සිතුවමට ජීවය දෙන නිරූපණාත්මක දැක්මක් | සිළුමිණ

සිතුවමට ජීවය දෙන නිරූපණාත්මක දැක්මක්

ස්වභාවිකත්වයට මුල් තැනක් ලබා දී පිහිටුවා ගත් අධ්‍යයනයක් හා අභ්‍යාසයක් මතින් චිත්‍ර ශිල්පියා තමාට ආවේණික අද්විතීය අර්ථාන්විත ක්‍රමයක් ඔස්සේ මේ නිර්මාණකරුවන් තම ගමන් මඟ තෝරා ගෙන ඇත.

 

ඩිජිටල්කරණයත් සමඟ සියල්ල වෙනස්වන ලෝකයේ චිත්‍ර කලාවටද අත්ව ඇත්තේ තාක්ෂණය හා මුසු වූ බැඳීමකි. එම නිසා පාරිශුද්ධ කලා භාවිතයට ඇති ඇගැයීම් හා පිළිගැනීම් අඩුවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ කලා ‍ක්ෂේත්‍රයටද මෙම සංසිද්ධිය බලපා ඇත.

එසේ වුවත් ශික්ෂණයන් හා තමන්ට ආවේණික කැපී පෙනෙන ශෛලියන් දරන ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් එකමුතුවක් ‘‘2020 කණ්ඩායම’’ නමින් ප්‍රතිස්ථාපනය කිරීම තුළින් නිරූපණාත්මක කලාවට නැවත අවධානය යොමු කරන ලදී.

ස්වභාවිකත්වයට මුල් තැනක් ලබා දී පිහිටුවා ගත් අධ්‍යයනයක් හා අභ්‍යාසයක් මතින් චිත්‍ර ශිල්පියා තමාට ආවේණික අද්විතීය අර්ථාන්විත ක්‍රමයක් ඔස්සේ මේ නිර්මාණකරුවන් තම ගමන් මඟ තෝරා ගෙන ඇත. මෙහි අඩංගු විෂය පථ පරාසයට ස්වභාවික වස්තූන්, දර්ශන, නිවෙස්, ගෘහ භාණ්ඩ හා ආලේපනයන් යොදා ගෙන ඇත. ඒ සඳහා සාමාන්‍ය ජීවන දර්ශනයන් ඇතුළත්ය. මෙහිදී පින්සල් පහර සරල හා විස්තරාත්මකව ස්වරූපයන් තුළින් උකහා ගන්නා යථාර්ථවාදී කලාව ග්‍රහණය කර ගෙන ඇත.

චිත්‍ර ශිල්පියාගේ හැඟීම් පාදක කර ගැනීමක් සිදුවිය හැකි වුවද නරඹන්නන්ට පෙනී යන්නේ විවිධ හැඩයන්, ආකෘතියන් හෝ වර්ණ සමූහයක් ලෙසය. අමුර්ත කලාව විධිමත් විවේචන ක්‍රියාවලියකට භාජනය කිරීම අපහසු වන්නේ එය හඳුනා ගත හැකි කලා ශෛලීන් හෝ විලාසිතාවන් පදනම් නොවන බැවිනි.

ලෝක ප්‍රකට අමුර්ත චිත්‍ර ශිල්පීන් වන මැටිස් හා පිකාසෝ මිතුරන්, සමකාලීනයන් හා තරගකරුවන් වූ අතර අමුර්ත තලයට ප්‍රවිශ්ට වීමට පෙර විවිධ සම්භාව්‍ය ශෛලීන් හා වර්ණ පුවරු ගවේෂණය කිරීමක නිමග්න විය.

කෙසේ නමුදු බාහිර ලෝකයේ සිදුවීම්වලට ප්‍රතිවිරුද්ධ ලෙස ශ්‍රී ලංකාවේ අද දින සිදුවන්නේ බොහෝ තරුණ චිත්‍ර ශිල්පීන් අමුර්ත චිත්‍ර කලාවට නැඹුරුවීමය. ඒ එය ඉහළ වාණිජ අගයක් ඇති එතරම් මහන්සි වී හැදෑරීමක්, කුසලතාවයක් හෝ කෞශල්‍යයක් අවශ්‍ය නොවන බව හැඟී ඇති බැවිනි.

