
මේෂ - වෘෂභ - කටක - සිංහ - කන්‍යා වෘෂ්චික - මකර - කුම්භ - මීන - ලග්නවලට ඉතා සුබ පල
මිථුන - තුලා - ධනු - ලග්නවලට මධ්‍ය පල
ප්‍රබල සහ දුබල ග්‍රහයන් සතර දෙනකු චතුර්යෝගව එකම රාශියේ
සතුට මෙන් ම සැලකිල්ල ද දැක්විය යුතු කාලයක්
ග්‍රහලොව සුකුමළිය - සුරතලිය හෙවත් රූමතිය සිය ස්වක්ෂේත්ර රාශිය වන වෘෂභ රාශියට පැමිණෙන්නීය. ඒ 2121 මැයි මස 04 වැනිදා දහවල් 01.27 ට පමණය. මෙතෙක් මේෂ රාශිගතව සිටි සිකුරු තම බලය තේජස පතුරවමින් සිය වාස භවනට පැමිණෙමින් රටට ජනතාවට ගෙන එන සුබවාදී ආකල්පමය වෙනස සතුටුදායක වෙයි. වීනස් දෙව්දුව වශයෙන් ද විටෙක ලක්ෂ්මිය වශයෙන් ද හඳුන්වා තිබෙන සිකුරු මෙසේ බලවත් වීම විශේෂයෙන් කලාවට සෞන්දර්යයට නිර්මාණකරණයට මෙන් ම කාන්තා පරපුරට ද සුබවාදී වෙයි.
මේ අතරම මැයි මස 01 දින සිට අලුයම 05.42 ට බුධ ග්‍රහයා ද සිය සුබ රාශියක් වන වෘෂභයට පැමිණීම තව තවත් සතුටු විය හැක්කේ රන් රස හා සමානව බුධ සිකුරුගේ සංයෝගය කේන්ද්‍රවල දක්නා ලැබෙන නිසා ය. බුධ ඥානකාරක ග්‍රහයාය. සිකුරු සෞන්දර්යවාදී ග්‍රහයා සමඟ සුහද සංයෝගවීම අප රටට ජනතාව ගෙන එන සතුට බුද්ධිගෝචර වනු ඇත.
මේ තත්ත්වයට පෙර නිමිත්තක් ලෙස පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේ අප රටේ ජනතාව පක්ෂ පාට භේද නොතකා විවිධ විහාරස්ථාන විවිධ සෞන්දර්යාත්මක ස්ථාන කේන්ද්‍රකොට ගනිමින් සතුටු වුව වෙන කිසිදු අවුරුදු සමයක නොතිබූ තරම් සතුටක් නිදහසක් භුක්ති විඳින අයුරු අපි දුටුවෙමු. ඒ සඳහා කදිම නිදසුනක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම් ඉහළ යෑම නුවරඑළිය හා එබඳු සෞන්දර්යාත්මක පොදු ස්ථාන ජනතාවගෙන් පිරී ඉතිරී යෑම අනුරාධපුරය - කැලණිය කතරගම - ශ්‍රීපාදස්ථානය ආදී පුණ්‍ය භූමි ද අතුරු සිදුරු නැති තරමටම ජනතාවගෙන් පිරී ඉතිරී යනු මාධ්‍ය මඟින් අපි දුටුවෙමු.
ඒ තත්ත්වය මේ සතුට නිදහස ජනතා සංසරණය මේ ග්‍රහ සංයෝගයත් සමඟම වැඩිවන බවක් අපිට ඉදිරියේදීද දකින්නට පුළුවන. සිකුරු - බුධ - ගුරු ආදී සුබ ග්‍රහයන් පීඩිතව නීචව හා අසුබව හැසිරුණු අවදිය පිළිබඳ එනම් පසුගිය සිංහල අලුත් අවුරුදු සමය පිළිබඳව හා ඒ අපූරු කාල පරිච්ඡේදය පිළිබඳව අපට අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. විවිධ බල සහිත ග්‍රහ සමූහයක් සංයෝගව එකම දෙසට පැමිණෙන මෙම මැයි මාසය පිළිබඳ අප සතුටු විය යුතුවා මෙන් ම ඉතා සැලකිලිමත් විය යුතු ය. ඊට හේතුවක් තිබේ.
