
රසායනික පොහොර සහ කෘෂිකර්මයට යොදා ගනු ලබන රසායනික කෘමිනාෂක සහ වල් නාශක ආනයනය තහනම් කිරිමට ආණ්ඩුව තීරණය කර ඇත. පොහොර සහ අනෙකුත් රසායනික කෘමිනාශක ආනයනය සඳහා වර්ෂයකට ඩොලර් මිලියන හාරසියයක් වැය වෙයි. ඒ නිසා ලංකාවේ විදෙස් විනිමය අර්බුදයට එක් හේතුවක් ලෙස මෙය හඳුනාගත හැකිය. මෙය ක්ෂණික තීන්දුවක් යැයි ඇතැම්හු පවසති. මේ තීරණය කුමන හේතුවක් නිසා ගත්තද? මෙය කලකට පෙර ගත යුතුව තිබූ තීන්දුවකි. මේ තීන්දු ගැනීමෙන් පසුව ලංකාවේ විවිධ පාර්ශ්වයන්ගෙන් මේ සම්බන්ධයෙන් නොයෙක් විරෝධ මතු වී ඇත. එක් අංශයකින් ලංකාවේ විවිධ විශ්වවිද්‍යාලයීය සහ කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් විවිධ විද්වතුන් මේ පිළිබඳව එරෙහි වෙමින් කරුණු ඉදිරිපත් කරනු ලබයි. සමගි ජනබලවේගයෙන් පටන් ගෙන කුඩා දේශපාලන පක්ෂයන් දක්වාත් මේ තීරණය සමබන්ධයෙන් විරෝධ දක්වයි.
ඒ හැරුණු කොට ගොවි ජනතාව අතර සැබෑ විරෝධයක් මතු වී ඇත. එයට හේතුව දැනට ඔවුන්ට උද්ගතවී ඇති කෘෂි කර්මාන්තයේදී මතුවන ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයයි. මේ ගොවීන්ගේ විරෝධතා හැර අනෙක් විරෝධතාවයන් කෙතරම් සාධාරණ ද? එම විරෝධතා විද්‍යාත්මක පසුබිමකින් සිදු කෙරෙනු ලබන්නක් ද යන්න පිළිබඳව මෙහිදී විශ්ලේෂණය කළ යුතුය. පළමු කරුණ නම් විරෝධය දක්වන බොහෝදෙනෙක් සහ යම්තාක් දුරට ආණ්ඩුවත් මේ පරිවර්තනය සම්බන්ධයෙන් සැබෑ ස්වභාවය නොදන්නා අතර, සැබෑ වශයෙන් එය කළ යුත්තේ කෙසේද යන කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට නැත. රසායනික ගොවිතැනින් කාබනික ගොවිතැනට මාරුවීමක් ලෙස විද්වතුන් බොහෝ දෙනෙක් මෙයට අර්ථකතන සහ විවේචනය කරනු ලබයි.
ඔවුන් මතු කරන කරුණ ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉතා සුළු අංගයක් පමණකි. අප එය නිවැරදි කළ යුතුය. මේ පරිවර්තනය සිදු කළ යුතු වන්නේ රසායනික කරණයෙන් කාබනිකකරණයෙන් පමණක් නොවේ. අප යා යුතු වන්නේ පරිසරික කෘෂි කර්මාන්තයක් කරාය. මේ මාරුවීම සුසමා දාර්ශීය වෙනසක් බවට පත් කරගත යුතුව ඇත. අද වනවිට ඇති කෘෂි කාර්මික ක්‍රමයෙන් අපි ගමන් කළ යුතුවන්නේ පාරිසරික කෘෂි කාර්මික ක්‍රමවේදයකටය.
