බාල­ගිරි දෝෂය අද නොවේ හෙටද? | Page 2 | සිළුමිණ

බාල­ගිරි දෝෂය අද නොවේ හෙටද?

 

වල්පොළ සද්ධානන්ද හිමි

බාලේ ගිරි යකු දරු හඬවන්නේ

බාලේ ගිරි යකු දරු නළවන්නේ

බුදු ගුණ බලයට නෑ යකු ගෙට එන්නේ

බාලා ගිරි දොස අද දුරුවන්නේ

 

උපන්දා සිට වසරක කාලයක් ගතවනතුරු මාස 12කට යකුන් 12 දෙනෙකුගේ ඇල්ම, බැල්ම වැටීම ඒ තුළින් බිලිඳු දරුවන් තුළ ඇතිවෙන දොස් බාලගිරි දෝෂය නමින් අදත් ගමේ නගරයේ කොතනත් ඉහළින් පිළිගත් සමාජ සම්මත මතයක් හා විශ්වාසයක් වී තිබේ.

 

බිලිඳුන් උපන් දුගී පැලෙත් රජ, සිටු මැදුරක වුවත් එම බිලිඳා සිටින ස්ථානයේ දොරකඩක හෝ බිත්තියක “බාලගිරියා අද නොවෙයි හෙට“ “බාලගිරි දෝෂය අද නොවෙයි හෙට“ යනුවෙන් සඳහන් කිරීම සිදුවෙයි. මෙහි ඉතිහාස කථාවක් ඇත. එය ඉතා දිගුකාලයකට දිවයන්නකි. ගිරිදේවියනම් දේවියක් අරබයා මෙම කතා පුවත ගෙතී ඇත. එකල පෙර දවස දඹදිව දන්ත නම් පුරයේ රජකම් කළ සිංහකුමාර රජු හා එම දේවිය වූ හංසවතී බිසවට දරුවන් දෙදෙනෙක් විය. අනාගත වෘත්ත කරුවන් (අනාවැකි කියන්නන්) මතය වූයේ වැඩිමහල් කුමරා අතින් කුඩා කුමාරිය කෙලෙසෙන බවත් එය කිසිසේත්ම කාහටවත් වැළකිය නොහැකි බවත්ය.

මේ පුවත අසා කම්පාවට පත් දෙමාපියන් කුඩා කුමරිය ගල්ලෙනක් තුළ සඟවා කාහටත් නොපෙනෙන ලෙස ඇති දැඩි කළාය. විශේෂයෙන්ම තම සොයුරා වන දළ කුමාරයාගේ ඇස නොගැටීමට වගබලා ගත්තාය. කුඩාකල සිටම ගිරිකුලක් තුළ ජීවත් වුණු නිසා ඇය වැඩිමහල් වියට පත්වුණු පසුවත් “ගිරිදේවිය“ නමින් හඳුන්වනු ලැබීය. ගිරිදේවිය දළ කුමාරයාගේ එක කුස උපන් සහෝදරිය වූවාය.

කාලයාගේ ඇවෑමෙන් දෙදෙනාම තරුණ වියට පත් වුණු පසුව දළ කුමාරයාට ගිරිදේවිය ගැන තොරතුරු දැනගන්ට ලැබීමෙන් මහත් කලබලයක් ඇති කරන්නට පටන් ගත්තේය. දෙමාපියන්ගෙන් තම නැඟණිය බලන්නට අවසර ඉල්ලා සිටිය ද කිසිසේත්ම ඊට අවසර නොලැබිණි. නොයෙකුත් උපක්‍රම යෙදුවද ඵලක් නොවුණු අතර හොර ලෙඩක් බොරු අමාරුවක් පෙන්වා දැඩි ගිලන් බවක් ඇති කර ගත්තේය. අවසානයේ දෙමාපියන්ගෙන් තම නැඟණිය බැලීමට හමුවීමට කුමාරයාට අවසරය ලැබිණි.

