
1. නිරෝධායන පනත අනුවයි අපි හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ. එයට අදාළ රෙගුලාසි මතයි අපි ක්‍රියාකරන්නේ. නිරෝධායන පනත අනුව රෙගුලාසි නිකුත් කිරීමට හැකියි. මේ අවස්ථාවේදී එවැනි නීති ක්‍රියාත්මක කිරීමට හැකියි. විශේෂයෙන් පවතින තත්ත්වය හමුවේ මහජනතාව රැස්කිරිම් සීමාසහිත කර තිබෙනවා. අප කරන්නේ මර්දනය කිරීමක් නෙමෙයි.ජනතාවට වඩා යහපත් දේ වෙනුවෙන් ක්‍රියාකිරීමයි. වසංගතයේ ව්‍යාප්තිය වළක්වා ගැනීමට යම් යම් පියවර ගත යුතුව තිබෙනවා.
2. උද්ඝෝෂණ පමණක් නොවෙයි, නිරෝධායන පනත අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මේ සම්බන්ධයෙන් වරින්වර නියෝග නිකුත් කළ හැකියි. මේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා බලධාරියා ඔහුයි. ඔහු සඳහන් කරනවා නම්, රෝග ව්‍යෘප්තිය සඳහා හේතු පාදක වෙන යම් යම් දේ නොකළ යුතුයි කියා අප ඒදේවල් නොකළ යුතුයි. මංගල සහ අවමංග්‍ය උත්සව සඳහා සහභාගි වන පිරිස් අවම කරමින් ඒවායේදී රැස්වන පිරිස් අවම කළා. ඇතැම් අවස්ථාවලදී නතර කිරීමට පවා සිදුවූ අවස්ථා තිබුණා. එහිදි වෙසක් උත්සව, පාස්කු උත්සව නැවැත්තුවා. ඒවාට කිසිවෙක් මර්දනය කියලා කිව්වේ නැහැ. එසේම උද්ඝෝෂණ රැල්ලක් මේ මෑතකදී මතු වුණා. රජය උපේක්ෂා සහගතව බලාගෙන හිටියා. නමුත් ඒ අවස්ථාවේදී අපට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නියෝගයක් එනවා, මේ රැස්වීම්වලින් සහ උද්ඝෝෂණවලින් සෙනඟ රැස්වීම් තුළ රෝග ව්‍යාප්තියට ඉඩ අවකාශය ඇති නිසා වහාම මේ නැවැත්විය යුතුයි කියලා. ඔහු නිකුත් කළ ඒ නියෝගය අනුවයි අප ක්‍රියා කළේ. අපි දන්නවා මේ වන විට මේ රෝගයේ අලුත් ප්‍රභේද දෙක තුනක් නැවත මතු වී තිබෙන බව. රෝග ව්‍යාප්තියට තවමත් ඉඩ තියෙනවා. කොවිඩ් මර්දන එන්නත් අගෝස්තු මාසය වනවිට ලංකාවේම සියයට හැටකට ලබා දුන්නොත් මුළු ලංකාවම සුරක්ෂිත බව සෞඛ්‍ය අංශ කියනවා.
මෙවැනි නියෝගයක් නිකුත් කරනුයේද ජනතාවගේ යහපත උදෙසායි. සෞඛ්‍ය අංශ මේ කාලය ඉතාම අවදානම් කාලවකවානුවක් කියලා මම හිතන්නේ. එසේ නියෝගයක් ලැබුණ විට එය නැවැත්විය යුතුයි. ජොශප් ස්ටාලින්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ ඒ උද්ඝෝෂණය නැවැත්වූයේ ඒ නියෝගය මතයි.