මේ දැනට ඇති ක්‍රමය එක්දහස් නවසිය හැට ගණන්වල හරිත විප්ලවයත් සමඟයි. හරිත විප්ලවය මුලින්ම හඳුන්වා දීමේදී ඉහළ අස්වැන්නක් ඇති බවත් සඳහන් කර ඇතත් ක්‍රමානුකූලව මේ ක්‍රමය හුදු අස්වැන්නක් ලබන බීජ වර්ගයක් නොව මෙහි ඇත්තේ විශාල යෙදවුම් කට්ටලයක් ලෙස හඳුනාගත හැකි විය. රසායනික වල් නාශක, රසායනික පොහොර යන සියලු දේ මේ කට්ටලයේ ඇති බව පෙන්නුම් කෙරෙයි. මිශ්‍ර ගොවිතැන් ක්‍රමය වෙනුවෙන් වගා කිරීමේ ක්‍රමවේදයකට ගමන් ගන්නා ලදී. මේ කාර්මික කෘෂිකර්මය industrial agriculture ලෙස හැඳින්වේ. එහෙත් අපි ගමන් ගත යුතුව ඇත්තේ පරිසරය බේරා ගැනීම සඳහා පමණක් නොවේ. ගොවි සමාජය බේරා ගැනීමත් අප විසින් කළ යුතුය.
මේ නව යොමු වීම පාරිසරික කෘෂිකාර්මික ක්‍රමවේදය නමින් හඳුනාගත යුතුය. මෙයට හුරුවීමට ඇති අකමැත්ත පිළිබඳව පසුගිය දිනවල ලංකාවේ විවිධ ප්‍ර දේශවල ගැටුම් සහ අරගල ඇතිවිය. ඇතැම් විරෝධතා මතුවන්නේ ගැමි ණය ප්‍රශ්නය, සත්‍යග්‍රාහ එමෙන්ම අලින්ට හැසිරීමට ඉඩප්‍රස්ථාවක් පිළිබඳව ඉල්ලීම අනුව වෙයි. ගොවින්ගේ ආදායම, ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් කාර්මික කෘෂිකාර්මික ක්ෂේත්‍ර මතුවිය. එහෙත් පවතිනා මේ වගා ක්‍රමවේදයෙන් වෙන්වීම ඉතා අවශ්‍ය කරුණකි. මේ වෙන්වීම අවශ්‍ය බව බොහෝ පිරිස් සඳහන් කළද එය ඉතාම ක්‍රමානුකූල කළ යුතු බව ද පවසති. මෙවැනි පියවරක් ගැනීමට නම් මුලින් එක් වෑයමක් ගත යුතුයි. ඒ පිම්ම තැබූ විට ක්‍රමානුකූල බව මේ ක්‍රියාවලියට ඇතුළත් කළ හැකි වෙයි. එය බොහෝ දෙනෙක් අමතක කරනු ලබන කරුණකි.
මීට පෙර මේ සඳහා ගත් වෑයම් සියල්ල ක්‍රමානුකූලත්වය යන මූලධර්මය මත පිහිටා තිබුණ බව පෙනෙයි. ඒ නිසා මේ පිම්ම ගැනීම ඉතා වැදගත් වෙයි . ක්‍රමානුකූල ක්‍රියාවලියක් ඇරඹීම සඳහා කෘෂිකර්මික ක්‍රමවේදයකට එරෙහිව කෘෂි අංශවල ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කරන අදහස අනුව මේ නව ක්‍රමවේදයේ අස්වැන්න ඵලදාව අඩු විය හැකි බව පවසයි.
