ලොව ඉහළ ඉල්ලු­මක් ඇති ඇඟ­ලුම් ක්ෂේත්‍ර­යට මඟ කියන Brandix Corporate Campus | Page 4 | සිළුමිණ

ලොව ඉහළ ඉල්ලු­මක් ඇති ඇඟ­ලුම් ක්ෂේත්‍ර­යට මඟ කියන Brandix Corporate Campus

මෙරට ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය උසස් තාක්ෂණික සහ නවෝත්පාදන අධ්‍යාපනික දැනුම ලබා දීම අරමුණු කොට, Brandix Corporate Campus ආරම්භ කරන ලද්දේ, 1996 වසරේදී ය.

එදා මෙදා තුර, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ ඇඟලුම් ක්ෂේත්‍රයට අවශ්‍ය උසස් තනතුරුවල වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් බිහි කළ Brandix Corporate Campus, අද වන විට ලෝකයේ ඇඟලුම් නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය සෑම ආකාරයකම දැනුම ලබා දෙන, ජාත්‍යන්තර සරසවියක කාර්යයභාර්ය ඉටු කරමින් සිටියි.

ලෝකයේ ඉතා ඉහළ වැටුප් තලවලට හිමිකම් කියන ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයන් ලෙස, ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සූදානම් කරන මේ ආයතනයෙන් ලබා ගත හැකි සේවාව පිළිබඳ, එහි අංශ ප්‍රධානි - ඇඟලුම් තාක්ෂණය සහ ව්‍යාපාර විශිෂ්ටත්ව කේන්ද්‍රයේ චාමිකර ජයකොඩි සහ අංශ ප්‍රධානි - ඇඟලුම් තාක්ෂණය සහ කළමනාකරණ, නිලන්ති ගමගේ සමඟ කළ සාකච්ඡාවකි.

එම සාකච්ඡාවට එක් වූ චාමිකර ජයකොඩි මෙසේ කියා සිටියේය.

 

• අද ඇඟලුම් ක්ෂේත්‍රය, ලෝකයේ අතිශය පිළිගැනීමට ලක්වූ කර්මාන්තයක් බවට පත්ව තිබෙනවා නේද...

ඇඟ­ලුම් තාක්ෂ­ණය සහ ව්‍යාපාර විශි­ෂ්ටත්ව කේන්ද්‍රයේ අංශ ප්‍රධානි 
චාමි­කර ජය­කොඩි සහ  ඇඟ­ලුම් තාක්ෂ­ණය, 
සහ කළ­ම­නා­ක­රණ අංශයේ  අංශ ප්‍රධානි නිලන්ති ගමගේ

ඔව්. මීට දශක දෙකකට පමණ පෙර තිබූ ඇඟලුම් ක්ෂේත්‍රය නෙවෙයි අද තිබෙන්නේ. එය දැවැන්ත වෙනසකට බඳුන් වී තිබෙනවා. අලුත් පැති කරා විහිදී තිබෙනවා. නවාංග එක් වී තිබෙනවා. අපගේ ගැනුම්කරුවන්ගේ වෙනස් වීම්, නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනස් වීම් හා ශ්‍රම බලකායේ වෙනස් වීම්, මේ සඳහා ප්‍රධාන බලපෑම් ඇති කර තිබෙනවා. ඒ අනුව, මේ ක්ෂේත්‍රය හුදෙක්ම ඇඟලුම් නිෂ්පාදනය පමණක් නෙවෙයි, "Apparel Supply Chain Solution" හෙවත් සම්පුර්ණ ඇඟලුම් අගය දාමයට අදාළ සේවා ලබා දෙන්නකු ලෙස පුළුල් වී තිබෙනවා.

 

• ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇති රැකියා අවස්ථා මොනවාද?

මෙහෙයුම් කළමනාකරණ (Operations Management) අංශය යටතේ Textile Technology, Product Development, Garment Technology, Industrial Engineering, Quality Assurance, Textile Testing, Planning හා Production Management යන උප අංශ තුළ රැකියා අවස්ථා වගේම, Marketing & Merchandising අංශය යටතේ Marketing, Merchandising හා Supply Chain Management යන උප අංශ තුළත් රැකියා අවස්ථා ලබා ගත හැකියි.

