
තවත් සිංහල හින්දු අලුත් අවුරුද්දක උණුසුමේ නිමාවට අප පැමිණ ඇත. අවුරුදු නැකැත් සමඟ මෙවරත් කැවිලි පෙවිලිවලටත් අවුරුදු චාරිත්‍රවලටත් මුල්තැනක් හිමි විය. මෙවර අලුත් අවුරුද්දට දේශීය සළුපිළිවලින් සැරසෙන ලෙස විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි. අත්යන්ත්‍ර හෝ බතික් සරමකින්, කමිසයකින්, සාරියකින් සැරසීමටද ඇමැතිවරයා ආරාධනා කළේය.
ජාතික නිදහස් අරගලය සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ලවූවේ ඉන්දියාවෙනි. එවක එම අරගලය ඉන්දියාවට පමණක් නොව ලංකාවටද බලපෑවේය. ඉන්දියාවේ ජාතික නිදහස් අරගලය අවුළුවාලූ ගිනි පුපුර වූයේ මහත්මා ගාන්ධිය. ඒ සඳහා ගාන්ධි අනුගමනය කළේ අවිහිංසාවාදයයි. ඒ අතරම තවත් ප්‍රධාන තැනක් ගත් සටන් ක්‍රමයක් වූවේ විජාතික නිෂ්පාදන පිටුදැකීමය. ගාන්ධි එය ඇඳුමෙන් ආරම්භ කළේය. තමන්ගේ ඇඳුම තමන්ම පිළියෙල කරගැනීමට ගාන්ධි එමඟින් භාරත ජනතාව හුරු කළේය. ඒ උත්සාහය ඔහු හිතුවාටත් වඩා සාර්ථක විය. අදටත් ඉන්දියාවේ මේ ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මහත්මා ගාන්ධිගේ මේ ජාතික නිදහස් චින්තනයෙන් පණ පෙවුණු නායකයන් ලංකාවෙත් සිටියහ. එහි මූලිකයා ලෙස එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් හැඳින්විය හැකිය. ස්වයංපෝෂිත ලංකාවක් යන චින්තනය මේ රටේ සමාජගත කිරීමට සැබෑ වුවමනාවක් ඔහු සතු විය.‘‘අපේ ඇඳුම් අපිම තනා ගනිමු. අපේ ආහාර අපිම වවා ගනිමු‘‘ බණ්ඩාරනායක චින්තනයේ පොදු හරය විය. ඔහු ගමින් ගමට ගොස් ‘‘චරකය හා ගොයම් කෙත‘‘ පොත් පිංච මඟින් ජනතාව දැනුම්වත් කළේය. ඒ අනුව අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය වැඩිදියුණු විය.
ගමින් ගම ග්‍රාම සංවර්ධන ප්‍රතිසංස්කරණ සංගම් ආරම්භ විය. ඒවා ඒකරාශි කොට සමස්ත ලංකා ග්‍රාම සංවර්ධන ප්‍රතිසංස්කරණ සම්මේලනය පිහිටුවිය. බණ්ඩාරනායක අගමැතිවරයා එම සම්මේලනයට ඉදිරිපත් කළ ලියවිල්ල වූයේ ‘‘ගම්බද ගෙදරක චරකය සතු තැන‘‘ යන්නය. කපු වවා, කපු කැට රෙදි වියාගැනීමටත්, ආහාර බෝග වගාකර ගැනීමටත් දේශීය කර්මාන්ත වැඩි දියුණු කිරීමටත් ජනතාව පෙලඹවීය.
1977 න් පසු මේ රටේ ඇතිවූ විවෘත ආර්ථිකයත් සමඟින් දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය පරිහානියට පත් විය. සියල්ල ආනයනය කෙරිණි. ලාංකික ජනතාව මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගික පිරිසක් වූහ. ඔවුහු නිෂ්පාදන කාර්යයෙන් ඈත් වූහ.1977 ට පෙර බොහෝ නිවෙස්වල රෙදි නිෂ්පාදනයට අත්යන්ත්‍ර විය. ඔවුහු දේශීය නිෂ්පාදන භාවිත කළහ. නමුත් වර්තමානයේ ගෘහ කර්මාන්තයක් ලෙස අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය සීමිතය. පෞද්ගලික අංශය මඟින් අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය කළත් ඒවා අපනයනය කෙරෙන අතර, දේශීය වශයෙන් භාවිත කෙරෙන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. රාජ්‍ය අංශයෙන් පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තු යටතේ මේ වනවිට මෙම කර්මාන්තය පවත්වාගෙන යයි.