3. අපි ඒ දේ කරන්නේ අනිවාර්යෙන්ම ඒ නියෝගයන්ට යටත්වයි. මේ අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග අපි පිළිපැදිය යුතුයි. මෙය ජනතාව බේරා ගැනීමේ ප්‍රයත්නයක් මිස වෙනත් දෙයක් නොවෙයි. සෞඛ්‍ය ගැටලුවක් මිස දේශපාලන පක්ෂ, පාටවල ගැටලුවක් නොවෙයි. සෞඛ්‍ය අධ්‍යෂක්ෂ ජනරාල්ගේ නියෝගය පිට මේ උද්ඝෝෂණය නීත්‍යනුකූල නොවන නිසා එය පොලිසිය මඟින් නවත්වන්න කටයුතු කළා.
4. පොලිසිය විසින් කළේ ඒ අයව අත්අඩංගුවට අරගෙන නීතිය කැඩූ නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමයි. අධිකරණය මඟින් ඇප ලබා දුන්නා. එහෙත් නිරෝධායනයට ලක් කරනවා ද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඒ යටතේ සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසිනුයි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ලිඛිතව දී තිබෙනවා, මොවුන් අනිවාර්යෙන්ම නිරෝධායනය කළ යුතුයි කියලා. ඒ අයගේ ඉල්ලීම මතයි පොලිසිය උද්ඝෝෂකයන් නිරෝධායනය සඳහා යොමු කළේ.
මේ උද්ඝෝෂණය කරන ලද පිරිස පොලිසියට දොස් පවරනවා, උද්ඝෝෂකයන් උස්සගෙන ගිහින් බස්වලට දැම්මා කියලා. එයද මෙතන සිදු වුණේ? ඒ අය බිම වැතිරිලා ඉන්න කොට උස්සන්නේ නැතිව මොකද කරන්නේ? මුලින්ම මේ උද්ඝෝෂණ නවත්වන්න කියලා අපි නියෝගයක් දුන්නා. අපි බැනර් දැම්මා උද්ඝෝෂණ කරන්න එපා කියලා. දැනුම්දීම අපි ප්‍රචාරක රථ මඟින් සිදුකරනවා. එසේ තිබියදී මේ අය නිතීය කඩ කරනවා නම් අත්අඩංගුවට ගත යුතුයි නේද? එසේ නොමැති නම් පොලීසියක් තිබීමෙන් පලක් තියනවා ද? නමුත් අපි දුටුවා පසුගිය යහපාලන කාලයේදී බැටන් පොලුවලින් ජනතාවට ගැහුවා. මේ අවස්ථාවේදී උද්ඝෝෂණ මර්දනය කියන්නේ කොහොමද මේක විශේෂ අවස්ථාවක්. රටේ පවතින තත්ත්වය අපි තේරුම් ගත යුතුයි. අත්අඩංගුවට ගැනීමේදී බිම වැතිරෙනවා නම් පහර දෙන්නේ නැතුව උස්සලා බස් රථයට දාන එක වරදක් නම් එය කිරීමට වෙනත් ක්‍රමයක් තියනවා නම් අපිට කියන්න කියලයි අපි කියන්නේ. පසුගිය කාලයේ උද්ඝෝෂණ කීරීම්වලදී බැටන් පොලුවලින් ගහලා කඳුළු ගෑස්, ජල ප්‍රහාර ගැහුවා. එයින් රණවිරුවෙක්ගේ ඇසකුත් අහිමි වුණා. අපේ පොලිසිය එහෙම කළේ නැහැ. වසංගතයක් අවස්ථාවක නියෝගයක් නිකුත් කළාම ඒ අනුව ක්‍රියා කිරීමයි කළේ.
