හිරු දෙවියන්ගේ පිහි­ටෙන් සෑම ගම­ක­ටම සූර්ය බලා­ගාර | Page 2 | සිළුමිණ

හිරු දෙවියන්ගේ පිහි­ටෙන් සෑම ගම­ක­ටම සූර්ය බලා­ගාර

පේ රටේ බලශක්ති ඉල්ලුම දින­ප­තාම වැඩි­වෙයි. එසේ වුවත් රටේ අනා­ග­තය පද­නම් වී ඇත්තේ පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය මතයි. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ සෞභා­ග්‍යයේ දැක්මට අනුව 2030 වන විට ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තියේ දාය­ක­ත්වය 70% දක්වා වර්ධ­නය කිරී­මට විදු­ලි­බල අමා­ත්‍යාං­ශය හා විදු­ලි­බල මණ්ඩ­ලය වැඩ­පි­ළි­වෙළ රැසක් ක්‍රියා­වට නංවා ඇත.

මෙරට විදුලි ඉල්ලුම සපි­රීම පිණිස වත්මන් විදු­ලි­බල ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා මෙරට සමස්ත බල­ශක්ති කළ­ම­නා­ක­ර­ණය සඳහා කාර්ය­ක්ෂම වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­මින් පවතී. ඒ අනුව කෙටි­කා­ල­ය­කට මෙරට බල­ශක්ති අව­ශ්‍ය­තාව බල­ගැ­න්වීම දැන­ටම අරඹා ඇත.

ඒ සම­ඟම මධ්‍ය කාලීන හා දිගු කාලීන සැල­සුම් අනුව එතු­මන් තම විද්‍යා­ත්මක හැදෑ­රීම ජන­ගත කර­මින් සිටී. ඒ අනුව මෙතෙක් ආරම්භ කර නවතා දමා තිබූ ව්‍යාපෘති වේග­වත්ව අව­සන් කිරී­මත්, ස්වභා­වික ජල විදුලි බලා­ගාර ක්‍රම­වත් හා නවී­ක­ර­ණය කිරී­මත් සිදු­වෙ­මින් පවතී. හදිසි අව­ශ්‍යතා සඳහා තාප හා සූර්ය­ශක්ති බලා­ගාර ග්‍රාමීය ප්‍රදේශ මුල් කර­ග­නි­මින් ස්ථාපිත කිරී­මත්, පරි­සර හිත­කාමී දිගු­කා­ලීන ස්වභා­වික වායු සුළං, සූර්ය බලය මුල් කර­ගත් බල­ශක්ති බල­ගැ­න්වීම ආරම්භ කිරී­මත් ඉන් ප්‍රධාන අංග කීප­යකි. එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස මසක් ඇතු­ළත විදුලි බලා­ගාර 03 ක් ජන­ගත කිරී­මට හැකි විය.

‘සැමට විදු­ලිය’ යන සංක­ල්පය යටතේ මේ වන­විට අඩු ආදා­ය­ම්ලා­භීන් සඳහා නොමිලේ විදු­ලිය ලබා­දීම, නොමිලේ නිවස තුළ විදුලි රැහැන් ගත කිරී­මත් විදුලි පරි­භෝ­ජ­නය හර­වත් ලෙස යොදා ගැනී­මත්, අර­පි­රි­මැස්ම සඳහා ජන­තාව දැනු­ම්වත් කිරී­මත්, ජනතා සහන සඳහා නව තාක්ෂ­ණය මඟින් ජන­හ­දට ළඟා­වීම පිණිස සුවි­ශේෂී වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මත් සිදු­කර ඇත. මෙරට විදුලි පාරි­භෝ­ගි­කයා දිරි­ග­න්ව­මින් නව ලොව දැකී­මට අවැසි නව බල­ශක්ති ජන­නය නොක­ඩවා ඉදි­රි­යට ගෙන යන බව ද එම­ඟින් සිදු­වන්නේ මහින්ද චින්තන ඉදි­රි­දැක්ම සෞභා­ග්‍යයේ දැක්මක් ලෙස ජන­හ­දට ළංවීම බවද විදු­ලි­බල අමා­ත්‍ය­ව­ර­යාගේ අද­හස වේ.

