
සමාජ මාධ්‍ය පිළිබඳව කරුණු විමසීමේදී මේ නව මාධ්‍ය පැමිණීමට ලෝකය පුරා පැවැතියේ පොදු හැසිරීම්වලින් යුත් ජන මාධ්‍යවේදයයි. සමාජ මාධ්‍ය පැමිණිමට පෙර අපිට දක්නට ලැබෙන කරුණක් නම් ජනතාව වෙනුවෙන් පැවැති මේ පොදු හැසීරීම්වලින් යුත් මාධ්‍ය ක්‍රමවේදය මෑත කාලීනව යම් වෙනසකට භාජනය වූ බවයි. එයට හේතු සාධකය ලෙස හැඳින්විය හැක්කේ ලෝකය පුරා ම සමාජ මාධ්‍ය කරළියට පැමිණීමයි. දියුණු යැයි කියාගන්නා රටවල මෙන්ම සමාජවාදී රටවල, දේශපාලනික සහ මාධ්‍ය නිදහස නැති රටවලත් මේ නව මාධ්‍ය භාවිත කිරීමේ සංස්කෘතිය ආරම්භ විය.
එයට හේතුව ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමට නොහැකි කරුණු සමාජ මාධ්‍ය හරහා එළියට ගෙන ජනතාවට එහි දි යම් වේදිකාවක් ගොඩ නැගීමයි. සමාජ මාධ්‍යය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයෙන් වෙනස් වන ප්‍රධානම සාධකය ලෙස හැඳින්විය හැක්කේ ජනමාධ්‍ය ගත්විට එය හසුරුවන්නන් සිටින අතර ආයතනගතව එහි හිමිකාරීත්වයක් සහ වගකියන්නන් සිටීමයි. නමුත් සමාජ මාධ්‍යය යම් ආකාරයේ ආයතනගතව ඇති බව සඳහන් වුව ද, එහි ආයතනගත වීමක් ඇතැයි විශ්වාස කිරීමට අපහසු අවස්ථා වෙයි. මේවා පුද්ගල කේන්ද්‍රීය සමාජ මාධ්‍යයන් ලෙස හඳුනා ගැනීම වඩා සුදුසු වන අවස්ථාවයි. මේවා හසුරුවනු ලබන්නේ පුද්ගලික පිරිස් විසිනි. සමාජ මාධ්‍යයක ගිණුමක් සාදා ගෙන තමන්ගේ මතවාද ඉදිරිපත් කිරීමට හැකියාවක් මේ සමාජ මාධ්‍ය තුළ වෙයි. සමාජීය මාධ්‍ය බොහෝ වෙලාවට භාවිත කරනුයේ තමන්ගේ අත්දැකීම් එකිනෙකා අතර හුවමාරු කරගැනීම උදෙසායි.
අතීතමය වශයෙන් ගත් විට තම සමීපතයන් සමඟ ඍජු සම්බන්ධතා පැවැත්වීමට මෙය භාවිත විය. ලෝකය යම්තාක් දුරකට ඉදිරියට යනවිට මිනිසුන් අතර හුදකලාවීමක් දක්නට ලැබුණි. අපි එකිනෙකාට සමීපභාවයෙන් ඈත්වීම සහ භූගෝලීය වශයෙන් ඈත්වීමත් සමඟ මේ සමාජ මාධ්‍යය තමන්ගේ හිතවතුන් මිතුරන් ඇසුර සඳහා පාවිච්චි කෙරුණි, ඍජු සමාජ සම්බන්ධතා බිඳවැටුණු සමාජයන් අතරේ දුරස්ථව සම්බන්ධතා පවත්වා ගැනීමට අත්දැකීම් හුවමාරු කරගන්නා මාධ්‍යයක් ලෙස මෙය පාවිච්චි කරනු ලැබිණි.