එමෙන්ම, කළමනාකරණ (General Management), මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය හා Logistics යන අංශ තුළ ද රැකියා අවස්ථා තිබෙනවා. වර්තමානය වන විට Innovation, Sustainability, Lean Management හා Business Analytics යන නව අංශ ඔස්සේ රැකියා අවස්ථා නිර්මාණය වී තිබෙනවා.

 

• මේ උසස් අධ්‍යාපන ආයතනය Brandix සමුහයේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වීම සිසුන්ට ඇති වාසි මොනවාද ...

Brandix කියන්නේ, ශ්‍රී ලාංකික ගෝලීය සමාගමක්. Brandix සමාගමේ කොටසක් වීම හේතුවෙන් Brandix Corporate Campusහි විෂය නිර්දේශ ගෝලීය දැනුම සමඟින් නිරතුරු යාවත්කාලීන වෙනවා. ඒ වගේම, සිසුන්ගේ ප්‍රයෝගික දැනුම වැඩි දියුණු කර ගැනීමට Brandix සමාගමේ ඇඟලුම් කර්මාන්තශාලා මඟින් ලැබෙන නිරාවරණය ඉතාම වැදගත්. Brandix Corporate Campus හා අනුබද්ධ, වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන රෙදිපිළි හා රෙදි පරීක්ෂා කිරීමේ B -Labs විද්‍යාගාරය මඟින්, සිසුන්ගේ රෙදිපිළි හා රෙදි පරීක්ෂා කිරීමේ දැනුම අලුත් කර ගැනීමට හැකි වනවා.

 

• ඔබ ආයතනයේ උපාධි පාඨමාලා හැදෑරිය හැකි ආකාරය පැහැදිලි කළොත්

Bachelor of Applied Science (Textile Technology) උපාධි පාඨමාලාව සදහා ඊළඟ කණ්ඩායම සඳහා අධ්‍යයන කටයුතු මැයි මස 17 වැනි දින සිට ආරම්භ වෙනවා. අපගේ පාඨමාලා පිළිබඳ, Inspired Studentships ශිෂ්‍යත්ව හෝ ආයෝජන අවස්ථා පිළිබද වැඩිදුර විස්තර 0770 444401 හෝ 011 4742111 දුරකථන අංක ඔස්සේ ලබා ගත හැකියි. එමෙන්ම, Brandix Corporate Campus හි නිල සමාජ මාධ්‍ය ජාලා ගිණුම් Facebook, Instagram, LinkedIn හා YouTube පරිශීලනය කිරීමෙන් ද ලබා ගත හැකියි. එසේම, 157, ගාලු පාර, රත්මලාන යන ස්ථානයේ පිහිටි Brandix Corporate Campus පරිශ්‍රයට පැමිණ වැඩි විස්තර ලබා ගැනීමටත් හැකියි.

 

• Brandix Corporate Campus හි සෙසු පාඨමාලා මොනවාද

උපාධි පාඨමාලාවට අමතරව පුර්ණ කාලීන පාඨමාලා යටතේ, Diploma in Fashion Merchandising & Retailing පාඨමාලාව පවත්වනවා.

ඒ වගේම, දැනට ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩ කරන අයට, උසස් තනතුරුවලට යා හැකි ආකාරයේ, සති අන්ත අර්ධ කාලීන පාඨමාලා දෙකක් පවත්වනවා. ක්ෂේත්‍රයේ නියුතු අයගේ න්‍යායාත්මක දැනුමට මෙන්ම, ක්ෂේත්‍රයේ පිළිගත් සුදුසුකමක් ලබා ගැනීම පෙරදැරිව පවත්වනු ලබන එම පාඨමාලා වන්නේ, College Diploma in Clothing Manufacturing Management පාඨමාලාව සහ Associate Diploma in Clothing Manufacturing යන පාඨමාලා යි.

ඇඟලුම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති නිලන්ති ගමගේ සාකච්ඡාවට එක් වූයේ මෙලෙසිනි.

 

• මෙම ක්ෂේත්‍රයේ විධායක ශ්‍රේණියේ රැකියාවකට උපාධියක් තිබීමේ වැදගත්කම කුමක්ද...