5. මම නෙමෙයි එය කියන්නේ සෞඛ්‍ය බලධාරීන්. මෙවැනි අවස්ථාවකදී රෝගය ව්‍යාප්ත විය හැකියි කියලා ඉතා පැහැදිලිවම සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එයට හොඳම උදාහරණය ඉන්දියාවයි. ඉන්දියාවේ පාලනයෙන් තොරව රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ දුන් නිසා වසංගත තත්ත්වය වැඩි වුණා. නමුත් උද්ඝෝෂණ මර්දනයට මේ දේ කරනවා කියලා ඒ අය ඒ අවස්ථාවේ කිව්වේ නැහැ. උද්ඝෝෂණය කරන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. ඇතැමුන් තර්ක කරනවා උද්ඝෝෂණය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා. අපිත් එය පිළිගන්නවා. නමුත් මේ අවස්ථාව ගැනයි අපි කියන්නේ. උද්ඝෝෂණය මඟින් රෝගය ව්‍යාප්ත වෙලා රට පුරා වසංගතය පැතිරෙනවා නම් මේ අවස්ථාවේ උද්ඝෝෂණය කිරීම යුතුද කියලා අපි අහන්නේ. මේ වැනි දෙයක් කරන්න එපා කියලා නියෝගයක් දීලා තියෙද්දි මෙවැනි දේ කිරීම උචිතද මෙතැනදි ව්‍යාවස්ථාව ඇඳලා අරගෙන කියන්න දෙයක් නැහැ.
මෙවැනි අවස්ථාවක අපි නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්ව ක්‍රියාත්මක විය යුතුයි. එය ජාතික වගකීමක්. එසේනම් මැයි දින වගේ උත්සව තියන්න තිබුණානේ. ඇයි නොකළේ. මංගල උත්සව තියන්න පුළුවන්නේ. ජනතාව ඒ නියෝග පිළිපැද්දා. එයයි රටක් ලෙස අපේ ජාතික වගකීම. මිනිසුන්ගේ නිදහස පාලනය කිරීමක් නොවෙයි මේ කරන්නේ. මේ සියල්ල නතර කිරීමට සිදු වුණේ වසංගතය නිසා. මංගල උත්සව විවිධ උත්සව නැවැත්තුවා එසේ නම් ඒ අයත් කියන්න එපැයි මර්දනය කියලා. උද්ඝෝෂණ කියන්නේ මේ අවස්ථාවේදී කඩාකප්පල්කාරී ක්‍රියාවක්. එන්නත් දුන්නාම රට සුරක්ෂිත වුණාට පස්සේ මහ රෑ වුණත් උද්ඝෝෂණ කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. රටක් ලෙස අපි අද මුහුණ දී තියෙන ප්‍රශ්නයෙන් ගොඩ එන්න නම් මෙවැනි අවස්ථාවක් ජාතික හැඟීමෙන් කටයුතු කළ යුතුයි.
1. නිරෝධායන සඳහා වන නීතීය 1897 දී නිරෝධායන අඥාපනතින් එන නීතියක්. නිරෝධායන ආඥාපනත සකස් කර තියෙන්නේ යම් වසංගත රෝග තත්ත්වක් උද්ගත වුණාට පස්සේ රෝගය වැළැක්වීම සඳහා. දැන් ලංකාවේ තිබෙන ගැටලුව වන්නේ මේ නිරෝධායන නීතීය පාවිච්චි වන ආකාරයයි. ප්‍රධාන කරුණ මේ රෝගයේ ව්‍යාප්තිය වැළැක්වීමයි. එසේ නම් රෝගය බෝවීම වැළැක්වීමයි කළ යුත්තේ. නමුත් රෝගය බෝවීම වැළැක්වූවාට උද්ඝෝෂණ වැනි දේ වැළැක්වුවත් බෝවිම වැඩි වශයෙන්ම සිදුවන අවස්ථා වැළැක්විමට පියවර අරන් නැහැ. අද වනවිට සියලුම රජයේ සේවකයන් රැකියා සඳහා වාර්තා කරනවා. පෞද්ගලික අංශයේ පිරිසටත් සේවයට වාර්තා කරන්න කියලා කියනවා. සේවයට වාර්තා කිරීමේදී පොදු ප්‍රවාහන සේවයේ යන්න වෙන්නේ. එහිදී සමාජ දුරස්ථභාවයන් කොහෙද තියෙන්නේ? එයට අවශ්‍ය පහසුකම් නැහැ. කර්මාන්ත ශාලා ඇතුළත සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක වෙනවාද යන්න ගැටලුවක්. රෝගය ව්‍යාප්ත වීමට අවශ්‍ය වන සියලු ප්‍රතිපාදන මේ වන විට සැකසී තිබෙනවා. මේ නිසා නිරෝධායන නීතිය ක්‍රියාවේ යෙදෙන්නේ නැහැ. එය රෝගය වැළැක්වීමට නොවෙයි. ජනතා ඉල්ලීම් මර්දනය කිරීමටයි ක්‍රියාවේ යෙදෙන්නේ.