එනම්, මේ ග්‍රහ සංයෝගය අතරට රවි ග්‍රහයා ද 2021 මැයි 14 දින සතුරු වෙසින් වෘෂභ රාශිගත වන අතර රාහු ග්‍රහයා ද ඒ සංයෝගයේ විරාජමාන වන නිසා ය. එවිට බුධ - සිකුරු සොඳුරු සුකොමළ ග්‍රහයන් අතර නීච රවි හා දුෂ්ට රාහු ද සිටින නිසාය. මේ ග්‍රහ සංයෝගය සුබ මෙන් ම අසුබ ද ගෙන දීමට සමත් වෙයි.
ඒ අනුව සතුට නිදහස වුව ද නොසැලකිලිමත්ව අත්විඳීම සුබ නොවන බවයි. අප මේ වසංගත කාල සීමාවේ ලබන නිදහස සතුට වුව ද සුපරීක්ෂාකාරීව සෞඛ්‍ය නීති රීති අනුගමනය නොකර හැසිරෙනවා නම් යළි අපට අප රටට ජනතාවට රෝගයේ අනිටු විපාක භුක්ති විඳීමට සිදුවන බව නම් කිව යුතු ය. ඒ නිසා කොයිදේත් සීමාවකට යටත්ව බුද්ධිමත්ව අන්‍යයන්ට අවහිරයක් අතවරයක් නොවන්නට මේ සතුට නිදහස භුක්ති විඳිතොත් ඉදිරිය පැහැබර බව කිව යුතුව තිබේ.
ලෝකයම අඳුරින් වෙළාගෙන තිබෙන මොහොතක අප රටට පමණක් සහන් එළියක් දැල්වී තිබෙන අවස්ථාවක ඔබ අප කවුරුත් සැලකිලිමත් වෙමු. උනන්දු වෙමු. සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමු. එළඹෙන වෙසක් සමයේ ඒ බව අපට අමතකවන්නට ඉඩ තිබෙන නිසාය.
මා එසේ කීවේ එදා සිංහල අලුත් අවුරුද්දේ හැසිරුණු ආකාරයටම එකට රොක්වී එකට එක්වී දන්සල් දෙමින් විහාරස්ථානවලට යමින් වෙසක් සැරසිලි නැරඹීමට යමින් නොසැලකිලි ලෙස ක්‍රියා කළොත් සතුට සමඟ අසතුට ද අපට භුක්ති විඳීමට සිදුවන බව නම් අමතක නොකරමු. කෙසේ හෝ මේ ඓතිහාසික වෙසක් මාසය ඔබ අපට ග්‍රහ තත්ත්වය අනුව කෙසේ වේ දැයි සලකා බලමු. ඒ අනුව මේෂ - වෘෂභ - කටක - සිංහ - කන්‍යා - වෘෂ්චික - මකර - කුම්භ - මීන යන ලග්නවලට ඉතා සුබ පල ද මිථුන - තුලා - ධනු ලග්නවලට මධ්‍ය පල ද උදාවන බව පෙනේ.
මේෂ- හදිසි ධන ලාභ
මේෂ ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ධන සම්පත් අතින් ඉතා සුබවෙයි. හදිසි ධන ලාභ ලොතරැයි ජය, තරග ක්‍රීඩා ජය පෙනෙන්නට තිබේ. රැකියා ස්ථානගත ගැටලු ඒමට පුළුවන. උපරිම සතුට භුක්ති විඳීමට යෑමේදී රැකියා කටයුතුවලට බාධා ඒම සුබවාදී නොවේ. නව ගෘහ ජීවිතය කාර්ය බහුල වන අතර දුර ගමන් බිමන් යෙදේ. තම අනාගත අභිවෘද්ධිය උදෙසා ක්‍රියාමාර්ග රැසක් ගන්නවා ඇත. ශරීර සෞඛ්‍ය අතින් තුනටියේ ආපදා දණ හිසේ ආපදා පෙන්වන නිසා බොහෝ කල්පනාකාරී වන්න.
