
- ලංකාවේ පාසල් 10,000 කට ඉදිරි වසර 2ක ඇතුළත 4G ආවරණ
- අධ්‍යාපන හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්
- සෑම ගමකටම පරිගණක හෝ ටැබ් 10 කින් යුත් ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන
- නොමිලයේ ලබා දෙන ඊ- තක්සලාවට දිනකට ලක්ෂ 2 1/2 ක ප්‍රවේශයක්
කොවිඩ් වසංගතය හේතුවෙන් ලංකාවේ 4,061,653 ක් වූ පාසල් දරුවන් පසුගිය වසර ආරම්භයේ සිට මේ වන තෙක් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ තාක්ෂණය මුසු වූ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔත්සේය. අන්තර් ජාල පහසුකම හරහා ගොඩ නැඟුණු මේ දුරස්ථ අධ්‍යාපනයේදි සිසුන් අතට පොත වෙනුවට පත්වූයේ ජංගම දුරකතන, පරිගණක, මෙන්ම ටැබ් වැනි උපාංගය. මෙම නවීන තාක්ෂණික අධ්‍යාපන මෙවලම් හරහා සිදු වෙමින් පවත්නා වූ අධ්‍යාපනය නිසාවෙන්, මේ වන විට බොහෝ දුර බැහැර සිසුන් පමණක් නොව නගරයේ සිසුන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටීම නිතර අසන්නට ලැබෙන පුවතකි. අධ්‍යාපනයේ විෂමතා මවමින් අන්තර් ජාල පහසුම් නැතිවීම නිසාවෙන් හෝ ඊට අවශ්‍ය මෙවලම් නොමැති වීමෙන් අදටත් නිසි අධ්‍යාපනයක් සිසුන්ට ලබන්නට නොහැකි වීම කනගාටුවට කරුණකි.
කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා පාසල් විවෘත කිරීම කවදා සිදු කෙරේද යන්න සැක සහිතය. එනිසාවෙන් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ දුරස්ථ හෙවත් මාර්ගගත ක්‍රමවේදයෙන්, ගුරුගෙදර, ඊ තක්සලාව මෙන් ම ගුවන්විදුලිය ආදී මාධ්‍ය ඔස්සේය. ඊට අවශ්‍ය පහසුකම් රජය මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයද සකස් කොට ඇත්තේය. ඊ තක්සලාව මඟින් ගුරුවරුන්ට ‘වර්චුවල් පන්තිකාමර සකස්කර අධ්‍යාපනය ලබා ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් මඟින් පහසුකම් සලසා දී තිබේ. ඊ තක්සලාවෙහි පාඩම් 65,000ක ප්‍රමාණයක් අඩංගු කොට තිබෙන අතර ලක්ෂ 2 ½ ක් පමණ දිනකට ඊට ප්‍රවේශය ලබන බවත්, පසුගිය මාසයේ මිලියන 3.5ක් ඊට ප්‍රවේශය ලබා තිබූ බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ කෙසේ වෙතත් අදටත් ගස්, ගල් මෙන්ම නිවෙස් හි වහළ මතට නඟිමින් දුෂ්කර අධ්‍යාපනයක් ලබන දරුවන් කොතෙකුත් අපට වාර්තා වන්නේ මෙම දුරස්ථ අධ්‍යාපනයේ පවත්නා අඩුපාඩු නිසාවෙනි. සන්නිවේදන පහසුකම් නැතිකමින් ගස්, ගල් උඩ නගින, වැව් තාවුල්ල දිව යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මඟහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවීමට තරුණ හා ක්‍රීඩා ඇමැති සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ කටයුතු කරගෙන යන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ද සමඟිනි.
“මේ වනවිට මාස කිහිපයක් හැර දරුවන්ට පාසල් අධ්‍යාපනය හදාරන්න අපහසු වෙලා තියෙනවා. තව කොතරම් කාලයක් මේ ආකාරයට ගමන් කරන්න වේවි ද යන්න තක්සේරු කරන්න බැහැ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයත් එක්ව ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් උපදෙස් පරිදි අපි තීන්දු තීරණ රැසක් ගැනීමට කටයුතු යෙදුවා. මෙහි ප්‍රධාන ගැටලුව තමයි සිග්නල් නැත්නම් ඩේටා ලබා ගැනීමට තිබෙන අපහසුතාව. පසුගිය වසර ගණනාවක් කුලුනු ඉදිකිරීමේ දී ජාතික සැලැස්මකට අනුව ඒවා ඉදි නොකොට එක් එක් සමාගම්වල අවශ්‍යතාව මත කුලුනු ලබා දීම සිදු වුණා. ඒ නිසා රටේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ දී රික්තකයක් ඇතිවෙලා තිබෙනවා. නැතිනම් ජංගම දුරකතනවලට පවා සන්නිවේදන පහසුකම් ලබා ගැනීමේ ගැටලු තිබෙනවා. පළමුව අපි මේ කාරණය නිවැරදි කොට රටම ආවරණය වන පරිදි ජාතික සැලැස්මක් සමඟ සියලුම ආයතන ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ගමට සන්නිවේදනය අපි යාවත්කාලීන කිරීමේ වැඩසටහන දැනටමත් ආරම්භ කරලා තියෙනවා. අපේ ඉලක්කය වසර දෙකක් ඇතුළත මුළු ලංකාවෙම ඒ සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට ඒකාබද්ධ ප්‍රවේශයක් සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව එකට එකතුවෙලා ක්‍රියාත්මක කිරීමයි. එහි ප්‍රවේශයක් ලෙස මේ වනවිටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුලුනු ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. තව සති කිහිපයක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලුනු 49ක් ඉදිකරන්න අපි පටන් ගන්නවා.