වී වගාව 20 ත් 25% අතර සහ එළවළු වගාවේ 30 % 35% අතර වෙයි. තේ වගාව 40% 50% අතර නිෂ්පාදන පහත වැටිය හැකි බව බොහෝ විට ඇස්තමේන්තු කරයි. මේ අනුව ගොවීන්ගේ ආදායම මෙහි ප්‍රතිඵලයක් ලෙස විශාල වශයෙන් පහත වැටෙතැයි ඒ අය විශ්වාස කරයි. මේ සම්බන්ධයෙන් නිෂ්චිත සමීක්ෂණ නැත. තේ වගාවට, වී වගාවට, එළවළුවලට, කොම්පොස්ට් භාවිත කිරීමෙන් නිෂ්පාදනය පහත වැටීමක් සිදුවන බව ඔවුන්ගේ අදහස වෙයි. මේ පිළිබඳ සමීක්ෂණයක් බතලගොඩ ආදර්ශ ගොවිපොළේ විද්වතකු විසින් ඉදිරිපත් කරයි. මෙහිදී 25% පාඩුවක් සිදුවෙතැයි ඔහු විශ්වාස කරනු ලබයි. මේ සමීක්ෂණයේදී භාවිත කළ කොම්පොස්ට් පොහොර කුමක්ද යන්න සඳහන් ව නැත. කොම්පොස්ට් ගුණාත්මය පිළිබඳව එතරම් සැලකිල්ලට ගෙන නැති බව පෙනෙයි.
කෙසේ වුවත් ඒ කරුණු දැනටමත් පාරිසරික ගොවි ක්‍රමය අනුගමනය කරන්නා වූ සැබෑ ගොවින්ගේ අත්දැකීම් සමඟ බැලිය යුතු වෙයි. එප්පාවල පියරතන හිමිගේ කෘෂිකාර්මික ආදර්ශය උදාහරණයට ගත හැකියි. පාරිසරික කෘෂි පුරුදු අනුගමනය කරන ඒ ගොවිපොළේ ඵලදාව ඒ පළාතේ එම අංශයේ රසායනික පොහොර සහ වල්නාශක භාවිත කරන ගොවීන්ගේ ඵලදාවට වඩා කිසිසේත්ම අඩු නොවෙයි. රාජාංගනයේ ඇතැම් ගොවීන් ඵලදායිතාව මනිනු ලබන්නේ ඉඩමට සාපේක්ෂවයි. නමුත් මෙය බැලිය හැකි තවත් ක්‍රමවේදයන් ඇත. මේ සම්බන්ධයෙන් බලශක්ති ගණන ක්‍රමය නමින් ක්‍රමවේදයක් වෙයි. පරිසරජනන ක්‍රම වෙයි. කාර්මික කෘෂිකර්මික ක්‍රමය යටතේ වගාකිරීමේදි බලශක්ති ප්‍රමාණය ඒ අස්වැන්නේ ඇති ඵලදායිතාව සාමාන්‍ය ගොවිතැන් ක්‍රමයකට වඩා අඩුවෙයි. ගොවියා විසින්ම නිෂ්පාදනය කරන ක්‍රමවේදයන් බීජ හදාගන්නා ක්‍රමයක් සකසාගෙන එම ක්‍රම අනුගමනය කිරීමෙන් කාර්මික කෘෂීකාර්මික ක්‍රමවේදයන්ගෙන් ලැබෙන වාසිය වැඩි වෙයි.
නමුත් අනෙක් ක්‍රමයන්ට වඩා වැඩිය යන තර්කය එතරම් නිවැරදි නොවෙයි. මේ ගොවිතැනේදී දැරීමට වන වියදම ඉතා වැඩියැයි උපකල්පනය කරන්නේ නම් අස්වැන්න අඩු වීමක් සිදුවන්නේ යැයි විශ්වාස කරන්නේ නම් ගොවීන් විසින් රසායනික ක්‍රමය වෙනුවට පාරිසරික ක්‍රමවේදයන් භාවිත කර බැලිය යුතුයි. එහිදී ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඉතා පහළ අගයක් වන බව පැහැදිලි වෙයි. ඒ නිසා ගොවීන්ට ලැබෙන අතිරික්තය වැඩිවෙයි. මේ කාර්මික රසායනික ක්‍රමවේදයේ සිට පාරිසරික ක්‍රමයට මාරුවන විට ඔවුන්ගේ නිෂ්පාදන වියදම බෙහෙවින් අඩු වන හෙයින් ආදායමේ වැඩි අතිරික්තයක් ලබා ගැනිමට හැකිවෙයි. මේ පිළිබඳ කරනු ලැබු පර්යේෂණ වෙයි. මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරුන් දෙදෙනකු විසින් කරනු ලැබු සමීක්ෂණයකට අනුව සඳහන් වෙන කරුණක් නම් පොහොර ලෙස නොව මුහුන් පාවිච්චි කිරිමෙන් ලංකාවේ සහල් කිලෝවක් රුපියල් 75 දිය හැකි බව ඔවුන් පවසයි.