ඇඟලුම් කර්මාන්තය කියන්නේ ගෝලීය තරගකාරී ක්ෂේත්‍රවලින් එකක්. අපගේ ගැනුම්කරුවන් වන්නේ, ලෝකයේ ප්‍රධාන පෙළේ සන්නාම නාම .එසේම, තරගකරුවන් (competitors) වන්නේ, කලාපයේ මෙන්ම ගෝලීයව ඉදිරි පෙළේ සිටින ආයතන. එම නිසා දැනුමෙන් හා බුද්ධියෙන් යුතු විධායක ශ්‍රේණියේ ශ්‍රම බළකායක් සිටීම ඉතාම වැදගත්. එම නිසා උපාධිධාරීන්ගේ දායකත්වය මේ ක්ෂේත්‍රයට ඉතා ම වැදගත්.

 

• Brandix Corporate Campus ලබා දෙන උපාධි පාඨමාලාවේ විශේෂත්වය කුමක්ද ...

පුද්ගලික අංශයේ ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධ අධ්‍යාපනික ආයතනවලින් පුරෝගාමියා වන්නේ, Brandix Corporate Campus ආයතනයයි. අප විසින් ලබා දෙන Bachelor of Applied Science (Textile Technology) යන තූන් අවුරුදු උපාධිය ලබා දෙන්නේ, ඕස්ට්‍රේලියාවේ, Royal Melbourne Institute of Technology (RMIT) විශ්වවිද්‍යාලය හා අනුබද්ධවයි. RMIT විශ්වවිද්‍යාලය, විලාසිතා සහ රෙදිපිළි (Fashion and Textile) සම්බන්ධයෙන් ලෝකයේ ඉතාම ඉහළ පිළිගැනීමකට ලක් වූ උසස් ආයතනයක්. ඒ අනුව, අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන්නේ ජාත්‍යන්තරව පිළිගත් උපාධි සහතිකයක්.

 

• මොකක්ද මේ, "Inspired Studentships" වැඩසටහන ...

එය ආයතනය විසින් පිරිනමන සුවිශේෂී ශිෂ්‍යත්ව වැඩසටහනක්.ඒ තුළින් අප උත්සාහ කරන්නේ, අපට සම්බන්ධ වන සෑම සිසුවකුගේම අපොස උසස් පෙළ කාලය තුළ, ඔවුන්ගේ අධ්‍යාපනික හා විෂය බාහිර දක්ෂතා ඇගැයීමට ලක් කිරීමටයි. එහිදී මෙම ශිෂ්‍යත්වය සම්පුර්ණ උපාධියේ වටිනාකමින් 12% ප්‍රමාණයක් වන, රුපියල් 200,000 උපරිමයක් දක්වා ලබා දෙනවා. මෙම Inspired Studentships යටතේ සිසුන්ගේ අපොස උසස් පෙළ ප්‍රතිඵල පදනම් කරගෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කරන අතර, කිසියම් මොහොතක ශ්‍රී ලංකාව නියෝජනය කර තිබීම හෝ සමස්ත ලංකා, පළාත්, දිස්ත්‍රික්ක හෝ කොට්ඨාස තරගවලදී පාසල නියෝජනය කරමින් ජයග්‍රහණ ලබා තිබීමත්, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේදී බලපාන සාධකයක්.

පාසලේ විවිධ සමිති සමාගම්වල සාමාජිකයකු වීම හා නිලතල දැරීමත්, බාලදක්ෂයකු හෝ බාලදක්ෂිකාවක් වීම හා ශිෂ්‍යභට කාණ්ඩයේ සාමාජිකයකු වීමත් මෙම ශිෂ්‍යත්වය ලබා දීමේදී සලකා බලන සෙසු විෂය බාහිර කාරණා. පාසල් වර්ණ ලාභියකු වීම, පාසලේ හෝ දහම් පාසලේ ශිෂ්‍ය නායකයකු වීම හා වෙනත් නායකත්ව කුසලතාත් මෙම Inspired Studentships ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේදී සලකා බලනවා.

 

• උපාධි පාඨමාලාවේ අවසන් වසරේ ලබා දෙන "Work whilst Learning" පහසුකම ගැනත් කියන්න ...