සබරගමුවේ දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය පුබුදුවාලීම සඳහා ‘‘සබරගමු අත්සළු‘‘ නිෂ්පාදන මධ්‍යස්ථාන හා අලෙවි මධ්‍යස්ථාන රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.“වියමන් දෑතට අභිමන්“ නමින් ඔවුහු වාර්ෂිකව මෙම කර්මාන්තයේ නියැළෙන්නන් ඇගයීමටද පියවර ගෙන ඇත. මේ පිළිබඳව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ නර්මදා එගොඩගෙදර ගෙන් අප විමසුවෙමු.
‘‘කෑගල්ල දිස්ත්‍රික්කයේ පේෂකර්ම ආයතන තිස් පහක් හා රත්නපුර දිස්ත්‍රික්කයේ තිස් දෙකක් වශයෙන් සබරගමුව පළාතේ පේෂකර්මාන්ත ආයතන හැට හතක් තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පේෂකර්ම අලෙවිසැල් අටක්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ හතක්ද වශයෙන් අලෙවිසැල් පහළොවක් තිබෙනවා. මෙම ආයතනවල සාරි, සරොම්, කමිස, තුවා, ඇඳ රෙදි, ලුංගි, මේස රෙදි, කොට්ට උර, තිර රෙදි නිෂ්පාදනය කෙරෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ කාර්මිකාවන් එකසිය අනුපහක් සහ රත්නපුර දිස්ත්‍රික්යේ කාර්මිකාවන් එකසිය හතළිහක් මේ වනවිට සිටිනවා. කෑගල්ලේ දෙසිය විස්සක් හා රත්නපුර එකසිය පනස් අටක් වශයෙන් රෙදි විවීමේ යන්ත්‍ර තිබෙනවා.‘‘
දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි ලෙස සාරි, සරොම්, කමිස ආදී විවිධ ඇඳුම් වර්ග ඇතත් ඒවායෙහි මිල තරමක් අධික බවට පාරිභෝගිකයන් නිතර මැසිවිලි නඟති. ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂවරිය පවසන්නේ මෙබන්දකි.
අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදනය සඳහා අවශ්‍ය නූල් පිටරටින් මෙරටට ගෙන්වන්නේ පෞද්ගලික අංශය මඟින්. ඒ පෞද්ගලික අංශයේ ඒකාධිකාරිය නිසයි; රෙදිපිළිවල මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට අපහසුතාවක් ඇතිව තිබෙන්නේ. අපි මේ පිළිබඳව මේ වනවිට අදාළ අංශ දැනුවත් කළා. සළුසල මඟින් හෝ නූල් ගෙනැවිත් බෙදාහැරීමේ වැඩපිළිවෙලක් සකස්කරන ලෙසට අපි රජයට යෝජනා කර තිබෙනවා. රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් නූල් සහ අවශ්‍ය වෙනත් රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා දිය හැකිනම් නිෂ්පාදන මිල තවදුරටත් අඩුකරගත හැකියි.‘‘
පසුගිය රජයයන් යටතේ ද මෙම කර්මාන්තය දියුණු කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුව ද, මෙම කර්මාන්තයේ නියැළීමට විශාල පිරිසක් ඉදිරිපත් නොවීමද ගැටලුවකි. රූපලාවණ්‍ය ශිල්පිනියන් හා මෝස්තර නිර්මාණ ශිල්පිනියන් ලෙස කාන්තා ව්‍යවසායිකාවන් බිහිවුවද අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදනයට යොමුවන කාන්තාවන් පිරිස ඉතා අල්පය. අප ඒ පිළිබඳවද ඇගෙන් විමසුවෙමු.
