
ජුනි මැද තෙක් අයහපත් කාලගුණය
මේෂ - වෘෂභ කටක - සිංහ කන්‍යා - තුලා - ධනු - මකර - මීන ලග්න හිමියන්ට සුබ ඵල
මිථුන වෘශ්චික කුම්භ ලග්න හිමියන්ට මධ්‍ය ඵල
අහස් සිතියමේ ග්‍රහ රටාව අනුව විටෙක විශ්වය සුබ අතටත්, විටෙක අසුබ අතටත්, තවත් විටෙක සම අතටත් පත්වනු ඇති බව ඔබ අප හොඳින් දන්නා කරුණකි. ඒ කොයිහැටි වෙතත් ජ්‍යොතිෂ විද්‍යාවට අනුකූල යම් යම් සිද්ධිදාම කිසිවකුටත් බොරු කළ නොහැකි බව, ප්‍රතික්ෂේප කළ නොහැකි බව මෙයින් ගම්‍ය වෙයි.
ඇස් පනාපිටම විද්‍යාමාන මෙම නියාම ධර්මය හෙළා දකිමින් ජ්‍යොතිෂ් ශාස්ත්‍රයට නිගරු කරන අයද අප අතර නැතුවා නොවේ. ග්‍රහලොව පියා සහ මව ලෙසින් හඳුනන හිරු - සඳු මුල්කර ගත් ග්‍රහ වළල්ලේ සංසිද්ධීන් පිළිබඳ කලින් හඳුනාගත හැකි මෙම අනගි ශාස්ත්‍රය සමාජයේ පෙර ගමන් කරුවකු වැන්න.
ඉදිරියේදි විය හැකි සිදුවීම් හොඳ හෝ නරක විපර්යාශයන් නිවැරදිව කැඩපතකින් පෙනෙන්නාක් මෙන් දැක බලා විග්‍රහ කළ හැකි වෙයි.
එපමණක් නොව අතීතයේ සිදුවූ යම් යම් සිදුවීම් යළි යළි ගණනය කිරීම් තුළ අපට වර්තමානය, අනාගතය පිළිබඳව නිවැරදි තීන්දුවකට ඒමට හැකිවන මෙම ශාස්ත්‍රය පිළිබඳ හසළ දැනුමක් ඇති විද්වතුන් ද අප අතර කොතෙකුත් සිටිති. කාලගුණය පිළිබඳ අනාවැකි පළ කළ හැකි මෙම ජ්‍යොතිෂ් ශාස්ත්‍රය නිවැරදිව හසුරුවනවා නම් ඉන් ලද හැකි ප්‍රයෝජනය මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. සැබවින්ම මේ වකවානුව මිහිපිට වෙසෙන සියලු සත්වයින්ම අසීරුතාවට ලක්වන කාලයක් වී තිබීම මෙබඳු දෘෂ්‍යමාන මෙන්ම අදෘෂ්‍යමාන බලවේගවල බලපෑම් පිළිබඳ සිතා බැලීමට කාලය එළඹ තිබේ.
මේ අනුව වර්තමානය වන විට විශ්වයේ පැවතී තිබෙන යම් යම් සමතාවන් හා විෂමතාවයන් නිසා විටින් විට යහපත්, අයහපත් කාලගුණික විපර්යාශවලට බදුන් වී තිබීම අපට ඇස් පනාපිටම දකින්නට ලැබී තිබේ. 2020 වසරේ පටන් ඇතිවූ ග්‍රහ තත්ත්ව අනුව විවිධ සුබ ග්‍රහයින් නීචව - සතුරුව පැවතීමද අසුබ යයි සම්මත ග්‍රහයින් උච්ච වීම කේන්ද්‍රස්ථාන ගතවීම නිසාද විවිධ අවස්ථාවල ඇතිවූ සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ පිළිබඳව හා එකිනෙක ග්‍රහයින් අතර ඇතිවූ ග්‍රහ යුද්ධ හේතුකොට ගෙන ද මේ පිළිබඳව නිදසුන් සපයයි.