පසුකාලීනව මේ පෞද්ගලික අරමුණුවලින් මඳක් ඈත්වී දේශපාලනය, ආර්ථික සාමාජීය ත්‍රස්තවාදය සහ ආගමික අන්තවාදය වැනි දේවල් පිළිබඳව සහ වෙළෙඳ ප්‍රචාරණ ඔට්ටු තැබීම් වැනි විවිධාකාරයෙන් මුදල් ඉපදීමේ කටයුතු සඳහා මේ සමාජ මාධ්‍ය බහුලව පාවිච්චි කරන ලදී.
මේ වනවිට ලංකාවේ ඇතුළු සමහර රටවල ඇතැම් දේශපාලඥයන් සහ සමහර පිරිස් විශ්වාස කරන්නක් නම් සමාජ මාධ්‍ය සඳහා ආණ්ඩු පෙරළීමට හැකියාව ඇති බවයි. එමෙන්ම ආණ්ඩුවේ මතවාද ජනතාවට ගෙනයෑමට හැකි මාධ්‍ය සංරක්ෂකයා වන්නේ ද මේ සමාජ මාධ්‍ය බව ඇතැමුන් විශ්වාස කරයි.
උදහරණ ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ජනාධිපතිවරයාව සිටින ලද 2010 -2015 දක්වා කාලයේ එතුමාගේ පාලන සමයේදී මේ සමාජ මාධ්‍ය විවිධ අභූත චෝදනා නැඟීම සඳහා භාවිත කළ බව අපි දුටුවෙමු. මේවා ජනතාව අතර ඉතා ප්‍රබලව පැතිර යෑමක් විය. ඒ මෙන්ම අද සමාජයේ කියවන්නන් අතරත් මේ සමාජ මාධ්‍ය සඳහා යම් ඇබ්බැහිවීමක් සහ පෙලඹවීමක් ඇතිවිය.
සමාජ අසත්‍යතාවන් සමාජ සත්‍යතාවයන් ලෙස ජනගත වීම ආරම්භ විය. ඒ නිසා 2015 පැවැති රජය වෙනස් වීම සඳහා මේ සමාජ අසත්‍යතාව පැතිර යෑම බොහෝදුරට ඉවහල් විය. ඒ වැනි සමාජ මාධ්‍ය හැදෑරීමෙන් ගොඩනැඟු වෙනස් කරන ලද ආණ්ඩු බලයට පත්වූ අවස්ථාවේදී සිට ඒ පත්කිරීමට වටපිටාව සැදු සමහර මාධ්‍ය ඊළඟ පැයේ සිට ජනාධිපතිවරයා ඇතුළු රජයට දැවැන්ත පහර දීමක් සිදු කරන්නට විය. මේ පහරදීම්වල තිබුණේ බොහෝ අවස්ථාවලදී හාස්‍යයෙන් හෙළා දැකීම්ය. ඒ හාස්‍ය, උපහාස නිසාම ඒ චරිත විනාශ විය.
පොදුවේ ගත්විට අදත් එම පෞරුෂ බිඳ වැට්ටවීමේ ක්‍රියා කිරීම් අපට දක්නට ලැබෙයි. විශේෂයෙන් මේ තත්ත්වය ලංකාවේ පමණක් නොවෙයි, පාලන තන්ත්‍රයම වෙනස් කිරීමට සමාජ මාධ්‍ය පිටුවහල් වීමට බලපෑ තවත් කාරණාවන් වෙයි. ඒ නම් මේ සමාජය තුළ ජනමාධ්‍ය නිදහස හසුරා තබා පුද්ගල අයිතිවාසිකම් කප්පාදු කර ඉතාම ඒකාකාරී ආකාරයට බොහෝ මර්ධනීය ආකාරයට කිසිවකුට අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි ආකාරයට රාජ්‍ය පාලනය හැසිරීම එක්තරා කාලයක සිදුවිය.
