
පිටතින් පෙනෙනවාට වඩා ඇතැමුන්ගේ මානසික තත්ත්වයන් බොහෝ සෙයින් වෙනස්ය. එසේම ඇතැම්හු මතුපිටින් නොපෙනුණත් ජීවිත අභ්‍යන්තරයෙන් කුමන හෝ මානසික පීඩනයකින් පෙළෙන බවක් පෙන්නුම් කරන්නෙ ඔවුනගේ කල්ක්රියාවන් මඟිනි.
මොහොමඩ් තුවාන්ද එවැනි මානසික ව්‍යාධියකින් පෙළෙන අයෙක් බව ඔහුගේ පෙනුමෙන් හෝ වෘත්තියත්වයෙන් නොපෙන්වන්නෙකි. ඔහු සුවහසක් රෝගීන් සුවපත් කිරීමට සිටින තවත් එක් වෛද්‍යවරයෙක් ලෙස වෛද්‍ය වෘත්තියේ නියැළෙන්නෙකි. වෛද්‍යවරයෙක් වුවද තුවාන් බොහෝ ගුප්ත පුද්ගලයෙක් ලෙස ජීවිතය ගෙවන අයෙකි. මේ වන විට තුවාන්ගේ වයස අවුරුදු 35 කි. එහෙත් ඔහු තවමත් අවිවාහකයෙකි. සමන්තුරේ පුද්ගලයෙක් වන තුවාන් 2017 වර්ෂය වන විට රාජකාරි කළේ උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේයි.
2017 වසරෙන් පසු ඔහු විවිධ රෝහල්හි රාජකාරිකොට පසුගිය ජූනි මාසයේ ස්ථාන මාරු ලැබ රාජකාරියට පැමිණෙන්නෙ කොළඹ ජාතික රෝහලටයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ තාවකාලික නවාතැන් ස්ථානයක ඔහු වාසය කළේය. රාජකාරියට පැමිණි විටදී පවා තුවාන් ඉඩක් ලද සෑම විටෙකම සිය ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සමාජ මාධ්‍යයන්හි සැරිසරීමට ලොල් වූවෙකි. එය ඔහුගේ ගුප්ත දිවියටම බද්ධ වූවක් බව ඔහු පිළිබඳ තතු දත්තවුන්ටනම් අමුත්තක් නොවිණි.
පසුගිය 10 වැනිදා තුවාන් හිටිහැටියේම යන්නට ගියේ රාගම රෝහලටයි. එය ඔහු 2017 වසර වන තෙක් රාජකාරි කළ රෝහලයි. එසේ හෙයින් රාගම රෝහල තුවාන්ට නුපුරුදු ස්ථානයක් නොවීය. ඔහු එහි සියලු අස්සක්-මුල්ලක් නෑරම දැන් සිටියේය.
තුවාන් රාගම රෝහලට යන්නෙ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සෙ හඳුනාගත් වෛද්‍යවරයකු හමුවීමට බව මිතුරන්ටද පවසා තිබුණේය. 10 වැනිදා සැන්දෑ යාමයේ රාගම රෝහලට ගිය ඔහු වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයට යන්නට වූයේය. වෛද්‍යවරුන්ගේ නේවාසිකාගාරයට යා යුත්තෙ වෛද්‍යවරියන්ගේ නේවාසිකාගාරය අතරමැදින් බව තුවාන් හොඳින්ම දැන සිටියේය.
ඒ වන විට රාත්‍රී අට පසුවී තිබිණි. රාත්‍රී අටට රාජකාරි සේවා මුරය නිමකරන වෛද්‍යවරියන් නේවාසිකාගාරයට පැමිණෙමින් සිටිද්දි ඇතැම් වෛද්‍යවරියන් සිය කාමරවලට පැමිණ සිටියේය. ඒ අවස්ථාවේදී ඇතැම් වෛද්‍යවරියන් සිය නේවාසික කාමර තුළ ඇඳුම් පැලඳුම් මාරු කරමින් සිටියේය. මේ බව රාගම රෝහලේ සේවය කරන සමයේදි තුවාන් හොඳින්ම දැන සිටි වෛද්‍යවරයෙකි.