ඉතාමත් රූපයෙන් අගතැන්පත් ගිරිදේවිය දැකීමෙන් සහෝදර ප්‍රේමය අමතක වී ගොස් කාමයෙන් උන්මාද වුණු දළ කුමාරයා අනාවැකිකරුවන්ගේ මතය සත්‍යයක් බවට පත් කරමින් කෙසේ හෝ ගිරිදේවිය පොළඹවාගෙන සංවාසයේ යෙදුණේය. (කෙලෙසීමට ලක්විය) අධික චිත්තපීඩාවට පත් කුමරිය (ගිරිදේවිය) ගෙල වැලලාගෙන සියදිවි නසා ගත්තාය.

මේ පුවත අසා ආ දළ කුමාරයාට ගිරි දේවියගේ මළ සිරුර දක්නට ඕනෑ වුවත් එය අතුරුදන්ව තිබිණි. (ශක්‍රයා විසින් දේහය සඟවා තැබූ බව ගිරිදේවි අස්නේ හා තවත් පුරාණ පතපොතේ සඳහන් වේ.) ගිරි කුමරියගේ මළ සිරුර දක්නට නොලැබීමෙන් රාක්ෂයකු හා යක්ෂයෙන් මෙන් කිපුණු දළ කුමාරයා දඹදිව හා සක්වළ පුරාවට මහා විනාශයක් කරමින් ගම්බිම් පාළු කරමින් මිනිසුන්ට ශාප කරමින් සතුන් අල්ලා ලේ බොමින් ගමන් කරන්නට විය. මේ විනාශය දුටු ශක්‍ර දේවේන්ද්‍රයා දළ කුමරු හට සිය නැඟණියගේ දේහය පෙන්වා සිත සනසවා කළ වරද කියාදී ගිරිදේවියට නැවත පණ පිහිටුවා ශක්‍ර භවනට රැගෙන ගියේය. අර්ධ යක්ෂ හා අර්ධ දේව ලෙස ගිරිදේවිය හඳුන්වන අතර දළ කුමාරයා ද විටක දේවතාවෙක් හා විටක යක්ෂයෙකු ලෙස ප්‍රචලිත වෙයි.

දෙවියකු, දේවතාවියෙකු - යකෙකු, යක්ෂණියක ලෙස ප්‍රචලිත වුවත් ඔවුන් වෙනුවෙන් වෙන්වුණු දේවාල ඇදැහීම් ක්‍රම ලංකාවේ නොමැති වුවත් සිංහල ගැමි සමාජයේ නොයෙක් පළාත්වල පුද පූජා ලැබීම සිදුවෙයි.

(ගිරියක්ෂණී - ගිරිදේවිය / දළකුමාරයා - ගරා යක්ෂයා)

ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

මදන ගිරි ඤත ගිරි පට්ටි ගිරි

හපුමල් ගිරි නීල ගිරි කොට ගිරි

බාලගිරි රත්නගිරි අදුන් ගිරි

මෝලන් ගිරි හඳුන් ගිරි වලියක් ගිරි

මේ අතරට දළ කුමාරයා හටද අවතාර දොළසක් ඇති බවද සඳහන් වෙයි. අදුන්ගරා, සදුන්ගරා, පුෂ්ප ගරා, කණ ගරා, සොහොන් ගරා, දේස ගරා, අමා ගරා, ලවුන ගරා, වාත ගරා, කොට ගරා, නීල ගරා, පට්ටි ගරා, බාලගිරි යක්ෂයා, බාලගිරි යක්ෂණී, බාලගිරා යන මේ කොයි නමිනුත් හඳුන්වන බාලගිරි දෝෂයට එක්වුණු කාල වකවානුවක් පැහැදිලිව සොයාගත නොහැකි නමුත් එය මුල් බැසගත් සමාජ මතයක් වී තිබේ.