ඒ හේතුවෙන් මේ සමාජ මාධ්‍ය ජනතාව අතට ගන්නා විට ජනමතය හැසිරවීමේදී සමාජය තුළ විරෝධතා මතු විය. ඒ නිසා මේ දෙකේ යම් ගැළපීමක් විය. 1977 ආණ්ඩු සමයේ සිට 1985 සිට ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැති රජයට විරුද්ධව ත්‍රස්තවාදී කැරුල්ලක් දියත් කරන ලදී. මේ අවස්ථාවේදි මාධ්‍ය විශාල මර්දනයක් ඇති පසුබිමක මේ කැරලිකාරිත්වය ඇති විය. මේ කැරලි කාරිත්වයට ඇතැමුන් හදවතින් එයට ආශිර්වාද කළ බව පෙනෙයි. ආණ්ඩුවේ පුද්ගල ඝාතනයන් සිදුවෙද්දි කිසිවකු මෙයට විරුද්ධ වීමට නොගියහ. ඒ අයට යම් දඩුවමක් ඉගැන්වීමට ඇතැම් පිරිස් රුචිකත්වය දැක්වූ බව පෙනිනි. මේ ලෙස සමාජ මතය පාලනය කිරිමට උත්සහ කිරිමේදි මාධ්‍ය නිදහස ඒ මෙන්ම පුද්ගල අයිතිවාසිකම්, ප්‍රකාශන සහ භාෂණ අයිතින් සිමා කිරිමේදි මෙවැනි පුපුරායෑම් සිදුවිය. නමුත් ලංකාව ඊට වඩා සමාජ ව්‍යුහයක් ඇති රටකි. එවැනි රටක 2019 නව රජය බලයට පත් වීමෙන් ජනතාව තුළ ජනාධිපතිවරයා පිළිබඳව කීර්තිය, ප්‍රසාදය ඇතිවී තිබිණි. එමෙන්ම මේ අවස්ථාව වනවිටත් නැවත වරක් සමාජ මාධ්‍ය විසින් ආණ්ඩු හැසිරවීමට උත්සාහ කරන තැනට පත් වී ඇත. වර්තමානයේ සමාජ මාධ්‍ය විසින් ආණ්ඩුවට මඟ පෙන්විය යුතුයි, වෙනස් කම් කළ යුතුයි, යන තැනට අද පත්වී ඇත. සමාජ මාධ්‍ය විසින් ආණ්ඩුකරණය කළ යුතුයි යන තැනට මේ මාධ්‍ය පත්වී ඇත.
එක් පැත්තකින් නිහඬ ජනමතයට හඩක් නැගුණා සේම අද ඒ මාධ්‍යම සහාසික ලෙස සාපරාධි ලෙස අසත්‍ය ප්‍රකාශ කිරීම සහ යම් යම් අසත්‍ය මත සමාජගත කිරීම සඳහා ප්‍රබලව පාවිච්චි කරනු ලබයි. විශේෂයෙන් සමාජ දේශපාලනික අර්බුද සකස් කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිතයේ ඇති භයානකම තත්ත්වයකි. එමෙන්ම මේ දේශපාලන පදනමක් පක්ෂමය පදනමක් බිම් මට්ටමේ පදනමක් නැති ඇතැම් දේශපාලඥයන් ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය පාවිච්චි කරනු ලබයි. එකක් තමන්ගේ විරුද්ධවාදීන්ට පහර ගැසීම සහ ප්‍රතිරූපය ඔසවා තබාගැනීමට මේ මාධ්‍ය භාවිත කිරීම මෑතකාලීනව දක්නට ලැබෙන ප්‍රවණතාවකි. ආණ්ඩුව තුළම සිටින ඇතැම් පිරිස් කැබිනට් පත්‍රිකාවට එකඟ වීමෙන් අනතුරුව පොදු සමාජයට විරුද්ධ වෙතැයි යන උපකල්පනයෙන් සමාජ මාධ්‍ය හරහා මතවාද ගොඩනගයි. මේ මත ගොඩනැගීමේ පුද්ගලයන් ඔසවා තැබීමේදී ඔවුන් විසින් කුලියට ගන්නා ලද සමාජ මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් නඩත්තු කිරීම සිදු වෙයි.