2. මෑතකාලීනව උද්ඝෝෂණ තමයි සෞඛ්‍ය රෙගුලාසි උපරිම ආකාරයෙන් රැකෙන ආකාරයෙන් සිදු කළේ. අපි මැදිහත් වුණ උද්ඝෝෂණයේදී අතර මිටර් දෙකක පරතරය තියාගෙනයි කටයුතු කළේ. සියලු උද්ඝෝෂකයන් මුව ආවරණ පැලඳ සිටියා. පුවරු, බැනර් ඔසවන අයට විෂබීජනාෂක තිබුණා. උද්ඝෝෂණ හරහා රෝග ව්‍යාප්තිය සිදුවනවා කියන්නේ විහිළු කතාවක්. එය ආණ්ඩුවේ අසමත් භාවය ප්‍රදර්ශනය කිරීමට යොදාගන්නා ලද ප්‍රලාපයක් පමණයි. උද්ඝෝෂණකයන් මර්දනයට පොලීසිය පැමිණි අවස්ථාවේ පොලීසියේ ක්‍රියාකාරීත්වය අනුව උද්ඝෝෂකයන්ට රෝගය බෝවෙන්න පුළුවන්. පොලිසිය සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම්වත් නැතුව උද්ඝෝෂකයන් ඔසවාගෙන යනව . ඒ අයව වැලඳ ගන්නවා. පොලිස් කූඩුවල විශාල ප්‍රමාණයක් ඉන්නවා. කෝ ඒ අයගේ මීටරේ පරතරය? රජයේ පාර්ශ්වයේ මෑතකාලීනව උත්සව තිබුණා. රටපුරා කිරිබත් උත්සව පැවැත්වුණා. සෞඛ්‍ය අංශ කියන විදිහට තේකක් ගෙදරකින් බොන්න එපා නම් මේ රටපුරා කිරිබත් දීලා උත්සව පැවැත්විම නතර කරන්න තිබුණා නේද? උද්ඝෝෂණවලට වඩා තව රෝග බෝවෙන ක්‍රම කොපමණ තියෙනවාද?
3. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝග නිකුත් කරලා තිබුණා කියලයි කියන්නේ. ලංකාවේ දැනට නිකුත් කරලා තියන නීතිරීතිවලට අනුව ලිපි හෝ චක්‍රලේඛ නීති බවට පත් වෙන්නේ නැහැ. එසේ නම් නිරෝධායන රෙගුලාසි ගැසට් කරලා තියෙන්නට ඕන. නමුත් මේ වන විට උද්ඝෝෂණ හෝ රැස්වීම් තහනම් කියලා නිරෝධායන නීතියක් ගැසට්වෙලා නැහැ. උසාවියෙන් අත්අඩංගුවට ගත් පාර්ශ්වයන්ට ඇප ලබා දුන් පසු ඒ අයව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. රඳවා ගැනීමට නීතිමය කරුණක් නැහැ. නමුත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. නිරෝධායනය කිරීමේ බලයක් අධිකරණයට නැහැ කියලා එය ප්‍රතික්ෂේප වෙනවා. ඉන්පසුව නිරෝධායනය සඳහා අරන් යනවා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයක් තියනවා කියලා. පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වෙලා නැහැ මේ මධ්‍යස්ථානවලට රැගෙන ගිය උද්ඝෝෂකයන්ට රෝගය අසාදනය වෙලා තියෙනවා කියලා. එසේ නම් කොහොමද රඳවා තබාගන්නේ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයාට අයිතියක් නැහැ මේ වගේ ලිපි නිකුත් කරන්න. අනෙක් පැත්තෙන් බැලූවිට පොලීසියට බලයක් නැහැ අධිකරණ නීති කඩ කරන්න. අධිකරණයෙන් ඇප ලබාදී නිදහස් කළ අය අත්අඩංගුවට ගන්න පොලිසියට බලයක් නැහැ.
4. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වසංගතයක් ප්‍රකාශ වුණාට පසුව නිරෝධායන රෙගුලාසි පැනවීමේ බලයක් තියනවා. මෙතැන ගැටලුව තමන්ට තියෙන බලය දේශපාලන වශයෙන් අවභාවිත කිරිමක් සිදුකරනවාද යන්නයි. නිරෝධායන රෙගුලාසිවල යම් ආකාරයක සාධාරණත්වයක් තිබෙනවා. නමුත් එය මෙතැනදි පාවිච්චි වුණාද කියන ගැටලුව තිබෙනවා. මිනිසුන් රැකියාවලට යෑමේදි වැඩ කිරීමේදී වැඩ ඇරිලා එද්දි කිසිදු රෙගුලාසියක් නැතුව උද්ඝෝෂණවලට පමණක් රෙගුලාසි පැනවීම ඉතාම අගතිසහගතයි. විශේෂයෙන් රාජ්‍ය උත්සව අපි දැක්කා. මුඛ ආවරණ නැති අයත් හිටියා. පිරිස් එකතු වන දේශපාලන රැස්විම්වලට නැති නීති ජනතා ඉල්ලීම්වලට විතරක් ඇයි පැනවෙන්නේ? අවමඟුල්වලට අදාළ පොදු නිර්ණායක තියනවා. පැය විසි හතරකින් විසිපහකින් යුතු පිරිසකගෙන් අවමගුල් උත්වසවයන් පැවැත්විය යුතුයි. දේශපාලඥයන්ගේ ඥාතීන්ගේ අවමඟුල්වලට මේ නීතිය කොතරම් අදාළද යන්න පිළිබඳව ගැටලුවක් තියනවා. ඒ කොන්දේසි මුකුත් නැහැ. ඒ අයගේ අවමඟුලට රථපෙළපාළි අපි දැක්කා. මෙය අගති සහගතයි බලය අවභාවිත කිරීමක් අපි දකින්නේ.
5. මේ අවස්ථාවක යම් තැනක සෙනඟ රැස්වන විට රෝගය ව්‍යාප්තියට යම් අවදානමක් තියනවා. එය පොදු කාරණාවක්. නමුත් මේ වැනි උද්ඝෝෂණ කරන්නේ ඇයි කියලා අපි කතා කළහොත් විනෝදයට උද්ඝෝෂණ පවත්වන්නේ නැහැ.මේ හඬ නැඟෙන්නේ බඩගින්න සහ ජනතාවගේ වෙනත් ප්‍රශ්නවලටයි. පාරට බැහැලා උද්ඝෝෂණ කරනවාද එසේ නැති නම් බඩගින්නේ මැරෙනවා ද ? කියලා ගැටලුක් අද පැන නැඟිලා තිබෙනවා. අපි මැදිහත් වන හැම උද්ඝෝෂණයක්ම එවැනි සර්ව සාධාරණ කරුණු.