පාරිසරික කෘෂිකර්ම ක්‍රමයට ගමන් කිරීමෙන් ගොවීන්ගේ ආදායම සැලකිය යුතු ලෙස වැඩි වන අතර ග්‍රාමීය ආර්ථීකය වඩා ශක්තිමත් එකක් බවට පත්වෙන බවයි. මේ කරුණු අමතක කර හුදු රසායනික හරණය කාබනික කෘෂිකර්මයකට සීමා කිරීමෙන් විද්වතුන් සහ ආර්ථික විද්‍යාඥයන් මේ කරුණු පිළිබඳව පැහැදිලි කරගනු ලබන්නේ මතුපිට අර්ථයෙනි.
මේ පරිවර්තනය කිරීමට සුදානම් වන්නේ එක්තරා කාර්මික සුසමාදර්ශයකි. එනම් කාර්මික කෘෂි ක්‍රමය නමින් හඳුන්වන මේ ක්‍රමවේදයේ දි වැඩිවශයෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතයන්ගෙන් වඩා පාරිසරික කෘෂිකර්මාන්තයට පරිවර්තනය වන්නේ නම් එහි ප්‍රතිඵලය ගොවියාට වඩාත් හිතකර වෙයි, මෙහි වාසිසහගත තත්ත්වයක් වේ නම් ගොවි ජනතාවගෙන් විරෝධයක් පැන නගින්නේ කුමක් නිසාද යන්න ප්‍රශ්නයක් පැනනගී.මේ පිළිබඳව කෘෂි අධ්‍යපනයක් නොලැබිමයි එක් හේතුවකි. දෙවැනි කරුණ නම් ගොවියා 1960 සිට පුරුදු පුහුණු වූ ක්‍රමවේදයක් වෙයි. එනම්, වල් නාශක රසායනික පොහොර යෙදීම වැනි ක්‍රියාවලියකට ගොවීන් හුරුවී සිටි බව අපි දනිමු. මෙතෙක් පුරුදු වූ ඒ ක්‍රමවේදයක් අනුව ආණ්ඩුවෙන් ලැබු සහයෝගයත් පොහොර සහනාධාරයත් නිසා ගොවියන් අතර විරෝධයක් මතු විය. එය ගොවින් පුරුදු පුහුණු ක්‍රමවේදයන් වෙනත් පැත්තක් කරා හැරවීමෙන් සිදුවූ ගැටුමකි. ඒ නිසා මේ පිළිබඳව ගොවින්ට ක්‍රමානුකූල දැනුම ලබාදීම කළ යුතු වෙයි.
මේ නව පිම්මක් ගැනීමෙන් අනතුරුව මේ ක්‍රමානුකූලත්වය පිළිබඳ ගැටලුව සාකච්ජා කළ හැකිය. ඒ සම්බන්ධයෙන් අවුරුදු 50 පුරුද්දෙන් ගැලවීම සඳහා ගොවියන්ට සානුබලයක් දිය හැකියි.