මෙම වැඩ­පි­ළි­වෙළ යටතේ ක්‍රියා­ත්මක අලුත්ම විදු­ලි­බල නිපැ­යුම් වැඩ­පි­ළි­වෙළ වන්නේ මෙරට සෑම ගම්මා­න­ය­කට සූර්ය බල විදුලි බලා­ගා­ර­යක් ඉදි­කි­රීමේ වැඩ­පි­ළි­වෙ­ළයි. ඒ අනුව රට­පුරා ගම්මාන 7000 කිලෝ වොට් 100 සූර්ය විදුලි බලා­ගාර 7000 ක් ඉදි­කි­රී­මට දැන් ටෙන්ඩර් පත් කැඳවා ඇත.

මේ පිළි­බ­ඳව අද­හස් දක්වන විදු­ලි­බල ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම පව­සන්නේ මේ වැඩ­පි­ළි­වෙළ මෙරට විදු­ලි­බල ක්ෂේත්‍රයේ අලුත් පිටු­වක් පෙර­ළන බවයි.‍

“මෙය රටේ මෙන් ම ජන­තා­වගේ ඉති­හා­සය වෙනස් කරන යෝධ පිම්මක්. මෙතෙක් ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට සූර්ය බල­යෙන් ලැබුණ දාය­ක­ත්වය මෙගා­වොට් 517 ක් පම­ණයි. අදින් ආරම්භ වූ ගමට බලා­ගා­ර­යක් වැඩ­ස­ට­හන මඟින් එම දාය­ක­ත්වය දෙගු­ණ­යක් බවට පත් කිරී­මට හැකි­වේවි. රටේ ආර්ථි­ක­යට දිය හැකි සුවි­ශාල දාය­ක­ත්ව­යක් සප­ය­මින් පරි­ස­ර­යට සෙත් පිරි­තක් බදු වූ ගමට බලා­ගා­ර­යක් ව්‍යාපෘ­තිය මඟින් අභි­න­ව­යෙන් ජනිත වන සූර්ය විදුලි බලා­ගාර 7000 වසර 03 ක් ඇතු­ළත නිම කර ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට මෙගා­වොට් 700 ක දාය­ක­ත්ව­යක් ලබා­දී­මට කට­යුතු කර­නවා” යැයි අමාත්‍ය ඩලස් අල­හ­ප්පෙ­රුම අව­ධා­ර­ණය කරයි.

අමාත්‍ය ඩලස් අල­හ­ප්පෙ­රුම මේ ගැන අද­හස් දක්ව­මින් සූර්ය විදු­ලිය සම්බ­න්ධ­යෙන් ලංකාවේ පළමු වරට කථි­කා­වක් ඇති­වන්නේ 1980 වසරේ බවත්, ර‍ෙට් අනා­ග­ත­යට නව මාන­යක් කියා­පා­මින්. අදින් ඇර­ඹෙන මෙම ‘ගමට බලා­ගා­ර­යක්’ සංක­ල්පය මඟින් දේශීය ව්‍යව­සා­ය­ක­යන් 7000 ක් මෙන් ම නව රැකියා අවස්ථා 20000 පමණ බිහි­වීම වන බවත් පැව­සීය.

ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය සමඟ වසර 20 ක ගිවි­සු­මක් අනුව මෙම විදුලි බලා­ගාර 7000 ස්ථාපිත කෙරෙන බවත්, දේශ­පා­ල­න­මය වශ­යෙන් ඒ වෙනු­වෙන් කිසිදු බල­පෑ­මක් ඇති නොවන බවත්, ඇමැ­ති­ව­රයා පෙන්වා දෙයි. එසේ ම මෙතෙක් විදු­ලිය පහ­සු­කම් නොලැබූ සමෘ­ද්ධි­ලා­භීන් සහ අඩු­ආ­දා­ය­ම්ලාභී පවුල් වෙත නොමි­ලයේ විදු­ලිය සබ­ඳතා ලබා­දීම සඳහා පවුල් 99862 ක් හඳු­නා­ගෙන ඇති බවත්, පසු­ගි­යදා ගිරි­බා­වෙන් ආරම්භ කළ දැයට එළිය ජාතික වැඩ­ස­ට­හන තුළින් මේ වන­විට නිවාස 1881 ක් වෙත විදු­ලිය පහ­සු­කම් ලබාදී ඇති බවත්, ඉතිරි පිරිස් අත­රින් 37363 ක් වෙත එළ­ඹෙන අප්‍රේල් මස අව­සන් වීමට ප්‍රථම විදුලි සබ­ඳ­තාව නොමිලේ ලබා­දී­මට කට­යුතු කරන අතර සෙසු සියල්ල වෙනු­වෙන් මේ වසර අව­සන් වීමට ප්‍රථම විදු­ලිය ලබා­දෙන බවත් ඇමැ­ති­ව­රයා පව­සයි.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසා­නා­යක මහතා මේ ගැන අද­හස් දක්ව­මින් “රටක් වශ­යෙන් අපි මෙතෙක් කාල­යක් සිටියේ අනෙක් රට­ව­ල්ව­ලට පසු­ප­සින්. නමුත් දියු­ණු­වන ලෝක­යත් සම­ඟින් අනෙක් රට­වල් සමඟ සම ­ස­මව යාමට නම්, සමස්ත ලෝකය මෙන් ම අපිත් පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය වෙත යොමු­වීම අනි­වාර්ය බව කීය. ජනා­ධි­ප­ති­තුමා ඒ වෙනු­වෙන් විදු­ලි­බල ක්ෂේත්‍රය සම්බ­න්ධ­යෙන් මේ වන­විට අපට ඉල­ක්ක­යක් ලබාදී තිබෙ­නවා, වසර 2030 වන­විට පුන­ර්ජ­න­නීය බල­ශක්ති දාය­ක­ත්වය 70% ක් දක්වා ගෙන ඒමට. එම ඉලක්ක ජය­ගැ­නීමේ එක් පිය­ව­රක් වශ­යෙන් ගමට බලා­ගා­ර­යක් සංක­ල්පය අපි ක්‍රියා­ත්මක තල­යට ගෙන ඒමට සමත් වුණා. මේ යටතේ පළමු අදි­යර වශ­යෙන් ඉදි­වන සූර්ය බලා­ගාර 880 ක් වෙනු­වෙන් ටෙන්ඩර් කැඳ­වීම සිදු­වුණා.

මේ මඟින් රටේ ආර්ථි­ක­යට මෙන් ම සමස්ත රට­වැ­සි­යාට සුවි­ශේෂී ප්‍රති­ලා­භ­යන් රාශි­යක් හිමි­වී­මට නිය­මි­තයි. ‘ගමට බලා­ගා­ර­යක්’ සංක­ල්පය වසර 03 ක් වැනි කාල සීමා­වක් තුළදී යථා­ර්ථ­යක් බවට පත්කර ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට මෙගා­වොට් 700 ක් ලබා­දීමේ අර­මුණ වෙනු­වෙන් සූර්ය­බල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංව­ර්ධන අමා­ත්‍ය­ව­රයා වශ­යෙන් පූර්ණ කැප­වී­ම­කින් කට­යුතු කරන අතර ම, මෙවැනි ම තවත් පුන­ර්ජ­න­නීය බල­ශක්ති ව්‍යාපෘ­තීන් රැසක් හඳු­න්වා­දී­මට ඉදිරි කාල­සී­මාවේ දී කට­යුතු කර­නවා දුමින්ද දිසා­නා­යක පව­සයි. මේ පිළි­බ­ඳව අපට කරුණු පැහැ­දිලි කළ විදුලි බල මණ්ඩ­ලයේ අති­රේක සාමා­න්‍යා­ධි­කාරි රොහාන් සෙ‍නවි­රත්න මහතා පව­සන්නේ මේ අලුත් සූර්ය බලා­ගාර වැඩ­පි­ළි­වෙළ යටතේ රටේ ගම්මාන 7000 ක කිලෝ­වොට් 100 සූර්ය බලා­ගාර 7000 ක් වසර 3 ක් ඇතු­ළත පිහි­ටු­වන බවයි.”

“දැන් අපේ මේ ජල විදු­ලිය මඟින් විදු­ලිය නිප­ද­වීම අව­සන් වෙමින් පව­ති­නවා. නව ජල­වි­දුලි බලා­ගාර 2 – 3 ක් පම­ණයි හදලා අව­සන් කර­න්නට තිබෙන්නේ. නමුත් සූර්ය බලය අපට ඕන තරම් තිබෙ­නවා. සියලු දිස්ත්‍රි­ක්ක­වල සියලු ගම්මා­න­වල අපට ට්‍රාන්ස්ෆෝ­මර් 32000 ක් තිබෙ­නවා. ඉන් ස්ථාන 7000 ක් අසල මේ සූර්ය බලා­ගාර ඉදි­කි­රී­මට හුඟක් සුදු­සුයි. ඒ අනුව ඒ ස්ථාන­වල සූර්ය බලා­ගාර ඉදි­කි­රී­මට අපි දැන­ටම ටෙන්ඩර් කැඳ­වලා තිබෙ­නවා.