පොදුවේ මෙවැනි සමාජ මාධ්‍ය හසුරුවන් අතරින් මේවා විශාල ලෙස වසංගතයක් බවට පත්වෙමින් පැතිර යයි. ලංකාව වැනි දේශපාලනික පසුබිමක් ඇති රටක මෙය එතරම් සාර්ථක මට්ටමක නැති වුවත් යම් කිසි ආකාරයට බලපෑමක් සමාජ ආර්ථික ව්‍යුහයට සිදුකරයි. මෙවැනි බොහෝ සමාජ මාධ්‍ය විසි දහසකට අධික ප්‍රමාණයක් පවත්වා ගෙනයයි. ඒවා ව්‍යාජ නම්වලින් සමාජ මාධ්‍ය ලෙස, එසේ නොමැතිනම් LK ආකාරයට විශාල ප්‍රමාණයක් වෙයි . මේවා මෙහෙය වන්නන් කවුරුන්ද කියා සෙවීමට නොහැකි ව්‍යාජ වේබ් පිටු සහ සමාජ මාධ්‍ය පවත්වාගෙන යයි. ඇතැම් තරුණ කොටස් මේවා විනෝදාස්වාදය සඳහා පවත්වා ගෙනයයි.
සමහර කොටස් මේවා සංවිධානාත්මක මේ ව්‍යාජ දේශපාලන මත වැපුර වීමට සිදුකරයි. එය ඉතා භයානක තත්ත්වයකි. ඒ නිසා යම් තාක් දුරකට ව්‍යාජ ප්‍රචාර පැතිරවීම සහ අනන්‍යතාවක් නැති සමාජ මාධ්‍ය පවත්වාගෙන යාම වැළැක්වීම සහ සංවර්ධනය පිළිබඳව වැරදි ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් විශාල වශයෙන් සිදුවෙයි. ලෝකයේ කිනම් ස්ථානයක හෝ සත්‍ය බවට තහවුරු නොවූ කරුණු පැතිර යයි. උදාහරණ ලෙස මේ වන විට කොවිඩ් 19 පිළිබඳවත් එවැනි මත පැතිර යයි. කිසියම් රජයක් විසින් හෝ සෞඛ්‍ය අංශයන් විසින් සනාථ නොකර ව්‍යාජ තොරතුරු පැතිරවීම ඉතාමත් අයහපත් තත්ත්වයකි.
දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ද මේ පැතිර යන ප්‍රචාරණය ඉතාමත් භයානක වෙයි. සමාජ මාධ්‍ය සඳහා යම් නියාමනයක් පාලනයක් අවශ්‍යයි. නමුත් ඒ සම්බන්ධයෙන් යම්කිසි රජයක කළහැක්කේ කුමක්ද යන කාරණාව පිළිබඳව නොයෙක් මතවාද වෙයි. නමුත් මේ සම්බන්ධයෙන් ව්‍යාජ ගිණුම් වැළැක්වීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත. අසත්‍ය තොරතුරු, අවිද්‍යාව මිත්‍යාව පැතිරීම නැවැත්විය යුතුයි. අපි දිනෙන් දින ඉදිරියට යෑම සිදු වන්නේ වඩ වඩාත් සදාචාර සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි සමාජයක් කරාය. අපි විසින්ම සත්‍යවාදී සමාජයක් නිර්මාණය කළ යුතුයි. හෘද සාක්ෂියට එකඟ සමාජ වටපිටාවක් නිර්මාණය කළ යුතුයි. මෙය වඩා යහපත් ලෙස පාලනය කර ගැනීමේ හැකියාව මේ අසත්‍ය තොරතුරු සමාජගත කරන්නන්ගේ සදාචාරයන් අනුව කළ යුතුයි. එසේ විය යුතු තැනකට අද අපි පැමිණ ඇත.
