වාර්ෂිකව රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන සහ රෝගීන් 350,000 කට වැඩි සංඛ්යාකවක් සායන වලට පැමිණෙන කෑගල්ල ශික්ෂණ රෝහලට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දැඩි සත්කාර ඒකක ඇඳන් 03 ක් පරිත්‍යාග කරන ලදී. රෝහල විසින් බැංකුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකළ අතර කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ රෝගීන්ට මෙන්ම වෙනත් රෝගාබාධ වලට ගොදුරු වූ රෝගීන්ට පරර තිකාර කිරීමට මෙමඟින් සහයෝගයක් හිමිවේ. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය මේ වනවිට රජයේ රෝහල් 16 ක් වෙත අවශ්යේ පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල (PPE), මුහුණු ආවරණ, සර්ජිකල් මුහුණු ආවරණ, අත් සේදුම් විෂබීජ නාශක දියර, Slit ලෑම්ප් උපකරණ, පල්ස් ඔක්සිමීටර්, මල්ටිපැරා මොනිටර් සහ ඔක්සිජන් කන්සන්ටේටර් ඇතුළු උපකරණ පරිත්‍යාග කර තිබේ.