මෙම ප්‍රවණතාවය සම්බන්ධව 2020 කණ්ඩායමේ සම නිර්මාතෘ, ලංකා කලා සංගමයේ හිටපු උප සභාපති කලා භූෂණ බ්‍රින්ලි ජයතුංග පවසා සිටින්නේ අවාසනාවකට මෙන් විවේචකයන් විසින් නිරූපණ කලාව අවතක්සේරු කිරීම, වාණිජත්‍වයට වෙළඳපොළ හා චිත්‍ර ගුරුවරුන්ගේ නැඹුරුව හා මනාපය තුළින් තමාගේ ශෛලිය අනුගමනය කිරීමට ශිෂ්‍යයන් හා තරුණ චිත්‍ර ශිල්පීන් පොලඹවා ගන්නා බවයි. මෙම කරුණ සම්බන්ධව පැහැදිලි කරන ප්‍රවීන කලාකරු, කලා භූෂණ ගුනසිරි කොළඹගේ කියා සිටින්නේ නිරූපණාත්මක කලාව යථාර්ථවාදී තලවල විවිධ ශෛලීන් දක්වා විහිදෙන බවයි. තවදුරටත් ඔහු පවසා සිටියේ ‘‘අප කණ්ඩායමේ සාමාජිකයන් අතර ඔවුන්ගේ භාවිතය ඉතා විවිධාකාර වන නමුදු ඔවුන් නිරූපණ කලාවේ ආධාරකරුවන් ලෙස වර්ගීකරණය කළ හැකි බවයි.’’

උපස්ථිතිවාදය නම් මෙම වර්ගීකරණයේ වැදගත් අංශයක්ව නිර්මාණයට හැඟීම් හා භාවයන් කා වැද්දීමක් කරන බව වැන්ගෝ හා මොනේ වැනි ප්‍රමුඛ චිත්‍ර ශිල්පීන්ගේ පින්සල් පහරවලින් කළ නිර්මාණ තුළින් ඔප්පු කර සිටී.

තවත් චිත්‍ර ආකෘතිය වන ශෛලිගත වාදය චිත්‍ර ශිල්පී ෙඩවිඩ් හෝකිනිගේ ආරම්භක කාලයේ භාවිතා වූ භාව ප්‍රකාශන ශෛලිය අංග තුළින් විද්‍යාමාන වූ අතර පසුව Pop Art වලට නතු විය. රූපමය කලාව රූප හා නග්නත්වය විදහා දක්වන අතර නිරූපණාත්මක වර්ගීකරණයට අයත් වේ.

ශ්‍රී ලංකාවේ නිරූපණාත්මක කලාව සුරක්‍ෂණය හා වර්ධනය කිරීම අරමුණු කොට ගත් චිත්‍ර ශිල්පීන්ගේ එකමුතුවකින් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස 2020 කණ්ඩායම හැඳින්විය හැක්කේ එහෙයිනි. නිරූපණාත්මක කලාව ඉහළ තලයකට ගෙන ඒමට හා අධ්‍යයනය සඳහා ඇප කැප වූ ඒ සඳහා සංවිධානාත්මක හා ව්‍යූහගතව එළඹ වීමකට යොමු වී ඇත.

කණ්ඩායමේ නිර්මාණ ඉදිරිපත් කිරීම (දිගු වීර චාරිකාව) නමින් වූ ප්‍රථම ප්‍රදර්ශනය තුළින් කොළඹ 8, ස්ටැෆර්ඩ් මාවතේ පිහිටි (කොළඹ කලාගාරය) හා කොළඹ 3, (ප්ලාටේ ලෝෆ්ට් කලාගාරයේ) 2021 අප්‍රේල් මස 25 වැනි දින ආරම්භ කෙරේ. චිත්‍ර කලාව පිළිබඳව ඇති උනන්දුව හා දැඩි උද්‍යෝගය නැවත දල්වාලමින් මෙම කලාව සඳහා නිමග්න වන ශ්‍රී ලාංකීය කලා ශිල්පීන් ජාත්‍යන්තර හඳුනා ගැනීමකට ලක් කිරීම එහි ප්‍රධාන අරමුණයි.

පුළුල් හා විවිධ පළපුරුද්දෙන් අනූන චිත‍්‍ර ක්ෂේත්‍රයේ විශේෂඥ ඥානයෙන් හෙබි කෘතහස්ත චිත්‍ර ශිල්පීන් 12 දෙනෙකු දැනට සාමාජිකයන් ලෙස කණ්ඩායමේ සිටින බව සම පුරෝගාමී හා භාරකරු ලෙස කටයුතු කරන සුනිල් කටුගම්පොල පවසයි.