මා කලින් සඳහන් කළ ආකාරයට සමාජ මාධ්‍ය විසින් ආණ්ඩු වෙනස් කිරීමේ දිශානතිය දක්වා ගමන් කරන්නේ යැයි යන මානසිකත්වය මිදිය යුතුයි. ඒ වෙනුවෙන් ඒවා යටපත් කරමින් සත්‍ය තොරතුරු ඉස්මතු කිරීම සහ රජයක යහ ගුණාංගයන් ඉස්මතු කළ යුතු සේම තර්කානුකූල පදනමක් මත විද්‍යාත්මක පදනමක් මත සාක්ෂි සහිතව විවේචනය කළ යුතුයි. තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් වාරණ දැමීමට වඩා යම් විනයක් හික්මීමක් ඇතිව මාධ්‍ය භාවිත කිරීම ජනතාවගේ වගකීමකි. ඉන් එහා යමින් හුදු පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම අතිශයින්ම භයානකය. මේ සමාජ මාධ්‍ය පුද්ගලයන් බ්ලැක්මේල් කිරීම සඳහා යොදාගනු ලබයි. ඇතැම් විට තර්ජනය කර යම් යම් පුද්ගලයන් පාලනය කිරිමට පාවිච්චි කරනු ලබයි. අයථා ලෙස මුදල් ඉපයීම සඳහා යොදා ගනි. හුදෙක් දේශපාලනික කාරණාවලට පමණක් නොව, සමාජ මාධ්‍ය අයහපත් ලෙස බලපෑම් කරන ක්ෂේත්‍ර ගණනාවක් වෙයි. ඇතැම් විට සමාජ සහ පුද්ගලික ජිවිතය පවා පීඩාවට පත් කරන තත්ත්වයකට පත්වෙයි. මේ කරුණු පිළිබඳව රජයක් ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ වෙනම දෙපාර්තමේන්තුවක මැදිහත් වීමෙන් දැඩි අධිෂ්ඨානයෙන් මේ වැරදි මතවාද පතුරුවන්නන් යම් යහමාර්ගයට ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙයි.
විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පුද්ගලයාගේ සිවිල් අයිතීන්ට බාධාවක් නොවන පරිදි සහ පුද්ගල ගෞරවය ආරක්ෂා වන පරිදි විය යුතුය. විශේෂයෙන් අසත්‍ය කරුණු මත පදනම් වන තොරතුරු හඳුනා ගනිමින් ඒ්වාට යම් නීතිමය පියවරක් ගැනීම අවශ්‍ය වෙයි. පාලනය අවශ්‍ය වන්නේ සංයමයක් හික්මීමක් නොමැති සමාජයකටය.
අපේ සමාජය තුළ අප විසින්ම ස්වයං හික්මීමක්, ස්වයං වාරණයක් ඇති කරගනිමින් අනෙකාට ද මට මෙන් සම අයිතියක් ඇතැයි යන හැඟීමෙන් කටයුතු කළ යුතුය. එවැනි තැනකට නීති රීති මෙන්ම වාරණයන් නියාමනයන් අවශ්‍ය නොවෙයි.
අතිශයින්ම පෞද්ගලික හේතු මත සමාජයේ කීර්තිමත් පුද්ගලයන්ගේ සිට කිසිදු සිවිල් බලයක් නැති අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීම මේ සමාජ මාධ්‍ය හැසිරීමේ යම් නොහික්මුණ ක්‍රියා පිළිවෙත් අනුව ඇතැම් විට ක්‍රියාත්මක වෙයි. මේ නිසා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ මේ පිළිබඳව අධීක්ෂණ කළයුතුව ඇති අතර අසත්‍ය යැයි පිළිගත හැකි තොරතුරු පිළිබඳ සත්‍ය ගවේෂණය කිරීමෙන් එවැනි වැරදි පුවත් පළ කිරීමට එරෙහිව නීතිමය වශයෙන් දඬුවම් ලබාදීමට අදාළ නීති අංශවලට යොමු කිරීමට කටයුතු කළ යුතුයි.