ධනේශ්වර නිෂ්පාදන මාදිලියක සන්දර්භයක් තුළ නිර්ව්‍යාජ පාරිසරික කෘෂිකාර්මයක් ගොඩනැගිය නොහැක්කේ යැයි විද්වතුන් දක්වන අදහස් සමඟ එකඟ වෙමි. මෙසේ අදහස් දක්වන්නන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ රසායනිකහරණ ප්‍රතිපත්තිය ගැන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් පැවැත්වූ වෙබිනාර් සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ආචාර්ය වන්දනා සිවා දැක්වූ අදහසක් වෙයි. ඇය මේ සම්බන්ධයෙන් ලියූ පොත් ගණන විශාල ය. පර්යේෂණ රචනා 200ක් පමණ ය. කාර්මික කෘෂිකාර්මික සුසමාදර්ශය වෙතින් පාරිසරික කෘෂිකාර්මික සුසමාදර්ශකයකට මාරුවීමේ අනිවාර්ය වුවමනාව වෙනුවෙන් ඇය නොපසුබටව පෙනී සිටී. එමෙන්ම කාර්මික කෘෂිකාර්මික සුසමාදර්ශය අතළොස්සක් බහුජාතික සමාගම්වල වුවමනාවට සකස්වූවක් බවත් ඒ නිසා මෙම සුසමාදර්ශ මාරුව (paradigm shift) සමාගම්වලට එරෙහි අරගලයක් වීම නොවැළැක්විය හැක්කක් බවත් ඇය අවධාරණය කරයි.
NPP සුසමාදර්ශයෙන් පාරිසරික කෘෂිකර්ම සුසමාදර්ශය වෙත මාරුවීම පිළිගන්නා සැලකිය යුතු පිරිසක් එය පරිපූර්ණව කිරීමට නම් ඒ සමඟ මාදිලි මාරුවක් ද (modal shift) විය යුතුය යන්න ඔවුන් නොදකී. ලොව බොහෝ පරිසරවාදීන් සම්බන්ධයෙන් ද මෙය වලංගු ය.
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රකාශිත රසායනිකහරණ ප්‍රතිපත්තිය ද එවන් modal shift එකක් ඉලක්කකර ගත්තක් නොවේ. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ මේ හරහා හෝ වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම තවත් අරමුණු ඇතිව විය හැකිය. කෙසේවුවද මේ පියවර හරහා සුසමාදර්ශ මාරුවක් සඳහා ආරම්භයක් වේ යැයි පරිසරික වගාව පිළිබඳව උනන්දුවක් දක්වන ආචාර්ය වන්දනා සිවා බලාපොරොත්තු වෙයි .
ඩොලර් මිලියන හාරසියයක් වාර්ෂික පොහොර සඳහා වැයවෙයි. එයින් ඩොලර් මිලියන 200ක් වී වගාව සඳහා වෙන් කළහොත් මේ ඩොලර් මිලියන 200 රුපියල් කර හැම ගොවියකුටම අක්කරයකට රුපියල් 12500 ගෙවිය හැකිය. එසේ නම් හැම අක්කරයකට තමන්ගේ ගොවිතැනට සුදුසු පොහොර ප්‍රමාණය තමන් විසින් ම සකසා ගැනීම සඳහා රුපියල් 12500 සානු බලයක් දීම මඟින් ගොවීන්ගේ මේ පිළිබඳ අධ්‍යයනයට අනුපූරක ලෙස තවත් කරුණක් එක්වෙයි. මේ 12500 දීමෙන් ආණ්ඩුවට කිසිසේත් පාඩුවක් සිදු නොවෙයි. එය සිදුවන්නේ ඩොලර් ලෙස වියදම අඩු කර රුපියල් ලෙස වියදමක් කිරීමයි. මෙය හොඳ ක්‍රියාමාර්ගයක් වෙයි. පාරිසරික කෘෂිකර්මය ගත් විට විශේෂයෙන් ඉතාමත් වැදගත් බුද්ධිමතුන් සඳහන් කරන්නේ මෙය ලංකාවට පමණක් හුරු වූ කරුණක් නොවන අතර මානව වර්ගයාටම වැදගත් වන බවයි. මේ පාරිසරික කෘෂිකර්මාන්තය මඟින් අදහස් කරන අදහස මුලික වශයෙන් දියුණු කරන්නේ ජපානයේ කෘෂි විද්‍යාඥයෙක් සහ ගොවියකු වන කුකුවොකා විසිනි. ඔහුගේ කෘතියක සඳහන් වන්නේ සත්‍ය වශයෙන්ම කිසිවක් නොකර ගොවිතැන් කිරීම සාරවත් සහ සාර්ථක ගොවි ක්‍රමය බවයි.