ඒ අනුව විශේෂයෙන් 2021 වසරේ මුල පටන් මේ පිළිබඳ ග්‍රහ විෂමතා රැසකට අපි මුහුණ දුනිමු. ඒ අනුව රවි - බුධ - ගුරු - සිකුරු නීචවීම් වක්‍රවීම් මෙන්ම කුජ - සෙනසුරු - රාහු - කේතු කේන්ද්‍රස්ථානගත වීමෙන් පාප පීඩිත වීම බොහෝ විපත් කරදරවලට හේතු විය. විටින් විට අප ඒ පිළිබඳව ලිපිවලින් දැනුම්වත් කළෙමු. දැනුදු ඒ තත්ත්වය එසේම පැවතීම අප රටට තවදුරටත් ව්‍යසන කරදර පැවතෙන බවට විද්‍යාමාන වන්නේය. මේ අනුව මැයි 26 වැනි දින පස්වරු 04.48 ට තුලා රාශියේ අනුර නැකතේ තුන්වන පාදය ඇසුරු කොටගෙන සිදුවූ පූර්ණ චන්ද්‍ර ග්‍රහණය ද මැයි 14 සිට ජුනි 15 වැනි දින උදේ 06.01 ට රවි මිථුන රාශියට පැමිණෙන තෙක් වෘෂභ රාශියේ සතුරුව ගමන් කිරීම ජුනි 10 වැනි දින සවස 04.11 ට පමණ තුලා රාශියේ මුවසිරස නැකතේ ප්‍රථම පාදය ඇසුරුකොට ගෙන සිදුවීමට නියමිතය.
වළයාකාර සූර්ය ග්‍රහණය ද නිසා අසුබ තත්ත්වය තව තවත් අසතුටුදායක මෙන්ම විශ්වයේ මහා අවාසනාවන්ත ගති ස්වභාවක් නිර්මාණය වන්නේය. මේ නිසා මේ කොයි දේටත් ඔරොත්තු දෙන මිනිසුන් ලෙස ආගමට දහමට ලැදිව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුගතව කටයුතු කිරීමෙන් වඩාත් යහපත් තත්ත්වයක් උදාකර ගැනීමට උනන්දුවීම වඩාත් වැදගත් වෙයි.
රවි සතුරුවීම - චන්ද්‍ර ග්‍රහණය මෙන්ම වළයාකාර සූර්යග්‍රහණය හේතු කොටගෙන ජුනි මැද භාගය පසුවන තෙක් අපට විවිධ තාඩන පීඩන වලට මුහුණ දීමට සිදුවෙයි. ඒ අනුව අධික වර්ෂාව, සුළිකුණාටු, අකුණුගැසීම්, කඳු කඩා වැටීම්, නායයාම්, මිනිස් ජීවිත අහිමිවීම් හා කොරෝනා වසංගතය උග්‍ර අතට හැරීම් නිසා සිදුවන අවාසනාවන්ත තත්ත්වය පිළිබද අමුතුවෙන් කිවයුතු නොවේ.
ජුනි මාසයේ මැද භාගයේ සිට මෙම ලැව්ගිනි සේ පැතිරෙන බියකරු අයහපත් කාලගුණික තත්ත්වයත් ක්‍රමයෙන් පහව ගොස් තත්ත්වය හොඳ අතට හැරෙන බව සක්සුදක්සේ පෙනෙන්නට තිබේ.
මේ වකවානුව රජයට රාජ්‍යය කරවන අයට ද දැඩි පීඩා එල්ල වීම, අනුවණයන්ගේ අවස්ථාවාදීන්ගේ දෝෂ දර්ශනයට ලක්වීමට සිදු වුවද ජුනි මස මැද භාගයෙන් පසු ඒ අඳුරු සෙවණැලි පහව ගොස් පැහැදිලි අරමුණකට යා හැකි පිරිසිදු සමාජ රටාවක් ගොඩනැගෙමින් වඩා සාර්ථක ගමන් මඟකට යොමුවීමට, බාධක මධ්‍යයේ වුවද නොනවත්වා කරගෙන ආ රටේ සංවර්ධන කටයුතු තවත් ශක්තිමත්ව කරගෙන යාමටත් රජය හා රාජ්‍ය පාලකයන්ව ප්‍රසාදයට ලක්වන කාලයක් ද එළඹෙනු ඇත.
එහෙයින් මේ කරදරකාරි මොහොතේ නොසැලෙමින් සිට එන අභියෝගවලට නිසිලෙස මුහුණ දෙමින් රටට සිතැති දැයට සිතැති ආගමට සිතැති මිනිසුන් ලෙස ජීවත් වීමට අරමුණු කර ගනිමු.
