
වසර 1930 මාර්තු 30 දා ඇරඹි සිළුමිණ පුවත්පතට ඉකුත් 30 වැනිදාට 91 වැනි විය සැපිරිණි. ඒ නිමිත්තෙන් චාම් උත්සවයක් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පැවැත්විණි. එහිදී ලේක්හවුස් ආයතනයේ පාලන හා නීති අධ්‍යක්ෂ නීතීඥ රඛිත අබේගුණවර්ධන, මූල්‍ය අධ්‍යක්ෂ නීතීඥ ජනක රණතුංග හා සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න සමඟ සැමරුම ආරම්භ කළ අයුරුයි මේ.
ලේක්හවුස් ආයතනයේ වැඩබලන සමාගම් ලේකම් නීතීඥ එච්. ඩබ්ලිව්. එස්. ප්‍රසංගා සහ සිළුමිණ ජ්‍යෙෂ්ඨ සමකර්තෘ නිහාල් පී. අබේසිංහ ද වම්පස ඡායාරූපයේ වෙති.
දකුණුපස ඡායාරූපයේ දැක්වෙන්නේ සිළුමිණ ප්‍රවෘත්ති කර්තෘ තාරක වික්‍රමසේකර, විශේෂාංග කර්තෘ සුමුදු චතුරාණී ජයවර්ධන හා රසඳුනේ ටානියා මෝසස් ඇතුළු කර්තෘ මාණ්ඩලිකයන් පැමිණි ආරාධිතයන්ට සංග්‍රහ කළ අයුරුය. මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදි ධර්ම ශ්‍රී කාරියවසම්, පුවත්පත් කර්තෘවරු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු, ලේක්හවුස් සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු සහ
කළමනාකරුවෝ ඇතුළු ආරාධිතයෝ රැසක් එක්වූහ.