
හබරාදුව කොට්ඨාසයේ පමණක් කොරෝනා රෝගීන් 12 ක් මරුට
කොග්ගල නිදහස් වෙළඳ කලාපය වූ කලී කර්මාන්ත පුරයකි. මෙහි ඇඟලුම් කම්හල් 22කට අයත් සේවක සේවිකාවන් 12.500කට ආසන්න පිරිසක් සේවය කරති. මෙකී කර්මාන්ත පුරයෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. කොරෝනා වසංගතය මෙරට ඇඟලුම් කම්හල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. පළමු හා දෙවැනි කොරෝනා වසංගතය පැවති අවස්ථාවලදී කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන ඇඟලුම් සේවක සේවිකාවන් අතර කොරෝනා වසංගතය පැතිරී යන්නට විය. කෙසේවුවද සෞඛ්‍ය බලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා නිරන්තරයෙන් පී. සී.ආර් පරික්ෂණ සිදුකරමින් මෙකී වසංගතය පාලනය කිරීමට කටයුතු කරනු ලැබීය.
එමෙන්ම පවතින තත්ත්වය මත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සේවක ආරක්ෂාව මත නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස කම්හල්වලට උපදෙස් ලබා දී තිබුණි. මේ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා පහසුකම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිරතුරුව ලබා දෙනු ලැබීය.
එහෙත් කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇතැම් ඇඟලුම් කම්හල්වල කළමණාකරුවන් කොරෝනා වසංගතය ඉතා වේගයෙන් පැතිර යමින් තිබුණ ද සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ තුට්ටුවකටවත් මායිම නොකළහ. එසේම කොරෝනා වයිරසය ආසාදනය වූ ඇඟලුම් සේවක සේවිකාවන් පිළිබඳ හා පළමු පෙළ ආශ්‍රිතයන් ගැන තොරතුරු වසන් කිරීමට කටයුතු කරනු ලැබීය. මෙකී කම්හල් කළමණාකරුවන්ට අවශ්‍ය වූයේ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව ගැන නොසලකා කම්හලවල නිෂ්පාදන කටයුතු කරගෙන යෑමය. කොග්ගල නිදහස් වෙළඳ කලාපයයේ ඇඟලුම් කම්හල් පොකුර හබරාදුව, ඉමදුව, යක්කලමුල්ල, වැලිගම, වැලිපිටිය, අක්මීමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය. මක්නිසාදයත් කොරෝනා ආසාදිත වූ ඇඟලුම් සේවක සේවිකාවන් වැඩි පිරිසක් මෙකී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංචිකරුවෝ වෙති.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට හා නිරෝධායන පනතට අනුකූලව කම්හලේ කටයුතු කරගෙන යන ලෙස දිගින් දිගටම උපදෙස් ලබා දී තිබුණද කම්හලේ කළමණාකාරවරයාට එය බීරි අලින්ට වීණා වැයීමක් බඳු විය. ඔහුට අවශ්‍ය වූයේ සේවක සේවිකාවන් බිල්ලට දී හෝ කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාමයි. මේ සමඟ කොග්ගල නිදහස් වෙළද කලාපයේ අනිකුත් කම්හල්වල සේවය කරන සේවක සේවිකාවන් අතර කොරෝනා වසංගතය පැතිරී යන්නට විය. මෙහි ඇති ඛේදජනකම සිද්ධිය වන්නේ මෙකී ඇඟලුම් කම්හලවල සේවය කරන සේවක සේවිකාවන්ගේ පවුල්වල අයට මෙන්ම කුඩා දරුවන්ටද කොරෝනා වයිරසය ආසාදනය වීමයි. හබරාදුව හා ඉමදුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල කොරෝනා පොකුරක් නිර්මාණය වන්නට මෙකී ඇඟලුම් කම්හල් පොකුරු දැඩි බලපෑමක් එල්ල කරනු ලැබීය.
අවසානයේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් 1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ වන වැරදි සිදු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මෙකී ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1500ක් සේවය කරන අතර මැතකදී සිදු කළ පී. සී. ආර් පරික්ෂණවලදී 283 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් හඳුනාගත් පසු මොවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 733 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අධිකරණය වෙත කරුණු වර්තා කරනු ලැබීය.
මේ තත්ත්වය මත දෛනිකව සේවා මුර ක්‍රමයට පවත්වාගෙන යනු ලබන කම්හලේ ආසාදිත සේවක තොරතුරු ඇඟලුම් කම්හලේ කළමණාකරු විසින් සඟවා ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අධිකරණයට කරුණු වාර්තා කළහ. කොරෝනා ආසාදිතයන්ගේ තොරතුරු නිවැරදිව ලබා නොදී රෝගය බෝවීමට ඉඩ හැර නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට හබරාදුව පොලිසිය විසින් මෙකී ඇඟලුම් කම්හලේ කළමණාකරු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනී පතිරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වැනිදා වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් 12ක සේවක සේවිකාවන් 980 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරික්ෂණවලදි තහවුරු වී ඇත. ඒ විතරක් නොව තවත් විශාල ඇඟලුම් සේවක සේවිකාවන් පිරිසක් නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කර ඇත.
කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය වැලඳීමෙන් පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇති අතර කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හලක ප්‍රධාන කාර්මික නිලධාරීවරයකු ද එ් අතර වේ. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන ගෙන් අප කළ විමසුමකදී ඔහු මෙසේ කිවේය. "දැනටමත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 08ක හුදෙකලා කොට තියෙනවා.
ප්‍රශ්නගත ඇඟලුම් කම්හලට පමණක් නෙවෙයි; කොග්ගල නිදහස් වෙළද කලාපයේ පිහිටි ඇගලුම් කම්හල් 21කට ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයා මගින් නිරෝධායන නීතිරීතිවලට අනුව කටයුතු කරන ලෙස නිවේදන ලබා දීලා තියෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන උපදෙස් හා මාර්ගෝපදේශවලට අනුව කම්හල් කටයුතු කළ යුතුයි. ප්‍රමාණවත් පී. සී. ආර් පරික්ෂණ සංඛ්‍යාවක් සිදු කළ යුතු වෙනවා. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහගෙන් ද මේ සම්බන්ධව අප විමසීමක් කළෙමු." කොග්ගල නිදහස් වෙළඳ කලාපය සම්බන්ධව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා ගණනාවක් පැවැත්වූවා.
මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් ආසාදිත වන රෝගීන් රෝහල්ගත කිරිමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා. එමෙන්ම ඇඟලුම් කම්හල්වල නිරෝධායනය කළ යුතු ආශ්‍රිතයන් නිරෝධායනය කිරීම සඳහා අතරමැදි මධ්‍යස්ථානයක් වෙළඳ කලාපය තුළ ස්ථාපිත කරන ලෙස ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා.
මේ වනවිට එය ස්ථාපිත කොට තියෙනවා. කොරෝනා එන්නත්කරණ වැඩසටහනේ දි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන්ට මෙන්ම කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවකාවන්ට ප්‍රමුඛතාව ලබා දෙනවා. ඇඟලුම් සේවක සේවිකාවන් කොරෝනා වසංගතය හමුවේ තම බඩවියත රැක ගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටිති. මෙකී ඇඟලුම් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කම්හල් බලධාරීන්ගේ වගකීමකි.