මේෂ- හදිසි ධන ලාභ
මේෂ ලග්නයට අනුව හදිසි ධන ලාභ පෙන්වයි. නමුත් වියදම අධික වෙයි. ධාර්මික ඉපයීම් වලින් ධනය හිමි වේ. තම රැකී රක්ෂා වලට තිබූ කැපවීම අඩුවන බවක් පෙනේ. තම අත් උදව්වට සිටි අය කෙමෙන් තමාගෙන් ඉවත් වන ලකුණු පෙනෙන්නට තිබේ. ගෘහ ජීවිතය කාර්ය බහුල වනු ඇත. තරග විභාග වලින් පරාජය අත්විඳීමට සිදුවේ. සෞඛ්‍ය අතින් ප්‍රවේශම් විය යුතුය. උගුරේ ආසාදන, තුනටියේ ආපදා පෙනෙන්නට තිබේ. පපුවේ වේදනා සහිතයි. අධික රුධිර පීඩන පවතින අය ප්‍රවේශම් විය යුතු කාලයකි.
වෘෂභ- මානසික සුවය ලැබේ
වෘෂභ ලග්නයට අනුව ඔබට මෙම කාලය ඉතා සුබයි. මානසික සුවය නිරන්තරයෙන්ම අත්වනු ඇත. දේපළ හිමිකම් ද සහිතයි. තම පෙර පින් මහිමය නිසා අත්වීමට ඇති ජයග්‍රහණ අතර ඉඩම් ලාභ ප්‍රධාන වේ. තමා මුහුණ දී තිබූ සම්මුඛ පරීක්ෂණයක් උසස් ලෙස ජයග්‍රහණය කර ඇති බව දැනගන්නට ලැබේ. තම නිර්මාණශීලී හැකියාව උසස් වනු ඇත. ගෘහ ජීවිතය කාර්ය බහුල වේ. තම සමාජසේවා කටයුතුවල නිමාවක් දකින තත්ත්වයකි. විවාහ ස්ථානගත ගැටලු මතු වීමට ඉඩ ඇත. මුත්‍ර ආසාදිත ඇතිවන ලකුණු පෙනේ.
මිථුන- ආර්ථික ගැටලු මතුකෙරේ
මිථුන ලග්නයට අනුව ඔබගේ ජීවිතය ආර්ථික ගැටලු වලට මුහුණ දෙන තත්ත්වයකි. ධන හානි මෙන්ම වියදම අධික වන තත්ත්වයකි. එදිනෙදා කටයුතුවල අවුල් වියවුල් මතු වීමට පුළුවන. පිටරටක සිට පැමිණි අයකු නිසා තම ගෘහ ජීවිතය කාර්ය බහුල වනු ඇත. මානසික වශයෙන් තම කටයුතු කරගෙන යෑමේදී අමතක වීම් නිසා සිතට අසහනය මතු කෙරේ. එහෙත් තම යුගදිවිය ආදර සබඳතා යහපත් අතට යොමු වනු ඇත. කාලයක් පැවති නීති ගැටලුවක් සමනය වේ. කුස ආශ්‍රිත අගුණ පළ වේ. සැර උෂ්ණ ආහාරපාන අවම කරන්න.
කටක- උසස් ආදායම්
කටක ලග්නයට අනුව මෙම වකවානුව ඔබගේ ජීවිතයේ යහපත්කම් රැසක් සිදුවනු ඇත. ඒ අතර උසස් ආදායම් හිමි වේ. විදේශීය වශයෙන් අතගසා තිබූ ව්‍යාපාරයක් සාර්ථක වේ. නමුත් සිතට ඇතිවන විවිධ සැක සංකා නිසා අසහනකාරි මානසිකත්වයක් ගොඩනැඟේ. තම සහකරු හෝ සහකාරිය වෙතින් දොස් අසන්නට සිදු වේ. ආදර සබඳතා මග හැරෙන වකවානුවකි. තම ශරීර සෞඛ්‍ය අතින් ලේ දෝෂ නහරගත ආපදා වැඩිවන ලකුණු පෙනේ. තම අධ්‍යාත්මය උසස් කරවා ගත හැකි අන්දමේ ආගමික කටයුතුව නිරතවීම සුබයි.
සිංහ- රැකියා උසස්වීම්
සිංහ ලග්නයට අනුව මෙම වකවානුව ඔබගේ ජීවිතයේ ජහග්‍රහණ රැසක් උදා වේ. රැකියා උසස් වීම් හා විරැකියාවෙන් පෙළුණු අයට රැකියා අවස්ථා උදා වේ. ඒ සමඟ පැවති ආර්ථික අපහසුතා මඟ හැරෙනු ඇත. තම උපකාරයට පැමිණෙන අය නිසා කටයුතු පහසු වේ. යුග දිවිය - ගෘහ දිවිය සතුටුදායක වනවා මෙන්ම ආදර්ශවත් ජීවිතයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසේ. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්විය යුතුය. ඒ තම පපුවේ හා ස්වසන පද්ධතියේ අපහසුතා පැන නඟින නිසාය. තම ව්‍යාපාරවලට නව අංගෝපාංග එක්කර ගනු ඇත.