රිචඩ් ගේබ්රියල්, ජස්ටින් දැරණියගල හා ජෝර්ජ් කීට් වැනි සුප්‍රකට චිත්‍ර ශිල්පීන්ගෙන් සමන්විත වූ 43 කණ්ඩායම සම්භාව්‍ය ශෛලියට වෙනස් මඟකට අවතීර්ණ වී ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකට ආවේණික නූතන චිත්‍ර කලාවක් ස්ථාපනය කරන ලදී. එමෙන්ම මේ කණ්ඩායමද මෙරට චිත්‍ර කලාව නව නැම්මක් කරා ගෙන යන්නට කටයුතු කරයි. වර්තමානයේදී නිරූපණ කලාව සඳහා ලුහුබැඳයාමකට දැල්වීමක් අවශ්‍ය බව ඔවුන්ගේ විශ්වාසය වන අතර එම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කණ්ඩායම සූදානම්ය.

මේ කණ්ඩායමේ විශේෂිත අරමුණු අතර නිරූපණ කලාව සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රශස්ත ප්‍රතිපත්ති මාලාව අනුගමනය කිරීමට අනුගතවීම මුල් තැනක් ගනී.

ඒ තුළින් ශ්‍රී ලංකාවේ මේ ශිල්පීය කලාවට ඇති ප්‍රමිතිය නැංවීම හරහා ජාත්‍යන්තරව පිළිගැනීමක් හා ප්‍රත්‍යාඥානයක් ලබාගැනීම, ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර චිත්‍ර සංසදවල සහභාගිත්වය තුළින් ශ්‍රී ලංකාව ප්‍රබල සාමාජිකයෙක් හා අපේක්‍ෂකයෙක් වීමට අවස්ථාව සැලැස්වීමද මේ අරමුණු අතර වේ. මෙම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා කණ්ඩායමට ජාතික චිත‍්‍ර ශිල්පීන් සහභාගි කර ගැනීම සඳහා සංවිධානය වීම හා පහසුකම් සැපයීම සඳහා චිත්‍ර ප්‍රදර්ශන, වැඩමුළු, ජාත්‍යන්තර චිත්‍ර කලා පොළවල්, තරග, චිත්‍ර වෙන්දේසි පැවැත්වීමට කණ්ඩායම අපේක්ෂා කරයි.

එමෙන්ම චිත්‍ර ශිල්පීන් හුවමාරු වැඩ පිළිවෙළක් පැවැත්වීමත් ජාත්‍යන්තර කෞතුකාගාරවල හා චිත්‍ර එකතුවලට චිත්‍ර එක් කිරීමත්, ජාත්‍යන්තර චිත්‍ර සඟරාවල පළකිරීම හා චිත‍්‍ර Online ක්‍රමයට විකිණීම ප්‍රධාන චිත්‍ර සංගම්වල අනන්‍යතා සාමාජිකත්වය ලබාගැනීම කණ්ඩායමේ අරමුණු අතර වේ.

කණ්ඩායම විසින් වසරක සැලැස්මක් සකසා ඇති අතර ඔවුන් ක්‍රියාකාරී ලෙස එම ඉලක්කය සපුරා ගැනීමට නිසි පිළිවෙළකට ව්‍යූහගත සංවිධානාත්මක එළඹීමකට අවතීර්ණ වීමට කටයුතු කර ඇත. එම අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුග්‍රහකයන් හා උදවුකරුවන් ආකර්ශනය කර ගැනීමටද කණ්ඩායම බලාපොරොත්තු වෙයි.

ඉදිරි වැඩ පිළිවෙළ ගැන පැහැදිලි කළ බ්‍රින්ලි ජයතුංග කියා සිටියේ ශ්‍රී ලාංකීය චිත්‍ර ශිල්පීන්ගේ නිරූපණ හා ප්‍රතිනිරූපණ ශෛලීන් ප්‍රදර්ශනය කිරීම සඳහා විධිමත් කලාගාරයක අවශ්‍යතාවය පවතින බවය. එවැනි ස්ථානයක් චිත්‍ර කලාව සම්බන්ධ විවිධ සාකච්ඡා හා කතිකා සිදුවීමකට මඟ පාදන අතර කෞතුකාගාර චාරිකාවල සිදුවන්නා සේ ශිෂ්‍යයන් හට විවිධ කලා ආකාර දැක හැදෑරීමකට මඟ පෑදෙන බවය. චිත්‍ර කලාව පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනා හට අවස්ථාවක් සලසන, ප්‍රසිද්ධ කතිකා ජාතික හා ජාත්‍යන්තර චිත්‍ර ශිල්පීන් හරහා ලබාදිය හැක.

