ඇති රොබෝවරු ඊට හොඳ නිදසුන් තවත් හොඳ උදාහරණයක් වන්නේ කොවිඩ් -19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය නිපදවන වීඩියෝ ලැරින්ගොස්කෝපි ය. මෙම උපකරණය ස්මාර්ට් ජංගම දුරකථනයකට සම්බන්ධ කර දුර බැහැර සිට රෝගීන් පරික්ෂා කිරීමට වෛද්‍යවරුන්ට උපකාරී වේ. දෛනික වාර්තා දෙස බලන විට අපට පෙනී යන්නේ කොවිඩ් -19 වසංගතය තුළ ඉහළ යන නව තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා ශ්‍රී ලංකා නවොත්පදකයන් උපරිම උත්සාහයක් දරන බවයි. නව තාක්ෂණයන්ගෙන් වැඩිහිටියන්ගේ දිගුකාලීන සත්කාර සඳහා වන ඉල්ලුම සපුරාලීම සඳහා මෙය විශේෂයෙන් සෞඛ්‍යය ක්ෂේත්‍රයට සාධනීය වර්ධනයක් ලෙස දැකිය හැකිය. අනෙක් අතට, මෙය ඉතා හොඳ ව්‍යාපාරික අවස්ථා ද විවෘත කරනු ඇත.
වැඩිහිටියන් සඳහා ස්මාර්ට් නිවාස පිහිටුවීම ව්‍යාපාරික අංශයටද, හොඳ අවස්ථාවක් වනු ඇත. නවීන සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයන් ඇතුළත් වන ස්මාර්ට් නිවාසවලට අඩු වියදමකින් වැඩිහිටි සෞඛ්‍යය හා යහපැවැත්ම අඛන්ඩව හා දුරස්ථව නිරීක්ෂණය කිරීමට මෙමඟින් හැකියාවක් ඇති වේ. මෙවැනි තාක්ෂණ ක්‍රම මඟින් තමන්ගේ නිවසේ සිට වැඩිහිටියන්ට අවශ්‍ය සෞඛ්‍යය පහසුකම් හා සත්කාර සේවා ලබා ගැනීමට හැකි වේ. ඒ වගේම වැඩිහිටියන්ගේ සමස්ත සෞඛ්‍යය තත්ත්වය තත්‍යකාලීනව නිරීක්ෂණ කළ හැකි අතර දුරස්ථ පහසුකම්වලින් සහය ලබා දිය හැකිය.
ශ්‍රී ලංකාවත් මේ වනවිට ස්මාර්ට් නිවාස සංකල්පය වැඩි දියුණු කිරීමට උත්සහ දරන හෙයින් ක්‍රමයෙන් එය වෙළඳපොළට පිවිසෙනු ඇත. මෙමඟින් ඇතිවන්නේ රටේ වැඩිවන වයස්ගත පාරිභෝගිකයන් සංඛ්‍යාවකගේ අවශ්‍යතාවයයන්ට සරිලන පරිදි ශ්‍රී ලාංකික නවොත්පාදකයන්ට සහ කර්මාන්ත වලට නව නිෂ්පාදන හා සේවා සංවර්ධනය කිරීමට ජන විකාශන තත්ත්වය විවිධාකාර අවස්ථා විවෘත කරන බවයි. ගෝලීය රිදී ආර්ථිකයේ අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන ඒවා ආර්ථික වර්ධනයට හා රැකියා උත්පාදනය සඳහා පරිවර්තනය කරගත යුතුයි.