කන්‍යා- වාසනාවන්ත දරුඵල
කන්‍යා ලග්නයට අනුව ඔබගේ අනාගතය සතුටුදායක වෙයි. විශේෂයෙන් ඥානකාරක බුධ 9 වැන්නේ සිකුරු 10 වැන්නේ හැසිරෙන මෙම අවදිය ආගමික සහජීවනය ගොඩනැඟෙන අතර ධාර්මික ඉපයීම් නිසා තම ජීවිතයේ බලාපොරොත්තු රැසක් සඵල කර ගැනීමට අවස්ථාව උදා වේ. බුද්ධිමත් ලෙස ගන්නා තීන්දු තීරණ නිසා සතුටුදායක ජයග්‍රහණ කීපයක් අත්වේ. ඒ අතර පැවති නඩු තීන්දුවක් තමාගේ වාසියට හැරීම, දරු සම්පත් අපේක්ෂා කර සිටි අයට වාසනාවන්ත දරු සම්පත් හිමිවීම මේ අතර වෙයි.
තුලා - ඉඩම් නිවාස රැකියා ලාභ
තුලා ලග්නයට අනුව මෙම වකවානුව ඔබගේ ජීවිතයේ මඟහැරී ගොස් තිබූ බොහෝ දේ යළි ඔබට මතු කරදෙනු ඇත. ඒ අතර වාහන ලාබ ඉඩම් නිවාස ලාභ මෙන්ම අහිමි වී තිබූ වෘත්තියක් තමාට යළි සඵල කරවා ගැනීමට හැකිවෙයි. ව්‍යාපාර ලාභ හා තමා තවත් කීප දෙනෙකු සමඟ කරන්නට බලාපොරොත්තු වූ ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට හැකි වේ. ගෙදරට කොටුවෙලා සිටි කාලය අවසන්ව සමාජගතව සිට විවිධ ක්‍රමෝපායන මාර්ගයෙන් මුදල් ඉපයීමට සිත යෙමු කරනවා ඇත. පපුවේ සෙම හතිය දැඩි වනු ඇත. සීතල ජලය භාවිතය රාත්‍රී කාලයේ ස්නානය මඟහරවා ගන්න.
වෘශ්චික- කාර්ය බහුල වකවානුවකි
වෘශ්චික ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ඔබ ජීවිතයේ කාර්ය බහුලම වකවානුව වනු ඇත. කටයුතු බහුල වීම නිසා වැඩකටයුතු අවුල් වන බවක් පෙනෙන්නට තිබේ. ආගමික පැත්තට යොමු වීම තුළින් ඒ තත්ත්වය මඟහරවා ගත හැකියි. තම සහකරු හෝ සහකාරිය තම කටයුතුවලට උදව් කිරීම නිසා යම් සහනකාරි බවක් ලැබුණ ද දූ දරුවන්ගේ කටයුතුවල අසීරු තත්ත්වයක් නිසා සිතේ කලකිරීම ද මතු කෙරේ. පොදු කටයුතුවලින් ඈත්ව තම පෞද්ගලික ජීවිතයට නැඹුරු වීමට සිතන කාලයකි.
ධනු- ආදර සබඳතා තර වේ
ධනු ලග්නයට අනුව මෙම වකවානුව ඉතා සුබ වනු ඇත. විවාහ ස්ථානගත අභිවෘද්ධිය මතු කෙරේ. විවාහ දිවියේ පැන නැඟී තිබූ ගැටලු රැසකට විසඳුම් ලැබේ. අවිවාහක අයට මංගල යෝජනා හා තරුණ තරුණියන්ගේ ආදර සබඳතා වැඩිවන තත්ත්වයකි. තරග විභාග ජය අධ්‍යාපනයේ ජයග්‍රහණ හිමි වේ. තමා සමඟ එදිරිවාදිව සිටි අය තමාට හිතවත් වේ. හදිසි ධනයකට හිමිකම් කියයි. එහෙත් ශරීර සෞඛ්‍ය අතින් අයහපත් කාලයකි. තුනටිය, උගුර ආශ්‍රිත උවදුරු සහිතයි. යටිබඩ ආශ්‍රිත සැර උෂ්ණ ගති නිසා බඩ වියළිගති, මුත්‍ර දෝෂ මතුවිය හැකිය.