මේ බලා­ගා­ර­යක් ඉදි­කි­රී­මට අපේ ඉහත පැවසූ විදුලි ට්‍රාන්ස්ෆෝ­මර් අවට මීටර් 400 ක රවුම් ප්‍රදේ­ශ­යක පර්චස් 40 ක පෞද්ග­ලික ඉඩ­මක් තිබිය යුතුයි. මේ එක් බලා­ගා­ර­යක් ඉදි­කි­රී­මට රුපි­යල් ලක්ෂ 120 ක් පමණ විය­දම් වෙනවා. බලා­ගාර ඉදි­කි­රී­මට රාජ්‍ය බැංකු මඟින් සිය­යට 7.5 පොලි­යට ණය ලබා­දෙන්න අපිත් උදවු කර­නවා. මේ සූර්ය බලා­ගාර මඟින් නිප­ද­වන විදු­ලිය ඒක­ක­යක් අඩුම ගණනේ රුපි­යල් 14 බැගින් වසර 20 ක් ලබා­ග­න්නට විදුලි බල මණ්ඩ­ලය සූදා­නම් . මෙවැනි වැඩක් මේ රටේ කෙරෙන්නේ ප්‍රථම වරට. මේ බලා­ගාර මඟින් නිප­ද­වන විදු­ලිය මාස 20 ක් මිලදී ගැනී­මට අදාළ ගිවි­සුම් අදාළ ව්‍යව­සා­ය­කයා හා විදු­ලි­බල මණ්ඩ­ලය අතර අස්සන් කර­නවා. ඒ අනුව අදාළ ආයෝ­ජ­න­ක­යාට වසර 20 ක් ඇතු­ළත වස­ර­කට සිය­යට 15 ක පමණ ප්‍රති­ලාභ ලැබීම ස්ථිරයි. ඒ අනුව මෙය මේ කාලයේ හැටි­යට එය ඉතා හොඳ ආයෝ­ජ­න­යක් බව ද රොහාන් සෙනෙ­වි­රත්න මහතා පව­සයි.

මේ අනුව ඉදිරි වසර තුන ඇතු­ළත මේ සූර්ය බලා­ගාර 7000 අපේ ර‍ටේ ඉදිවේ. කිසිම පරි­සර දූෂ­ණ­යක් නොමැති මේ සූර්ය බලා­ගාර මඟින් සූර්ය බලය පැය 7 – 8 ක් ඇති දින­වල උප­රිම ධාරි­තා­වෙන් සූර්ය විදු­ලිය නිප­ද­වන බවත් රොහාන් සෙනෙ­වි­රත්න පෙන්වා දෙයි.

මේ යටතේ මුලින් ම සූර්ය බලා­ගාර 880 ඉදි­වන අතර ඒවායේ විදු­ලි­බල ජනන කට­යුතු ඉදිරි වසර දෙක ඇතු­ළත ආරම්භ කිරී­මට සූදා­නම්ය. මේ වැඩ­පි­ළි­වෙළ මඟින් ගමේ තරු­ණ­යන්ට රැකියා අවස්ථා සමඟ රටේ ආර්ථික අර්බු­ද­යට කදිම විස­ඳු­මක් ලැබෙනු ඇතැයි විදු­ලි­බල ඉංජි­නේ­රුවෝ පෙන්වා දෙති.

පුන­ර්ජ­න­නීය බල­ශක්ති විදුලි ඉංජි­නේ­රු­ව­රුන් කර ඇති පරී­ක්ෂණ අනුව අපේ රටට ඉදිරි වසර 8 – 9 පමණ වන විට සූර්ය බලය මඟින් මෙගා වොට් 2300 ක් සූර්ය විදු­ලි­යක් නිප­ද­වී­මට විභ­ව­තාව තිබේ.