‘‘මෙම කර්මාන්තයේ නියැළීම සම්බන්ධයෙන් සමහරකුට යම් ආකල්පමය ගැටලු තිබෙනවා විය හැකියි. නමුත් උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් දිනකට අත්යන්ත්‍රයක් මඟින් සාරියක් සම්පූර්ණයෙන්ම වියා නිමකරන්න වුණත් පුළුවන්. අපි ළඟ එලෙස වැඩකරන අය සිටිනවා. එවැනි තැනැත්තියකගේ දෛනික ආදායම රුපියල් එක්දහස් තුන්සියයක් පමණ වෙනවා. රත්නපුර හා කෑගල්ල පේෂකර්ම ආයතනවල පේෂ කර්මාන්ත ශිල්පය පිළිබඳ මාස හයක පාඨමාලාවක් පැවැත්වෙනවා. එය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව උනන්දුවක් ඇති අයට මේ සඳහා සම්බන්ධ විය හැකියි. සබරගමුව පළාත තුළ වසා දමා ඇති පාසල්වල එක් ගම්මානයකින් අවම වශයෙන් පවුල් ඒකක දහය බැගින් තෝරාගෙන පළාත් පේෂකර්ම ගම්මාන හතරක්වත් මේ වසර තුළ ඇතිකිරීමට අපි අදහස් කර තිබෙනවා.‘‘
රජය අත්යන්ත්‍ර රෙදිපිළි හෝ බතික් ඇඳුම් අඳින ලෙස පැවසුවත් පේෂකර්ම අලෙවි මධ්‍යස්ථාන හැමතැනම නැත. පෞද්ගලික රෙදිපිළි අලෙවිසැල්වලින් මෙම රෙදිපිළි මිලදී ගත්තත් ඒවායේ ගුණාත්මක බව සම්බන්ධයෙන්ද ගැටලු මතු වේ. මේ ඒ පිළිබඳ පළාත් අධ්‍යක්ෂවරිය දැක්වූ අදහස්ය.
‘‘පේෂකර්ම අලෙවි මධ්‍යස්ථානවලින් හෝ අපගේ ජංගම රථවලින් මෙම රෙදිපිළි මිලදී ගත හැකියි. සමාජ මාධ්‍ය ජාලා මඟින්ද අපි අපගේ නිෂ්පාදන පිළිබඳව පාරිභෝගික ජනතාව දැනුම්වත් කරනවා. පසුගිය වසරේ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ අපෙත් අලෙවිය අඩු වුණා. අපි හැමවිටම නිෂ්පාදනය කරන්නේ නියම උස, නියම දිග හා වර්ග අඟලකට අඩංගු විය යුතු නූල් ප්‍රමාණය නිවැරදිව යොදමින්. එමෙන්ම අප සම්පූර්ණයෙන්ම භාවිත කරන්නේ කපු නූල් පමණයි. සමහරු අත්යන්ත්‍ර රෙදි කපූ නූල් පමණක් යොදාගෙන නිෂ්පාදනය කරන්නේ නැහැ. ආයතනවල කාර්ය මණ්ඩල සඳහා පහසු ගෙවීමේ ක්‍රමයක්ද අප හඳුන්වාදී තිබෙනවා.‘‘
සබරගමුව අත්සළු නිපදවන්නන් පළාත් සහ ජාතික තරගවලදී විවධ ජයග්‍රහණ ලබා ඇත. ජාතික පේෂකර්මාන්ත තරගාවලියේ 2015 වසරේදී ප්‍රථම ස්ථාන එකක් සමඟ ජයග්‍රහණ 03 ක්ද, 2016 වසරේදී ප්‍රථම ස්ථාන එකක් සමඟ ජයග්‍රහණ හතක්ද, පසුගිය 2019 වසරේදී ප්‍රථම ස්ථාන එකක් සමඟ සමස්ත ජයග්‍රහණ 14ක්ද ඔවුහු දිනාගෙන ඇත. වසරක් තුළ පේෂකර්ම ආයතන හතර බැගින් ඇතිකිරීමටත්, බලවේග යන්ත්‍ර, වයින්ඩින් යන්ත්‍ර, වෝප් යන්ත්‍ර හඳුන්වා දෙමින් මේ කාර්මිකයන් සඳහා පහසුකම් රැසක් සැලසීමටත් සබරගමුව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබේ.