මෙම ව්‍යාපාරය නවක චිත්‍ර ශිල්පීන් දැනුවත් කර පෙලඹවීමකට යොදන ව්‍යාපාරයකට මෙය වේදිකාවක් කරගත හැකි හා ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව විශේෂ උනන්දුවක් ඕනෑකමක් සහිතව උදව් කරන ශ්‍රී ලාංකීය කලා ලෝලීන්ගේ ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වනු ඇත. මීට අමතරව 2020 කණ්ඩායම සමඟ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට අමතරව සියලූ චිත්‍ර ශිල්පීන්ට සාකච්ඡා ජාලයක් හා චිත්‍රකරණය කිරීමට එක් රැස් වන තවත් සංවිධානාත්මක ස්ථාන බිහිවීමට ඉවහල් වනු ඇත.

නිරූපණාත්මක කලාවේ යෙදෙන ලාංකීය චිත්‍ර ශිල්පීන් අනුප්‍රනය කිරීමට හා ඒ සඳහා අභිලාෂයෙන් පසුවන චිත්‍ර ශිල්පීන් ඒ සඳහා යොමු කිරීමටත් ඔවුන්ගේ උත්සාහයන් සඳහා අවැසි දිරිගැන්වීම් හා අගය තුළින් සුරක්‍ෂිත කිරීම සඳහා අධ්‍යාපනය හරහා ලබාදිය හැකි බව වෛද්‍ය ශානක කුලතුංග අවධාරණය කර සිටී.

මෙම කරුණ අරඹයා කණ්ඩායම චිත්‍ර ශිල්පීන්ට අවශ්‍ය චිත‍්‍රකරණයට අදාළ විශේෂිත කරුණු වැඩමුළු හා පාඨමාලා තුළින් ආවරණය කරමින් විවිධ මාධ්‍ය තුළින් විවිධ ශෛලීන් හා චිත‍්‍ර වර්ග පිළිබඳව අවශ්‍ය ස්ථිරසාර පදනමක් සකසාදීමට ඔවුන් බලාපොරොත්තු වේ.

කණ්ඩායමේ අවධානය පිළිසකර කිරීම හා සංරක්‍ෂණයට යොමුව ඇති බවත් එම ක්‍රියාදාමය ඒ සඳහා විශේෂිත තාක්‍ෂණ දැනුමක් ඇති ඉහළ පුහුණුවක් ලද වෘත්තිකයන් විසින් කණ්ඩායමට පරිබාහිරව කළ යුතු කාර්යයක් බව පවසා සිටි සුනිල් කටුගම්පොල පවසා සිටින්නේ කීර්තිමත්, ආදි ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පීන්ගේ ගෞරවාන්විතව කලා කෘතිවලට ආරක්‍ෂාව සැලසීම ඔවුන්ගේ අපේක්‍ෂාව බවයි.

2020 කණ්ඩායම ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන්ගේ කලා ආකෘති නැවත පිරික්සීමකට මඟ පෙන්වන අතර තරුණ චිත්‍ර ශිල්පීන්ට පුළුල් පරාසයක් සහිත චිත්‍ර ශෛලීන් එකතුවක් පිළිබඳව කරන ගවේෂණ වෙළඳ හෝ වාණිජ පදනමක නොව එම චිත්‍ර නිර්මාණයේදී අනුගමනය කරන ලද දැඩි උද්‍යෝගය, ආශාව, නිපුණතා හා කුසලතාවයන් පදනමකින් කිරීමට දිරි ගැන්වීමක් බව පෙනේ. ඔවුන්ගේ එම කාර්යය සාර්ථක විය යුත්තේ එය මෙරට පමණක් නොව ලෝකයේම පින්සල හසුරුවන්නන්ට කරනු ලබන මහත්ම වූ සේවාවක් නිසාය.

 

Comments