වෘෂභ - ආගමික කටයුතුවලට නැඹුරුවක්
වෘෂභ ලග්නයට අනුව ඔබට ඉදිරි කාලය ඉතාම සුබයි. නව අදහස් ක්‍රියාවට නැංවීම නිර්මාණශීලී බව මතුවීම ආගමික කටයුතු කෙරේ වැඩි නැඹුරුවක් ඇතිවීම දක්නට ලැබේ. සිතේ තදබල වේදනාවක් ඒමට පුළුවන. ඒ තම කාලය කාර්යය බහුලවීම නිසාවෙනි. කෙසේ නමුදු රැකියා යහපත අභිවෘද්ධිය උදාවේ තම රැකියාගත උසස්වීම් පෙන්වනු ඇත. අධ්‍යාපනය හදාරන දූ පුතුනට සිය අභිමථාර්ථ ඉටුවේ. ගෘහ ජීවිතයේ විවිධ ජයග්‍රහණ උදාවන අතර ශරීර සෞඛ්‍ය අතින් සැලකිලිමත් විය යුතු වන්නේ ශරීරයේ වියළි ගති මතු කරන නිසා ය.
මිථුන - රැකියා ස්ථානගත අභිවෘද්ධිය
මිථුන ලග්නයට අනුව මෙම වකවානුව ඔබට පිටරටකට යෑමට හැකිවන ලකුණු පෙනේ. වියදම් මට්ටම ඉහළ යයි. වාහන ලාභ හා නිවාස ඉඩම් ලාභ පෙන්වුව ද නීති ගැටලු මතු කිරීම තුළ ඒ හා ආශ්රිත කාර්යය බහුල බව හා ඉතා වෙහෙසකාරී බව දැනේ. රැකියා ස්ථානගත අභිවෘද්ධිය උදාවේ. අධ්‍යාපනය හදාරන දූ පුතුන්ට ඉතා බුද්ධිමත් ලෙස එම කටයුතු නිමාකර ගැනීමට හැකිවේ. ගෘහ ජීවිතය තුළ යම් යම් බාධක කම්කටොලු එළඹෙනු ඇත. ශරීර සෞඛ්‍යය අතින් සැලකිලිමත් විය යුතුය. වකුගඩු ආශ්රිත ආබාධ පවතින අය සුපරීක්ෂාකාරී විය යුතුය.
කටක- ආර්ථික ප්රතිලාභ රැසක්
කටක ලග්නයට අනුව ඉදිරි කාලය ඔබට ඉතා යහපත් ආර්ථික ප්රතිලාභ හිමිවේ. වියදම සීමාකර ගතහොත් ලැබෙන දෙයින් උපරිම ඵල උදාකරගත හැක.
රැකියාවේ ස්ථාන මාරු හා සතුරු කරදර උදාවිය හැකි නමුත් බුද්ධිමත්ව ඒවාට මුහුණදීමට හැකිවේ. ගෘහ ජීවිතයේ තමාට ලැබිය යුතු ප්රතිලාභ අතර ගෘහ අලංකාරය නව නිවසක පදිංචිය තහවුරු වෙයි.
විවාහ සහකරු හෝ සහකාරිය කිසියම් බාහිර කටයුත්තක් නිසා අඹු සැමියන් අතර ගැටලු මතු කෙරේ. කුස උෂ්ණගති මතු කෙරේ. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න.
සිංහ - ප්‍රධානීන්ගේ ප්‍රසාදය
සිංහ ලග්නයට අනුව ඔබට ඉදිරි කාලය ඉතා සුබයි. රැකියා ස්ථානයේ යහපත ආර්ථික ප්රතිලාභ වැඩි වන බවක් දක්නට ලැබේ. තම අනාගත සැලසුම් කීපයක් ප්‍රධානීන්ගේ සැලකිල්ලට භාජනය වීම තුළ සතුටුදායක ප්රතිලාභ ලැබේ. එබඳු පුද්ගලයන්ගේ ප්‍රසාදයට ලක්වේ. ගෘහ ජීවිතය එතරම් ගැටලු සහගත නොවන අතර තමා ඉල්ලුම්කර තිබූ ණය මුදලක් හිමිවන ලකුණු පෙනේ. අධ්‍යාපනය හදාරන දරුවන්ට කටයුතු බහුලවේ. ශරීර සෞඛ්‍යය අතින් ද එතරම් බිය විය යුතු නැතත් පපුවේ වියළි ගති මතු වීමට පුළුවන. රාත්‍රී, කාලයේ ගමන් අවම කරන්න.
