
මෙරට කලා ලෝකය බැබළ වූ බොහෝ කලාකරුවන් ජනතාව අතර ප්‍රකට වූයේ සිය උප්පැන්නයේ සඳහන් වූ නාමයෙන් නොව ඔවුන් පසුව භාවිතා කළ නමිනි. මේ ඉන් කිහිප දෙනෙකි.
ආනන්ද සමරකෝන්
හෙතෙම එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 වැනිදා උපත ලැබීය. කෝට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හඳුන්වන කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලැබීමෙන් අනතරුව ඉන්දියාවේ ශාන්තිනිකේතනයට ගොස් කලාව හා සංගීතය හැදෑරීය. මාස හයකට පසු ඉගෙනීම අතරමග නතර කළ හෙතෙම නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගත්තේය. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේණිකවු සංගීතමය ආකෘතියක් හඳුන්වා දෙමින් ආදරය තේමාකරගත් ගීතයක් වන "එණ්ඩද මැණිකේ" ගීතය එළි දැක්විය.