කුජ කට­කයේ නීචවේ‍ ජනතා ප්‍රති­රෝ­ධතා බහුල වේ | Page 4 | සිළුමිණ

කුජ කට­කයේ නීචවේ‍ ජනතා ප්‍රති­රෝ­ධතා බහුල වේ

 

කුජ ග්‍රහයා ජූනි මස 02 වැනි දින උදේ 06.52 ට කටක රාශියට පැමිණ නීචවෙයි. සටන්කාමී යුගයකු වන කුජ සඳුට අයත් කටකයේ මෙසේ නීචවීම බොහෝ විට මිනිස් සිතුවිලි ව්‍යාකූල කරන තත්ත්වයකි. එකිනෙකා අතර අසමගිතා - විරෝධතා හා පටු ආකල්ප මතු කරමින් විවිධ බලපෑම් ඇති කරන තත්ත්වයකට එය හේතු වෙයි.

 

සමාජයේ විවිධ බොරු ප්‍රචාර මතු කරමින් එකිනෙකා අතර ගැටුම් මතු කිරීමට ද විවිධ ප්‍රතිරෝධතා මත ඉදිරි සැලසුම් විනාශ කර දැමීමට ද කුජ මුල් වන බව කිව යුතුවේ.

එසේම පාරිසරික විෂමතා කාලගුණික විපර්යාස ඇති කරමින් මිනිසාට විවිධ පීඩාකාරී පරිසරයක් තවදුරටත් ගොඩ නැඟීමට මෙම ග්‍රහ තත්ත්වය හේතු භූත වෙයි. මිනිසාට සතා සිවුපාවාට පීඩා ගෙන දෙන අධික වැස්ස සුළඟ අකුණු ගැසීම් මෙන් ම කඳු කඩා වැටීම් නාය යාම් වාහන අනතුරු මේ අතර ප්‍රධාන තැනක් ගනී.

තම අභිමතය පරිදි කිසිවකුට හිංසාවක් පීඩාවක් නොමැති පිරිස් අනවශ්‍ය ලෙස උසි ගන්වමින් රටේ පාලන තන්ත්‍රයට අනිසි ‍බලපෑම් කරමින් විවිධ චෝදනා එල්ල කළ ද හිරු දුටු පිනි සේ ඒවා මැඬලීමට රජය ඉතා දක්ෂ ලෙස කටයුතු කරන සමයක් ද වෙයි.

ආරක්ෂක අංශ ශක්තිමත් වන මෙම මාස එක හමාරක පමණ කාලය ඉතා සුපරික්ෂාකාරී ක්‍රමෝපායන නිසා බොහෝ බාධක බිඳ ඉදිරියට යාමට හැකිවනු ඇත.

Comments