කන්‍යා- මවු පාර්ශ්වයෙන් ලැබීම්
කන්‍යා ලග්නයට අනුව ඔබගේ ඉදිරි කාලය ඉතා සුබයි. මවු පාර්ශ්වයෙන් ලැබීම් ඇත. පිටරටක සිට පැමිණි අයකුගෙන් මූල්‍යමය ආධාර ලැබේ. පෙර පින් මහිමය මතු කෙරෙනු ඇත. තම දූ දරුවන්ගේ කටයුතු නිසා කාලය කාර්ය බහුල වෙයි. රැකියා ස්ථානයේ උසස්වීම්, ස්ථාන මාරු ඇති කෙරේ. කලක් බලාපොරොත්තුව සිටි දේපළ හා හිමිකම් උදාකෙරේ. යුග දිවියේ පැවැති බාධක ඉවත්වේ. පිය පාර්ශ්වයේ ඥාතියකුට සිදුවන කනගාටුදායක තත්ත්වයන් නිසා මුදල් හා ශ්‍රමය කැප කිරීමට සිදුවේ. උරහිසට අගුණයි. සමබර නොවන අයුරින් බර ඉසිලීම් සුබ නැත.
තුලා- වියදම් අධික වේ
තුලා ලග්නයට අනුව මෙම වකවානුව ඔබට යම් යම් ගැටලු කීපයකට මුහුණදීමට සිදුවෙයි. ආර්ථික ලැබීම් අවම කරන අතර වියදම් අධික වෙයි. තමාගේ නොසැලකිල්ල නිසා තම ආර්ථික ප්‍රතිලාභයක් මග හැරෙනු ඇත. ව්‍යාපාර අංශයේ කටයුතු කරන අයට සුබයි. නිතරම සිතට වද දෙන කරුණක් උද්ගතවීමට පුළුවන. ආදරය, ආලය වැනි කටයුතු කෙරෙන් පරාජයට පත්වනු ඇත. තම දේපළවලට නීති ගැටලු මතුකෙරේ. ඉගෙන ගන්නා දූ පුතුන්ට බාධක පැමිණේ. නමුත් ශරීර සෞඛ්‍යය අතින් එතරම් අසුබ නොවුව ද සැර උෂ්ණ ආහාර පාන අවම කළ යුතු වෙයි.
වෘෂ්චික- යුග දිවියේ අරුණලු නැඟේ
වෘෂ්චික ලග්නයට අනුව ඉදිරි කාලය ඔබට ඉතා සුබයි. ආර්ථික ලැබීම් මෙන් ම තම ජීවිතයේ සතුට සොම්නස මතු කෙරේ. අවිවාහක අයට මංගල යෝග ද විවාහක අයට තිබූ යුග දිවි ගැටලු අවම වන ලකුණු පළ කෙරේ. රැකියා ස්ථානගත යහපත, ප්‍රධානීන්ගේ පිළිගැනීමට ලක්වීම පැවැති සතුරු බාධක ඉවත්වීම මෙහිදී දක්නට ලැබේ. තම කාර්ය බහුල බාවය නිසා කටයුතුවල අක්‍රමිකතාවක් පෙනෙන්නට තිබුණ ද සෙසු අයගේ සහයෝගයෙන් එම අවහිරතා මග හරවා ගැනීමට හැකිවේ. යටි බඩ ආශ්රිත ආපදා අක්මා ගත උවදුරු පෙනෙන්නට තිබේ.