පිරිමි නේවාසිකාගාරයට යමින් සිටි තුවාන් වෛද්‍යවරියන්ගේ නේවාසික කාමරවලටද එබිකම් කරමින් බලන්නට වූයේ හඳුනන අයෙකු සොයාන්නාක් මෙනි. එහෙත් එය අමුතු සෝදිසියකි. එලෙස කාමරවලට එබිකම් කළ ඔහුගේ නෙත ගැටුණේ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ දර්ශනයකි. ඔහු ක්ෂණයෙන් සිය ස්මාර්ට් ජංගම දුරකථනයෙන් එම දර්ශන රූපගත කර තිබුණේ කුමක් අරභයාද යන්න දන්නෙ ඔහුම පමණි. එහෙත් එය මානසික පිස්සෙක්ගේ ක්‍රියාවක් බවනම් සඳහන් කළ යුතුමය.
සිය ජංගම දුරකථනයේ තුවාන් ඡායාරූප ගන්නා ආකාරය ක්ෂණයකින්ම එම වෛද්‍යවරිය දුටුවාය. තමා ඇඳුම් මාරු කරමින් සිටි දසුන් කැමරාවට හසුකරනා ආකාරය දුටු වෛද්‍යවරිය එසැණින් ඒ බව දැන්වූයේ රාගම පොලිස් ස්ථානයටයි. වෛද්‍යවරියගේ පැමිණිල්ල අනුව රාගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණවර්ධනගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරි කණ්ඩායමක් තුවාන් අත්අඩංගුවට ගත්තෙ ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනයද සමඟිනි.
ඔහුගේ ජංගම දුරකථනය පිරික්සු විමර්ශන නිලධාරින්ට දැකගන්නට ලැබුණේ එම ජංගම දුරකථනයේ තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගේම එවැනි ඡායාරූප රැසක්ම තිබෙන ආකාරයයි. ඒ අනුව පොලිස් නිලධාරින්ට ක්ෂණිකවම වැටහුණේ ඔහු කිනම් ආකාරයේ මානසිකත්වයකින් පසුවන පුද්ගලයකුද යන්නයි.
"කොළඹ රාජකාරි කරන ඩොක්ටර් ඇයි රාගම රෝහලට ආවේ..." විමර්ශන නිලධාරියෙක් විමසීය.
"මං රාගම රෝහලට මගේ වෛද්‍ය මිතුරෙක් හමුවෙන්න..." තුවාන් කීය.
එහෙත් පොලිස් නිලධාරින් සිදුකළ විමර්ශනයේදී ඔහුගේ කිසිදු වෛද්‍ය මිතුරෙකු එම රෝහලෙන් සොයා ගැනීමට හැකි වූයේ නැත. වෛද්‍යවරියන් ඇඳුම් මාරු කිරීම ඡායාරූප ගතකිරීම සහ වෛද්‍යවරියන්ගේ නේවාසික කාමරවලට අයුතු ඇතුළුවීමක් සිදු කිරීමේ වරද යටතේ පසුගිය 11 වැනිදා වෛද්‍යවරයා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
ඒ අතරේ වෛද්‍යවරයාට විරුද්ධව තවත් වෛද්‍යවරියන් දෙදෙනෙක්ම රාගම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කළාය. ඒ, එම වෛද්‍යවරියන්ද ඇඳුම් මාරු කරමින් සිටියදී මෙකී අසහනකාරි වෛද්‍යවරයා ඡායාරූප ලබාගත් බව සඳහන් කරමිනි.
එම වෛද්යවරියන්ගේද ප්‍රකාශ සටහන් කරගත් රාගම පොලිස් නිලධාරින් සැකකාර වෛද්‍යවරයා නැවත අධිකරණයට ඉදිරිපත් කරන විටදී එම ප්‍රකාශ සටහන්ද අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව සඳහන් කෙරිණි.