මකර- යහපත් ආයෝජනයක්
මකර ලග්නයට අනුව මෙම වකවානුව ඔබට සුබ අසුබ සමසේ භුක්ති විඳීමට සිදුවේ. නවතා දමා තිබූ ව්‍යාපාරයක් යළි ඇරඹීමට අවස්ථාව උදා වේ. හදිසි වියදම් උග්‍ර වුවද එය මතු අනාගතය වෙනුවෙන් කරන ආයෝජන වනු ඇත. තම දූ දරුවන් නිසා අභිමානය භුක්ති විඳීමට අවස්ථාව උදා වේ. සමාජයේ යන එන තැන කැපී පෙනෙන තත්ත්වයකි. පොදු කටයුත්තක් නිසා අන් අයගේ ප්‍රසාදයට හේතුවෙයි. හිසේ සෙම ගතිය නිසා පීඩා විඳීමට සිදුවනු ඇත.
කුම්භ- ළඟ සිටින අය දුරස්වේ
කුම්භ ලග්නයට අනුව මෙම වකවානුව ඔබට ඔබගේ ජීවිතයේ අමිහිරි අත්දැකීමකට ලක්වීමට සිදු වේ. තමා ළඟ සිටි කෙනකු දුරස්වන ලකුණු පෙනේ. එකට එකතුවී කරන ව්‍යාපාරවලට සුබ නැත. විශ්වාසය පලුදුවන කාලයකි. තමාට තමා මිස අන් අයගේ පිළිසරණක් නැති බව සිතට දැනෙනු ඇත. කාලයක් තමා සමාජයෙන් දුරස්ව හුදෙකලා ජීවිතයක් ගත කිරීමට සිතනු ඇත. තම ආර්ථිකයට ද බාධක එල්ල වේ. ශරීර සෞඛ්‍ය අතින් පාදයේ වළළුකර අගුණ පෙන්වයි. යටිබඩේ ශෛල්‍යකර්මයකට වුවද මුහුණ දීමට සිදුවෙයි.
මීන - නව නිවාස ලාභ
මීන ලග්නයට අනුව මෙම වකවානුව ඔබට සුබයි. තම ආර්ථිකය - රැකියාව සඵල වන කාලයකි. තමාට විරුද්ධකම් කළ අය නැවත තමා සොයා එයි. ප්‍රධානින්ගේ ප්‍රසාදය පිළිගැනීම හිමි වේ. වාහන ලාභයක්, නව නිවසක පදිංචියට යාමක් පෙන්වයි. තමා තම පරණ දේවල් ඉවත් කර නිවසට නවීකරණ උපකරණ ගෙන ඒමට සිතන කාලයකි. ආදරය ආලය තුළ වුව ද වෙනදාට වඩා තත්ත්වය යහපත් වේ. සිතට මහත් සැහැල්ලුවක් දැනෙන කාලයකි. ව්‍යාපාර ලාභ මෙන්ම දේපළ හිමිකම් උරුමකම් පෙන්වන වකවානුවකි. උරහිසට අගුණයි. අධික බර ඉසිලීම ප්‍රවේශමෙන්.
-----------------------
(මැයි මස 30 සිට ජුනි මස 05 දක්වා)
30 ඉරිදා 16.41 තෙක් උත්‍රසල නැකැත යි.
සුදුසු අකුරු “බෙ, බො, ජ, ජි“
31 සඳුදා
30 ඉරිදා 16.41 සිට 31 සඳුදා 16.01 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු “ජු, ජෙ, ජො, ෂ“
01 අඟහරුවාදා
31 සඳුදා 16.01 සිට 01 අඟහරුවාදා 16.07 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු “ග, ගි, ගු, ගෙ“
02 බදාදා
01 අඟහරුවාදා 16.07 සිට 02 බදාදා 16.59 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු “ගො, ස, සි, සු“
03 බ්‍රහස්පතින්දා
02 බදාදා 16.59 සිට 03 බ්‍රහස්පතින්දා 18.34 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු “සෙ, සො, ද, දි“
04 සිකුරාදා
03 බ්‍රහස්පතින්දා 18.34 සිට 04 සිකුරාදා 20.46 තෙක් උත්‍රපුටුප නැකැත යි. සුදුසු අකුර “දු“
05 සෙනසුරාදා
04 සිකුරාදා 20.46 සිට 05 සෙනසුරාදා 23.27 තෙක් රේවතී නැකැත යි.
සුදුසු අකුරු “දෙ, දො, ච, චි“ ඉන් පසුව උදා වන අස්විද නැකැත ඉරිදා දවස පුරා පවතී.
සුදුසු අකුරු “චු, චෙ, චො, ල“
මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුව යි.