මාස 3ක් කල්ගතවන තුරු බිලිඳු දරුවා පෙර ආත්මයේ පෙර භවයේ සැරිසරන බවත් එහිදී දකින කරන දේ අනුව මෙසේ හඬනා බවත් තව මතයකි. මාස 3 ක කාලයක් යනතුරු අමනුෂ්‍ය බලවේගවල බලපෑම් හේතුවෙන් සිහිනෙන් පහර දීම්, වන සතුන්ගෙන් වන පීඩාවන් ඇතිවීම, ජලයේ ගිලීම, ගින්නෙන් දැවීම ආදී දේ නින්දේදී දකින දරුවා බියවී මළ මුත්‍ර පිට කරමින් ඇස් ලොකු කරගෙන උඩබලා හැඬීම බාලගිරි දෝෂයේ ලක්ෂණ වෙයි.

මවටවත් සනහාගත නොහැකි ලෙස අධික හැඬීම හා ඇඟ මුහුණ රතුවන සේ අධික බියක් ඇති බව දනවන ලෙස ඇඬීම මෙහි උච්චතම අවස්ථාවයි.

බාලගිරි, නීලගිරි, සදුන්ගිරි, අදුන්ගිරි, මදනගිරි යන ගිරි යක්ෂණිය හෙවත් ගිරිදේවියගේ අවතාර මෙම ලෙඩ රෝග පීඩා ඇති කරවන බව සඳහන් වෙයි.

දළ කුමාරයාගේ ලිංගික බලපෑම් හේතුවෙන් කුස තුළ හටගත් දරු කළලය, ගිරි දේවියත් සමඟ මිය යාමත් හා ඇතිවුණු දුක - සෙනෙහස කෝපයකට ද්වේෂයකට හැරවී මෙම අදෘෂ්‍යමාන බලවේග හටගෙන ඇති බව සඳහන් වේ. බාලගිරි දෝෂයටම මුල්තැනදී කටයුතු නොකළ යුතුයි. කුඩා දරුවන්ගේ බඩ පිපුම, බඩ අජීර්ණ, ස්වසන පීඩා, කුඩා කෘමි සතුන් දෂ්ට කිරීම්, ශීතලෙන් වන පීඩා, රශ්මියෙන් වන පීඩා හේතුවෙන් බිලිඳු දරුවාට වන උපද්‍රව සොයා බලා කටයුතු කිරීම යහපත් වේ.

එවැනි පීඩාකාරී අමනුෂ්‍ය දෝෂ, බාලගිරි දෝෂ සඳහා දරුවා සිටින ස්ථානයේ මෙම ඔසු ධූපය, රතන සූත්‍රයෙන් 21 වර කරණීය මෙත්ත සූත්‍රයෙන් 21 පිරිත් කර උදේ සවස දුම් අල්ලන්න.

සල්දුම්මල කුඩු කාලයි, අබ, සුවද කොට්ටං, පූජා කරන ලද පිච්ච මල්, බෙලි කොළ, ඊතණ, කුරුඳු පොතු, එනසාල්, කරාබුනැටි ඉතා පිරිසිදුව සිහින්ව කොටා එකට මිශ්‍ර කර එයට තල තෙල් අවුන්ස එකක්, පැඟිරි තෙල් අවුන්ස එකක්, පිච්ච තෙල් අවුන්ස එකක් දමා නැවත හොඳින් මිශ්‍ර කර අසුරනයකට දමා භාවිතයට ගන්න.

හිස තබන කොට්ටයට - නවගුණ යන්ත්‍රය හෝ රතන යන්ත්‍රය පිරිසිදුව ඇඳ පිරිත් කර (108 වරක්) ඇතුළට දමන්න. අරුද කොළ, කොහොඹ කොළ, කරපිංචා, ගොටු කොළ ස්වල්පයක් ගෙන රන්තැඹිලි තෙල් කාලකට කොටා දමා මඳගින්නේ මැටි වලඳේ කකාරා තබා රතන සූත්‍රයෙන් පිරිත් කර තෙල් පෙරා ගෙන වීදුරු බෝතලයකට දමා උදේ කාලයේ බින්දු 3ක් ගෙන දකුණු අතින් හිසට දමා හිස අතගාන්න.