1. අපි නිරන්තරයෙන් සෞඛ්‍ය නීති සහ රෙගුලාසී ආරක්ෂා කළ යුතුයි. මේ මොහොතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති භාෂණයේ නිදහස, මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට නීතිරීති රෙඟුලාසි සෑදීමට කිසිවකුට අයිතියක් නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශකත්වය නිකුත් කරන්නේ මිනිසුන් මර්දනයට කිරීමට නොවෙයි. ඒ සඳහා පවතින නීතිරීති රෙගුලාසිවලට අනුකූලව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතුයි. පසුගිය කාලය පුරාම රට පුරා මතුවෙමින් පවතින උද්ඝෝෂණ රැල්ල සහ විරෝධතා වැළැක්වීමට ආණ්ඩුව උපායශීලී මාර්ගයක් ලෙස නිරෝධායන නීති යොදා ගැනීමයි මෙහි ඇති වරද. අපි කවුරුත් මෙවැනි ජීවිත අවදානමක් ඇති තැනක සෞඛ්‍ය නීති රීති කඩකරන්න කැමැති නැහැ. ඒ නීතිවලට අනුගත වෙමින් සහ අනුගමනය කරමින් මේ උද්ඝෝෂණ විරෝධතාවන් පවත්වනු ලබන්නේ. ආණ්ඩුව මේ ආකාරයට අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට උත්සාහ කරන්නේ නම් එයට එරෙහි වීමයි අප කරන්නේ.
2. සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් උද්ඝෝෂණ කිරීම කිසිසේත් සෞඛ්‍ය රෙගුලාසිවලට පටහැනි නැහැ. සෞඛ්‍ය මාර්ගෝපදේශක නීතීරීතී අනුව විවාහ මංගල්‍යයකට වුවත් 150කට සහභාගි විය හැකියි. සෞඛ්‍ය නීති රීති රෙඟුලාසිවලට අනුව එය කළ හැකියි. ස්පාවලට, සැලූන්වලට අවසර ලබා දී තියෙනවා. ඒවැනි උත්සවය හා හමුවීම්වලට අවසර ලබාදී ඇති මොහොතක මාර්ගෝපදේශ අනුව නීතීරීති කඩන්නේ නැතුව කටයුතු කිරීම ඒ වගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු විය යුතුයි.
3. උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයේ තමයි මූලික ගැටලුව මතු වුණේ. නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ නිරෝධායන නීති රෙඟුලාසිවලට අනුකූළව මිස පොලිසියට අවශ්‍ය ආකාරයට නොවෙයි. උද්ඝෝෂකයන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළ විට ඒ අයට ඇප ලැබෙනවා. ඒ ඇප නියම කිරීමෙන් අනතුරුව පොලීසිය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයක් නොමැතිව නැවත ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරනු ලබනවා. වෙනත් නීතියක් පාවිච්චි කරමින් හිතුවක්කාර ක්‍රියාමාර්ගයක් මේ අය විසින් ගනු ලැබුවා.පොලිසියට කිසිසේත් මෙවැනි බලතලයක් නැහැ. පොලිසියට අයත් වන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමයි. නීතිකඩ කර ඇති නම් එහිදී ඒ අයට දඬුවම් හිමිවෙයි. එතැනින් එහාට දඬුවම් කිරීමේ බලයක් හෝ නිරෝධායනය කිරිමේ බලයක් පොලීසියට නැති බව අපි පැහැදිලිවම කියනවා. මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අපි ශ්‍රේෂ්ඨාධීකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එය විභාග කිරිමට නියමිතවයි තියෙන්නේ. නිරෝධායන නිති සම්බන්ධයෙන් පොලිසිය දරණ මතය සම්පූර්ණයෙන් වැරදි බවයි අපේ ස්ථාවරය.
