ජීවිතයේ කළ නොහැක්කක් නොමැත යන්න තේමා පාඨයකර ගනිමින් රට සුරැකිරණක්ෂිතයට පත් රණවිරුවන් දොළොස්දෙනෙකු ආසියාවේ ප්‍රථම වරට හික්කඩුව මුහුදු තීරයේ කිමිදීමට රැගෙනයාමේ සුවිශේෂ අවස්ථාවක් පසුගියදා හික්කඩුව මුහුදු තීරයේදී පැවැත්විණි.
එය මෙහෙය වූයේ White Water Rafting පිළිබඳව ජාත්‍යන්තර සුදුසුකම් සහ පළපුරුද්දක් සහිත, Outbound Adventures ආයතනයේ ප්‍රාරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වන ශෙහාන් පිලපිටිය මහතාය.මෙම අභිමානවත් අවස්ථාවට පූර්ණඅනුග්‍රහය දැක්වූයේ දශක හතරක කාලයක් පුරා ජාතික සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ස්වභාවික හා කාබනික අමුද්‍රව්‍ය සැපයිමේ ප්‍රමුඛයකු වනHDDES සමූහයට අයත් D’Las International සමාගමයි.