ගුරු ග්‍රහ ලොව පුත්‍ර තාරකයාය එසේම ධන තාරකයාය සෞරග්‍රහ මණ්ඩලයේ උත්තරීතරම ග්‍රහයා ද වෙයි. යම් රාශියක ගුරුගේ දැකීම හෝ ලද පමණින් බලවකු කරයි. කේන්ද්‍රගත වීම, සංයෝග වීම, දෘෂ්ඨිය ලැබීම වුව අතිශයින්ම බලවත්ය. උගත්කම නීතිය, පතපොත, වාග් චාතූර්ය ගෞරව සම්මානය උසස් තනතුරු යහපත් සෞඛ්‍ය ගුරු බලවත් වූ විට ලබා දෙයි. එය ජීවිතය පුරා වාසනාවන්ත කරයි.
2020 - මාර්තු 30 - අලුයම 3.48ට ගුරු මකරයට සම්ප්‍රාප්තව නීච විය. නීච වූ විට එය බල හීනවීමකි. සුබ ඵල වෙනුවට අසුබ ඵල දුනි.
ඒ අනුව වසරක පමණ කාලයක සිට අප රටට පමණක් නොව මුළු මහත් විශ්වයටම එම අසුබ ඵල දැඩි ලෙස දැනෙන්නට විය. වාසනාවකට මෙන් 2021 අප්‍රේල් මස 06 වන දින අලුයම 12.23ට ගුරු කුම්භ රාශියට සම්ප්‍රාප්තව නීචයෙන් මිදී බලවත් වෙයි. එය අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම හා පොදු ජනතාවට සුබවාදි පණිවුඩයකි.
ගුරු නීච වූ අවදියේ අපට අත් විඳින්නට සිදුවූ දැනටත් අත් විඳිමින් සිටින ඵල විපාක පිළිබඳ ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. සැබවින්ම වයිරස් රෝග, පරිසර හානි, එදිරිවාදිකම් නොපනත්කම් මෙන්ම පාරිසරික අසමානතා දැඩි විය. මාර්ග අනතුරු, කාමාපචාර, කාන්තා හිංසන වැඩිපුර දැනුණු අතර ගිනිගැනීම් ගිනි තැබීම් මෙන්ම සියදිවි හානිකර ගැනීම් වෙන කිසිදාකටත් වඩා රට තුළ ලෝකය තුළ උත්සන්න විය.
ගුරු යනු ගුරුවරයාය. විටෙක පූජකයා මෙන්ම මාර්ගෝපදේශකයාය. එබඳු අංශවලට නරක බලපෑම් සිදු වෙමින් සිදුවූ ව්‍යසනයන් කෙමෙන් වියැකී යනවා නම් එය කොතෙක් දුරට සතුටුදායකද.
අද මේ කොරෝනා වසංගතයට එන්නත් සොයා ගැනීමෙන්, දේශීය විදේශීය ඖෂධ සොයා ගනිමින් මේ වන විටත් සැරසෙන්නේ සුබවාදි ගමනක ආරම්භයක් නම් 2021 අප්‍රේල් 06 දිනින් පසු උදාවන ගුරුගේ බලය නිසා ඉත සිතින් අපට සිංහල අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට හැකි වන්නේය.
ඒ අනුව ගුරු ග්‍රහයා ගෙනෙන ප්‍රතිඵල අනුව පිරිසිදුකම ස්ථානෝචිත ප්‍රඥාව නිහතමානි කම කථිකත්වය නිරෝගි භාවය අනුකම්පා සහගත බව අවංක සේවය යන බොහෝ ගුණයන් අප තුළ ගොඩනංවා ගැනීමට හැකිවනු ඇත.
සැබවින්ම 06 වනදා ගුරු නීචයෙන් මිදීමට අනුව මේෂ ලග්න හිමියාට ගුරු 11 ට ආර්ථික සම්පත් ද - වෘෂභ ලග්න හිමියාට ගුරු 10 වැන්නට රැකියා අභිවෘද්ධිය ද - මිථුන ලග්නයට අනුව ගුරු 09 ට පුන්‍යවන්ත ලෙස පෙර පින් මතුවීම ද - කටක ලග්න හිමියාට ගුරු 08 වැන්නට ධන හානි හා තුනටියේ ආපදා ද - සිංහ ලග්න හිමියාට ගුරු 07 ට යුගදිවි අභිවෘද්ධිය හා මංගල යෝග ඇතුළු දියුණුව ද - කන්‍යා ලග්න හිමි අයට ගුරු 06 ට යටි බඩේ උවදුරු හා ශල්‍යකර්ම වැනිදේ ද තුලා ලග්න හිමියන්ට ගුරු 05 ට වාසනාවන්ත දරු සම්පත් දරු ලාභද - වෘශ්චික ලග්න හිමියාගේ කේන්ද්‍රයේ ගුරු 04ට භෞතික සම්පත් ලාභ යාන වාහන ප්රතිලාභ ද - ධනු ලග්න හිමියාගේ ගුරු 03 වැන්නට දේපළ ඉඩකඩම් හා වස්තු සම්පත් ද - මකර ලග්න හිමියාට ධනය ලැබුණ ද ඔහුගේ කේන්ද්‍රයේ ගුරු 02 ධනය නිකරුණේ නැති නාස්තිවීම් ද - කුම්භ ලග්න හිමි අයගේ ගුරු ලග්නගතවීම ඉතා වාසනාවන්ත මානසික සුවය ද දියුණුව ද - මීන ලග්න හිමියාගේ කේන්ද්‍රයේ ගුරු 12 ට යම් යම් ගැටලු අතර පදිංචි ස්ථානයෙන් පිටස්තර වීමට හා ධන හානිද පෙන්වයි.
ඒ අතර ඉදිරි අනාගතයේ රටේ එකිනෙකා අතර සුහදත්වය සාමූහික බව, පරිසරයට ඇලුම් කිරීම, ක්‍රමවත් වැඩපිළිවෙළකට රට හැසිරවීම, නීතිය නිසියාකාර සැමට එකලෙස ක්‍රියාත්මක වීම, ලෙඩ රෝග උවදුරු දුරුවීම, කාමාපචාර කාන්තා හිංසනය අවම විම මෙන්ම ආගමික සහජීවනයට අනුව රට පෙරට යන බව නම් නිසැකය.
අජිත් ධර්මසිරි