කෑගල්ල, නිල්වක්ක පදිංචි එම්. රත්නකුමාරි වසර දහයක පමණ සිට නිල්වක්ක පේෂකර්ම ගම්මාන වැඩසටහන හරහා මෙම ක්ෂේත්‍රයට එක්වූ තැනැත්තියකි. තම නිවසේ සිට අත්යන්ත්‍ර රෙදි නිෂ්පාදනය කරන ඇය මේ වනවිට මුහුණ දෙන ගැටලු මෙසේ පැවසුවාය.
‘‘පේෂකර්ම ගම්මාන වැඩසටහන යටතේ මට මේ මැෂින් එකයි අවශ්‍ය නූල් ප්‍රමාණයකුයි ලැබුණා. රෙදි වියන්න පුහුණුවකුත් ලබාදුන්නා. ගෙදර එදිනෙදා වැඩකටයුතුවල යෙදෙන අතරෙම මම රෙදි විවීම කරනවා. දවස් පහකින් විතර මට සාරියක් වියා නිමකරන්න පුළුවන්. සාරියකින් රුපියල් දෙදහස් පන්සියයක් විතර තියෙනවා. සාරියකට මීටර් හයක් වියන්න ඕනෑ. මමත් එක්ක පුහුණුව ලැබූ තවත් එක්කෙනෙක් මේ ළඟ නිවසක සිටිනවා. එයාට මැෂින් එකක් ලැබුණත් ඒක තියාගන්න තැනක් නැහැ. ගෙයක් හදාගන්න එයා උදවු ඉල්ලනවා. නූල් ලබාගැනීමටත්, රෙදි විකුණා ගැනීමටත් අපිට උදවු කරනවා නම් හොඳයි.‘‘
මෙම ගැටලුව ද අපි පළාත් අධ්‍යක්ෂවරිය වෙත ඉදිරිපත් කළෙමු. ඒ පිළිබඳව ඇය පවසන්නේ මෙබන්දකි.
‘‘නිල්වක්ක පේෂකර්ම ගම්මානය ආරම්භ කර තිබෙන්නේ කෑගල්ල නගරයට ඉතා ආසන්නයේ. ඒ අය රෙදිවිවීමට යොමු නොවී වෙනත් රැකියාවලට යනවා. තවත් අය කීප දෙනෙක් නිවෙස්වල සිට රෙදි වියනවා. දෙතුන් දෙනකු වෙනුවෙන් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විගණන විමසුම් ඇතිවෙනවා. මේවනතුරු කවුරුවත් අපෙන් මැෂින් තියාගන්න ස්ථානයක් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කර නැහැ. එහෙම ඉල්ලීමක් තිබෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න අපට පුළුවන්.‘‘
ඇයට සමුදීමට පෙර අවසාන වශයෙන් අප පේෂ කර්මාන්ත නිෂ්පාදනය හා අලෙවිය පිළිබඳවද පළාත් අධ්‍යක්ෂවරිය විමසුවෙමු.
2019 වර්ෂයේදී රුපියල් මිලියන 475කට අධික අලෙවියක් සිදුකිරීමට අපට හැකිවුණා. පසුගිය වසරේ කොවිඩ් අවදානම මැද වුවත් අපි මිලියන 313 ක පමණ අලෙවියක් සිදුකර තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම අවම වීම මත අපගේ නිෂ්පාදන අලෙවිය පහත වැටුණා. මේ වනවිට අප ජංගම අලෙවියට වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලා මඟින් ලබා දුන් ප්‍රචාරය මත අමතර ඇණවුම් ප්‍රමාණයක් අපට ලබාගැනීමටද හැකි වුණා. මේ වනවිටත් සමස්ත දිවයිනේම විවිධ ප්‍රදේශවලින් අපට ඇණවුම් ලැබෙමින් පවතිනවා. රජයේ අරමුණ දේශීය නිෂ්පාදන යළි නඟා සිටුවීමටයි. පාරිභෝගිකයන්ට තමන් වැයකරන මුදලට සරිලන ගුණාත්මක නිෂ්පාදන එළිදැක්වීමට සබරගමු අත්සළු නිරන්තරයෙන් සූදානම්.“