ගිරිදේවිය හා බැඳුන කථා පුවත් විශාල ප්‍රමාණයක් ඇති අතර ගිරිදේවි බලිය නමින් යාග බලි ශාන්තියක් ද රජරට ප්‍රදේශයේ පවතී.

ගිරිදේවි අස්න, ගිරිදේවි උපත, ගිරිදේවි කාව්‍ය, ගිරිදේවි නර්තනය ශ්‍රී ලංකාවේ චිරප්‍රසිද්ධ සම්ප්‍රදායන් වී හමාරය. බාලගිරි දෝෂය ඇති වන්නට මූලික වුන කථාව මෙසේ හෙයින් අද පැමිණෙන දෝෂය අද නොවේ හෙට යනුවෙන් සඳහන් කරන්නට ගැමියා පෙලැඹුණේ ඒ සඳහා ශාන්තිකර්ම නොදැන නොවන බවට අප දැනගත යුතුවේ. බාහිරින් පැමිණෙන ඕනෑම අයෙකුට මෙම නිවසේ කුඩා බිලිඳකු සිටින බවට සමාජයට පණිවිඩයක් බෙදා හැරීමත් ඉන් සිදුවිය. එතුළින් දරුවා කිලිකුණු, විෂබීජවලින් වළක්වා ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ද නොදැනීම ඇතිවිය.

පන්ති කාමරයට පිවිසුු අපේ ගුරුතුමා වදන් කීපයක් කළුලෑල්ලේ ලියුවේය. ඉන්පසුව අපෙන් ඇහුවේ ඉතා කුඩා ප්‍රශ්නයකි.

“මේ වචනවල අර්ථ තේරුම් අරන් තියෙනවද කියල බලන්න“ යි කියමින් ඒ වචන එකිනෙක ශබ්දනගා කියවීමට පටන් ගත්තේය.

“ගවේෂණය, විමර්ශනය, සමීක්ෂණය, නිරීක්ෂණය, විවරණය, විචක්ෂණය. මේ වචන හයම තොරතුරු සම්පාදනයට සම්බන්ධය. අපි නිතරම වාගේ තොරතුරු (Information) ගැන කතා කරනවා. තොරතුරු දැන ගැනීමට නම් අපට ඔය වචන හය හුඟාක් ඵලදායක වෙනවා. කොහොමද ඵලදායක වෙන්නේ?“

තොරතුරු කියන්නේ හොයන දෙයක්. එහෙමත් නැත්නම් සොයාගෙන යා යුතු දෙයක්. ඒකත් හරියට නැතිවුණු ගවයින් ලැග ඉන්නේ කොහේදැයි සොයා යනවා වගේ වැඩක්. ඒ ක්‍රියාව ‘හරකුන් සෙවීම‘ යන අර්ථය දෙන ‘ගවේෂණය‘ මඟින් සිදුවෙනවා. ඉංග්‍රීසි බසින් ගවේෂණය හැඳින්වෙන්නේ Investigation (ඉන්වෙස්ටිගේෂන්) යනුවෙන්. ඇති දෙයක්, දකින දෙයක් තව තවත් හොයන්න පුළුවන්. හැඟවුණු දෙයක් හොයන්නට වෙනවා.

“විමර්ශනය“ ඊට වඩා වෙනස් මඟික් ගන්න සෙවිල්ලක්. එය නිකම්ම නිකං සෙවිල්ලක් වෙනුවට බුද්ධිමත් අයුරින් සිදුවන සෙවිල්ලක්. ‘විමසීමෙන් දැන ගැනීම තමයි විමර්ශි‘ වෙන්නේ. ඒ නිසා ‘විමර්ශනය‘ යන්න ගවේෂණය ඉක්මවූ සෙවීම් කාලයක්. ඒ සඳහා Inquiry එහෙමත් නැත්නම් Enquiring search කියන්නට පුළුවන්. යම්කිසි තොරතුරක හුදු මතුපිට තලය වෙනුවට තවත් දිශානතී (dimensions) ඇති බව හඳුනා ගැනීම නිසා අපේ යෙදුමක් තියෙනවා. ‘විමර්ශන බුද්ධිය‘ කියල. කිසියම් තොරතුරක් ඇඳ දැක්වීමේදී විමසිලිමත්වීම මෙහි අදහසයි.