සූර්ය බල­යෙන් තව­මත් අප නිප­දවා ඇත්තේ මෙගා­වොට් 525 ක විදුලි බල­යක් පමණි. ඒ අනුව නව වැඩ­පි­ළි­වෙළ යටතේ අලුත් මෙගා වොට් 700 ක් අප රටට ඉදිරි වසර 3 ඇතු­ළත ලැබේ. එය මෙරට බල ශක්ති ක්ෂේත්‍රයේ වාර්තා­වකි.‍

මෙම වැඩ­පි­ළි­වෙළ යටතේ සූර්ය විදුලි බල උත්පා­ද­නය මඟින් ජාතික විදු­ලි­බල පද්ධ­තිය වෙත විදු­ලිය සැප­යී­මට වොට් 75 ක ධාරි­තා­ව­යෙන් යුත් පොළො­වෙහි සවි­ක­රන සූර්ය විදුලි බලා­ගාර ව්‍යාපෘ­තිය ඉදි­කි­රීම, අයි­තිය සහ පව­ත්වා­ගෙන යාම යන පද­නම මත සුදුසු යෝජනා ඉදි­රි­පත් කරන ලෙස පළාත් 7 ක ජන­තා­ව­ගෙන් විදු­ලි­බල මණ්ඩ­ලය ඉල්ලා ඇත. උතුරු, උතු­රු­මැද, නැගෙ­න­හිර, වයඹ, මධ්‍යම හා දකුණු පළාත් ඒ අතර වේ.

මෙම ව්‍යාපෘ­තිය අනුව සූර්ය බලා­ගාර ඉදි­කළ හැක්කේ පෞද්ග­ලික අයි­තිය ස්ථිර ලෙස ම ඇති ඉඩ­ම්වල පමණි. මෙම ව්‍යාපෘ­ති­යට අදාළ වන සියලු පාරි­ස­රික අනු­මැ­තිය රාජ්‍ය ආය­ත­න­වල අනු­මැ­තිය හා ව්‍යවස්ථා මත බල­පත්‍ර ආදිය ව්‍යව­සා­ය­කයා විසින් ලබා­ගත යුතු ය.

අදාළ බලා­ගා­රය ඉදි­ක­රන ඉඩම ආස­න්න­ම තාරා පැවිය (ට්‍රාන්ස්ෆෝ­මර්) සිට මීටර් 400 ක් අහස් දුරින් තිබිය යුතු ය. අදාළ සූර්ය­බල විදුලි බලා­ගා­රය ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය සමඟ බල­ශක්ති මිලදී ගැනීමේ ගිවි­සු­මක් අත්සන් කළ යුතු අතර විදු­ලිය මිලදී ගැනීම සඳහා එම ගිවි­සුම වාණිජ මෙහෙ­යුම් ආරම්භ කරන දිනයේ සිට වසර 20 ක කාල­යක් සඳහා වලංගු වෙයි. මෙම ව්‍යාපෘ­තියේ ආයෝ­ජ­ක­යන් වීමට ද සුදු­සු­කම් කිහි­ප­යක් සපු­රා­ලිය යුතුය. ඒ අනුව සංස්ථා­පිත සමා­ග­ම්ව­ලට එවැනි සමා­ගම් වල ඒකා­බද්ධ ව්‍යාපා­ර­ව­ලට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. ඊට අම­ත­රව තනි ව්‍යාපාර හිමි­ක­රු­වකු ලෙස අදාළ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ව්‍යාපාර නාම ලියා­ප­දිංචි කිරීමේ හවු­ල්කා­රි­ත්වය යටතේ ලියා­ප­දිංචි හිමි­කා­රි­ත්ව­යක් ඇති ව්‍යාපා­ර­ව­ලට ද මේ ජාතික කර්ත­ව්‍ය­යට එක් විය හැකිය. ඊට අම­ත­රව ස්වේච්ඡා සමාජ සේවා සංවි­ධා­න­ව­ලට හා රාජ්‍ය නොවන සංවි­ධා­න­ව­ලට ද මේ සූර්ය බලා­ගාර ඉදි­කි­රී­මට ඉල්ලුම් කළ හැකි ය.

ඒ සම­ඟම සමෘද්ධි සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ලියා­ප­දිංචි සමෘද්ධි ප්‍රජා මූල සංවි­ධාන වලට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකි බව විදු­ලි­බල මණ්ඩ­ලය කියයි.