මාතර ඇතුළු දිස්ත්‍රික්ක 10ක සිදුවන එවැනි යාවත්කාලීන කිරීම් උදෙසා කුලුනු ඉදි වෙනවා. ඒ තුළ රටේ බහුතරයක් ප්‍රදේශවලට පවතින සන්නිවේදන අපහසුතා විසඳා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුම තමයි රටේ සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් ලැබෙන මධ්‍යස්ථාන පිහිටුවීම. සති දෙකක් ඇතුළත ඒ තැන්වලට අවශ්‍ය පරිගණක හෝ ටැබ් උපරිම 10ක් ලබා දෙමින් උදෑසන සිට සවස්වරුව දක්වා ඊ-තක්සලාව හරහා අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙනවා..........“ ඒ ඇමැති නාමල් රාජපක්ෂය.
ඒ අනුව අකුරු කරන්නට ගමේ දරුවො ගස් වහල මතට නඟින්නට, වැව් තාවුල්ලට දුවන්නට ඇවැසි නොවනු ඇත. තමන්ගේ නිවසට නිසි අන්තර්ජාල පහසුකම් අඩුපාඩු ඇත්නම් ඉදිරියේදි මෙසේ හඳුනාගන්නා මධ්‍යස්ථානවලට පැමිණීම තුළින් ඒ දරුවන්ට 4G පහසුකම අත්විඳිමින් අධ්‍යාපනය ලබා ගන්නට මෙමඟින් හැකියාව ලැබෙනු ඇත. මේ වන විටත් සන්නිවේදන ආයතන සමඟ සාකච්ඡා කර ඊ-තක්සලාව සියයට සියයක් අන්තර්ජාල ගාස්තුවලින් ඉවත්කර ඇත. මේ නිසා අද ලංකාවේ ඕනෑම තැනක සිටින දරුවකුට ඊ-තක්සලාව ඔස්සේ අධ්‍යාපනය හදාරන්නට කිසිදු දරුවකුට මුදල් වැය වන්නේ නැත. එසේම ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් (LMS) ක්‍රියාවලිය පාසල් 20කින් ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති අතර ජූලි මාසේ 25 දා වන විට පාසල් 200 ක් ඊට සම්බන්ධ කිරීමටද නියමිතයි. මෙහි අවසන් ඉලක්කය වන්නේ ලංකාවේ පාසල් 10000 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරි වසර 2ක ඇතුළත 4G ආවරණ ලබා දෙන්නට ය.
“අපි ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවිමට කටයුතු කරන ලෙස සියලූම අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැන්වූවා. ඒ අනුව එම මධ්‍යස්ථාන හඳුනා ගැනීම මේ වන විටත් සිදු කෙරෙනවා. එම මධ්‍යස්ථාන උදේ 7 සිට සවස 3 දක්වා විවෘතයි. එම මධ්‍යස්ථානයක් පරිගණක, ලැප්ටොප්, හා ටැබ් පරිගණක 10 කින් වත් සමන්විත විය යුතුයි. එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධීකරණය මෙන්ම නියාමනය පළාත් මට්ටමින්ද සිදු කිරිමට කටයුතු යොදනවා. මේ කටයුත්තට ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයත්, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා පාසල් යටිතල පසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයත් එක් වෙනවා.....“ ඒ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල් පිරිස් ය.
මේ අනුව ඉදිරියේදී පාසලක්, මහින්දෝදය විද්‍යාගාරයක්, නැණසලක්, ආගමික ස්ථානයක්, ප්‍රජා ශාලවක් හෝ පුස්තකාලයක් හෝ පෞද්ගලික අංශයේ ධානපතියෙක් මැදිහත්ව ලබාදෙන මධ්‍යස්ථානයක් තුළ පරිගණක හෝ ටැබ් උපරිම 10ක් සහිතව මෙම ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය. මේ මධ්‍යස්ථානය ඔස්සේ උදෑසන සිට සවස්වනතුරුම ඊ-තක්සලාව හරහා අධ්‍යාපනය හැදෑරීමේ සිසුන්ට අවකාශය හිමි වන්නේ සියලු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකුලවය. මීට අමතරව පහසුකම් අඩු පවුල්වල දරුවන් සඳහා ඉදිරියේදි පහසු ගෙවීමේ ක්‍රමයකට හෝ අඩු මාසික වාරික හරහා හෝ ජංගම දුරකතන ලබා දිමේ හැකියාවද මේ අමාත්‍යාංශය සොයා බලනු ඇත.