ඊළඟට යම් යම් තැන්වලට ගිහිල්ල තොරතුරු සෙවිල්ලේ යෙදෙන අය ‘සමීක්ෂණ‘ පවත්වනවා. එක් තොරතුරක් තවත් තොරතුරක් සමඟ සන්සන්දනය (compare) කරනවා. ඒ මඟින් තමන් හමුවට විවිධාකාර තොරතුරු ගලා එන්නට පුළුවන්. ඒ තොරතුරු මැනලා බලනවා. කිරලා බලනවා. මේ ක්‍රියාදාමය සමීක්ෂණය (Survey) යනුවෙන් හඳුන්වනවා. ඉඩම් මනිනවා. එය සමීක්ෂණයක්. එය ඉටුකරන්නේ මිනින්දෝරුවා (Surveyor) දිගපළල, වටිනාකම, අගය සමීක්ෂාවට භාජනය කරනවා.

ඊළඟට එන්නේ ‘නිරීක්ෂණය‘ (Observation) නිරීක්ෂණයකින් තොරව ඇතැම් තොරතුරුවල අගය තක්සේරු කිරීම අපහසුය. එය හුදු ‘පරීක්ෂණය‘ ඉක්මවා තොරතුරක අගය දැකීමක් වෙනවා. මේ නිසා ‘නිරීක්ෂණය‘ ඕනෑවට එපාවට වෙනුවට සියුම් ලෙස ගොඩ නැඟීමට පුළුවන්. වදන් භාවිතය (use of words) ඉගැන්වීමට වදන්කෝෂ අවශ්‍යයි. වදන් උගන්වන ගුරුවරුන් අවශ්‍යයි. ‘විවරණය‘ අප හමුවේ ඇති අපූරු යෙදුමක්. යම්කිසි තොරතුරක් දැනගත් පසුව ඒ තොරතුර ‘විවරණය‘ කිරීමට අතිරේක කුසලතාවක් (skill) අවශ්‍ය බව හඳුනාගත යුතුය. මේ නිසා ඒ කාරණය තොරතුරු සම්බන්ධයෙන් ‘විවරණ ඇස‘ යන තේරුම දෙන Commentary නැතිනම් Commentarial යනුවෙන් හැඳින්වෙනවා. මේ සියල්ලටම වඩා තමන් හමුවේ පවතින තොරතුරු බෙදා වෙන් කරගැනීම ගැන දැනුමක් තිබෙන්නට ඕනෑ. ඒ දැනුම හඳුන්වන්නේ ‘විචක්ෂණය‘ (discrimination) කියල. අපට ලැබෙන හැම තොරතුරක්ම එක හා සමානව නොවටිනා බවත් වටිනා හා නොවටිනා ලෙස වෙන් කිරීමේ ශක්තිය අප සතු විය යුතුය.

මේ කාරණා සියල්ල මෙනෙහි කරන කොට අපට එක් වැදගත් කාරණාවක් පැහැදිලි වෙන්ට ඕනැ. ඒ මොකක්ද ඒ කාරණය. අපට ළඟාවන තොරතුරු අපි ආදරයෙන් වැලඳ ගන්නා තොරතුරු අපි බැහැර දමන තොරතුරු පිළිබඳව කල්පනා කිරීමට සිදුවෙනවා. අප තුළ පවතින්නේ දැනුවත් කමක්ද? නොදැනුවත් කමක්ද? යන්න සියුම් ලෙස විමසීමට ඔය වදන් හය මඟින් ප්‍රකාශිත අර්ථ ඵලදායක වෙන්නට ඕනෑ.

Comments