උපාධි වැඩසටහනේ අවසන් අධ්‍යයන වසරට අදාළ දේශන පැවැත්වෙන්නේ සති අන්තයේ දිනවලදීයි. එමෙන්ම, ක්ෂේත්‍රයට ඉතාම සමීපව කටයුතු කරන අධ්‍යාපනික ආයතනයක් ලෙස ඉතුරු සතියේ දිනවලදී, අප සෑම විටම ඔවුන්ට ක්ෂේත්‍රයට අදාළ රැකියාවක නිරත වීමට දිරිමත් කරනවා වගේම, ඔවුන්ට රැකියා ලබා ගැනීමට අපගේ පුර්ණ සහයෝගය හා මඟ පෙන්වීම ලබා දෙනවා. මෙලෙස එක් වසරක පුර්ණ කාලීන සේවා පළපුරුද්දක් ඇතිව උපාධිධාරියකු වන පසුබිමක් තුළ, මොවුන්ගේ ශ්‍රම වෙළෙඳපොළ මඟින් ලබා දෙන වටිනාකම, වෙනත් උපාධිධාරීන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතිනවා.

 

• බ්‍රැන්ඩික්ස් සිසුන් ප්‍රායෝගික දැනුමෙන් සන්නද්ධ කරන්නේ කෙසේද?

අපගේ සිසුන්ගේ ප්‍රයෝගික දැනුම වර්ධනය කිරීම උදෙසා, Brandix Corporate Campus ඉතා ඉහළ අවධානයක් යොමු කරනවා. එහිදී ඔවුන්ව ශ්‍රී ලංකාව තුළ ඇති සීමිත රෙදි මෝල් (textile mills) වෙත ක්ෂේත්‍ර චාරිකා ලබා දෙනවා. ක්ෂේත්‍රය තුළ රැකියාවේ නිරත වන ප්‍රවීණයන්ගෙන් යුතු දේශක මඬුල්ලක් විසින් සිසුන්ට අවශ්‍ය ප්‍රයෝගික දැනුම පන්ති කාමර තුළ ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම, සිසුන්ට ලබා දෙන මාස තුනක සීමාවාසික පුහුණුව (three months internship) මඟින් ඔවුන්ගේ ප්‍රයෝගික දැනුම වඩාත් ඔප නංවනවා.

 

• Brandix Corporate Campus හා සම්බන්ධ වීමෙන් සිසුන්ට ලැබෙන අමතර වාසි මොනවාද ...

ක්ෂේත්‍රයට අදාළ වන Industry Application Systems, Pattern Making Room, Sewing Room හා පුස්තකාලය, අපගේ සිසුන්ගේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීමට ඉතාමත් ඉවහල් වනවා. Brandix Corporate Campus හා අනුබද්ධ වාණිජමය වශයෙන් ක්‍රියාත්මක වන රෙදිපිළි හා රෙදි පරීක්ෂා කිරීමේ B-Labs විද්‍යාගාරය විසින් Brandix ආයතනයේ රෙදිපිළි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවලින් 50%කටත් වඩා ඉටු කරනු ලබනවා. සිසුන්ට තම අධ්‍යයන කටයුතු සඳහා මෙම රෙදිපිළි පරීක්ෂණ විද්‍යාගාරය භාවිත කිරීමේ ඇති හැකියාවයි. යම් සිසුවකුට අවශ්‍ය නම් මෙම උපාධි පාඨමාලාවේ ගෙවීම්, වාරික මගින් සිදු කිරීමට, ඒ සඳහා ද හැකියාව තිබෙනවා. එමෙන්ම, කිසියම් අයකුට මුල්‍ය අපහසුකම් ඇත්නම්, ඒ සඳහා පිටිවහලක් ලෙස, රාජ්‍ය හා පුද්ගලික බැංකු ඔස්සේ, ණය පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග Brandix Corporate Campus මගින් ගෙන තිබෙනවා. අපට අවශ්‍ය, මේ රටේ ඈත ගමක නගරයක, ඔබ කොතැනක ජීවත් වුවත්, ලෝකයේ ඉහළ වැටුප් ලැබිය හැකි, ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉහළම රැකියා සඳහා ඔබට මඟහසර කියා දීමටයි.

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

 

Comments