ජල විදු­ලිය මත පම­ණක් යැපෙ­මින් දිනෙන් දින වැඩි­වන විදුලි ඉල්ලු­මට පිළි­තුරු දීමට ඓති­හා­සික දේශ­පා­ලන භාවි­තයේ ප්‍රායෝ­ගික විකල්ප උත්සා­හ­යන් වෙත යොමු වූයේ වත්මන් අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­ප­ක්ෂ­යන් පමණි. මීට දශක 2 කට ආසන්න කාල­යක සිට එතු­මන් හෙට දවස වෙනු­වෙන් දේශීය බල­ශක්ති අව­ශ්‍ය­තාව මැන­වින් වටහා ගෙන තිබුණ බව පැහැ­දි­ලිව දක්නට ලැබෙ­න්නේය.

ඒ නිසා ම දිනෙන් දින ඉහළ යන විදු­ලි­බිල පාල­නය කර­මින් ජනතා සහන ලබා­දීම සඳහා දේශයේ වේග­වත් සංව­ර්ධ­න­යට පිටි­ව­හ­ලක් වන බල­ශ­ක්තිය පිළි­බඳ නිවැ­රදි අව­බෝ­ධ­යක සිටි බව එතු­මන් එදා සිට අද දක්වා ගෙන ඇති ක්‍රියා­මාර්ග දෙස බැලීමේ දී හොඳින් ම අව­බෝධ වේ.

නොයෙක් විරෝ­ධතා මැද නොරො­ච්චෝලේ ගල්අ­ඟුරු බලා­ගා­රය අර­ඹන්නේ මේ අභි­යෝ­ග­යට එක් විස­ඳු­මක් ලෙසය. එම­ඟින් පසු­ගිය කාල­යන් හි ඇතිවූ මහා නිය­ඟ­යන් හමුවේ ජාතික විදු­ලි­බල පද්ධ­තිය සම­බර කර ගැනී­මට විශාල පිටු­බ­ල­යක් ලැබිණ. එහි අඩු­පාඩු සක­ස­මින් ඉදි­රි­යට යන අත­ර­තුර ජාතික බල­ශක්ති පද්ධ­තිය ස්ථාවර කිරීම සඳහා තව තවත් විකල්ප ව්‍යාපෘති කෙරෙහි එතු­මන් අව­ධා­නය යොමු කළේය. ඒ අනුව ලංකාවේ ප්‍රථම චක්‍රීය තාප බලා­ගා­රය ආරම්භ කිරීම, ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලා­ගා­රය ඇර­ඹීම, ලංකාවේ ප්‍රථම සූර්ය ශක්ති විදුලි නිප­ද­වීම හා ලංකාවේ ප්‍රථම ඝන අප­ද්‍රව්‍ය විදුලි බලා­ගා­රය ආරම්භ කිරී­මත් මෙරට බල­ශක්ති ක්ෂේත්‍රයේ සුවි­ශේෂී ක්‍රමෝ­පා­යන් හි අග්‍ර­ඵල ලෙස පෙන්වා දිය හැකි ය.

මේ තත්ත්වය මත මෙරට පරි­සර හිත­කාමී ජාත්‍ය­න්තර ප්‍රමි­තියේ ඉහ­ළම තාක්ෂ­ණ­යෙන් යුත් ස්වාභා­වික ද්‍රව වායු බලා­ගා­රය ඉදි­කි­රීම ද ඇර­ඹෙන්නේ මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­ව­ර­යාගේ මෙහෙ­ය­වීම හා ජන­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ගේ පූර්ණ උප­දෙස් අනු­වය. එම බලා­ගා­රය මඟින් අපේ රටට ලැබෙන මුළු විදු­ලිය මෙගා වොට් 300 කි.
මේ අනුව වත්මන් ජන­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන්ද, අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන්ද එක්වී ක්‍රියා­වට නංවන අපේ තිරස‍‍ර බල­ශක්ති සංව­ර්ධන වැඩ­පි­ළි­වෙළ නිසා අප රටට ඉදි­රි­යේදී බල­ශක්ති ගැට­ලු­වක් ඇති­වී­මට ඉඩ නැත.
මේ නිසා රටට හිතකාමී අය කළ යුත්තේ රජයේ මේ පරි­සර හිත­කාමී විදුලි උත්පා­ද­නය වැඩ­පි­ළි­වෙ­ළට උප­රිම සහාය දීමයි. එමෙන් ම විශේ­ෂ­යෙන් මේ පරි­සර හිත­කාමී බල­ශක්ති වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­වට නැංවී­මට විදු­ලි­බල ඇමැති ඩලස් අල­හ­ප්පෙ­රුම දරන ප්‍රබල උත්සා­හය ද අපි අගය කළ යුතු වෙමු.

Comments