ඒ වගේම සුරාජ් පලෙයිකාර කෘෂි විද්‍යාඥවරයා සඳහන් කරන්නේ ගොවිතැනේදී කෘතිම ලෙස ගොවිතැන සැකසීම නොව ස්වභාව ධර්මයට ගොවි තැන කරගෙන යෑමට ඉඩ සැලැසීය යුතු බවයි. ඒ නිසා ඒ අය යෝජනා කරන කරුණක් නම් විශේෂයෙන්ම කෘෂිකර්මය සහ සත්ත්ව පාලනය දෙක ඒකාබද්ධ කිරීමෙන් තමන්ට අවශ්‍ය පොහොර තමන්ටම නිපදවා ගැනීමට හැකිවන බවයි. පොහොර දැමීමෙන් අපේක්ෂා කරන්නේ වගාවේදී ගස විසින් උරාගනු ලබන සාරවත් බව යළි පසට ඇතුළත් කිරීමයි. නමුත් මේ පාරිසරික කෘෂික්‍රමයෙන් අදහස් කරන්නේ පොළොව ජීවත් කිරීමයි . මේ මැරුණ පොළාව සජීවිකරණය කිරීමේ ක්‍රියාවලියක් පාරිසරික කෘෂිකර්මයෙන් අදහස් කෙරෙයි. එහි අස්වැන්න අඩුවෙතැයි යන තර්කය පිළිගත නොහැකි වන්නේ ඒ කරුණු පදනම් කරගෙනයි. මෙය ඉතා වැදගත් තීන්දුවකි.
කෘෂිකර්මයේ ඵලදාව පිළිබඳ ගණන් බැලීමක් සිදු කිරීමේදී හුදු අක්කරයකට පලදාවෙන් මිදී මේ කෘෂිකාර්මික ක්‍රමය නිසා පසට, ජලයට ඇති වන හානිය සහ ජනතාවට වන රෝගි තත්ත්වයන් ගැන සැලකීමේදී මේ පිම්ම ඉතා වැදගත් වෙයි. එමෙන්ම රසායනික හරණය කරමින් පාරිසරික ගොවිතැන් ක්‍රමයට හුරු වීම ඉතා වැදගත් වෙයි. මේ නිසා මෙසේ කිරීමේදී සාර්ථකව කිරීමට නම් ගම බලගැන්වීම කළ යුතුයි. ඒ ගොවීන්ට අවශ්‍ය සානුබලය, කෘෂිකාර්මික දැනුම සංවිධාන ශක්තියක් ලබාදෙන ක්‍රමවේදයක් අනුගමනය යුතුය. එසේ කළහොත් වසර කිහිපයකින් අපිට පාරිසරික කෘෂිකර්මය සාර්ථක කර ගත හැකිවෙතැයි විශ්වාස කළ හැකිය. 1960 ගණන්වල ඇති කළ විනාශකාරී හරිත විප්ලවය, රසායනික කෘෂිකාර්මික වගාව කෘෂිකාර්මික බලයක් ලෙස හඳුනා නොගත යුතුය. නමුත් ග්‍රාමීය ජනතාවගේ ආදායම සහ අතිරික්ත ඵලදාව වැඩි කරන, පිරිවැය අඩු කරන ග්‍රාමීය පස, ජලය ආරක්ෂා කරන පාරිසරික කෘෂිකර්මාන්තයක් සඳහා අප ගමන් කළ යුතුව ඇත.