ලොව වටා | සිළුමිණ

ලොව වටා

 

 

මෝදිට එරෙහිව

පොදු අපේක්ෂකයෙක්

 

 

යළිත් වරක් බලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට එරෙහිව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් මේ දිනවල ඉන්දීය විපක්ෂයේ පක්ෂ අතර සාකච්ඡාවට ලක් වෙමින් තිබේ. මීට පෙර අවස්ථා දෙකකදී මෝදි පරාජය කිරීමට කොංග්‍රසය ප්‍රධාන වන විපක්ෂයට හැකියාව ලැබු‌ණේ නැත. මේ වන විට කොංග්‍රසය ප්‍රධානව තවත් පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඇති ඉඩකඩ සලකා බැලීමක් සම්බන්ධව තොරතරු හෙළිදරව් වෙමින් තිබේ. ඉන්දියාවේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 වසරේදී.

ඉරානයෙන් බරකත්

 

කොවිඩ් වසංගතයට එරෙහිව එන්නතක් නිපදවීමට ඉරානය සමත් වී තිබේ. ‘බරකත්’ නමින් නම් කර ඇති එම එන්නත ලබා දීමේ සම්පූර්ණ වැඩසටහන නම් කර ඇත්තේ ‘කොවිඉරාන් බරකත්’ නමිනි. මේ වන විට එහි තුන්වැනි මට්ටමේ පර්යේෂණ ද සාර්ථක වී ඇති අතර පසුගියදා 82වැනි වියේ පසුවන ඉරානයේ අධ්‍යත්මික නායක අලි කමෙයිනිද එම එන්නත ලබා ගත්තේය.

ඉරාන බලධාරීන් පවසා ඇති අන්දමට මේ එන්නත සාර්ථක බව ඔවුන් තහවුරු කර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස 29වැනිදාය. එහි තොග නිෂ්පාදනය කිරිම පසුගිය මාර්තු මාසයේදී ආරම්භ කර තිබේ. තුන්වැනි මට්ටමේ පර්යේෂණ සඳහා ඉරානයේ ප්‍රධාන නගරය කිහිපයක පුද්ගලයන් 20,000ක් යොදා ගනිමින් පර්යේෂණ පවත්වා තිබේ.

එම පර්යේෂණද සාර්ථක බව තහවුරු වී ඇති බැවින් නුදුරේදීම ඉරාන ජනතාවට විශාල ලෙස මේ එන්නත ලබා දීමට කටයුතු යොදන බව ඉරාන බලධාරීන් තහවුරු කර තිබේ.

යුරෝපය පුටින්ට ආදරෙයි

 

ඉදරියේදී රුසියාව සමඟ යහපත් මිත්‍ර සබඳතා ඇතිකර ගැනීමට යුරෝපා රටවල් අපේක්ෂා කරන බව තහවුරු වී තිබේ. මේ සම්බන්ධවව ප්‍රථමයෙන්ම අදහස් පළ කරමින් ජර්මනිය පසුගියදා පැවති පුටින් - බයිඩ්න් හමුව පිළිබඳ තම සතුට පළ තර ඇත.

පසුව මේ මිත්‍ර සන්ථවය වැඩි දුර පවත්වා ගැනීමට අපේක්ෂා කරමින් ජර්මිනය සහ ප්‍රංශය පවසා තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිය යුරෝපා රාජ්‍ය නායකයන්ගේ හමුවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ටද ආරාධනා කිරීමට යෝජනාවක් ගෙන එන බවයි.

සීතල යුද සමයේ සිට ඇමරිකාවේ මෙන්ම යුරෝපයේද පොදු සතුරා වූ රුසියාව මේ වන විට එම ස්ථානයෙන් වියුක්ත වෙමින් වඩා මිත්‍ර භූමිකාවක් වෙත පැමිණෙමින් සිටින බව පෙනී ගියද පුටින් යනු පුටින්ම බව අමතක කිරීමට බටහිර නායකයන් අමතක නොකිරීම ඔවුන්ගේ යහපතට හේතු වන ඇත.

 

 

මර්කල් ගේ අවසන් කතාව

 

තම ධූර කාලය අවසන් කරමින් සිටින ජර්මනියේ ඉතාම සාර්ථක නායිකාවක වන ඇන්ජෙලා මර්කල් පසුගියදා ජර්මන් පාර්ලිමේන්තුවේදී තම අවසන් කතාව සිදුකළාය. ඇය වසර 18කට ආසන්න කාලයක් ජර්මනිය පාලනය කළ අතර ඉතා සාර්ථක නායිකාවක් ලෙස ජර්මනිය ලෝකයේ උසස්ම ස්ථානයක් දක්වා ගෙන ඒමටද සමත් වූවාය.

කෙසේ වුවද පසුගිය අවස්ථා කිහිපයක පැවති ප්‍රාන්ත මැතිවරණවලින් ඇයගේ දේශපාලන පක්ෂය කැපී පෙනෙන ජයක් ලබා ගැනීමට සමත් වූයේ නැත. එහෙත් තම දේශපාලන ජිවිතය අවසන් කරන බව කල් තබාම ප්‍රකාශ කළ ඇය ඉදිරි නායකත්වයට අවස්ථාව ලබා දෙන බවද පවසා සිටියාය

Comments