4.සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරනුයේ මාර්ගෝපදේශයක් මිස කාටවත් දඬුවම් කිරීමක් නොවෙයි. දුරස්ථ භාවය පවත්වාගෙන යෑම, මුඛ ආවරණ, මීටරයේ පරතරය වැනි පිළිපැදිය යුතු පොදු කාරණා පිළිපැදීම කර තිබෙනවා. මෙවැනි තීන්දුවක් ගනු ලබන්නේ නම් අදාළ සෞඛ්‍ය අංශවල අනුමැතිය අවශ්‍යයි. එවැනි අනුමැතියකින් තොරව පොලිසිය ක්‍රියාකරනු ලැබූ බව අපිට පෙනී යනවා.ඒ ක්‍රියා කළේ ආණ්ඩුවේ වුවමනාවටයි. රටේ ජනතාව පාරට ඒමට උත්සාහයක් තිබෙනවා. ඒ පාරට එනු ලබන්නේ ඇත්තටම කැමැත්තකින් නොවෙයි. දැඩි පීඩාවකින් ජනතාව ඉන්නේ. රට පුරාම මේ මොහොත වන විට උද්ඝෝෂණ පවත්වනවා. වසරක් යන්න පෙර ගොවීන් සහ වෙනත් සේවකයන් නොමඟ යැවීමට උත්සාහ කරනු ලබනවා. ගොවි ජනතාව, වෘත්තීයවේදීන්, කම්කරුවන්, රජයේ සේවකයන් තමන්ගේ වේදනාව පිටකරන්න උද්ඝෝෂණය කරනවා. මේවාට ඇහුම්කම් දෙනවා මිසක ජනතාව මර්දනය කිරීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවෙයි. ඒවාට ඉඩ නොදීම බරපතළ ප්‍රශ්නයක් . පොලිසිය හැසිරෙන ආකාරයෙන් අපි දන්නවා කාගේ හෝ අවශ්‍යතාවක් ඉටුකිරිමයි ඔවුන් කරන්නේ. මෙය ඇත්තවශයෙන්ම අහිංසක ජනතාව දඩයම් කිරීමක්. සංකේතවත් නිහඬ විරෝධතාවක අප නිරත වන්නේ ඒ නිසයි.
5. එක් පුරවැසියකුට හෝ කොවිඩ් වසංගතයට ගොදුරු වෙනවා නම් ආණ්ඩුව අනුගමනය කරන යම් ක්‍රියාමාර්ග සහ පියවරයන්හි දුර්වලතා නිසා ඒ තත්ත්වය ඇතිවූ බවට අපි ආණ්ඩුවට චෝදනා කරනවා. රට විවෘත කිරීමේදී ගත් තීන්දු දෙස බැලීමේදී මෙය ජනතාවට හිතකර ආණ්ඩුවක්ද යන ප්‍රශ්නය මතුවනවා. ආණ්ඩුව සමහර සංචරණ සීමා විවෘත කිරීම හරහා රටේ විශාල ලෙස කොවිඩ් වසංගතය ප්‍රචලිත වුණා. සංචාරකයන් සඳහා රට විවෘත කළා. මෙය හොඳ තත්ත්වක් නොවෙයි. මේවා නිසි කළමනාකරණය නොකර විපක්ෂයට චෝදනා කර වැඩක් නැහැ. අපි වගේ රටකට විවෘත නොකර තැබීමෙන් ආර්ථික ගැටලු මතුවිය හැකියි. නමුත් එහි ක්‍රමවේදයක් තිබිය යුතුයි. ජනතාව ඊට වඩා වටිනවා. ආණ්ඩුව ආරක්ෂා කරන්න ගියාම තමයි මෙවැනි දුෂ්කරතා මතුවෙන්නේ. අපි කියන්නේ මේ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීමට අපි විරුද්ධයි. ජනතා හඬට අපි ඇහුම්කන් දිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව සාමකාමි අරගලයක නිරත වීමට හෝ ඉඩනොදීම තුළ ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින ජනතාව පුපුරා යන අවස්ථාව අපිට කියන්න බැහැ.