ධනු - රැකියාගත ගැටලුවලට විසඳුම්
ධනු ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ඔබ ජීවිතයේ කිසියම් සිත් තැවුලකට ලක්වේ. තම සමීපතමයන් තමාගෙන් දුරස්වන ලකුණු පෙනේ. ආර්ථික ලාභ අවම වන අතර වියදම ද ශීඝ්‍රයෙන් ඉහළ යයි. රැකියාගත ගැටලු කීපයකට විසඳුම් ලැබෙන අතර වගකීම් බහුල වීම තුළ කිසියම් සිත් තැවුලක් ද ඇති විය හැක. තම මවු පාර්ශ්වයේ කෙනකු නිසා ගැටලු රැසකට පිළිතුරු ලැබේ. ගෘහ ජීවිතය තුළ තම එදිනෙදා කටයුතු කීපයක් මග හැරෙනු ඇත.
මකර - නව ආයෝජනයකට ඉඩ
මකර ලග්නයට අනුව ඉදිරි කාලය ඔබට ඉතා සුබයි. ආර්ථික ප්රතිලාභ උසස් ය. නව ආයෝජකයනට ඉඩ සැලසේ. කලක සිට නැවතී තිබූ ව්‍යාපාරයක් යළි ඇරඹීමට හැකිවේ. ඒ සඳහා බොහෝ හිතවතුන්ගේ ඇප උපකාර ලැබේ. තම රැකියා අභිවෘද්ධිය අවම වුව ද බාහිර මුදල් උපයන ක්‍රම මතු කිරීම තුළ කාලය පිළිබඳ කාර්ය බහුලතාවක් පෙන්වයි. ගෘහ ජීවිතය සතුටුදායක තත්ත්වයකි. නිවසේ පුණ්‍යමය කටයුත්තක් සිදු කිරීමට කැපවනු ඇත. ශරීර සෞඛ්‍යය පිළිබඳ සිතනවා නම් හිසේ ආපදා ඇතිවේ. සෙම් රෝග බහුල කෙරේ. රාත්‍රි කාලයේ ස්නානය සීතල ජලය පරිහරණය අවම කරන්න.
කුම්භ - සොඳුරු කාල පරිච්ඡේදයක්
කුම්භ ලග්නයට අනුව ඉදිරි කාලය ඔබගේ ජීවිතයේ සුබවාදී වෙනස්කම් රැසක් සිදුවේ. ඒ අතර නව නිවෙසක පදිංචියට යෑම, වාහන ප්‍රතිලාභයක් හිමිවීම හා රැකියාවේ උසස්වීමක් හිමිවීම පෙනෙන්නට තිබේ. ගෘහ ජීවිතයේ සතුට, අභිවෘද්ධිය සහිත වේ. එදිනෙදා කටයුතු අතර ප්‍රිය සම්භාෂණ ආදියට නිතර යෑමට සිදුවීම පෙන්වයි. ව්‍යාපාරික ක්ෂේත්රයේ ඉහළටම යෑමට වාසනාව පෑදේ. මවට අපල ගෙන දෙන කාලයකි. තමාට දියණියක් සිටී නම් දියණියකට සිදුවන ගැටලුවකින් තමාට පීඩා විඳීමට සිදුවේ. තම දිවියේ නව බලාපොරොත්තු රැසක් ඉටුවේ. එහෙත් තුනටියට දණ හිසට ආපදා විය හැක.
මීන - අරමුණු රැසක් මල්පල ගැන්වේ
මීන ලග්නයට අනුව ඉදිරි කාලය ඔබට වටිනා දේපළක හිමිකමක් ලැබේ. එය පිළිබඳව උනන්දුව තබා ගත යුතු ය. නීතිමය ගැටලුවකට සාධාරණ විසඳුම් ලැබේ. විවාහක අයගේ යුග දිවියේ නව අරමුණු රැසක් මල්පල ගැන්වේ. දූ පුතුන් ඇති අයට ඒ අය නිසා ජීවිතයේ ප්‍රශංසා හිමි වනු ඇත. ඒ අයගේ ජයග්‍රහණ නිසා මූල්‍යමය ප්රතිලාභ ද හිමිවේ. දුර ගමන් බිමන් යෙදේ. උගුරේ ආසාදනයක් නිසා ප්‍රතිකාර ගැනීමට පවා සිදුවේ. තම ඉඩමක් නිවසක් සුරක්ෂිත කර ගැනීම සඳහා සීමා මාඉම් සකසා ගැනීමට උනන්දු වේ. පිය පාර්ශ්වයේ භුක්තියක් හිමිවනු ඇත